වැහිවතුර පිරිලා බලන්න එන්න කියා දැරියකට අතවර කළ බොරලැස්ගමුව ටියුෂන් ගුරා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    59,989
    55,708
    113
    පන්තිය පිටුපස වැස්සට පිරී තිබෙන වතුර පෙන්නන්න යැයි පවසා රවටා රැගෙන ගිය 10 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බව කියන බොරලැස්ගමුව වේරහැර උපකාරක පන්තියක ඉංග්‍රීසි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.



    සැකකාර ගුරුවරයා රැගෙන විත් තිබූ ටොපියක් දෙකට කඩා මොන්ටිසෝරි දරුවාට ලබා දී ඔහු පුටුවක් මත හිඳුවා අනෙක් කොටස දැරියට ලබා දී "පන්තිය පිටුපස වතුර පිරිලා එන්න මමත් එක්ක පෙන්නන්නම් යැයි පවසා ඇයගේ අතින් අල්ලාගෙන පන්තියේ පිටුපස කාමරයට රැගෙන ගොස් ඇයගේ කම්මුල් දෙක කීප වතාවක් සිපගෙන, ඇය හැඳ සිටි ටී ෂර්ටය තුළින් අත දමා පිට අතගාමින් " කාටවත් මේ දේ කියන්න එපා අපි දෙන්නා අතරෙයි මේක තියෙන්නේ යැයි පවසා තිබූ බව දැරියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිසිය කියයි.පන්තිය නිමවා නිවසට යාමෙන් අනතුරුව දැරිය මේ බව සිය මවට පැවසීමෙන් අනතුරුව සිදු කරන ලද පැමිණිල්ලකින් අනතුරුව සැකකාර ගුරුවරයා ඇත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
    බිමල් ශ්‍යාමන් ජයසිංහ
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,195
    9,329
    113
    Kotte
    අපෙ ගුරුවරු අපිට මීට වැඩිය දේවල් කරා ඒ අපිව හදාගන්න. ඒ මිනිස්සු එහෙම ගහලා හදපු හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ මිනිස් පාරකදි හම්බුනාම දනගහලා වදිනවා.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    59,989
    55,708
    113
    10 හැවිරිදි මොන්ටිසෝරි දරුවා :shocked:

    ටොපියක් දෙකට කඩා මොන්ටිසෝරි දරුවාට ලබා දී ඔහු පුටුවක් මත හිඳුවා අනෙක් කොටස දැරියට ලබා දී
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    5,027
    6,992
    113
    M-Town
    අපෙ ගුරුවරු අපිට මීට වැඩිය දේවල් කරා ඒ අපිව හදාගන්න. ඒ මිනිස්සු එහෙම ගහලා හදපු හින්දා තමයි අපි අද මෙහෙම ඉන්නෙ. අදටත් ඒ මිනිස් පාරකදි හම්බුනාම දනගහලා වදිනවා.
    අරිනකොට රිදුනෙ නෑද්ද බන්.
     
    • Haha
    Reactions: hasithayad