වැස්සක ඇත්ත ප්‍රමාණය සරලව තේරුම් ගමු + හංසමාලි සහ අම්ල වැසි

Indrajith Gamage Lite

Active member
  • Jun 4, 2021
    104
    117
    43
    30
    Moratuwa



    මහා වැස්සක් ආවාම ගං වතුර එන බව හැමෝම දන්නවානෙ. ඒත් ලොකු වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය මොන තරම්ද කියලා නිකමට හිතලා තියෙනවාද?

    ගොඩක් වෙලාවට වැස්ස මනින්නෙ මිලි මීටර්වලින්. හැබැයි එහෙම කිව්වාට ගොඩ දෙනෙක්ට මේ වැස්සෙ ප්‍රමාණය ගැන හරි ව
    අවබෝධයක් ලැබෙන්නෙ නැහැ. ඊට වඩා වැස්සක් නිසා වැටෙන වතුර ප්‍රමාණය තේරුම් ගත්තාම ගං වතුර එන හැටි තේරුම් ගන්න ලේසියි.

    අර්ථකථනය අනුව වැස්ස මිලි ගණනකින් කිව්වාම ඒකෙ අදහස වර්ග මීටරයක් ඇතුළට වැස්ස වැටුණාම පිරෙන වතුර ප්‍රමාණයෙ උස. ඒක ඊට වඩා සරලව ගත්තොත් වර්ග මීටරයකට වහින ලීටර් ගණන කියලා සළකන්න පුළුවන්.

    තවත් තේරුම් කරොත් මේකෙන් කියන්නෙ 40mm සාමාන්‍ය වැස්සකින් වර්ග මීටර් එකක වපසරියකට ලීටර් 40 ක වැස්සක් වැටෙන බව.

    අපි වපසරිය මනින්න නිතර පාවිච්චි කරන්නෙ පර්චස්නෙ. පර්චස් එකක් කියන්නෙ වර්ග මීටර් 25.3 ක් විතර. ඒ කියන්නෙ ඒ වගේ ප්‍රදේශයකට මිලි මීටර් 40 ක වැස්සෙන් ලීටර් 1000 ක් විතර වැටෙනවා. වගාවක් එහෙම කරන අයට අවශ්‍ය නම් මිලි මීටර් 1 ක වැස්සක් කියන්නෙ අක්කරයකට ලීටර් 4000 ක් කියලා මතක තියා ගන්නත් පුළුවන්.

    අපේ ගෙදරක වහළයේ බිම් වර්ගඵලය (ඒ කිව්වෙ වහළයෙ ආනතිය නොසලකා පොළොවට වැටෙන වර්ගඵලය, එහෙමත් නැත්නම් මාර්තු මාසෙ ඉර මුදුන් වෙන දවසක දවල් දොළහට වහළයෙ හෙවනැල්ලෙ වර්ගඵලය) පර්චස් 5 ක් නම් ලීටර් 5000 ක් හෙවත් සාමාන්‍ය වතුර ටැංකි 5 ක් පිරෙන්න වතුර ඒකෙන් ලබා ගන්න පුළුවන්.

    ඒකෙම අනිත් කතාව විදිහට ගමක් නගරයක් වගේ ප්‍රදේශයක් සැලකුවාම පහසුවෙන් මතක තියා ගන්න ක්‍රමය තමයි මිලි මීටර් එකක වැස්සකින් වර්ග කිලෝමීටරයකට වැහි වතුර ලීටර් මිලියනයක්, නැත්නම් ටොන් 1000 ක් වැටෙනවා කියන එක. ඒ කියන්නෙ අපි කතා කරපු 40mm වැස්සෙන් නම් ලීටර් මිලියන 40 ක් වැටෙනවා.

    අපේ රටේ සාමාන්‍ය ග්‍රාම නිලධාරී වසමකට වර්ග කිලෝමීටර් කිහිපයක් අයත් වෙනවා. එතකොට මේ දවස්වල වැටෙන 300mm වැස්සකින් දවසකට වතුර ලීටර් බිලියනයකට වඩා පොළොවට වැටෙන්න පුළුවන්.

    කළු, කැලණි වගේ ගංගාවල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදිලා තිබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවාම මෙහෙම වැස්සකින් වතුර ටොන් බිලියන ගාණක්, නැත්තම් ලීටර් ට්‍රිලියන ගණනක් වතුර ඒවාට එකතු වෙනවා.

