වර්ණවත් ආහාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ- වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා

reuse

Well-known member
  • May 10, 2009
    613
    1,486
    93
    Kita ku
    www.youtube.com
    E7D13F58-199B-4BC1-892E-20FA3682AC66.jpeg

    වර්ණවත් ආහාරයේ සෞඛ්‍ය ප්‍රතිලාභ
    ================

    අපි කවුරුත් ඇසට ප්‍රිය ආහාරයට ප්‍රිය වෙමු. ආහාරයේ රසය, සුවඳ මෙන්ම වර්ණය ගැනද සැලකිලිමත් විය යුත්තේ එනිසාය. අද වෙළෙඳ පොළ තුළ ඇස රවටන විවිධ පැහැයෙන් හැඩ ගන්වා ඇති ආහාර වල ඇත්තේ කෘත්‍රීම වර්ණකාරක රසායනික වේ. එනිසා ස්වාභාවික පැහැයෙන් යුත් දේවල් අපේ ආහාර වෙලට එක් කර ගැනීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාදැයි සොයා බලමු. මෙම ස්වභාවික වර්ණ පිටුපසින් ඇති සොබාදහමේ රසායනික සංයෝග හර්හා සෞඛ්‍යසම්පන්න ජීවිතයක් සඳහා ලැබන පිටිවහල ගැන අප දත යුතුය.

    බලන්න අප අවට පරිසරය තුළ කොළ පාට, කහ පැහැය, රතු පැහැය, නිල් පැහැය, දම් පැහැය, දුඹුරු පැහැය, සුදු පැහැය ආදී නෙක පැහැයෙන් යුත් වර්ණ සංයෝගයක් පවතින අපූරුව. අපි ඇඳුමක් ගන්න විට හෝ නිවසක වර්ණාලේප කරන විට කලර් කෝඩ් එකෙන් ගැලපෙන,පාට තෝරා ගනිමු. එහෙත් අපේ ආහාරයට ගැලපෙන පාට වර්ග තෝරා ගැනීමේ බුද්ධිය අපෙන් ගිලිහී තිබේ. එය වෙළෙඳුන් සොරාගෙන තිබේ. අපේ පාරිසරික වර්ණ සංවේදනය දුර්වල කොට තිබේ. එහෙත් මෙය පරිසර පෝෂණයේ (eco nutrition) එක් අංශයක් වන ආහාරයෙ වර්ණ චක්‍රය (color wheel) ලෙස බටහිර සමාජයේ ප්‍රචලිතව තිබේ. එසේ නැතහොත් දේදුණු ආහාර (rainbow foods) ලෙස හැඳින්වේ.

    කොළ පැහැය අපිට පොදුවේ දක්නට ලැබෙන පැහැයක් වන අතර බොහෝ කොළ පළා වර්ග සහ අමු එළවලු කොළ පැහැ වේ. මේ පැහැය ලැබෙන්නේ ක්ලෝරොෆීල් නමැති වර්ණකය නිසාය. එසේම අප සිරුරෙහි එන්සයිම ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන අයිසොතයෝසයනේට් අන්තර්ගත නිසා පිළිකාකාරක සංයෝග සිරුරෙන් ඉවත් කිරීමට සහය වේ. එසේම මේවායේ අඩංගු බීටා කැරොටීන් මගින් විටමින් A නිපැයුමට අවශ්‍ය මූලික සම්පත් සපයයි. ගෝවා කුලයේ හරිත වර්ණ ආහාර තුළ අඩංගු sulforaphane නමැති සංඝටකය පිළිකාජනක තත්වයන්ට එරෙහිව සටන් කරයි.

    කහ පැහැය සහිත ආහාර වලත් ප්‍රධාන වශයෙන් ම කැරොටීන් ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා නිසා එමගින් විටමින් A නිෂ්පාදනය දියුණු කරයි. එනිසා සාමාන්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කිරීමත් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස පටක තුළ මුක්ත ඛණ්ඩන ප්‍රහාර නිසා වන හානි සමනය කිරීමත් සිදුවේ. කොළ සහ කහ පැහැය අතර පැහයෙන් යුත් අලිගැට පේර වැනි ආහාර වල අඩංගු ලියුටීන් නමැති සංඝටකය ඇස් වල සෞඛ්‍ය තත්වය දියුණු කරයි. එසේම සමේ සෞඛ්‍යය රැකදෙන අතර සම වඩාත් පැහැපත්ව සහ යහපත් ව පවත්වා ගැනීමට මෙන්ම අස්ථි ශක්තිමත් ලෙස තබා ගැනීමට ද උපකාරී වේ.

    නිල් පැහැය හෝ ඊට හුරු දම් පැහැයෙන් යුත් ආහාර තුළ ඇන්තොසයනින් අන්තර්ගතය ඉතා ඉහළය. විශේෂයෙන් ම මෙම ආහාර ඇස් පෙනීම දියුණු කරන අතර පිළිකාව සමඟ සටන් කිරීමට ඇවැසි ප්‍රතිශක්තිය දියුණු කරයි. එසේම රුධිර නාල තුළ ලේ කැටි සෑදීම වළක්වයි. මෙම ආහාර වල බලපෑම මූත්‍ර පද්ධතියේ ආරාක්ෂාව කෙරෙහි සිදුවන අතර ආහාර ජීරණය වැඩි දියුණු කරන බව පෙනීගොස් තිබේ. එසේම නිල් පැහැති ආහාර වලින් මතක ශක්තිය වැඩි කරන බවත් වියපත් වීමේ ක්‍රියාවලිය නිරෝගීව සිදුවීමට උපකාරී වන බව ද වාර්තා වේ.

