ලයිට් කැපිල්ලෙන් අනාථ වෙලා ඉන්න රැකියා කරන අයට විසඳුමක්. ආයෝජනය රුපියල් ලක්ෂයක ඉඳලා 3.5 ක් දක්වා. .

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,883
    113
    33
    Moratuwa
    www.facebook.com



    හායි මචන්ලා, ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නිසා පොදුවෙ මේක දාන්න හිතුණා. හැමෝටම ගැළපෙන්නෙ නැති වෙයි. හැබැයි කරුමෙට සැරින් සැරේට ලයිට් ගියාම වැඩ ගොඩ ගැහිලා අසරණ වෙන උන්ට ජෙනරේටර් අරන් තෙල් හොයාගෙන යනවාට වඩා හරිම සාර්ථක විසඳුමක්.

    කරන්න තියෙන්නෙ මෙච්චරයි. ගන්න solar ව්‍යාපෘතිවලට ගන්න charger / inverter එකක්. සාමාන්‍යයෙන් තමන්ගෙ office කාමරයෙ තියෙන මැෂින් එක සහ මොනිටර් ටික, ලයිට්, ෆෑන්, ප්‍රින්ටර් ඇතුළු උපකරණවලට අවශ්‍ය විදුලි ප්‍රමාණය ගැන දළ අදහසක් ඇතිනේ. මම හිතන්නෙ ගොඩක් අයට රුපියල් 16,000-20,000 ට විතර තියෙන 1000W එකක් හොඳටම ඇති. අවශ්‍ය නම් රු. 25,000-40,000 ක විතර සීමාවෙ 2500W දක්වා ඒවා තියෙනවා. එතනින් එහාටත් පුළුවන්. අනිවාර්යයෙන්ම pure sine wave එකක් ගන්න

    දැන් තමයි බැටරිය ගැන හිතන්න තියෙන්නෙ. ලංකාවෙ පොදුවෙ පාවිච්චි කරන 12V, 100AH deep cycle AGM බැටරියක් රුපියල් 55,000-70,000 වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේකෙ ප්‍රයෝජනවත් capacity එක kWh එකයි කියලා හිතන්න පුළුවන්. (හිඳෙනකල්ම ගත්තොත් 1.2kWh) අවශ්‍යතාව අනුව මේක expand කරගන්නයි තියෙන්නෙ. 250AH එක එහෙම රුපියල් 120,000-140,000 වගේ වෙනවා. තමන්ට අවශ්‍ය kWh යුනිට් ගාණට 100AH ගාණෙ එන විදිහට හදා ගත්තාම හරි. මතක ඇතිව AGM deep cycle කාණ්ඩයෙ බැටරිම ගන්න. ලාබ වුණාට කාර් බැටරිවලින් ලොකු වෙලාවක් විදුලිය ගන්න බැහැ.

    අවශ්‍ය වෙන්නෙ ඔය දෙකයි, මූලික වයරින් දැනුමයි තමයි. උපරිම load එකේදි සෑහෙන ampere ගාණක් අදින නිසා බැටරිය ඉන්වර්ටරය අතර connection එකට (සහ අවශ්‍ය නම් බැටරි අතර) 7/1.70mm වයර් ටිකක් නම් ගන්න වෙනවා. හැබැයි අඩි කීපයක් හොඳටම ඇති. 2500W වලින් එහාට අවශ්‍ය නම් 7/2.52mm වගේ වයර් ටිකක් ඕන.

    එච්චර තමයි ඉතින්. තව පහසුව සඳහා හොඳ තත්ත්වයේ extension cord එකක් තියෙන multi plug එකක් අවශ්‍ය වෙනවා. ඔෆිස් කාමරයේ තියෙන හැම දෙයක්ම කෙලින්ම ඒකට connect කරන්න. ලයිට්, සීලින් ෆෑන් එහෙම මේ ක්‍රමයට දාන්න ටිකක් කරදර වෙයි සමහරවිට. හොඳම දේ flexible pair එකකින් වෙසක් ලයිට් දානකොට වගේ අමතර ලයින් එකක් අදින එක.

    දැන් කරන්ට් තියෙන වෙලාවට සේරටම විදුලිය දෙන multi plug එක සුදුසු තනි plug point එකකට ගහලා වැඩ ටික කරගන්න. Inverter, charger එකටත් වෙනම සාමාන්‍ය විදිහට විදුලි සැපයුම දෙන්න. එතකොට කරන්ට් එක තියෙන වෙලාවට හිමින් සැරේ ඒකෙන් බැටරිය charge වෙනවා. ලොකු වෙලාවක් යන් නැහැ. සාමාන්‍යයෙන් පැය 4-5 කින් full charge වෙනවා.

    බැටරිය charge වුණාට පස්සෙ තමන්ගෙ වැඩ ඉවරයි. කරන්ට් ගියාම multi plug එක ගලවලා inverter එකට ගහන්නයි තියෙන්නෙ. දැන් තමන්ගෙ office කාමරය බැටරියෙන් දුවනවා. වැඩ ටික කරගන්න පුළුවන්. මෙන්න සරලව circuit design එක.





