ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් ගත් පොලිස් නිලධාරින් දෙදෙනාට වැඩ තහනම්

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    38,828
    34,528
    113
    වොන්ඩර් ලැන්ඩ්
    යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් දෙදෙනා වැඩ තහනමට ලක් කළ බව පොලිස් මුලස්ථානය කියයි. මෙලෙස වැඩ තහනමට ලක්කර ඇත්තේ කොට්ටාව පොලිස් ස්ථානයට අනුයුක්තව 118–119 යතුරුපැදී රාජකාරී නිරතව සිටි

    පොලිස් සැරයන් වසන්ත හා කළුතර පොලිස් අභභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව විශේෂ රාජර් වාර්තා කර සිටි ආධුනික පොලිස් කොස්තාපල් ප්‍රසාන් යන නිලධාරීන් දෙදෙනාය. මෙම නිලධාරින් දෙදෙනා ඉකුත් අටවෙනි දින පැය 0600 සිට 1800 දක්වා යතුරුපැදි රාජකාරියෙහි යෙදී සිටියදී පිළියන්දල සුවාරපොළ ප්‍රදේශයේ ලැගුම්හලක

    යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් හමුවී ඇත.

    එම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති මගින් කටයුතු නොකර සිටීමට රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා එකී මුදලින් රුපියල් 70,000/= මුදලක් ඉහත නිලධාරියාගේ ගිණුමට බැර කරවාගෙන ඉතිරි රුපියල් 230000/= මුදල කොට්ටාව නගරයේදී ලබාගැනීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණ.එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් එම නිලධාර්න් දෙදෙනාගේ රාජකාරී වැඩ ඉකුත් අටවෙනි දින සිට නුගේගොඩ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර්වරයා විසින් හා කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ ( නියෝජ්‍ය අධ්‍යක්ෂ පාලන) පොලිස් අධිකාරීවරයා විසින් තහනමට ලක් කර ඇත.

    (බිමල් ශ්‍යාමන් ජයසිංහ)
     
    • Haha
    Reactions: asanka+++

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,464
    7,152
    113
    අල්ලනවා නම් අල්ලන්න ඕනේ. නැත්තන් යන්න දෙන්න ඕනේ. මැදින් ඉඳන් පගාව ගන්නව නම් උන්ගේ ඇට තලන්න ඕනේ.
     
    • Haha
    Reactions: lilman

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    851
    378
    63
    යුවළක් අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටින බවට ලද තොරතුරක් පරීක්ෂා කිරීමට ගොස් ඇති අතර එහිදී එම යුවල සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිසියම් ප්‍රමාණයක් හමුවී ඇත.


    Polis kaarayo story eka liyala wage. Sure ekata drugs plat karanna athi