එංගලන්තයෙන් මුල්වරට වාර්තා වූ කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය හඳුනාගත් 51වන රට වන්නේ ශ්‍රී ලංකාව බව සඳහන් වනවා.
B 117 ලෙස නම් කරඇති එම වෛරස ප්‍රභේදය මේ වනවිට රටවල් 50කින් පමණ වාර්තා වී තිබු අතර ඉන් රටවල් 13ක පමණ මේ වනවිට එම වෛරස් ප්‍රභේදය සාමාන්‍ය ජනතාව අතර පැතිර ගොස් ඇතිබව විදෙස් මාධ්‍ය පවසනවා.
එම රටවල් රෝගය පාලනය කරගත නොහැකිව දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.
“මේ තුළින් පරණ වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව රෝගය වේගයෙන් පැතිරීමට හැකියාව ඇති බැවින් ආසාදිතයින් ප්‍රමාණය වැඩිවිය හැකි වනවා.
ඊට සමානුපාතිකව රෝගය උත්සන්න වන ප්‍රමාණයත් රෝගයෙන් මියයන ප්‍රමාණයත් වැඩි වෙන්න පුළුවන්,” යැයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පෙන්වා දෙනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් එම වෛරස් ප්‍රභේදය එම පුද්ගලයාගේ ජීව නියැඳියක් “Genetic sequencing” නම් ක්‍රමවේදයට ලක්කර හඳුනාගෙන තිබුණා.
ඒ පිළිබඳ ව පැහැදිළි කරමින් එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යා අංශයේ අධ්යක්ෂ, වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ මෙරට කොවිඩ් වසංගත තත්ත්වය ඇතිවීමත් සමගම ආසාදිතයින් ගේ ජෛව සාම්පල පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තම කණ්ඩායම වෙත එවූ බවයි.
“සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නිරන්තරයෙන්ම සාම්පල එවනවා “genetic sequencing” සඳහා. මේ දක්වා අපේ විද්‍යාගාරයේ අවස්ථා කිහිපයකදී “genetic sequencing” එක කරලා ඉවරවෙලා, ඒ අවශ්‍ය කරන සියලුම වාර්තා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් වසංගත රෝග විද්‍යා අංශයටත් ලබා දීලා තියෙනවා.”
“අපි දැනට මේ හොයාගත්ත කරුණු අනුව අපි වාර්තා කරලා තියෙනවා දැනට මේ එක වෛරස් එකක් එක පුද්ගලයෙකුගේ සාම්පලයක ඔය සියලුදෙනා කතාවෙන බ්‍රිතාන්‍යයේ සැරිසරන. ඒ “mutation” එක හා සමානකම් තියෙන වෛරස් එකක් අපි හඳුනාගෙන තියෙනවා.”
වෛද්‍ය ජීවන්දර මහතා පැවසුවේ ඔවුන් හඳුනාගත් වෛරස් ප්‍රභේදය එංගලන්තයෙන් හමුවූ වෛරස ප්‍රභේදයම බව විදෙස් විද්‍යාගාරයක් ඔස්සේ තහවුරු කරගත් බවයි.
“ඒක අපි තහවුරුකරලා සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කරලා තියෙනවා. මේ හඳුනාගත්ත මේ වෛරස් එකේ මේ “strain” එකේ අපි “mutation” හඳුනාගෙන තියෙනවා. N510Y, P681H සහ 6976 ඩීවියේෂන් එක තියෙනවා. මේක අන්තර්ගත වන්නේ පැන්ගොලියන් ලිනේජ් එකේ B117 කියන ලිනේජ් එකට තමයි අන්තර්ගත වෙන්නේ. තවදුරටත් මේ පර්යේෂණ දිගටම සිදුකරගෙන යනවා.”
https://www.truenews.lk/sri-lanka-i...-virus-which-was-first-reported-from-england/