ලංකාවේ ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් movie සහ tv industries වලින් හොයමු...

rambo321

Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    මුලින්ම මම ප්‍රශ්නයක් අහලම කතාව පටන් ගන්නම්.

    ඇයි ලංකාවේ movie and tv කියන industry දෙක international level එකට ගන්න බැරි?

    මට නම් බැරි කමක් පෙන්නේ නැහැ බන්. මට නම් හිතෙන්නේ ඒ risk එක ගන්න ඒ වගේ දෙකට උණක් තියෙන උන් අපේ රටේ නැහැ. කියලයි. අපේ රටේ හැම field එකකම වගේ ඉන්නේ එදා වේල tours ගහන්න වැඩ කරන උන්. ඒක මේ industry වලටත් පොදුයි. හැබැයි ඇත්තටම ගේමක් ගහන්න try කරපු වෙලාවල් නැත්තෙත් නැහැ. ඒවාට ඔන කරන motivation eka අපේ රටෙන් ලැබෙන්නේ නැති එකයි තියෙන අනිත් ප්‍රශ්නේ. Motivation කිව්වේ government එක පැත්තෙන් වගේම රටේ ජනතාවගෙන් එන ප්‍රතිචාර. අනිත් බාධාව තමයි අපේ පුහු සංස්කෘතිය. රාජ කුමාරයෙක් නැති උනොත් එක film එකක් වෙන්නේ නැහැ. කහ සිවුරක් නැති උනොත් එක film එකක් වෙන්නේ නැහැ. පන්සලක් පෙන්නුවේ නැත්තන් එක film එකක් නෙවේ. අන්න ඒ ගානට අපි වැටිලා ඉන්නේ.

    අපිට හොඳ talent එකක් තියෙන මිනිස්සු ඉන්නවා, ලස්සන locations තියෙනවා ඉතින් එත් ඇයි අපිට ලස්සන වැඩක් කරන්න බැරි. talent එක කිව්වම creative mind එකක් තියෙන script writers, creative mind එකක් තියෙන directors, එතකොට actors ඕවගේ list එකක් කියන්න පුළුවන්. අලුත් technologies ගත්තම හොද VFX/CGI artists ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඉතින් ඇයි බන් අපිට අලුත් විදිහට හිතලා අලුත් වැඩක් කරන්න බැරි?

    එක ප්‍රශ්නයක් තමයි මේවට යන වියදම.

    ඒකට එක උත්තරයක් තමයි රට වෙනුවෙන්, risk එකක් අරන් ස්වේච්චාවෙන් වැඩ කරන්න පුළුවන් සෙට් එකක් හොයා ගන්න එක. මොකද අන්තිමට එලියට දාන result එක සුපිරියක් නම් ඔක්කොම පරම්පරා ගානකටම ගොඩ. උඹට මට මේ දවස් වල ඕන තරම් උදාහරණ තියෙනවා ස්වෙච්චා වැඩ වලට. එකක් EMF event එක. ගොඩක් උන් පොර වෙන්න හිතා ගෙන event එකට උදවු කරලා ස්වේච්චාවෙන්. Thorz ට මම පෞද්ගිකව අකමැති උනත් මිනිහා ඒ කරන්න හදපු වැඩේ නම් මරු. ඌ අන්තිමට කෝටි ගානක අදායමක් උපයපු එක ඇත්ත. එක අර වැඩ කරපු team එකේ උන්ට ගියාද කියන එක වෙනම ප්‍රශ්නයක්. අනිත් එක තමයි GotaGoHome අරගලය. ජාතිවාද නැහැ. ආගම වාද නැහැ, පක්ෂ පාට නැහැ. ඔක්කොම එක අරමුණක් වෙනුවෙන් වැඩ කලා පටන්ගත්ත දවස් වල. අද වෙන දේට නම් මම පෞද්ගලිකව කැමති නැහැ. මුළු රටක් එක අරමුණක් වෙනුවෙන් වැඩ කලා. එතනට සල්ලි ප්‍රශ්න තිබ්බේ නැහැ. කෑම බීම ප්‍රශ්න තිබ්බේ නැහැ. මොන පැත්තෙන් ගත්තත් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. දැන් ලංකාවේ තියෙන තත්ත්වේ එක්ක මොන filed එකේ උනත් ඔන්න ඔය දේ වෙන්නයි ඕන. ඕන කරන්නේ ඇත්තටම මේ දේ ගැන කැක්කුමක් තියෙන සෙට් එකක් විතරයි.

