වාහනේ 2 වෙනි Brake Hose එක පුපුරලා 99න් බේරුණා

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,184
    1,089
    113
    2019 අවුරුද්දේ කොළඹ ගිහින් නුවර එද්දී වාහනේ ABS Fail වෙලා බ්‍රේක් වදින්නේ නැතුව ගියා. ඒත් ඉස්සරහා වාහනේට දුර තිබුණු නිසා අනතුරක් වුනේ නෑ.
    ඊට පස්සේ 2020 අවුරුද්දේ එක බ්‍රේක් හෝස් එකක් පුපුරලා ලීක් වෙනවා අහු වුණා Wheel Alignment කරන්න ගිහාම. ඒ නිසා එදා අනතුරක් වුනෙත් නෑ.
    Alignment කරද්දී බේක් ඔයිල් හෝස් එකෙන් ඔයිල් ලීක් වෙනවා කියලා Alignment කරන කෙනා දුවගන ඇවිත් කිව්වා.
    අපි ගමනක් යද්දී බ්‍රේක් අඩියටම පාගන්නේ නැති වුනත් alignment වලදී බ්‍රේක් එක අඩියටම තද කරලා Alignment කරන නිසා ගොඩක් වාහන වල බ්‍රේක් ඔයිල් හෝස් එකේ ලීක් එකක් තියනවා නම් alignment වලදී leak එක අහු වෙන සිද්ධි ඕනෑ තරම් තියනවා කියලයි එතනින් කිව්වේ

    වාහනේ දෙවෙනි බ්‍රේක් හෝස් එක පෙරේදා පුපුරලා පල්ලමක බ්‍රේක් නැතුව ගියා. ලොකු අනතුරක් වෙන්න ගිහින් වාසනාවට බේරුණා.
    මේ කියන්න යන්නේ ඒ කතන්දරේ

    පෙරේදා වාහනේ ගැරේජ් එකේ ඉඳන් රිවර්ස් කරලා ගනිද්දී Dash Board එකේ ලයිට් සේරම on වෙලා තත්පර 3ක් විතර තිබිලා off වුනා. මම ඒක ගණන් ගත්තේ නැතුව මිදුලේ ඉඳන් පාරට තියන බෑවුමට දැම්මා.
    Drive කළේ Wife. එයා මේ දවස් වල ඩ්‍රයිවින් පුරුදු වෙනවා. මම අනිත් පැත්තේ සීට් එකේ හිටියේ.
    එක පාරම බ්‍රේක් නැතුව වාහනේ පහළට ගියා. කොහොම හරි නැවතුනාට පස්සේ හෑන්ඩ් බ්‍රේක් ඇදලා P දැම්මා.
    පහළ වීඩියෝ එකේ තියනවා ඒ අත්දැකීම



    මම හිතුවේ ABS ආයේ fail කියලා. ඒත් ගැරේජ් එකේ, මිදුලේ, පල්ලමේ හැම තැනම තිබුණු පැල්ලම් නිසා දැනගත්තා හෝස් එකක් පිපිරිලා කියලා.

    වාහනේ ගිහින් නතර වුනාට පස්සේ රිවර්ස් කරලා ගන්නත් බෑ රෝද කැරකෙනවා තණකොල උඩ නිසා. තව අඟල් 6ක් ඉස්සරහට ගිහා නම් වෙලේ.
    ඒ නිසා රෝද වටේම තණකොල ගලවලා, රෝද පැත්තට ෆුල් කපලා රිවර්ස් කරලා වාහනේ පාරට අරගන කුරුණෑගලින් කැරියර් එකක් ගෙනත් වාහනේ පටවලා service එකට යැව්වා. කැරියර් එකට 12,600යි ගියේ

    මේක වෙන්න වාහනේ බ්‍රේක් ඔයිල් ලයින් එක ඇවිත් වාහනේ body එකට fix වෙනවා. එතන ඉඳන් රෝදෙට යනකම් රබර් හෝස් එක තියෙන්නේ...
    ගැස්සෙද්දී රෝදේ උඩ පහළ යද්දී හෝස් එක අර fix වුන තැනින් හැම වෙලේම උඩ පහළ නැවෙනවා...
    අවු 7-8ක් ඔහොම එක දිගට වුනාම තමා එතන fail වෙලා බ්‍රේක් හෝස් එක පුපුන්නේ...
    මගේ හෝස් දෙකම ගියේ එතනින්. (එකම තැනින්)
    ඔය ෆොටෝ එකේ පේනවා ඒක.