    දැන් එතකොට ගං වතුර එන්නෙ ඇයි? මේ කියන ඉලක්කම් එක්ක බැලුවාම ගඟකට වුණත් ඒක දරා ගන්න අමාරු බව තේරෙනවානෙ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණයකට අනුව කළු ගඟ සාමාන්‍ය තත්ත්වයේදි පැයකට මුහුදට ගෙන යන උපරිම වතුර ප්‍රමාණය ටොන් මිලියනයක් හෙවත් ලීටර් බිලියනයක් විතරයි. (මේක අවුරුද්දකට MCM හෙවත් Million Cubic Meters වලින් 7800 ක් විතර වෙනවා)

    ඉතින් නිකමට හිතන්න දවසකට ලීටර් බිලියන 24 ක් ගෙන යන ගඟට, ඒ වගේ 40 ගුණයක විතර වැහි වතුර ප්‍රමාණයක් ආවොත් මොනවා වෙයිද? හැබැයි වාසනාවකට වගේ වැටෙන වතුර සේරම ගඟට ගලාගෙන යන්නෙ නෑ.

    සැලකිය යුතු ප්‍රමාණයක් පොළොවට උරා ගන්නවා. ඒ වගේම යම් ප්‍රමාණයක් වාශ්ප වෙනවා. වගුරුබිම්වල වගේ තැන්වලට ඇත්තටම ඒවා තිබෙන ප්‍රදේශයේ මිලි මීටර් 2000 ක විතර වැසි ප්‍රමාණයක් උරා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒවාට පිට තැන්වල වැස්සෙන් ඇති වන වතුර පවා උරා ගන්න පුළුවන්.

    හැබැයි නිසි සැලැසුමක් නැතිව එක එක ඉදිකිරීම් කරාම, වගුරුබිම් ගොඩ කරාම ඒ හැකියාව ගොඩක් අඩු වෙනවා. එතකොට තමයි ගංගාවලට ගලන වතුර ප්‍රමාණය වැඩි වෙන්නෙ. ගඟකට තත්පරයකට මුහුදට මුදා හරින වතුරට වඩා වැඩිපුර වතුර ආවොත් ගඟේ වතුර මට්ටම අනිවාර්යයෙන්ම ඉහළ යනවා.

    වතුර පහර උස වුණාම මුදා හරින වතුර ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒක හොඳයි. හැබැයි වතුර මට්ටම ගොඩක් ඉහළ යනවා කියන්නෙ අවට පහත් බිම් එහෙමත් යට වෙන්න ගන්නවා. ඔන්න ඔහොමයි ගං වතුර ඇති වෙන්නෙ.

    මේ තරම් මේක පැහැදිලි කරන්නෙ යථාර්ථය ටිකක් තේරුම් ගන්නත් එක්ක. කළු ගඟ උදාහරණයකට ගත්තොත් ඒකෙන් ඉවත් කරන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය, වැස්සකින් ලැබෙන වතුර ප්‍රමාණය වගේ 10 ගුණයකටත් වඩා අඩුයි!!

    ඉතින් ඉතිරි වතුර සේරම වෙනත් ක්‍රමවලින් ඉවත් කරන්න හැකියාව පොළොවට තියෙන්නම ඕන. නැත්නම් මිලි මීටර් 30 ක විතර සුළු වැස්සක් වුණත් වතුර සේරම ගඟට ඇවිත් ගං වතුර ඇති කරන්න හොඳටම ඇති.

    ඉතින් හරි සැලැසුමක් නැතිව කරන ඉදිකිරීම්, ගොඩ කිරීම් නිසා පොළොවෙ ඒ හැකියාව අඩු වෙන එකේ බරපතල කම තේරෙනවා නේද? පොද වැස්ස පවා අපි නොහිතන තරම් අතිශයින්ම භයානක වෙන්න ඉදිරියේදි ඉඩක් තියෙනවා. ඉතින් ඒ දේත් හිතට ගන්න.

    අවසාන වශයෙන් ප්‍රවෘත්තිවල මිලි මීටර් ගාණ කියනකොට ඒක වතුර ප්‍රමාණයෙන් හිතා ගන්නත් දැන් හරිම ලේසියි. මෙහෙම මතක තියා ගන්න.

