උතුරු එංගලන්තයේ Bishop Auckland කියන ප්‍රදේශයේ පැරණි ගොඩනැගිල්ලක අළුත් වැඩියා කිරීමේදී එහි බිමට දමා තිබූ ලෑලි හෙවත් flooring යට තිබී ලණුවකින් ගෙල හිරකර තිබූ බිළිඳු ඇට සැකිල්ලක් සොයාගෙන තියෙනවා. ඒ ගොඩනැගිල්ල එංගලන්තයේ තියන අනෙකුත් ගොඩනැගිලි රැසක් වගේම වසර සියයකටත් වඩා පැරණි වික්ටෝරියානු යුගයට අයත් ගොඩනැගිල්ලක්.
ඇටසැකිල්ල සොයා ගන්නා අවස්ථාවේදී එම සිරුර පුවත්පතක ඔතා තිබී ඇති අතර සිදුකරන ලද පරීක්ෂණයකින් සොයා ගෙන තියෙන්නේ එම පුවත්පත 1910 වර්ෂයට අයත් කාණ්යක පුවත්පතක් කියලා. ඒ අනඅව එම මළසිරුර මීට වසර 100 කට වැඩි කාලයකදී එතන සඟවන්නට ඇති බව තමයි පරීක්ෂකයන්ගේ මතය වෙලා තියෙන්නේ. ඒ වගේම සොයා ගත් අස්ථි කොටස් සහ දත් වල කාබන් පරීක්ෂණයකදී එම ළදරුවා මිය යන විට වයස සති 40ක් පමණ වෙතැයි අනුමාන කරනවා. එහෙත් තවමත් එම දරුවා පිරිමි දරුවෙකුද ගැහැණු දරුවෙකුද යන්නට නිශ්චිත කරගැනීමට නොහැකි වී තිබෙනවා.
දැන් රහස් පරීක්ෂකයන් උත්සාහ කරන්නේ ඒ දරුවාගේ ජීවත්ව සිටින ඥාතීන් හොයා ගන්න. කිසිඳා හඬක් නොමැතිව මියගිය දරුවෙකුගේ හඬ වීමට දැන්වත් අප උත්සාහ කල යුතු බවයි පොලිස් පරීක්ෂකයන් උත්සාහ කරන්නේ. දරුවාගේ ලේ ඥාතීන් සොයා ගතහොත් දරුවාට සිදුවූයේ කුමක්ද යන්න සොයා ගැනීමට මඟක් පෑදේයැයි විශ්වාස කරන පොලිසිය ඒ සඳහා 1900 සිට 1920 වර්ශය දක්වා කාලය තුල පොලිස් පැමිණිලි හා වාර්තා ද පරික්ෂා කිරීම ආරම්භ කරලා තියනවා. ඒ වගේම එම කාලය තුල එම නිවසේ ජීවත් වූයේ කවුද යන්න සොයා බැලීමටත් ආරම්භ කරලා තියනවා.
කලක් මෙම ගොඩනැගිල්ල පල්ලියකට අයත්ව තිබී ඇති අතර ඒ කාලයේදී එහි ළදරුවන් බලාගැනීමේ ආයතනයක්ද පවත්වාගෙන ගොස් තිබෙනවා. නමුත් එම ආයතනය පිහිටුවීමටත් පෙර කාලයේදී මෙම සිරුර එහි සඟවන්නට ඇතැයි විමර්ශකයන් උපකල්පනය කරනවා. කෙසේ වෙතත් දරුවාට සිදුවූ අපරාධය කුමක්ද යන්න තහවුරු කර ගැනීමෙන් පසුය එම දරුවාට ගෞවරණීය අවමංගල්‍යක් ලබා දෙන්නට බලධාරීන් තීරණය කරලා තියනවා.