ලොව වඩාත්ම බලගතු පර්යේෂකයින්ගේ ලැයිස්තුවට ලාංකික විද්‍යාඥවරියක්

NRTG

Well-known member
  • Oct 19, 2019
    21,534
    132,229
    113
    Colombo, Sri Lanka
    ලොව විශාලතම විද්‍යාත්මක පර්යේෂණ දත්ත එකතුවක් සහිත ආයතනයක් වන ‘ක්ලැරිවේට් විශ්ලේෂකයන්ගේ කණ්ඩායම’ (Clarivate™) මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කරන ලොව වඩාත්ම බලගතු පර්යේෂකයන්ගේ ලැයිස්තුවට මෙවර (2021) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මියගේ නම ද ඇතුළත්ව තිබේ.

    ශ්‍රී ලාංකිකයකු මෙම ලැයිස්තුවට ඇතුළත් වූ පළමු අවස්ථාව මෙය ලෙස සැලකෙන්නේ.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පාරිසරික විද්‍යාව ආශ්‍රිත පර්යේෂණාගාර මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරිය ලෙස ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කටයුතු කරන අතර මෙම ලැයිස්තුවට නම ඇතුළත්වීම ලොවපුරා විද්‍යාඥයන් දහසකින් එක් අයකුට හිමිවන අවස්ථාවක් බව ද ඇය සඳහන් කර සිටියා.

    ගතවූ වසර 10ක කාලයකදී විද්‍යාඥයන් විසින් විද්‍යා වෙබ්වල පළකරන පර්යේෂණ පත්‍රිකා සංඛ්‍යාව සහ ඒවායේ වටිනාකම සැලකිල්ලට ගනිමින් මෙම ලැයිස්තුවට සැකසීම සිදුවන බව ද මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය පැවසුවා.

    ලොවපුරා පර්යේෂකයන් විසින් 2021 වසරේ දී, විවිධ ක්ෂේත්‍ර යටතේ පළකළ පර්යේෂණ පත්‍රිකා අතරින් විවිධ ක්ෂේත්‍ර වල පරීක්ෂණ සඳහා සුවිශේෂී බලපෑම් ඇතිකිරීමට ඉවහල්වූ සහ වැඩිම උපුටා දැක්වීම් කළ පරීක්ෂණ පත්‍රිකා හිමි විශිෂ්ටතම පර්යේෂකයන් අතර ශ්‍රේණිගත වී සිටීම ගැන ශ්‍රී ලාංකිකයෙක් ලෙස තමන් අතිශයින් සතුටු වන නමුත් එම පර්යේෂණයන්ගෙන් රට ප්‍රයෝජනයක් නොගැනීම ගැන කණගාටුවක් ඇතැයි ද ඇය සඳහන් කළා.


    link....

    https://www.sjp.ac.lk/news/prof-met...y-the-first-sri-lankan-on-the-clarivate-list/

    https://scholar.google.com.au/citations?user=L3ftZbQAAAAJ&hl=en
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,476
    3
    100,446
    113
    Gampaha
    clap GIF by Benjy Brooke
    හමමා.. සුපිරිනෙ.....👍👍
     

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    480
    843
    93
    bump. its always good to see good people being recognized for their good deeds.

    අනික අපි අබ්බ ගොබ්බ නළු නිලියෝ (හැමෝම නෙවෙයි) සහ හාල්පාරු දෙශාපාලුවෝ promote කරන වෙලාවේ මේ වගේ වැදගත් මිනිස්සු ගැන publicity එකක් දුන්නොත් තව ඒක ළමයෙක් හරි මේ වගේ වෙන්න හිතාගනියි.

    කපටි දේශපාලකයනට (පාට පක්ෂ අදාල නැතුව ) කවි සින්දු ආර්ටිකල් පිරෙන්න.
    මේ වගේ මිනිස්සු ගැන මුකුත් නෑ.