    වැස්ස මිලි මීටර් එකක් කියන්නෙ වර්ග මීටරයකට නම් ලීටර් 1 යි. පර්චස් එකකට ලීටර් 25 යි. අක්කරයකට ලීටර් 4000 යි. වහින වැස්ස මිලි මීටර් ගාණෙන් වැඩි කරාම වතුර ප්‍රමාණය හිතා ගන්න පුළුවන්.

    ඉන්ද්‍රජිත් ගමගේ
    (කොපි කරනවා නම් නමත් එක්කම දාන්න)

    P. S. දැන් මේක මේ forum එකේ දාන්න හේතුව. 😂




    මේ කාලෙ පියුමි නිසා හැමෝටම අමතක වුණ X Press පර්ල් නැවත් යම් තරමකින් අදාළ කරගන්න පුළුවන්. මතකද සමහර "විද්වත්තු" අම්ල වැසි එනවා කිව්වා? මේ වෙනකල් කියවපු හැමෝටම වැස්සක ඇත්ත ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. වර්ගකිලෝමීටරයක් වගේ ප්‍රදේශකට පවා මිලි මීටර් 30 ක සුළු වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය ටොන් 30,000 ක්! නැව තියෙන්නෙ කිලෝමීටර් 18 ක් (නාවික සැතපුම් 9.5) විතර ඈතින් නිසා ළඟම වෙරළ කලාපය අහු වෙන විදිහට අඳින රවුමක පවා වර්ගඵලය වර්ග කිලෝමීටර් 1000 කට වඩා වැඩියි.

    ඉතින් එහෙම ප්‍රදේශයකට වැටෙන වැස්සෙ වතුර ප්‍රමාණය ටොන් කෝටි 3 ක් විතර වෙනවා. එහෙම එකේ නැවේ තියෙන නයිට්‍රික් අම්ලය ටොන් 25 ම NOX වායු බවට පත් වෙලා, වළාකුළුවලට මිශ්‍ර වෙලා නයිට්‍රස්, නයිට්‍රික් විදිහට බිමට වැටුණත් වතුර:අම්ල අනුපාතය එන්නෙ මිලියනයකට එකක් විතර. ඒ කියන්නෙ සාමාන්‍ය වැස්සක pH අගය 1 කින්වත් වෙනස් වෙන් නෑ. මුහුදට එකතු වුණු අම්ල ප්‍රමාණය එක්ක බැලුවාම ඇත්තටම වෙනස වෙන්නෙ pH දශම ගාණක්. අපි චූ දානකොට වැටෙන දියරය ඊට වඩා සෑහෙන ආම්ලිකයි. ඔන්න ඕකයි හැමෝම බය වෙලා හිටියාට කිසිම අම්ල වැස්සක් ඇති නොවුණේ. ටොන් 25 ලොකුයි වගේ හිතුණාට වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය එක්ක ඒක ගණන් ගන්නවත් බෑ.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    3,787
    9,295
    113
    ඉතාම හොද ලිපියක් සර්. සර්ට මේ වගේ දැනුම කොහෙන් එනවද කියලා අපිට නං හිතා ගන්නවත් බැහැ.

    මේ ලිපිය අපේ පාසලේ බිත්ති පුවත්පත සදහා ගත්තට කමක් නැද්ද සර්?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    7,045
    6,175
    113
    29
    Hell
    වැස්ස මාත් එක්ක පතාගෙන ආපු තරහක් තියෙනවා මචන්.
    Weekend එහෙකට ගමේ ගියොත් අනිවාර්යයෙන්ම වහින්න පටන් ගන්නවා
    දැන් Lockdown එකට ගෙදර ආපු දවසෙ ඉදන්ම වැස්ස
    ඊයේ රෑ වැස්සක් වැස්සා දැනුත් වැස්ස. කැළණි ගඟ වටේ ඉන්න කට්ටිය පරිස්සමින්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,437
    4,431
    113
    එය කිලෝ වලින්ද මැනිය හැක. 🤣🤣🤣
    received_511340203328059.jpeg
     

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    104
    117
    43
    30
    Moratuwa
    එය කිලෝ වලින්ද මැනිය හැක. 🤣🤣🤣View attachment 129116
    ටොන් කියන්නෙ කිලෝ 1000 යි. ලීටර් සහ කිලෝ වතුරවලදි සමානයි.