    වියදම් පියවගන්න තියෙන අනිත් ක්‍රමය තමයි ආයෝජකයෙක් හොයා ගන්න එක. ඒක ඉතින් අමාරුත් නැති ලේසිත් නැති විසඳුමක්. ආයෝජකයෙන් හොයාගන්න ඉතින් ඒ මනුස්සයට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕන. විශ්වාසය කියන්නේ අපි කරන්න යන project එක මොනවගේ එකක්ද? කොහොමද අපි මේක ලෝකෙට අරන් යන්නේ කියන එක ඒ මනුස්සයට මුල ඉදන්ම අපි පෙන්නන්න/පැහැදිලි කරන්න ඕන. එහෙම උනොත් නම් ගොඩ. අපේ රටේ කරන හැම movie එකකටම වගේ ඔය ප්‍රශ්නය තියෙනවා. සල්ලි නැති නිසා budget movie තමයි ගොඩක් අය කරන්නේ. අන්තිමට ඉතින් හොල්මනක් පෙන්නුවත් ඒකට හිනා යනවා. එච්චරට අවුල්.

    ඉතින් මචන්ලා ඇයි අපිට බැරි? ඇයි අපි උත්සහයක් ගන්නේ නැත්තේ? හැම දෙයක් ගැනම negative හිතපු කාලේ දැන් ඉවරයි. අපි positive විදිහට හිතමු.

    අපිට වඩා පොඩි රටවල් සැහෙන්න තියෙනවා අවුරුද්දකට movie and tv industry එකෙන් ඩොලර් බිලියන ගණන් අදායම් උපයන. මම හිතන්නේ අපේ රටෙත් මේ වෙලාවේ තියෙන ඩොලර් ප්‍රශ්නයට හොඳ උත්තරයක් වෙයි අපේ movie and tv industry එක international standard එකට ගේන්න පුළුවන් නම්. මේ දේවල් එක රැ යින් නම් කරන්න පුළුවන් දෙයක් නෙවේ. හොඳට plan කරලා කරන්න ඕන දේවල්. කලොත් රටක්ම ගොඩ.

    මොකද හිතන්නේ? අපි අපේ රට ජාත්‍යන්තරේට අරන් යමුද? උඹලා කැමති නැද්ද දවසක මුළු ලෝකයක් දන්නා පොරක් වෙන්න. මුළු ලෝකයක් උඹ ගැන කතා වෙනවා දකින්න කැමති නැද්ද? ඇඟේ හිරිගඩු පිපෙනවා නේද මේ ටික කියවද්දී. එහෙම වෙනවා නම් උඹට මම කියපු දේ හිතෙන් මැවිලා පේන්න ඇති. උඹටත් මේ ගැන කැක්කුමක් ඇති. talent එක නැති උනත් උඹට මේ ගැන කැක්කුමක් තියෙනවා නම් ඒ හොඳටම ඇති? මොකද හිතන්නේ? වැරදිලා හරි දවසක Dream Works, Colombia Pictures, Marvel Studios, Warner Bros වගේ Movie Production Company එකක් අපේ ලංකාවේ දාන්න පුළුවන් උනොත්. කොහොමද ඒක? ඉතින් අපි මොනවම හරි දෙයක් කරමුද? ඔයාගේ අදහසත් කොටාගෙන යන්න.

