ලංකාවේ දිගම සෙල්ලිපියේ ලියවී තිබුණු පුදුම කරුණු.

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,509
    6,610
    113
    ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් අද එළිදැක්වීය.
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී එම විශේෂ මාධ්‍ය හමුව පැවැත්වුණි.

    මෙම සෙල්ලිපියේ පිටපත් අනුව එය කිස්තුපූර්ව දෙවන සියවසේ මුල් භාගයට හෝ ඊට පෙර සමයකට අයත් එකක් බවට තීරණය කළ බව එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
    මේ අතර එම සෙල්ලිපියේ බ්‍රාහ්මීය අක්ෂර පේළි 10ක් සහ ඇති බවත් මෙරට ඉතිහාසයේ මෙතෙක් ශිලා ලේඛනවල දැකගත නොහැකි අතිශය දුර්ලභ සංකේත 6ක් හාමුවී ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

    එසේම අදාළ ශිලා ලේඛනයේ සැළකිය යුතු ප්‍රමාණයක් ගෙවී ගොස් ඇති බවත් එය සමස්ථ ලේඛනයෙන් ප්‍රතිශතයක් ලෙස සියයට 60ක් පමණ වන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    ඒ අනුව ඉතිරි සියයට 40කට කොටස අතරින් හඳුනාගෙන ඇති අක්ෂර පේළි අනුව දළ අර්ථයක් සකස්කරගැනීමට හැකි වූ බවද මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
    එහි බ්‍රාහ්මීය අකුරු 24ක් උපයෝගී කරගනිමින් සකස් කර ඇති අතර මුළු ශිලා ලිපියේම අකුරු 1000කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇත.
    භික්ෂූන් වහන්සේලාට ජලය අත්‍යවශ්‍ය වන බැවින් එම කඳු මුදුනට ජලය සැපයීමක් ගැනද එම ශිලා ලේඛනයේ සටහන්ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.

    මේ අතර ස්වාමීන් වහන්සේලාට ලෙනක් පූජා කිරීම ගැනත් දාගැබක් කරවා පූජා කිරීම පිළිබඳවත් මෙම සෙල් ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
    එසේම සංඝයා වහන්සේ ගැන භක්තිවන්තයෙකු ගැන එම ශිලා ලේඛනයේ සඳහන්ව තිබී ඇත.
    මේ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කමිටුව කිසියම් අස්වැන්නක බද්දක් පිළිබඳවද සටහනක් තිබූ බවට විශ්වාසය පළකරන බවද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.
    බරජය නම් කුටියක් සාදවා සංඝයාට පූජා කිරීම ගැන ද මෙහි සඳහන් ව ඇති බව මහාචාර්යවරයා පැවසීය.
    එහි පළමු සහ දෙවන පේළිවල සඳහන් අකුරු කියවාගැනීමට අපහසු වූ බව සඳහන් කළ මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එහි දීපරාජ නම් රජ කෙනෙකු පිළිබඳව, ශිව නම් පුද්ගලයෙකු ගැන මෙන්ම බඝුබශිග නැමැත්තෙකුගේ බිරිඳ පිළිබඳව එහි සඳහන් ව ඇති බවය.
    මෙම ලිපිය තුළ මැණික් ව්‍යාපාරිකයෙකු ගැන සඳහන් ව ඇති අතර එහි සිව්වැනි පේළියේ ගම්පාලක කෝලිත නමැති පුද්ගලයෙකු ගැන සඳහන්ව ඇති බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

    ගම්පාලක කෝලිත නමැති පුද්ගලයා විසින් මාර්ගයක් සකස් කිරීම සම්බන්ධයෙන් එහි සටහන් ව ඇති අතර තිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සටහන් ව ඇති බව මහාචාර්යවරයා සඳහන් කළේය.
    සූරතිස්ස නමැති කුමාරයෙක් ගැනද එම ලිපියේ සඳහන් ව ඇති බව මහාචාර්යවරයා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
    මේ අතර ගම්දරුවන්ගේ ප්‍රමුඛාචාර්යවරයෙකු ගැනද තෙරුන් වහන්සේ නමක් පිළිබඳවද එහි සඳහන් ව තිබූ බව මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    දකුණු දිශාව ගැන යම් සඳහනක් අදාළ සෙල් ලිපියේ සඳහන්ව තිබූ බවද මහාචාර්යවරයා සඳහන් කළේය.
    විශාකා නම් කුමාරයෙකු පිළිබඳවත් බ්‍රාහ්මණ ගමෙහි ඇති අරිය නම් වෙළෙඳ ආයතනයක් ගැන ද මෙම සෙල් ලිපියේ සඳහන්ව තිබූ බව මහාචාර්යවරයා පවසයි.
    2023 වසරේ ජූලි මස 10 වනදා මෙම සෙල්ලිපිය හඳුනාගනු ලැබීය.

    උපුටා ගැනීම අද දෙරණ.
    426284088_883362317129748_6550886647977400595_n.jpg
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,864
    2,079
    113
    Adelaide
    " කිස්තුපූර්ව දෙවන සියවසේ"
    කියන්නේ මොන කාලෙද බන්. :confused::rolleyes2: ඒ කියන්නේ දැනට අවරුදු 2024+200 = 2224 කලින් කියන එකද ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවරුදු 200 ට වගේ පස්සේ ද? :eek::rolleyes:

    අවරුදු අඩෝ ඒ කාලේ විස්තර දැනගන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනව. අර උඩ කමෙන්ට් එකක තිබ්බ වගේ රජාට ආවඩල අමු බොරුද දන්නේ නෑ ඕවයේ කොටලා තියෙන්නෙත්. ;)
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,218
    20,774
    113
    අද දෙරණ.
    උඹලගෙ නිජ භූමිය කිව්වට මෙහෙම පම්පෝරියක් ගහපු සෙල්ලිපියක්වත් නෑනේද් ජැෆ්නාවල. අඩුගානේ අවුරුදු 500ක්වත් පරණ.
     
    • Like
    Reactions: KrishanL89

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,039
    55,073
    113
    උඹලගෙ නිජ භූමිය කිව්වට මෙහෙම පම්පෝරියක් ගහපු සෙල්ලිපියක්වත් නෑනේද් ජැෆ්නාවල. අඩුගානේ අවුරුදු 500ක්වත් පරණ.
    පම්පෝරි ithin adu kule para sinhalu thamai
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,864
    2,079
    113
    Adelaide
    " කිස්තුපූර්ව දෙවන සියවසේ"
    කියන්නේ මොන කාලෙද බන්. :confused::rolleyes2: ඒ කියන්නේ දැනට අවරුදු 2024+200 = 2224 කලින් කියන එකද ? ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවරුදු 200 ට වගේ පස්සේ ද? :eek::rolleyes:

    අවරුදු අඩෝ ඒ කාලේ විස්තර දැනගන්න එකෙත් පොඩි ආතල් එකක් තියෙනව. අර උඩ කමෙන්ට් එකක තිබ්බ වගේ රජාට ආවඩල අමු බොරුද දන්නේ නෑ ඕවයේ කොටලා තියෙන්නෙත්. ;)
    danna ekek kiyapanko :rolleyes2: :rolleyes2:
     
    • Like
    Reactions: NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,720
    84,501
    113
    උඹලගෙ නිජ භූමිය කිව්වට මෙහෙම පම්පෝරියක් ගහපු සෙල්ලිපියක්වත් නෑනේද් ජැෆ්නාවල. අඩුගානේ අවුරුදු 500ක්වත් පරණ.
    Jaffna වල සිංහල පාලන නටබුන් නන් තියෙනවා.