වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ අන්තරේ වසන්ත මුදලිගේ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    3,265
    5,812
    113
    වැද්දියෙකුගේ බඩේ ඉපැදුණ මගේ පුතා ආණ්ඩු පෙරළුවා - වසන්තගේ මව කාන්තා පුවත්පතකට කියා තිබෙන කතාව පහත පරිදිය.

    * ඔබේ පුතා වසන්ත මුදලිගේ ගැන දැන් මුළු රටම දන්න කෙනෙක් වෙලා. පුතාගේ කියුම් කෙරුම් ගැන අම්මට ආරංචිද?

    මම හරියටම අවුරුද්දකින් මගේ පුතාව මේ ඇස් දෙකට දැකලා නෑ. පුතාට කතා කරන්න ටෙලිෆෝන් එකක්වත් මට නෑ. වෙලාවකට හිතෙනවා ඉන්න තැනකට හොයාගෙන ගිහිල්ලා හරි මුණ ටිකක් බලලා එන්න. ඒත් මම ඔය කොළඹ රටට කවදාවත් ගිහිල්ලා නෑ. ඒ නිසා කොහේ යන්නද කියලා හිතාගන්න බෑ. පුතා ගැන රට්ටු කියන කතා ඇහුවම තවත් දුකයි. ඒ දුකටම මම දැන් ලෙඩවෙලා ඉන්නේ. අපේ එකා කොළඹ ගිහින් ආණ්ඩු පෙරලනවලු, ජනාධිපතිලා අගමැතිලා ගෙදර යවනවලු. අනේ ඉතින් මිනිස්සු කියන දේවල් අහන් ඉන්නවා ඇරෙන්න
    මොනවා කරන්නද මොනවා කියන්නද කියලා මට තේරෙන්නේ නෑ.

    * පවුලේ විස්තර කොහොමද?
    මහත්තයා නැතිවෙලා දැනට අවුරුදු විසිදෙකක්. දරුවෝ පහක් ඉන්නවා. වසන්තයි, බාල පුතයි පුරාවිද්‍යා අංශයෙයි, අපරාධ අංශයයි උපාධිධාරීයො..

    * වසන්ත අවුරුද්දකින් ගෙදර ආවේ නැති වුණාට අනිත් දරුවොවත් ඔබ ගැන හොයලා බලනවා ඇතිනේ?

    බාල පුතාත් උපාධිය ගත්තට තාම රස්සාවක් නෑ. හැබැයි එයා කසාදයක් කරගෙන නෝනගේ ගෙදරට වෙලා ඉන්නවා. එක දුවෙක් ඉන්නේ තණමල්විල. තව පුතෙක් දුරක ගිහින් මොකද්ද මන්දා රස්සාවක් කරනවලු. ඒත් දැන් අවුරුදු තුනකින් මාව බලන්න ඇවිත් නෑ. දරුවෝ ගැන හිතලා ගෙදර ලිපවත් පතු නොකර හිටපු දවස් ඕන තරම් තියෙනවා. ඒ වුණාට එයාල පුළුවන් විදියට මට සලකනවා.

    මහත්තයත් නැතුව කොහොමද දරුවො පස්දෙනෙක් උස් මහත් කළේ?

    මට එදා ඉඳලාම හරි ආදායමක් තිබුණේ නෑ. සමහරදාට දරුවන්ට මුරුංගා කොළයි, මයියොක්කා කොළයි විතරක් තම්බලා කන්න දීලා තියෙනවා. ඒ කාලේ මේ ආදීවාසි ගම්මානෙ බලන්න එන අයට මාල, වළලු, මල්පෝච්චි වගේ දේවල් හදලා විකුණලා පොඩි ගාණක් හොයාගත්තා. දැන් මට රුපියල් දෙසිය පනහක පින් පඩියක් හම්බෙනවා. රුපියල් 1500ක සමෘධියකුත් ලැබුණා. හැබැයි ළමයි දෙන්නෙක් බැඳලා කියලා පස්සේ ඒක කපලා දැම්මා.