    පොඩි දෙයක් කියන්න ඕන. මට මේ industries ගැන ලොකු අදහසක් තියෙන කෙනෙක් නම් නෙවේ. මම එහෙම ඒ ගැන හදාරපු කෙනෙකුත් නෙවේ. හැබැයි ලොකු ආසාවක් තියෙනවා. ඒ ගැන professionally හදාරන්න අරගෙන ඒවා මගදී නතර කලා පවුල් පසුබිමෙන් තිබ්බ ප්‍රහ්න නිසා. ඔයාටත් මේ ගැන කැක්කුමක් තියෙනවා නම් එකතු වෙලා වැඩක් කරමු. පොඩි තැනේ ඉදන් පටන් ගමු. ඔයාගේ රස්සාව දාලා නම් මේවට එන්න හිතන්න එපා. කරනවා නම් part time විදිහට උත්සහයක් අරන් බලමු හෝ අරන් බලන්න. කවුරුත් මාත් එක්ක එකතු වෙන්න ඕන නැහැ. පුළුවන් හැමෝම මේක කරන්නයි ඕන. මටත් තියෙන්නේ එහෙම ආසාවක් විතරයි.

    එහෙනම් හැමෝටම ජය.

    කරුණාකර දේශපාලනය ගාවගන්න එපා මචන්. මම මේක පොදුවේ කියන්න ඕන දෙයක් විදිහට හිතලයි කිව්වේ. කවුරු ආණ්ඩු කලත් රටේ වෙන්න ඕන දෙයක් ගැනයි මට කියන්න ඕන උනේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura

    අලුත් දේවල් වලට අත ගහන්න බැරි කමක් අපේ ජාන වලින්ම තියනවා.

    ලොකුවට හීන මවපන්. කවුරු හිනවුනත්.

    හිනා වෙන එවුන් දවසක උඹව අඳුනන්නේ කොහොමද කියලා අනිත් එවුන් එක්ක කියයි.

    short movies වලින් පටන් ගනින්.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    athal dnna epa lankave un hodai gon show karanna.

    Lord of the Ring ganinko character tika replace karapanko lankave un dala. ekek innavada kiyapanko

    money heist ganin tokyo ekka replace karanna puluwan lankave niliyak kiyapanko
    ලංකාවේ talent ඕන තරම් ඉන්නවා බන්. TV එකේ හැමදාම පෙන්නන උන් විතරද actors ලා? අපේ රටේ නළු නිලියෝ වෙන්නෙත් සල්ලි තියෙන හැතිකරේ විතරයි. සල්ලි තියෙනවා කියලා මම උන්ට අපහාස කරනවා නෙවේ. උඹ කියන එක ඇත්ත. 99% ක්ම උන්ට හරියට රඟපාන්නත් බැහැ. එත් මිනිස්සු ඕන තරම් ඉන්නවා අවස්ථාව නැති ඔය ඉන්න ඔක්කොටම වඩා දක්ෂ. උන්ට ඕන අවස්ථාවක් විතරයි.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    athal dnna epa lankave un hodai gon show karanna.

    Lord of the Ring ganinko character tika replace karapanko lankave un dala. ekek innavada kiyapanko

    money heist ganin tokyo ekka replace karanna puluwan lankave niliyak kiyapanko
    ඕන තරම් ඉන්නවා. නිකමට බලපන් ලංකාවේ stage drama එකක්. පට්ට realistic acting කරන නළු නිලියෝ ඉන්නවා.

    ආයෝජකයෝ නැතිකම, තාක්ෂනය නැතිකම, මාකට් එකක් නැතිකම
    English market එක target කරන්න ඕන.
    ------ Post added on Jul 4, 2022 at 5:28 PM
     