    පළවෙනි හෝස් එක ගියේ අවු. 7න් දෙවෙනි එක ගියේ අවු. 9න්.
    ඒ නිසා එක හෝස් එකක් ෆේල් වුනොත් එක සැරේම දෙකම අලුතෙන් දාගන්න.
    බ්‍රේක් හෝස් අවු. 5-6ක් පරණ නම් දෙකම අලුතෙන් දාගන්න


    02.jpg


    Brand new හෝස් එක 12,000ක් වෙනවා, ඒත් ඒක තායිවාන් නිසා රීකන්ඩිෂන් ජැපනීස් එකක්ම දැම්මේ ඒකට 3,500යි.
    කලින් සැරේ දාපු එක තායිවාන් වෙන්න ඇති ඒක 3,950යි ඒ කාලේ ගියේ. ඒකම තමා දැන් 12,000 වෙල තියෙන්නේ.
    හෝස් එකට නෙවෙයි වියදම යන්නේ බ්‍රේක් ඔයිල් වලටයි. කලින් දාලා තිබුනේ Toyota Brake Oil නිසා ඒ වර්ගයම හෙව්වත් කොහේවත් ටොයෝටා බ්‍රේක් ඔයිල් හොයාගන්න නෑ. ටොයෝටා ලංකා ඒක් තිබුනට පිටට විකුණනේ නෑ එයාලට සර්විස් වලට එන කස්ටර්මස් ලට තියාගන්නවා..

    බේක් ඔයිල් කවලම් කරලා වර්ග දෙකකින් දන්න හොඳ නෑ (mix වෙන්නේ නෑ) ඒ නිසා.
    ඒ නිසා තිබුණු ඔයිල් සේරම අයින් කරලා ඔය ෆොටෝ වල තියන Sieken එක දැම්මා. ඒක Made in Japan නිසා. .
    ටොයෝටා බ්‍රේක් ඔයිල් 500ml ක් 4,950/- යි, ඒත් Sieken වල 1L ම 5,300/- යි. ලීටර් 1.2ක් වගේ ගියා. ඉතුරු 800ml මම ගෙදර අරගන ආවා

    03.JPG


    මේ වගේ අවස්ථාවක් වුනාම කරන්න ඕනේ දේවල් ටිකක් මේ
    1) මේ වගේ දෙයක් වෙද්දී පුළුවන් තරම් වාහන/මිනිස්සු නැති පැත්තකට කපාගන එක හොඳයි.
    2) ඉක්මනටම D වලින් B වලට දාගන්න
    3) පල්ලමක වගේ නම් ඉන්නේ B වලට දාලා Hand Brake එක ඇදලා වාහනේ නැවතුන ගමන් P (Parking) දාගන්න.
    4) බ්‍රේක් ඔයිල් රෝදේ වටේ විසිරිලා තියන ටික වතුර බාල්දියක් ගහලා හෝදන ඕනේ. නැත්නම් බ්‍රේක් ඔයිල් වැදිලා ෂොක්ස් වල එහෙම තියන රබර් දිරනවා. පේන්ට් එකත් යනවා. ඒ නිසා සේරම හෝදන්න ඕනේ

    කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා දැම්මේ.
    ඔයාලටත් අත්දැකීම් තියනවා නම් කොටාගන යන්න
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    37,378
    1
    27,290
    113
    ලොතරැයියක් ගත්තෙ නැද්ද එදා :D මාර ලක් එකක් තිබිල තියෙන්නෙ