    වැඩ දන්නවා නම් ඉතින් breaker එහෙම දාලා මේක කරන්ට් යද්දි එද්දි auto ම switch වෙන්නත් හදා ගන්න පුළුවන්. ඒත් එච්චර දෙයක් අවශ්‍ය නෑ. කරන්ට් ගියාම තමන් multi plug එක plug point එකෙන් ගලවලා inverter එකට ගහන ක්‍රමය හරිම සරලයි, විශ්වාසදායකයි. කෑලි බෑලි අඩු නිසා කෙලවෙන්න තැනුත් නැහැ. අනික ආරක්ෂාවෙ ප්‍රශ්නත් මොනවත්ම නෑ. (මොන breaker එකටත් වඩා මම ගලවපු ප්ලග් එකක් ෂුවර් මට නම්. 😂)

    කලිනුත් කිව්වා වගේ සාමාන්‍ය ප්‍රමාණයෙ දේකට 100AH බැටරිය සහ 1000W inverter එක එක්ක සම්පූර්ණ වැඩේ ලක්ෂයකට වගේ අඩුවෙන් කරගන්න පුළුවන්. ලොකු වැඩ දාන, A/C එහෙම කරපු එකක් නම් 3000W, 500AH (5 kWh) වගේ සෙට් එකක් රුපියල් ලක්ෂ 3 හමාරකට විතර හදා ගන්න පුළුවන්. ඒක 95% දෙනාට වැඩිත් එක්ක මම හිතන්නෙ.

    කවදා හරි ලයිට් කපන එක නතර වුණත්, solar ගහන එක වගේ දේකට වුණත් මේ වගේ backup එකක් තියෙන එක ගොඩක් වාසි වෙන්න පුළුවන්. ඉතින් කරන්ට් කපන එක කවදා හරි නැවතුණා කියලා සල්ලි වතුරෙ යන්නෙ නැහැ. ඕන තරම් ප්‍රයෝජන තියෙනවා.

    අනික මේ ක්‍රමයට ජෙනරේටර් එකක් වගේ තෙල් දදා ඉන්න ඕන නැහැ. ගැළපෙන ප්‍රමාණයෙ ජෙනරේටර් එකක් ගන්නවාට වඩා සමස්ත project එකම ලාබයි. කිසිම සද්ද බද්දයකුත්, දුමකුත් නෑ. ඇත්තටම කිසිම අමතර වියදමක් නැති තරම්. 85% කට වැඩි efficiency එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉතින් හැමදාම පාවිච්චි කරත් උපරිම unit කීපයක් (තියෙන ගාණට +5-10% වගේ) ලයිට් බිලට එකතු වෙයි.

    කැමති අය මේ ගැන පොඩ්ඩක් හොයලා බලලා ඉඳහන්. මම හිතන්නෙ generator අරන් හැමිනෙනවාට වඩා බොහෝම සාර්ථක විසඳුමක් වේවි.

    Disclaimer : විසඳුමට අදහසක් මිසක් මගෙ business promotion එකක් නෙවෙයි මේ. ඒ නිසා තාක්ෂණය පැත්ත හැර උඹලා මේ දේවල් ගන්නෙ කාගෙන්ද, කොහෙන්ද කියලා මට වැඩක් නෑ. ඉතින් එහෙම අහන්නත් එපා, මොකද පොඩ්ඩක් හොයලා බැලුවාම option ඕන තරම් තියෙනවා. කොහෙන් ගත්තත් මට සත පහක්වත් ලැබෙන්නෙත් නෑ. 😊

    මට ඕන වුණේ මෙහෙම ක්‍රමයක් තියෙනවා, මේක ඇත්තටම මාර ලාබ වැඩක් (අලුතින් ජෙනරේටර් ගැනීම සහ තෙල්වලට kWh එකක් සඳහා රුපියල් සිය ගණන් වැය කිරීමට සාපේක්ෂව) කියලා පෙන්නලා දෙන්න විතරයි. බුදු සරණයි. 👍
     
    Last edited:

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    Oka Car batteryen puluwan ban ups ekak dala. (Low cost solution)

    pure sign wave ඉන්වර්ටර් නෑනෙ බන් කොහෙවත් හොයාගන්න.

    ups eke thienne modified sign wave inverter ekak ne. godak computer walata oka awlak na.
    ------ Post added on Mar 22, 2022 at 10:30 AM
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,558
    4,859
    113
    Nowhere
    මට Leaf එක charge කරගන්න solar panels ගාන, battery pack size එක එහෙම කොච්චර වෙන්න ඕනෙද වගේ idea එකක් දියන්කෝ. Car එකේ 24 kw battery ekak thiyenne. SOH around 75%...Thank you..🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    42,391
    85,666
    113
    Oka Car batteryen puluwan ban ups ekak dala. (Low cost solution)



    ups eke thienne modified sign wave inverter ekak ne. godak computer walata oka awlak na.
    ------ Post added on Mar 22, 2022 at 10:30 AM
    danata nan mokawath nathuwa use karanawa. podi hum ekak enawa powersupply eken. e arena wena aulak ne.