    • Love
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    ආයෝජකයෝ නැතිකම, තාක්ෂනය නැතිකම, මාකට් එකක් නැතිකම
    ආයෝජකයෝ නැතිකම නම් ප්‍රශ්නයක්.
    තාක්ෂනය නම් අපිට තියෙන ටික හොඳටම ඇති බන් වැඩක් කරනවා නම්.
    ලංකාවේ මාකට් එකෙන් නම් මේ වැඩේ කරන්න අමාරුයි. ඒත් avengers වගේ film එකක් release උනාම මේ ලෝකේ බලන්නේ නැති රටක් නැති තරම්. අපි ඒ level එකට යන්න ඕන බන්. එක පාර යන්න පුළුවන් ගමනක් නම් නවේ. කට්ටක් කන්න ඕන. එත් හරි ලස්සන ගමනක් වෙයි බන් එක. කලාව කියන්නේ කම්මැලි field එකක් නවේ. ඕනෑම මනුස්සයෙක් මොන විදිහකින් හරි කලාවට කැමැත්තක් තියෙනවා. ඒක නිසා එක boring දෙයක් නවේ. උනන්දුවයි කැපවීමයි ඕන කරන්නේ.
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    6,163
    13,959
    113
    අපායෙ දොරකඩ
    මුලින්ම මම ප්‍රශ්නයක් අහලම කතාව පටන් ගන්නම්.

    ඇයි ලංකාවේ movie and tv කියන industry දෙක international level එකට ගන්න බැරි?

    මට නම් බැරි කමක් පෙන්නේ නැහැ බන්. මට නම් හිතෙන්නේ ඒ risk එක ගන්න ඒ වගේ දෙකට උණක් තියෙන උන් අපේ රටේ නැහැ. කියලයි. අපේ රටේ හැම field එකකම වගේ ඉන්නේ එදා වේල tours ගහන්න වැඩ කරන උන්. ඒක මේ industry වලටත් පොදුයි. හැබැයි ඇත්තටම ගේමක් ගහන්න try කරපු වෙලාවල් නැත්තෙත් නැහැ. ඒවාට ඔන කරන motivation eka අපේ රටෙන් ලැබෙන්නේ නැති එකයි තියෙන අනිත් ප්‍රශ්නේ. Motivation කිව්වේ government එක පැත්තෙන් වගේම රටේ ජනතාවගෙන් එන ප්‍රතිචාර. අනිත් බාධාව තමයි අපේ පුහු සංස්කෘතිය. රාජ කුමාරයෙක් නැති උනොත් එක film එකක් වෙන්නේ නැහැ. කහ සිවුරක් නැති උනොත් එක film එකක් වෙන්නේ නැහැ. පන්සලක් පෙන්නුවේ නැත්තන් එක film එකක් නෙවේ. අන්න ඒ ගානට අපි වැටිලා ඉන්නේ.

    අපිට හොඳ talent එකක් තියෙන මිනිස්සු ඉන්නවා, ලස්සන locations තියෙනවා ඉතින් එත් ඇයි අපිට ලස්සන වැඩක් කරන්න බැරි. talent එක කිව්වම creative mind එකක් තියෙන script writers, creative mind එකක් තියෙන directors, එතකොට actors ඕවගේ list එකක් කියන්න පුළුවන්. අලුත් technologies ගත්තම හොද VFX/CGI artists ඕන තරම් අපේ රටේ ඉන්නවා. ඉතින් ඇයි බන් අපිට අලුත් විදිහට හිතලා අලුත් වැඩක් කරන්න බැරි?

    එක ප්‍රශ්නයක් තමයි මේවට යන වියදම.