    හැබැයි මටනං හිතෙන්නෙ රබර් පාට්ස් යූස්ඩ් ඒවා දාන එක මෝඩ වැඩක් කියලා, ඕවා කොච්චර කල් පාවිච්චි කරලද කොච්චර කල් වාහනේම තියෙද්දි යාඩ්ස් වල දිරලද කොච්චර කල් ජරාව එක්ක ස්ටොරේජ් එකේ තිබ්බද කියලා කවුද දන්නේ?
     

    dbug

    Active member
  • Sep 7, 2008
    287
    199
    43
    Mokakda Vehicle eka? Aqua
    Year eka, kochchara kalakin full service kalada wagge dewal tikath danna machan....
     
    • Like
    Reactions: Solo Rider

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    26,925
    1
    60,091
    113
    30
    Kalutara
    අම්මෝ.. බොක්ක රත් වෙන්න ඇති.

    මොකක්ද බන් ගියර් එකේ B එක? එහෙම එකක් දැකල නෑනෙ ගියර් වල. 🙄

    මොකක්ද ඔය වාහනේ?

    ඔය මුකුත් ප්‍රශ්නයක් නෑනෙ @Solo Rider වගේ හයිලක්ස් එකක් ගත්ත නම්. ඌ නම් වාහනේ බ්‍රේක්හෝස් බටේ කැඩුනොත් ගෙදර ටැප් එකට ගහල තියෙන වතුර හෝස් බටේ ගහගෙනලු යන්නෙ.
    ------ Post added on Nov 24, 2022 at 12:06 PM
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,184
    1,089
    113
    Mokakda Vehicle eka? Aqua
    Year eka, kochchara kalakin full service kalada wagge dewal tikath danna machan....
    Year 2013
    2019 ABS ගියා 110,000KM වලින් වගේ
    2020 පලවෙනි බ්‍රේක් හෝස් එක ගියා
    2022 දෙවෙනි බ්‍රේක් හෝස් එක ගියා

    Full synthetic එන්ජින් ඔයිල් දාන නිසා 8,500Km වලින් ඊයේ සර්විස් කළේ
     
    • Like
    Reactions: Solo Rider and dbug

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    17,126
    19,512
    113
    සේදවත්ත
    ගෑනිට බනින්න එපා ඕයි යකෙක් වගේ ලෙඩක් තියනවා බව දැන දැන . පැලැස්තර විසදුම් දෙන්න එපා අලුතින්ම ඔක්කම දාහන් . පව් ගෑනී . ගෑනු උබල වගේ උන් එක්ක ඩ්‍රයිවින් ඉගෙන ගන්න එන් නෑ ලනස් එකේ අයියා ගාවට යන්නේ එක ආදරෙන් කියල දෙන නිසා .
     

    dbug

    Active member
  • Sep 7, 2008
    287
    199
    43
    Year 2013
    2019 ABS ගියා 110,000KM වලින් වගේ
    2020 පලවෙනි බ්‍රේක් හෝස් එක ගියා
    2022 දෙවෙනි බ්‍රේක් හෝස් එක ගියා

    Full synthetic එන්ජින් ඔයිල් දාන නිසා 8,500Km වලින් ඊයේ සර්විස් කළේ
    ela...
    dan engine oil patta ganan.. mamath 5000km walata wadaa panala tamai full service karanne...
     
    • Like
    Reactions: Solo Rider

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,480
    5,802
    113
    ★Cutting Edge★
    වෙලාවට wife හිමින් ගන්නේ පහලට එද්දී
    උබ drive කරා නම් ලොවෙත් ඔයිට ඉක්මනට පහලට එන්න හදනවා නෙ එහෙම උනා නම් වෙලේ තමයි :baffled:
    උබේ වෙලාව හොදයි :yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,160
    3
    99,306
    113
    Gampaha
    Tfs මචං... මාත් වාහනේ චෙක් කරල බලන්න ඕනෙ... මේක දැක්කම ඔලුවට ආවෙ...