    ඉතාම හොද ලිපියක් සර්. සර්ට මේ වගේ දැනුම කොහෙන් එනවද කියලා අපිට නං හිතා ගන්නවත් බැහැ.

    මේ ලිපිය අපේ පාසලේ බිත්ති පුවත්පත සදහා ගත්තට කමක් නැද්ද සර්?
    I am ecstatically delighted and disproportionately flabbergasted with enormous gratification and appreciation for the dispensation of such tendering and mesmerizing portraiture of information in which the prestidigitation of the concurrent and subsequent matter is thoroughly demonstrated through the innuances alluding to literal and metaphorical context. It is highly imperative to note that the significance of it is such that the aforementioned central prognostication could be divulged into an accrued juxtaposition, where a deterministic distortion in its shape or form is bound to result in catastrophic ramifications unto which an outcome of epic proportions may subjugate a relativistic annihilation. Do accept my unabridged and nihilistic abjuration at your unequivocal appreciation of methods to bring forth such a lentivirul audacity to the society's egregious incomprehensiblity through above. Incidentally, based on my mercurial intellectual capacity, my surfait abundance of knowledge, jovial tenacity and fiduciary insight, I have come to, through exhaustive deliberation, a concrete, definite and profound conclusion that I actually have nothing to say. Thank you.
     

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    104
    117
    43
    30
    Moratuwa
    තවුසේ මාර මිනිහෙක්නේ ඉන්ද්‍රජිත්
    නිකන්ම අම්ල වැසි අැති වෙන් නෑ කිව්වාම අාණ්ඩුවෙන් සල්ලි ගත්තා කිව්වනෙ. ගංවතුරකුත් අාව නිසා බලන්න ලේසි එකේ තේරුම් කරලා දුන්නා. ඔය කළු, කැලණි ගඟක් ගාවට ගිහින් බලාගෙන හිටියාම තේරෙනවා අම්ල ටොන් 25, වැස්සක වතුරත් එක්ක බැලුවාම කොච්චර පොඩිද කියලා. 😂

    rachana liyala neda riddapu paara :rofl:
    අා, කියනකොටම ගණන් බැරි ඉංජිනේරු මහත්තයාත් අැවිත්. අම්ල වැස්ස මරු නේ? 😂
    ------ Post added on Jun 5, 2021 at 3:47 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    4,437
    4,431
    113
    ටොන් කියන්නෙ කිලෝ 1000 යි. ලීටර් සහ කිලෝ වතුරවලදි සමානයි.


    I am ecstatically delighted and disproportionately flabbergasted with enormous gratification and appreciation for the dispensation of such tendering and mesmerizing portraiture of information in which the prestidigitation of the concurrent and subsequent matter is thoroughly demonstrated through the innuances alluding to literal and metaphorical context. It is highly imperative to note that the significance of it is such that the aforementioned central prognostication could be divulged into an accrued juxtaposition, where a deterministic distortion in its shape or form is bound to result in catastrophic ramifications unto which an outcome of epic proportions may subjugate a relativistic annihilation. Do accept my unabridged and nihilistic abjuration at your unequivocal appreciation of methods to bring forth such a lentivirul audacity to the society's egregious incomprehensiblity through above. Incidentally, based on my mercurial intellectual capacity, my surfait abundance of knowledge, jovial tenacity and fiduciary insight, I have come to, through exhaustive deliberation, a concrete, definite and profound conclusion that I actually have nothing to say. Thank you.
    මන් මොකුත්ම කියේවුවේ නෑ හිටහන් කියවලා බලන්න. 🤣🤣🤣

    මගේ වහල්ලු @nicjosh83 මාව මේන්ශන් කරනවා හැමතැනම. මේක හරියට කියවගන්න බැරිඋනා 🤣🤣🤣
     
    • Haha
    Reactions: windows_ubuntu

    hancok

    Well-known member
  • Aug 16, 2008
    29,564
    4,236
    113
    27
    පිළි-ඇඳි-දොළ
    kalu and kelani gagawal wala mahaweli wala wage river delta ekak na ada. issara thiyennathi. ponna sinhalu ewa goda karala gewal hadala athi 1800s wala idanma. gagawal 2 thawa gaburata haarila giya weli goda danawa ekkama. hoda wassak wessama parana river delta eka digema gaga galanawa. ponna sinhalu kagahanawa gaga galanawa kiyala gage gewal hadan
     