    ඒකට එක උත්තරයක් තමයි රට වෙනුවෙන්, risk එකක් අරන් ස්වේච්චාවෙන් වැඩ කරන්න පුළුවන් සෙට් එකක් හොයා ගන්න එක. මොකද අන්තිමට එලියට දාන result එක සුපිරියක් නම් ඔක්කොම පරම්පරා ගානකටම ගොඩ. උඹට මට මේ දවස් වල ඕන තරම් උදාහරණ තියෙනවා ස්වෙච්චා වැඩ වලට. එකක් EMF event එක. ගොඩක් උන් පොර වෙන්න හිතා ගෙන event එකට උදවු කරලා ස්වේච්චාවෙන්. Thorz ට මම පෞද්ගිකව අකමැති උනත් මිනිහා ඒ කරන්න හදපු වැඩේ නම් මරු. ඌ අන්තිමට කෝටි ගානක අදායමක් උපයපු එක ඇත්ත. එක අර වැඩ කරපු team එකේ උන්ට ගියාද කියන එක වෙනම ප්‍රශ්නයක්. අනිත් එක තමයි GotaGoHome අරගලය. ජාතිවාද නැහැ. ආගම වාද නැහැ, පක්ෂ පාට නැහැ. ඔක්කොම එක අරමුණක් වෙනුවෙන් වැඩ කලා පටන්ගත්ත දවස් වල. අද වෙන දේට නම් මම පෞද්ගලිකව කැමති නැහැ. මුළු රටක් එක අරමුණක් වෙනුවෙන් වැඩ කලා. එතනට සල්ලි ප්‍රශ්න තිබ්බේ නැහැ. කෑම බීම ප්‍රශ්න තිබ්බේ නැහැ. මොන පැත්තෙන් ගත්තත් කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. දැන් ලංකාවේ තියෙන තත්ත්වේ එක්ක මොන filed එකේ උනත් ඔන්න ඔය දේ වෙන්නයි ඕන. ඕන කරන්නේ ඇත්තටම මේ දේ ගැන කැක්කුමක් තියෙන සෙට් එකක් විතරයි.

    වියදම් පියවගන්න තියෙන අනිත් ක්‍රමය තමයි ආයෝජකයෙක් හොයා ගන්න එක. ඒක ඉතින් අමාරුත් නැති ලේසිත් නැති විසඳුමක්. ආයෝජකයෙන් හොයාගන්න ඉතින් ඒ මනුස්සයට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්න ඕන. විශ්වාසය කියන්නේ අපි කරන්න යන project එක මොනවගේ එකක්ද? කොහොමද අපි මේක ලෝකෙට අරන් යන්නේ කියන එක ඒ මනුස්සයට මුල ඉදන්ම අපි පෙන්නන්න/පැහැදිලි කරන්න ඕන. එහෙම උනොත් නම් ගොඩ. අපේ රටේ කරන හැම movie එකකටම වගේ ඔය ප්‍රශ්නය තියෙනවා. සල්ලි නැති නිසා budget movie තමයි ගොඩක් අය කරන්නේ. අන්තිමට ඉතින් හොල්මනක් පෙන්නුවත් ඒකට හිනා යනවා. එච්චරට අවුල්.

    ඉතින් මචන්ලා ඇයි අපිට බැරි? ඇයි අපි උත්සහයක් ගන්නේ නැත්තේ? හැම දෙයක් ගැනම negative හිතපු කාලේ දැන් ඉවරයි. අපි positive විදිහට හිතමු.

    අපිට වඩා පොඩි රටවල් සැහෙන්න තියෙනවා අවුරුද්දකට movie and tv industry එකෙන් ඩොලර් බිලියන ගණන් අදායම් උපයන. මම හිතන්නේ අපේ රටෙත් මේ වෙලාවේ තියෙන ඩොලර් ප්‍රශ්නයට හොඳ උත්තරයක් වෙයි අපේ movie and tv industry එක international standard එකට ගේන්න පුළුවන් නම්. මේ දේවල් එක රැ යින් නම් කරන්න පුළුවන් දෙයක් නෙවේ. හොඳට plan කරලා කරන්න ඕන දේවල්. කලොත් රටක්ම ගොඩ.

    මොකද හිතන්නේ? අපි අපේ රට ජාත්‍යන්තරේට අරන් යමුද? උඹලා කැමති නැද්ද දවසක මුළු ලෝකයක් දන්නා පොරක් වෙන්න. මුළු ලෝකයක් උඹ ගැන කතා වෙනවා දකින්න කැමති නැද්ද? ඇඟේ හිරිගඩු පිපෙනවා නේද මේ ටික කියවද්දී. එහෙම වෙනවා නම් උඹට මම කියපු දේ හිතෙන් මැවිලා පේන්න ඇති. උඹටත් මේ ගැන කැක්කුමක් ඇති. talent එක නැති උනත් උඹට මේ ගැන කැක්කුමක් තියෙනවා නම් ඒ හොඳටම ඇති? මොකද හිතන්නේ? වැරදිලා හරි දවසක Dream Works, Colombia Pictures, Marvel Studios, Warner Bros වගේ Movie Production Company එකක් අපේ ලංකාවේ දාන්න පුළුවන් උනොත්. කොහොමද ඒක? ඉතින් අපි මොනවම හරි දෙයක් කරමුද? ඔයාගේ අදහසත් කොටාගෙන යන්න.