    හම්මෝ.... 😮😮
    වෙළට නොගිහින් නූලට බේරෙන්නෙ....
    ඔතන වුන එකත් හොඳයි. වේගෙන් යන වෙලාවක වුණානං....😮
    අම්මෝ.. බොක්ක රත් වෙන්න ඇති.

    මොකක්ද බන් ගියර් එකේ B එක? එහෙම එකක් දැකල නෑනෙ ගියර් වල. 🙄

    මොකක්ද ඔය වාහනේ?

    ඔය මුකුත් ප්‍රශ්නයක් නෑනෙ @Solo Rider වගේ හයිලක්ස් එකක් ගත්ත නම්. ඌ නම් වාහනේ බ්‍රේක්හෝස් බටේ කැඩුනොත් ගෙදර ටැප් එකට ගහල තියෙන වතුර හෝස් බටේ ගහගෙනලු යන්නෙ.
    ------ Post added on Nov 24, 2022 at 12:06 PM
    B කියන්නෙ ඔටෝ වාහන වල ලෝ ගියර් එකක්. එන්ජින් බේක් එක ගන්න පුලුවන් ඕකට දැම්මම...

    සමහර වාහන වල 1,2, L, වගේ සයින් වලින් ඕක එනව. Cvt වාහන වල s කියල එන්නෙ...
    ගෑනිට බනින්න එපා ඕයි යකෙක් වගේ ලෙඩක් තියනවා බව දැන දැන . පැලැස්තර විසදුම් දෙන්න එපා අලුතින්ම ඔක්කම දාහන් . පව් ගෑනී . ගෑනු උබල වගේ උන් එක්ක ඩ්‍රයිවින් ඉගෙන ගන්න එන් නෑ ලනස් එකේ අයියා ගාවට යන්නේ එක ආදරෙන් කියල දෙන නිසා .
    වාහනේ එක පාර බ්‍රේක් නැති වෙලා කන්ට්‍රෝල් ලොස්ට් වෙලා තියෙන හදිසි අවස්ථාවක....,

    "අනේ මගෙ චූටි පැටියෝ.... වාහනේ පල්ලමට යනවනේ.... දැන් හොඳ ළමය වගේ බ්‍රේක් පාගන්න.... කෝ...කෝ... ඔය චූටි කකුල බේක් පැඩ්ල් එක උඩින් තියල පාගන්න බලන්න...."

    කරල බලන්න ඕනෙ....
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    2,206
    2,199
    113
    Nugegoda, Sri Lanka
    ලොතරැයියක් ගත්තෙ නැද්ද එදා :D මාර ලක් එකක් තිබිල තියෙන්නෙ

    හැබැයි මටනං හිතෙන්නෙ රබර් පාට්ස් යූස්ඩ් ඒවා දාන එක මෝඩ වැඩක් කියලා, ඕවා කොච්චර කල් පාවිච්චි කරලද කොච්චර කල් වාහනේම තියෙද්දි යාඩ්ස් වල දිරලද කොච්චර කල් ජරාව එක්ක ස්ටොරේජ් එකේ තිබ්බද කියලා කවුද දන්නේ?
    Aniwa, mama wahane gaththa gaman okkoma rubber tika replace kara brake hoses ekkama.. Suspension parts lower arms okkoma damma. Brake hose, Radiator hose num brand new ewa Japan walin gennala damma..mehe badu thibbe naa thibbath patta ganang. Brake hose seiken damme.. owa kalayak yanakota diranawa.. anika brake hose dammata passe pedal feel ekath wenas full bleed karata passe.. godak garage wala un ehema hose replace
    Karanna kiyanne naa malata.. oka hena critical component ekak. Oya uda wage siddiyak unoth baduma thamai..
     
    Last edited:
    • Like
    Reactions: NRTG and Hyaenidae