    • Like
    Reactions: windows_ubuntu

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    104
    117
    43
    30
    Moratuwa
    kalu and kelani gagawal wala mahaweli wala wage river delta ekak na ada. issara thiyennathi. ponna sinhalu ewa goda karala gewal hadala athi 1800s wala idanma. gagawal 2 thawa gaburata haarila giya weli goda danawa ekkama. hoda wassak wessama parana river delta eka digema gaga galanawa. ponna sinhalu kagahanawa gaga galanawa kiyala gage gewal hadan
    ඊට වඩා ගංවතුරට බලපාන්නෙ වගුරු ගොඩ කරන එක සහ පස් කඳු ගහලා express way හදන එක. එ්කයි දැන් ගං වතුර එන්නෙ. පොළොවට උරා ගන්න ප්‍රමාණය අඩු නිසා ගඟට වතුර එනවා වැඩියි.
     
    • Like
    Reactions: kasun090354t

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    21,091
    9,268
    113
    මන් මොකුත්ම කියේවුවේ නෑ හිටහන් කියවලා බලන්න. 🤣🤣🤣
    කසුන් පොන්නයා නාලා වගේ. දන්න වැඩක් කරන් හිටපන් පොන්ස් 😂🖖
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    29,564
    4,236
    113
    27
    පිළි-ඇඳි-දොළ
    ඊට වඩා ගංවතුරට බලපාන්නෙ වගුරු ගොඩ කරන එක සහ පස් කඳු ගහලා express way හදන එක. එ්කයි දැන් ගං වතුර එන්නෙ. පොළොවට උරා ගන්න ප්‍රමාණය වැඩි නිසා ගඟට වතුර එනවා වැඩියි.
    kelaniye idan colombo harbour wenakanma kelani flood plain eke marshes thiyenna athi issara. expressway hadaddinam flood calculation karala thama culverts danne retention ekak nothiyenna. yata wena gewal gananuth GIS data aran hoyala thama design karanne.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    6,690
    1
    6,904
    113



    මහා වැස්සක් ආවාම ගං වතුර එන බව හැමෝම දන්නවානෙ. ඒත් ලොකු වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය මොන තරම්ද කියලා නිකමට හිතලා තියෙනවාද?

    ගොඩක් වෙලාවට වැස්ස මනින්නෙ මිලි මීටර්වලින්. හැබැයි එහෙම කිව්වාට ගොඩ දෙනෙක්ට මේ වැස්සෙ ප්‍රමාණය ගැන හරි ව
    අවබෝධයක් ලැබෙන්නෙ නැහැ. ඊට වඩා වැස්සක් නිසා වැටෙන වතුර ප්‍රමාණය තේරුම් ගත්තාම ගං වතුර එන හැටි තේරුම් ගන්න ලේසියි.

    අර්ථකථනය අනුව වැස්ස මිලි ගණනකින් කිව්වාම ඒකෙ අදහස වර්ග මීටරයක් ඇතුළට වැස්ස වැටුණාම පිරෙන වතුර ප්‍රමාණයෙ උස. ඒක ඊට වඩා සරලව ගත්තොත් වර්ග මීටරයකට වහින ලීටර් ගණන කියලා සළකන්න පුළුවන්.

    තවත් තේරුම් කරොත් මේකෙන් කියන්නෙ 40mm සාමාන්‍ය වැස්සකින් වර්ග මීටර් එකක වපසරියකට ලීටර් 40 ක වැස්සක් වැටෙන බව.

    අපි වපසරිය මනින්න නිතර පාවිච්චි කරන්නෙ පර්චස්නෙ. පර්චස් එකක් කියන්නෙ වර්ග මීටර් 25.3 ක් විතර. ඒ කියන්නෙ ඒ වගේ ප්‍රදේශයකට මිලි මීටර් 40 ක වැස්සෙන් ලීටර් 1000 ක් විතර වැටෙනවා. වගාවක් එහෙම කරන අයට අවශ්‍ය නම් මිලි මීටර් 1 ක වැස්සක් කියන්නෙ අක්කරයකට ලීටර් 4000 ක් කියලා මතක තියා ගන්නත් පුළුවන්.