    වසන්ත මුදලිගේ දඹානේ වැද්දෙක් කියලා කියනවට ඔබ කැමතිද?
    වැද්දියෙකුගේ බඩේ ඉපදුණාට මයෙ පුතා වැද්දෙක් නෙවෙයි.මොකද එයාගේ තාත්තා තණමල්විල හොඳ මනුස්සයෙක්. මගේ පුතාට කවුරුහරි එහෙම කියනවනම් උන් ඉරිසියාකාරයෝ.

    * දඹානේ ඉන්න ඔබට කොහොමද තණමල්විල මහත්තයෙක්ව මුණගැහුනේ?
    දවසක් එයා නෑදෑයෝ යාළුවෝ එක්ක බස් එකකින් විනෝද චාරිකාවක් ආවා අපේ ආදීවාසි ගම බලන්න. ඒ කාලේ මම ගොඩාක් හැඩයි. එයා එද්දි මම මිදුල අතුගගා හිටියේ. ඉතින් එයා මට කැමතියි කිව්වා. පස්සේ මාව කරකාර බැඳලා එයත් මාත් එක්කම ආදිවාසී ගමේ නතර වුණා.

    ආදිවාසීන් සිංහලයාගේ පරණම ජන කොට්ඨාසයලුන්නේ. ඉතින් ආදිවාසියෙක් කියන එක ලැජ්ජා වෙන්න කාරණාවක් නෙවෙයින්නේ?
    අපි ඒක ලැජ්ජාවක් විදියට හිතන්නේ නෑ. ඒත් මේ මිනිස්සු අපිට වැද්දෝ වැන්දෝ කියලා අපිව මුල්ලකට
    කරනකොට අපි අසරණ නැද්ද?

    ඒ වගේ අසරණ වුණ වෙලාවල් එහෙම තියෙනවද?
    ඕනතරම් තියෙනවා. මගේ දරුවෝ මුලින්ම ගියේ මෙහෙ දඹානේ ඉස්කෝලෙට ඊටපස්සේ මහියංගණය දෙහිගොල්ල ඉස්කොල්ලෙට ගියා. ඒ ගියපු වෙලාවෙ සමහර ළමයි මගේ දරුවන්ට වටකරගෙන ගහලත් තියෙනවා, ඔන්න වැද්දෝ ඇවිත් එලවපල්ලා කියලා.

    කවුරු කොහොම කිව්වත් දඹානේ කොල්ලා ආණ්ඩු පෙරලුවා කියද්දී ඔබටත් සතුටු ඇති නේද?
    මට මේ වගේ එඩිතර පුතෙක් ලැබුණු එකට සතුටු වෙන්නද, දුක් වෙන්නද කියලා තේරෙන්නේ නෑ. හැබැයි මගේ පුතාට වැද්දා කියලා අපහාස කරන අයට මට කියන්න තියෙන්නේ අනිත් එවුන් නිකන් උඩ බලාගෙන ඉද්දි මගේ වැද්දා රට පෙරලුවා. කොහොමද ඒක කියලා තමයි.


    ඔබ ඔහුව අවුරුද්දකින් විතර දැකලා කතා කරලා නෑ කිව්වානේ. ඉතින් කතා කරන්න ලැබුණොත් පුතාට කියන්න තියෙන්නේ මොනවද?
    කියන්න තියෙන එකම දේ අනේ පුතේ මට උඹව බලන්න ඕනේ කියලා තමයි. උඹව හොයාගෙන එන්න කොළඹ රටේ පාරක්
    තොටක් මම දන්නේ නෑ. ඒක නිසා එකපාරක් ඇවිත් මාව බලලා පලයන්.