    රතු පැහැය ඇති ආහාර වල අඩංගු ලියුකොපීන් පුරස්ථි ග්‍රන්ථියේ පිළිකා සහ පියයුරු පිළිකා වලට එරෙහිව සටන් කරන බව සොයාගෙන තිබේ. එහෙත් ලියුකොපීන් වඩාත් සක්‍රිය වන්නේ පිසීමේදි බව පෙනී ගොස් තිබේ. එසේම රතු පැහැ ආහාර වල ඇන්තොසයනින් හා ෆ්ලෙවොනොයිඩ්ස් වර්ග තිබෙන නිසා ඒවා ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ද ඉහළය. එබැවින් රතුපැහැති ආහාර වලින් ප්‍රතිශක්ති පද්ධතිය ඉතා හොඳින් සක්‍රිය වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය ද වර්ධනය කරයි. පිළිකා වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩිකරන අතර විශේෂයෙන්ම පුරස්ථි ග්‍රන්ථි පිළිකා වලට එරෙහිව ක්‍රියාකරයි.

    සුදු පැහැය ඇති ආහාර වල අඩංගු ඇලිසීන් allicin මගින් රෝගකාරක ක්ෂුද්‍රජීවීන් නැසීමත් ප්‍රදාහ තත්වයන් සමනය කිරීමත් සිදුවේ. එසේම මේවායේ සෙලෙනියම්, සින්ක්, තඹ වැනි ඛනිජ හා බී6 වැනි විටමින් ද අඩංගුය. මෙම ආහාර මගින් රුධිර වාහීනී ශක්තිමත් කොට කොලෙස්ටරෝල් පාලනය කරයි. සුදුලූණු, හතු වර්ග වලින් ප්‍රතිශක්තිය වර්ධනය වන අතර ඒවා පිළිකා මර්දනයට උපකාරී වේ. කෝලි මල් වල අඩංගු Indole-3-Carbonyl මගින් ද මෙය සිදුවේ. මෙවැනි ආහාර වලින් බඩවැල ආශ්‍රිත පිළිකා මර්දනය සඳහා මනා පිටිහවහලක් ලැබේ. සුදු පැහැ ආහාර යනු පිරිපහදු කළ ආහාර ලෙස වරදවා නොගත යුතුය. එබැවින් එසේම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමේ ලා මෙවැනි ආහාර උපකාරී වන අතර අනවශ්‍ය මේදය ද දහනය කරයි. ස්වාභාවික සුදු වර්ණය සහිත ආහාර සම්බන්ධයෙන් පමණක් මේ කරුණු අදාළ වේ.

    මෙම ස්වභාවික ආහාර වල අඩංගු 4000 කට අධික ෆ්ලෙවොනොයිඩ්ස් සංයෝග සියල්ලක් ම අපේ ශරීරයට සෞඛ්‍ය ප්‍රතිලාභ අත්කර දෙන අතර ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයන් නිසා පටක වලට ආරක්ෂාව සපයයි. ශාකමය ආහාර වල මෙකී සජීවී පැහැයන් නිර්මාණය කරන්නේ හිරු ගේ ශක්තිය හා සොබාදහමේ සාරය එකට එක්වීමෙනි. එනිසා මෙම ආහාර හැකි සෑම විටම අමුවෙන් ආහාරයට ගැනීම හෝ ඒවා පිසීමේදී වර්ණය නොනැසී තබා ගැනීමේ ක්‍රම අනුගමනය කිරීම නුවණට හුරුය. එසේම අද කෘත්‍යාත්මක ආහාර (functional food) ලෙස හැඳින්වෙන ආහාර වලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මේ තුළින් ලබා ගත හැකිය. අද සමාජය මුහුණ දෙමින් සිටින බෝනොවෙන රෝග වසංගතයට ද මෙය සාර්ථක විසඳුමක් ලෙස පෙන්වා දිය හැකිය. පරිසරයේ ඇති පොෂණ සංඝටක හා ක්‍රියාකාරී සංයෝග පිළිබඳ අවබෝධයෙන් යුතුව ඒවා ආහාරයට ගනිමු. දැන් අපි ආහරයේ වර්ණාවලිය භාවනවක් ලෙස පුරුදු කරමු.

    වෛද්‍ය ඩැනිස්ටර් එල්. පෙරේරා
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,969
    1
    29,823
    113
    Bump..

    හැබැයි මට ඔයා දොස්තරයා නම් එච්චර sure නෑ.. පොර ධම්මික පැනියටත් ඒ දවස්වල ප්‍රශස්ති ලිව්වා..:)
     
    • Like
    • Wow
    Reactions: NRTG and reuse