    අපේ ගෙදරක වහළයේ බිම් වර්ගඵලය (ඒ කිව්වෙ වහළයෙ ආනතිය නොසලකා පොළොවට වැටෙන වර්ගඵලය, එහෙමත් නැත්නම් මාර්තු මාසෙ ඉර මුදුන් වෙන දවසක දවල් දොළහට වහළයෙ හෙවනැල්ලෙ වර්ගඵලය) පර්චස් 5 ක් නම් ලීටර් 5000 ක් හෙවත් සාමාන්‍ය වතුර ටැංකි 5 ක් පිරෙන්න වතුර ඒකෙන් ලබා ගන්න පුළුවන්.

    ඒකෙම අනිත් කතාව විදිහට ගමක් නගරයක් වගේ ප්‍රදේශයක් සැලකුවාම පහසුවෙන් මතක තියා ගන්න ක්‍රමය තමයි මිලි මීටර් එකක වැස්සකින් වර්ග කිලෝමීටරයකට වැහි වතුර ලීටර් මිලියනයක්, නැත්නම් ටොන් 1000 ක් වැටෙනවා කියන එක. ඒ කියන්නෙ අපි කතා කරපු 40mm වැස්සෙන් නම් ලීටර් මිලියන 40 ක් වැටෙනවා.

    අපේ රටේ සාමාන්‍ය ග්‍රාම නිලධාරී වසමකට වර්ග කිලෝමීටර් කිහිපයක් අයත් වෙනවා. එතකොට මේ දවස්වල වැටෙන 300mm වැස්සකින් දවසකට වතුර ලීටර් බිලියනයකට වඩා පොළොවට වැටෙන්න පුළුවන්.

    කළු, කැලණි වගේ ගංගාවල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් දහස් ගණනක් පුරා විහිදිලා තිබෙනවා. ඉතින් ඒ විදිහට බැලුවාම මෙහෙම වැස්සකින් වතුර ටොන් බිලියන ගාණක්, නැත්තම් ලීටර් ට්‍රිලියන ගණනක් වතුර ඒවාට එකතු වෙනවා.

    දැන් එතකොට ගං වතුර එන්නෙ ඇයි? මේ කියන ඉලක්කම් එක්ක බැලුවාම ගඟකට වුණත් ඒක දරා ගන්න අමාරු බව තේරෙනවානෙ. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කරපු පර්යේෂණයකට අනුව කළු ගඟ සාමාන්‍ය තත්ත්වයේදි පැයකට මුහුදට ගෙන යන උපරිම වතුර ප්‍රමාණය ටොන් මිලියනයක් හෙවත් ලීටර් බිලියනයක් විතරයි. (මේක අවුරුද්දකට MCM හෙවත් Million Cubic Meters වලින් 7800 ක් විතර වෙනවා)

    ඉතින් නිකමට හිතන්න දවසකට ලීටර් බිලියන 24 ක් ගෙන යන ගඟට, ඒ වගේ 40 ගුණයක විතර වැහි වතුර ප්‍රමාණයක් ආවොත් මොනවා වෙයිද? හැබැයි වාසනාවකට වගේ වැටෙන වතුර සේරම ගඟට ගලාගෙන යන්නෙ නෑ.

    සැලකිය යුතු ප්‍රමාණයක් පොළොවට උරා ගන්නවා. ඒ වගේම යම් ප්‍රමාණයක් වාශ්ප වෙනවා. වගුරුබිම්වල වගේ තැන්වලට ඇත්තටම ඒවා තිබෙන ප්‍රදේශයේ මිලි මීටර් 2000 ක විතර වැසි ප්‍රමාණයක් උරා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා ඒවාට පිට තැන්වල වැස්සෙන් ඇති වන වතුර පවා උරා ගන්න පුළුවන්.

    හැබැයි නිසි සැලැසුමක් නැතිව එක එක ඉදිකිරීම් කරාම, වගුරුබිම් ගොඩ කරාම ඒ හැකියාව ගොඩක් අඩු වෙනවා. එතකොට තමයි ගංගාවලට ගලන වතුර ප්‍රමාණය වැඩි වෙන්නෙ. ගඟකට තත්පරයකට මුහුදට මුදා හරින වතුරට වඩා වැඩිපුර වතුර ආවොත් ගඟේ වතුර මට්ටම අනිවාර්යයෙන්ම ඉහළ යනවා.