    * වසන්ත මුදලිගේ ඊළඟ ඡන්දෙන් පාර්ලිමේන්තු යයි කියලා ගොඩක් අය කියනවා?
    ඒවාට උත්තර බඳින්න නම් මට දැනුමක් නෑ.

    * අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ?
    මගේ පුතා වැරදි කරන කෙනෙක් නෙවෙයි. අම්මා ගැනවත් හිතන්නෙ නැතුව රටේ මිනිස්සු ගැන හිතලයි ඔය ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒක නිසා මගේ පුතාට කරදරයක් කරන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට මටත් හිතේ ගින්දරක් නැතුව සැනසීමෙන් හුස්මක් ගන්න පුළුවන්.

    ලිහිණි මධුෂිකා (ධරණී)

    source: https://www.gossiplankanews.com/2022/08/wasantha-mudalige-story.html
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,422
    33,529
    113
    මාලඹේ
    ඔය අරගල කරපු අනිත් එවුනුත් වැද්දෝ තමා . දත් මදින්නේ නැහැ නාන්නේ නැහැ 🤣🤣
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    882
    113
    කවුරුත් දන්නවා ජේවීපී කියන්නේ වැද්දෝ කියලා🤣
     
    • Haha
    Reactions: 2osama

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    8,008
    17,404
    113
    යකෝ එච්චර මහන්සිවෙලා ඌව කැම්පස් යවපු අම්මට උපාධිය ඉවරකරලා රස්සාවක් කරලා සල්ලි හම්බ කරලා සලකන්නෙ නැතුව අන්තරේ කිය කිය පාරවල් ගානෙ හැමිනෙන පොන්නයො නං තියන්න වටින්නෑ 😠 අන්තරේ උන් අරගලේට සෙට් වෙලා වැඩක් කරා ඒක ඇත්ත ඒකට බොක්කෙන්ම රෙස්පෙක්ට් 💪හැබැයි ඒහෙමයි කියලා අන්තරේ කරන හැම බලු වැඩක්ම හොදයි කියලා හැමිනෙන්න ගියොත් ඒකත් හරියට යුද්ධෙ ඉවර කරාට තාමත් මහින්‍දට උක දෙන බයියො වගේ වෙනවා.
     

    wdishan

    Active member
  • Mar 28, 2008
    416
    36
    28
    ඔය අරගල කරපු අනිත් එවුනුත් වැද්දෝ තමා . දත් මදින්නේ නැහැ නාන්නේ නැහැ 🤣🤣
    ඔය අරගල කරපු අනිත් එවුනුත් වැද්දෝ තමා . දත් මදින්නේ නැහැ නාන්නේ නැහැ 🤣🤣
    umbala wage un panuwo gahala marenna one mulu ratak wenuwen aragalayak karaddi thopi wage un melo deyak danne na. rajapakshala langa paramapara ganak ipadi ipadi marichcha panuwo gahapu ballo.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    29,396
    35,428
    113
    Colombo
    වැද්ද කියල නෝන්ඩි කරන්නෙ රදල පව්ලෙ ඉපදුන හාමු අරින එක සැපද ?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    99,786
    2
    90,812
    113
    Kandy ♕
    sri lanka lk GIF by Viber
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    45,422
    33,529
    113
    මාලඹේ
    umbala wage un panuwo gahala marenna one mulu ratak wenuwen aragalayak karaddi thopi wage un melo deyak danne na. rajapakshala langa paramapara ganak ipadi ipadi marichcha panuwo gahapu ballo.
    ගෑණු වගේ දෙස් දෙවොල් තියන්න එපා බං කොල්ලො වගේ Point එකේ ඉදලා කථා කරපං 🤣
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,901
    113
    අඩේ උ සිරා පොරක් නේ, මහතට මහතේ බොලේ වගේ ඉන්නකොට හිතුනේ පියරු බබෙක් කියලා. අඩම්බරයි කොල්ලො
     
    • Like
    Reactions: SalmonSaman