    පොඩි දෙයක් කියන්න ඕන. මට මේ industries ගැන ලොකු අදහසක් තියෙන කෙනෙක් නම් නෙවේ. මම එහෙම ඒ ගැන හදාරපු කෙනෙකුත් නෙවේ. හැබැයි ලොකු ආසාවක් තියෙනවා. ඒ ගැන professionally හදාරන්න අරගෙන ඒවා මගදී නතර කලා පවුල් පසුබිමෙන් තිබ්බ ප්‍රහ්න නිසා. ඔයාටත් මේ ගැන කැක්කුමක් තියෙනවා නම් එකතු වෙලා වැඩක් කරමු. පොඩි තැනේ ඉදන් පටන් ගමු. ඔයාගේ රස්සාව දාලා නම් මේවට එන්න හිතන්න එපා. කරනවා නම් part time විදිහට උත්සහයක් අරන් බලමු හෝ අරන් බලන්න. කවුරුත් මාත් එක්ක එකතු වෙන්න ඕන නැහැ. පුළුවන් හැමෝම මේක කරන්නයි ඕන. මටත් තියෙන්නේ එහෙම ආසාවක් විතරයි.

    එහෙනම් හැමෝටම ජය.

    කරුණාකර දේශපාලනය ගාවගන්න එපා මචන්. මම මේක පොදුවේ කියන්න ඕන දෙයක් විදිහට හිතලයි කිව්වේ. කවුරු ආණ්ඩු කලත් රටේ වෙන්න ඕන දෙයක් ගැනයි මට කියන්න ඕන උනේ.
    lankawe indiawe jarawa copy kara kara hadanakan kisi progress ekak na. Ai lankawe Sci fi, Fantasy ewa hadanna bari? Ape thiyena ithihasaya saha religious background eka aran balapuwahama kochchara fictional ideas enawada.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,245
    877
    113
    Mulin lankawe minissu film hall gihin film balanna patan gaththu dawasaka oya kiyana dewal Wei
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    Mulin lankawe minissu film hall gihin film balanna patan gaththu dawasaka oya kiyana dewal Wei
    ලංකාවේ මිනිස්සු hall එකට ගෙන්නන්නත් quality content එකක් දෙන්න ඕන බන්. මොකක් හරි ඔහේ film එකක් release කරලා මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ අපේ උන් hall වලට එන්නේ නැහැ කියලා. පිස්සුවක් නැහැනේ බන් සල්ලි වියදම් කරගෙන පැය 3ක් විතර hall එකකට ගිහිල්ල ඉන්න.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,820
    1
    12,515
    113
    Gotham City
    අමුතු තාක්ෂණයක් ඔනි නැහැ,මහා ලොකු රන්ගනය ගැන හදාරපු රන්ගධරයො ඔනිත් නැහැ.
    යුනික් ස්ටොරි එකක් කාටත් බලන්න පුළුවන් මට්ටමට හැදුවනම් ඉන්ටර්නැෂනල් මාකට් එක අල්ලන්න පුළුවන්.

    ආමීර් කාන් ඉන්න ත්‍රී ඊඩියට්ස් කියන චිත්‍රපටය ගමු .එකෙ අමුතු තාක්ෂණයක් තිබ්බද ?
    මන් එකඟ නොවුනත් ගොඩක් උන් මලයාලම් ෆිල්ම් බලනවනෙ දැන් ?
    මලයාලම් ෆිල්ම් වල මොකක්ද විෂෙශත්වය .
    හොඳ ස්ටොරිස් ?
    ඒ හින්ද කෙරළ වලින් පිට උනුත් භාෂ වලට පරිවර්තනය කරගෙන රී මේක් කරගෙන ඒ ෆිල්ම්ස් බලනව.

