ලොතරැයි දිනුම්, හදිසි ධනලාභ ලබාදෙන ඔබේ කේන්දරයේ පිහිටීම් මෙන්න!: ඔයාටත් මේ ධනයෝග තියෙනවද බලන්න

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,312
    19,929
    113
    40
    සිය ජීවිත කාලය තුළ හදිසි ධනලාභ හෝ ලොතරැයි දිනුමක් හිමිවීම බොහෝදෙනා තුළ තිබෙන සිහිනයක්. ඔබේ ජන්ම පත්‍රයේ (කේන්දරයේ) ඇති ග්‍රහ පිහිටීම අනුව ඔබට ධනයෝගයක් තිබේ නම් එවැනි හදිසි ධනලාභ හෝ ලොතරැයි දිනුම් හිමිවීමේ වැඩි හැකියාවක් තිබෙනවා.

    – ජන්ම පත්‍රයක සඳු 5 වැන්නේ සිටින විට සිකුරු ග්‍රහයා විසින් දැකීම හදිසි අනපේක්ෂිත ධන සම්පත් ලබාදෙයි.

    – ජන්ම පත්‍රයේ ග්‍රහයන් 4 දෙනෙකු ස්වක්ෂේත්‍රව පිහිටීමෙන් ජන්මියා මිලියනපතියෙක් වේ.

    – ජන්ම පත්‍රයක 2 වැන්නාධිපති ස්වක්ෂේත්‍ර වී 8 වැන්නේ සුබ ග්‍රහයෙක් පිහිටීමෙන්ද ජන්මියා මිලියනපතියකු වේ.

    – යම් ජන්ම පත්‍රයක 2 අධිපති ග්‍රහයා 9,10 හෝ 11 සිටී නම් ලොතරැයි ජය හිමිවන අතර ජන්මියා බෙහෙවින් ධනවත් අයෙකු වේ.

    – ජන්ම පත්‍රයක 6 අධිපති සහ 11 අධිපති 11 වැන්නේ සිටින විට ලොතරැයි දිනුම් මෙන්ම සූදුවලින් ද ජයගත හැකිියි.

    – ජන්ම පත්‍රයක 9 අධිපති සහ 6 අධිපති 11 සිටින විට ලොතරැයි මෙන්ම සූදු ක්‍රීඩාවලින් ද ජයග්‍රහණ හිමිවේ.

    – යම් ජන්ම පත්‍රයක ශනි සහ රාහු මිත්‍ර රාශියකදී සංයෝග වීමෙන් සූදු ක්‍රීඩාවලින් ජය ගත හැකිය.

    – ජන්ම පත්‍රයක 2 සහ 5 අධිපතින් රාශි මාරු කර ගනිමින් පිහිටීමෙන් ද ලොතරැයි ජය හිමිවේ.

    – ජන්ම පත්‍රයක 5 සහ 11 අධිපතින් රාශි මාරුකර ගනිමින් පිහිටීම ද ලොතරැයි ඇතුළු අනපේක්ෂිත ධන සම්පත් ලබාදෙයි.

    – ජන්ම පත්‍රයක ලග්නාධිපති 5 සහ 9 අධිපතීන් ජ්‍යොතිෂ්‍යමය වශයෙන් සම්බන්ධ වීම ද හදිසි ධන සම්පත් ලැබීමට හේතුවේ.

    – ජන්ම පත්‍රයක 5 වැන්නේ බුධ ස්වක්‍ෂේත්‍ර වීම සහ සඳු, කුජ, ගුරු 11 වැන්නේ සිටීම ද ධනය සහ දේපළ ලබාදෙයි.

    – කිසියම් කේන්දරයක ලග්නාධිපති විසින් වෘෂභ රාශියේ උච්ච වූ සඳු දැකීම ජන්මීන් බෙහෙවින් ධනවත් තත්ත්වයකට පත්වීමට හේතුවේ.

    – ජන්ම පත්‍රයක සඳු 3 සිටීම, ගුරු 5 සිටීම සහ රවි 9 සිටින විටද ජන්මියා ලොතරැයි වැනි ඉතා විශාල ධනස්කන්ධයකට හිමිකම් කියයි.

    – යම් ජන්ම පත්‍රයක සිකුරු ග්‍රහයා ස්වක්‍ෂේත්‍රව කේන්ද්‍ර රාශියක පිහිටීමෙන් උදාවන ලක්ෂ්මී යෝගය ද ජන්මියා ධනවත් අයෙකු කරයි.

    – ජන්ම පත්‍රයක 11 වැන්නේ සිට 11 වැන්න වශයෙන් සලකන 9 වැන්නේ බුධ, සඳු සහ ගුරු යන ග්‍රහයන් තනිව හෝ එක්ව පිහිටීමද ජන්මීන් ක්ෂණිකව ධනවතුන් බවට පත්කරයි.

    – සිකුරු, බුධ, සඳු යන ශුභ ග්‍රහයන් බලවත්ව පිහිටි ලග්නාධිපතිගේ දෘෂ්ටිගතව 3, 6, 10 හෝ 11 පිහිටීම ද ජන්මීන් බිලියනපතියන් කරයි.

    මීට අමතරව ජන්ම පත්‍රයක මහා භාග්‍යා යෝගය, ගජ යෝගය, භෙරි යෝගය, ජම්බුණාත් යෝගය සහ ඒක චක්‍රවර්ති වැනි යෝග තිබීම ද ධන සම්පත් ලැබීමට හේතුවේ.
     
    • Haha
    Reactions: gamerlk and Lovtus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    11,993
    23,495
    113
    owa thibbata wadak naha ne ban lankawe lottey board eke un hora wada karanawanam.. balapanko ara kap ruka thaama win kare naha.:D
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,312
    19,929
    113
    40
    පිස්සුව තදවෙලා :lol:
    ඒක තමයි ඕසි හිටිය සන්නා උබත් එක්ක පාටියක හිටියා කියලා ත්රේඩ් දැම්මෙ 🤭 ,
     
    • Haha
    Reactions: Lovtus