    වතුර පහර උස වුණාම මුදා හරින වතුර ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒක හොඳයි. හැබැයි වතුර මට්ටම ගොඩක් ඉහළ යනවා කියන්නෙ අවට පහත් බිම් එහෙමත් යට වෙන්න ගන්නවා. ඔන්න ඔහොමයි ගං වතුර ඇති වෙන්නෙ.

    මේ තරම් මේක පැහැදිලි කරන්නෙ යථාර්ථය ටිකක් තේරුම් ගන්නත් එක්ක. කළු ගඟ උදාහරණයකට ගත්තොත් ඒකෙන් ඉවත් කරන්න පුළුවන් උපරිම වතුර ප්‍රමාණය, වැස්සකින් ලැබෙන වතුර ප්‍රමාණය වගේ 10 ගුණයකටත් වඩා අඩුයි!!

    ඉතින් ඉතිරි වතුර සේරම වෙනත් ක්‍රමවලින් ඉවත් කරන්න හැකියාව පොළොවට තියෙන්නම ඕන. නැත්නම් මිලි මීටර් 30 ක විතර සුළු වැස්සක් වුණත් වතුර සේරම ගඟට ඇවිත් ගං වතුර ඇති කරන්න හොඳටම ඇති.

    ඉතින් හරි සැලැසුමක් නැතිව කරන ඉදිකිරීම්, ගොඩ කිරීම් නිසා පොළොවෙ ඒ හැකියාව අඩු වෙන එකේ බරපතල කම තේරෙනවා නේද? පොද වැස්ස පවා අපි නොහිතන තරම් අතිශයින්ම භයානක වෙන්න ඉදිරියේදි ඉඩක් තියෙනවා. ඉතින් ඒ දේත් හිතට ගන්න.

    අවසාන වශයෙන් ප්‍රවෘත්තිවල මිලි මීටර් ගාණ කියනකොට ඒක වතුර ප්‍රමාණයෙන් හිතා ගන්නත් දැන් හරිම ලේසියි. මෙහෙම මතක තියා ගන්න.

    වැස්ස මිලි මීටර් එකක් කියන්නෙ වර්ග මීටරයකට නම් ලීටර් 1 යි. පර්චස් එකකට ලීටර් 25 යි. අක්කරයකට ලීටර් 4000 යි. වහින වැස්ස මිලි මීටර් ගාණෙන් වැඩි කරාම වතුර ප්‍රමාණය හිතා ගන්න පුළුවන්.

    ඉන්ද්‍රජිත් ගමගේ
    (කොපි කරනවා නම් නමත් එක්කම දාන්න)

    P. S. දැන් මේක මේ forum එකේ දාන්න හේතුව. 😂




    මේ කාලෙ පියුමි නිසා හැමෝටම අමතක වුණ X Press පර්ල් නැවත් යම් තරමකින් අදාළ කරගන්න පුළුවන්. මතකද සමහර "විද්වත්තු" අම්ල වැසි එනවා කිව්වා? මේ වෙනකල් කියවපු හැමෝටම වැස්සක ඇත්ත ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. වර්ගකිලෝමීටරයක් වගේ ප්‍රදේශකට පවා මිලි මීටර් 30 ක සුළු වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය ටොන් 30,000 ක්! නැව තියෙන්නෙ කිලෝමීටර් 18 ක් (නාවික සැතපුම් 9.5) විතර ඈතින් නිසා ළඟම වෙරළ කලාපය අහු වෙන විදිහට අඳින රවුමක පවා වර්ගඵලය වර්ග කිලෝමීටර් 1000 කට වඩා වැඩියි.

    ඉතින් එහෙම ප්‍රදේශයකට වැටෙන වැස්සෙ වතුර ප්‍රමාණය ටොන් කෝටි 3 ක් විතර වෙනවා. එහෙම එකේ නැවේ තියෙන නයිට්‍රික් අම්ලය ටොන් 25 ම NOX වායු බවට පත් වෙලා, වළාකුළුවලට මිශ්‍ර වෙලා නයිට්‍රස්, නයිට්‍රික් විදිහට බිමට වැටුණත් වතුර:අම්ල අනුපාතය එන්නෙ මිලියනයකට එකක් විතර. ඒ කියන්නෙ සාමාන්‍ය වැස්සක pH අගය 1 කින්වත් වෙනස් වෙන් නෑ. මුහුදට එකතු වුණු අම්ල ප්‍රමාණය එක්ක බැලුවාම ඇත්තටම වෙනස වෙන්නෙ pH දශම ගාණක්. අපි චූ දානකොට වැටෙන දියරය ඊට වඩා සෑහෙන ආම්ලිකයි. ඔන්න ඕකයි හැමෝම බය වෙලා හිටියාට කිසිම අම්ල වැස්සක් ඇති නොවුණේ. ටොන් 25 ලොකුයි වගේ හිතුණාට වැස්සකින් වැටෙන වතුර ප්‍රමාණය එක්ක ඒක ගණන් ගන්නවත් බෑ.
    මිලිමීටර් වෙනුවට තලගල කියල දාමු
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,191
    4,117
    113
    In the eyes of my girl
    ඉතාම හොද ලිපියක් සර්. සර්ට මේ වගේ දැනුම කොහෙන් එනවද කියලා අපිට නං හිතා ගන්නවත් බැහැ.

    මේ ලිපිය අපේ පාසලේ බිත්ති පුවත්පත සදහා ගත්තට කමක් නැද්ද සර්?
    ඉස්කෝලේද පුතාගේ මොන්ටිසොරියේද
    මොකද දාන රිප්ලයි බැලුවම ප්‍රථමික මට්ටමේ පොඩි එකෙක් කියල හිතෙන්නේ
     

    Indrajith Gamage Lite

    Active member
  • Jun 4, 2021
    104
    117
    43
    30
    Moratuwa
    kelaniye idan colombo harbour wenakanma kelani flood plain eke marshes thiyenna athi issara. expressway hadaddinam flood calculation karala thama culverts danne retention ekak nothiyenna. yata wena gewal gananuth GIS data aran hoyala thama design karanne.
    කියද්දි එහෙම වුණාට කරද්දි පේනවනෙ. හැම තැනම හොර වැඩ. Central එක හැදුවා විතරයි කවදාවත් නැති විදිහට ගම්පහත් යට වෙනවා.

    GIS හොඳයි, එ්ත් එ්ක නිවැරදි ගන්න data හරි නම් විතරයි. අපේ හරක් එවන dataset සහ යථාර්ථය අහසට පොළොව වගේ. මම කියනවට නිකමට බලහන්කො polygon එකකින් මොකක් හරි ග්‍රාම සේවා වසමක් මැනලා එන එකෙයි, අැත්ත වර්ගඵලයෙයි වෙනස. ඔය තියෙන elevation data එහෙම පවා අමු බොරු. Simulation එකක් අරන් බැලුවොත් කැළණි ගඟ සිරිකොත උඩිනුත් යනවා. 😂 😂
     
    • Like
    Reactions: windows_ubuntu

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,209
    2,268
    113
    Roubaix,France
    ටොන් කියන්නෙ කිලෝ 1000 යි. ලීටර් සහ කිලෝ වතුරවලදි සමානයි.


    I am ecstatically delighted and disproportionately flabbergasted with enormous gratification and appreciation for the dispensation of such tendering and mesmerizing portraiture of information in which the prestidigitation of the concurrent and subsequent matter is thoroughly demonstrated through the innuances alluding to literal and metaphorical context. It is highly imperative to note that the significance of it is such that the aforementioned central prognostication could be divulged into an accrued juxtaposition, where a deterministic distortion in its shape or form is bound to result in catastrophic ramifications unto which an outcome of epic proportions may subjugate a relativistic annihilation. Do accept my unabridged and nihilistic abjuration at your unequivocal appreciation of methods to bring forth such a lentivirul audacity to the society's egregious incomprehensiblity through above. Incidentally, based on my mercurial intellectual capacity, my surfait abundance of knowledge, jovial tenacity and fiduciary insight, I have come to, through exhaustive deliberation, a concrete, definite and profound conclusion that I actually have nothing to say. Thank you.
    Thesaurus එක හැම තැනටම හරි යන්නෙ නෑ බං