    එකම අවුල අපෙ උන්ට බැහැ වෙනස් විදියට හිතන්න පොඩ්ඩක් .
    හොඳ ස්ටොරි එකක් හදා ගන්න බැහැ.

    ඒකට රටෙ දේශපලනයත් වග කියන්න ඔනි .
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,245
    877
    113
    Super center wage ewage film hall hadala wenas culture hadanna Wei. Natham senaga yanna Moka haduwoth.
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    Doller hoyanne kohomada lankawe film pennala? Uba kiyanne suddo ticket aran awilla ape hall wala film balai kiyalada? Mole pukeda rambo?
    අපිට quality content එකක් දෙන්න පුළුවන් නම් online streaming platforms ඕන තරම් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි සහෝදරයා. film hall යන්න ඕනම නැහැ film බලන්න. උඹ Netflix දන්නවා නේද? උඹ දන්නවද Stranger Things කියන TV Series එක. පොඩි උන් 4 දෙනෙක් දාලා පටන් ගත්ත කතාවක්. මම කියන්නේ නැහැ එක සරල production එකක් කියලා. මුලින්ම plan කරලා තිබ්බේ seasons 2 කින් කතාව ඉවර කරන්න. හැබැයි දැන් උන්ට 5 වෙනි season එකටත් යන්න වෙලා. Netflix එකේ record income එකක් season 4 කියන්නේ. මම කියන්නේ නැහැ අපිට මුලින්ම ඒ වගේ දේවල් වලින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපේ target එක වෙන්න ඕනේ දවසක එතනට යන්න.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    1,837
    2,607
    113
    1. භාෂාව (spanish, korean ewa mulinma hit wenne local market eken. apita ehema na)

    2. කොච්චර සුපිරියට ෆිල්ම් එක හැදුවත් වැඩක් නෑ worldwide මාකට් කලේ නැත්තන්. නිකන් ට්‍රලරයක් youtube දැම්මට මදි. netfilx dammata madi
     
    • Love
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    1. භාෂාව (spanish, korean ewa mulinma hit wenne local market eken. apita ehema na)

    2. කොච්චර සුපිරියට ෆිල්ම් එක හැදුවත් වැඩක් නෑ worldwide මාකට් කලේ නැත්තන්. නිකන් ට්‍රලරයක් youtube දැම්මට මදි. netfilx dammata madi
    ඒක ඇත්ත. මම දැකලා තියෙනවා indian අටමගල් සෑහෙන්න දැන් Netflix තියෙනවා. ඒත් ඉතින් 99% ම තේරුමක් නැහැ.
     
    • Like
    Reactions: techhelpme

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,533
    113
    [email protected]
    අපිට quality content එකක් දෙන්න පුළුවන් නම් online streaming platforms ඕන තරම් තියෙනවා. ඉස්සර වගේ නෙවෙයි සහෝදරයා. film hall යන්න ඕනම නැහැ film බලන්න. උඹ Netflix දන්නවා නේද? උඹ දන්නවද Stranger Things කියන TV Series එක. පොඩි උන් 4 දෙනෙක් දාලා පටන් ගත්ත කතාවක්. මම කියන්නේ නැහැ එක සරල production එකක් කියලා. මුලින්ම plan කරලා තිබ්බේ seasons 2 කින් කතාව ඉවර කරන්න. හැබැයි දැන් උන්ට 5 වෙනි season එකටත් යන්න වෙලා. Netflix එකේ record income එකක් season 4 කියන්නේ. මම කියන්නේ නැහැ අපිට මුලින්ම ඒ වගේ දේවල් වලින් පටන් ගන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපේ target එක වෙන්න ඕනේ දවසක එතනට යන්න.
    Ehenan apita denna wenne script eka witharai ban. Ithuru okkoma ratin thama genna wenne...
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    904
    1,185
    93
    Ehenan apita denna wenne script eka witharai ban. Ithuru okkoma ratin thama genna wenne...
    මට උඹ කියන්න හදපු දේ තේරුනේ නැහැ. පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න.