විජය රජුගේ නෞකාවක් මුහුදෙන් මතුවේ
ආසියාවේ පැරණිම නෞකාව මුහුදු පත්ලෙන් හමුවේ
Saturday, 12 January 2013 12:48 0 Comments
අම්බලන්තොට ගොඩවාය ගැඹුරු මුහුදේ කරණ ලද කැණීම් කටයුතු වලදී එහි ගිලී තිබි හමුවු නෞකාව ආසියාවේ පැරණිම නෞකාව බව මේවන විට වාර්තා වේ. ඒ බව පුරාවිද්‍යා සාක්ෂි මගින්ද අනාවරණය වී ඇතැයි ද වාර්තා වේ.
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම නෞකාව දැවයෙන් නිර්මාණය කර ඇති අතර මෙය ක්‍රි.පු. 200 තරම් ඈත අතිතයකට හිමිකම් කියන බවයි.
කිමිදුම් කරුවන් දෙදෙනකු විසින් 2003 වසරේදි ලබාදුන් තොරතුරකට අනුව පුරාවිද්‍යාඥයන් මෙම නෞකාව සම්බන්ධව මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 2008 සහ 2010 වසර වලදී ය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඒ සම්බන්ධව වැඩි තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අඩි 110ක් පමණ ගැඹුරු මුහුදේ මෙම නැව ගිලී පවතින අතර එහි ගල් බංකු, පැරණි වළං, වීදුරු නිපද වීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ඇඹරුම් ගල් ආදිය මෙම කැනීම් වලදී සොයාගෙන ඇති අතර ඉදිරියේදී ද මේ සම්බන්ධව තවදුරටත් කැනීම්වල නිරත වන බව අධ්‍යක්ෂවරයා පවසා සිටි.
ආසියාවේ පැරණිම නෞකාව මුහුදු පත්ලෙන් හමුවේ
Saturday, 12 January 2013 12:48 0 Comments
පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කරන්නේ මෙම නෞකාව දැවයෙන් නිර්මාණය කර ඇති අතර මෙය ක්‍රි.පු. 200 තරම් ඈත අතිතයකට හිමිකම් කියන බවයි.
කිමිදුම් කරුවන් දෙදෙනකු විසින් 2003 වසරේදි ලබාදුන් තොරතුරකට අනුව පුරාවිද්‍යාඥයන් මෙම නෞකාව සම්බන්ධව මුලින්ම නිරීක්ෂණය කර ඇත්තේ 2008 සහ 2010 වසර වලදී ය. ඒ අනුව පසුගිය දෙසැම්බර් මාසයේදී ඒ සම්බන්ධව වැඩි තොරතුරු අනාවරණය කරගෙන ඇත.
අඩි 110ක් පමණ ගැඹුරු මුහුදේ මෙම නැව ගිලී පවතින අතර එහි ගල් බංකු, පැරණි වළං, වීදුරු නිපද වීමට යොදාගන්නා අමුද්‍රව්‍ය ඇඹරුම් ගල් ආදිය මෙම කැනීම් වලදී සොයාගෙන ඇති අතර ඉදිරියේදී ද මේ සම්බන්ධව තවදුරටත් කැනීම්වල නිරත වන බව අධ්‍යක්ෂවරයා පවසා සිටි.
Last edited by a moderator: