වර්ෂාව හෝ කිසියම් නොසිතූ දෙයක් සිදුව ආරශ්චර්වයක් සිදුවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අටදෙනා අතරට යා හැකි වනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩක මහේෂ් තීක්ෂණ සඳහන් කරයි.
නේපාලනය සමග පැවැත්වීමට නියමිත වූ තරඟය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමෙන් පසු ඔහු මාධ්‍ය අමතමින් මෙසේ කියා සිටියේය.
‘පළමු තරග තුනේදී අපිට වාසනාව තිබුණේ නෑ. නමුත් අපි විශ්වාස කරනවා හතරවෙනි තරඟයේදී එම වාසනාව උදාවෙයි කියලා. වර්ෂාව හෝ කිසියම් නොසිතූ දෙයක් සිදුව ආශ්චර්යයක් වුණොත් අපට සුපිරි කණ්ඩායම් අට අතරට එක්වන්න පුළුවන්. එසේ වුවහොත් ඇත්තටම සතුටුයි’
ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව මෙවන විට කිසිදු තරගයක් ජයග්‍රහණය නොකර පළමු වටයෙන්ම ඉවතට විස්වීමේ ඉහළම අවදානමට ලක්ව සිටින කණ්ඩායම බවට පත්ව තිබේ.
me huththige puthala dakshathawayata wada wasanawa balagena sellan karanne