ලාල්කාන්ත ගමට අධිකරණ බලය ලබා දෙන හැටි හෙවත් ඉපැරණි ගම්සභා ක්‍රමය 😎

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    6,017
    7,827
    113
    Hambanthota
    5 වෙනි සියවසයේදී පමණ ලංකාව ජනාවාසයන් කල ආර්යයන් විසින් හදුන්වා දුන් සංස්ථාවක් බවයි. මෙම මතය අනුව ඈත අතීතයේ සිට ඉන්දියාවේ ජනප්‍රියව පවතින පංචයත් නමැති ග්‍රාමීය ක්‍රමය ආර්යයන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලද බවත් පසු කාලීනව දේශීය අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි සකස් වෙමින් ගම්සභා ක්‍රමය වර්ධනය වූ බවත් කියවේ. ගම්සභාව යනු ශ්‍රී ලංකා ඉතිහාසයේ ආරම්භයේ සිට විසිවෙනි සියවසයේ දෙවන භාගය දක්වා, අවුරුදු 2500 කටත් අධික කාලයක් තිස්සේ ගම්බද ජනතාවගේ පරිපාලන ආර්ථික, සාමාජීය, අධිකරණ ආදී සියලු ක්ෂේත්‍ර වල අවශ්‍යතා සපුරාලූ ආයතනයකි. 1833 දී සිදුකල කෝල්බෲක් ප්‍රතිසංස්කරණ මගින් ගම්සභා ක්‍රමය නොසලකා හැරියද, පසුව ඔවුන් විසින්ම ශ්‍රී ලංකාවේ මුල්බැස තිබු ගම්සභා ක්‍රමය නැවත 1848 දී ප්‍රතිස්ථාපනය කරන ලදී. 1856 දී හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරයා විසින් ගම්සභා ක්‍රමය පණගන්වා ඉදිරියට ගෙන ආවේය. 1980 දී ගම්සභා ක්‍රමය අහෝසි කර ඒ වෙනුවට දිස්ත්‍රික් සංවර්ධන සභා සහ ග්‍රාමෝදය මණ්ඩල ක්‍රමය ස්ථාපනය කරන ලදී.ඉන් රටට වෙච්ච සෙතක්ද නොමැත..:yes::yes::yes:

    ගම්සභා ක්‍රමේ තමයි අපිට ගැලපෙන්න හෙළ යක්ඛයන්ගේ ක්‍රමය..:cool::cool::cool: