වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ බවට ව්‍යාජ හැඳුනුම්පතක් ඉදිරිපත් කර කාන්තාවන් මුලා කරමින් ලිංගික අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු විසින් එලෙස කාන්තාවන් සතු රන්මාල සහ මුදල් ද කොල්ලකා ඇති බව සඳහන් ය.
මොරොන්තුඩුව පොලීසිය විසින් සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බවත්, ඔහු හිටපු හමුදා සැරයන්වරයෙකු බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුවී ඇත.
හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක විසින් කළ පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය කියයි.
සැකකරු විසින් ඉකුත් 01 වනදා අන්තර්ජාල ඔස්සේ රුපියල් 30,000ක මුදලකට පැමිණිළිකාර කාන්තාව මොරොන්තුඩුව ප්‍රදේශයේ ලැඟුම්හලක් වෙත ගෙන්වාගෙන ලිංගිකව හැසිරී ජංගම දුරකථනයෙන් ද පටිගත කර තිබේ.
පසුව තමා පානදුර පොලීසියේ ස්ථානාධිපතිවරයා බව පවසා පටිගත කළ වීඩියෝ දර්ශන පෙන්වා ඇයගේ ගෙලබැඳි රන් මාලය සහිත පෙන්ඩනය කොල්ලකා ඇත.
ඒ පිළිබඳව ඇය විසින් මෙලෙස පොලීසියට පැමිණිළි කර තිබුණි.
විමර්ශන කටයුතු සඳහා පොලීසිය අදාළ ලැගුම්හල වෙත යන අවස්ථාවේදී සැකකරු තවත් කාන්තාවක සමග එම ලැගුම්හලේ රැඳී සිට තිබේ.
බම්බලපිටිය, ගල්කිස්ස සහ පානදුර ඇතුළු පොලිස් බලප්‍රදේශවල ද සැකකරුට එරෙහිව විමර්ශන පවතින බව වාර්තා වෙයි.
සැකකරුව පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මොරොන්තුඩුව පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කැළුම් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.