වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය අවම වශයෙන් එක් පාරිභෝගිකයෙකුගෙන් පසුගිය මාස 6 තුළ රු. 15,000 ක මුදලක් අය කරගෙන ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
ජූනි 31 වෙනිදාට ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙසේ උපයාගත් රු. බිලියන 120 ක ලාභය මෙවර ගාස්තු සංශෝධනයේ දී පොළියත් සමග පාරිභෝගිකයා වෙත ආපසු ලබාදෙන ලෙස ද, රණවක මහතා ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලා සිටියේය.
මෙසේ අධික ගාස්තු සම්පාදනයකින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් උපයාගත් ආදායම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසමේ අවධානය යොමු විය යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නේ මහජන උපයෝගීතා කොමිසම විසින් යෝජිත විදුලි ගාස්තු සම්බන්ධයෙන් සංවිධානය කරන ලද අදහස් විමසීමේ වැඩසටහනකට එක්වෙමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මහතා;
“නැවත වතාවක් ගාස්තු සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මේ වසරේ මාර්තු මාසෙදිත්, මෙවැනි යෝජනාවක් ගෙනාවා. අපි ඒ අවස්ථාවේදී පෙන්වලා දුන්නා ලංකා විදුලිබල මණ්ඩලය විශාල වශයෙන් ලාභ උපයන හෙයින්, සහනයක් ලබා දෙන්න කියලා. මහජන උපයෝගිතා කොමිසම 22.5% ක පමණ සහනයක් ලබා දුන්නා. නමුත් අපි කිව්වා ඒක 35% ක පමණ සහනයක් ලබා දෙන්න කියලා. දැන් අද මොකද වෙලා තියෙන්නේ? මහජන කොමිසමට භාර දීපු ලංකා විදුලිබල මණ්ඩලයේ යෝජනාවේ 4% ක පමණ අඩුවක් තමයි තිබුණේ. අපට මෙච්චර, මෙච්චර වියදම් යනවා කියලා පෙන්නලා තිබුණා. බොහොම පැහැදිලිව කිව්වා ඉලක්කම්, බොරු, වැරදි සහගතයි කියලා.
මේ ජූනි මාසේ 31 වෙනකොට, ලංකා විදුලිබල මණ්ඩලයේ ලාභය බිලියන 120 යි. මේකට බිලියන 26 ක් එල් ටී එල් එකේ කොටස් සම්පාදනයෙන් ඇවිල්ලා තියෙනවා. ඒකේ අනික් තේරුම තමයි පාරිභෝගිකයන් හැත්තෑ පන් ලක්ෂයකගෙන් මේ වැරදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරලා ලංකා විදුලිබල මණ්ඩලය අඩු ම තරමින් පාරිභෝගිකයෙක්ගෙන් මේ මාස 6ට රු. 15,000 ක් අරන් තියෙනවා. අපි බිල් නොගෙව්වොත් අපි රු. 15,000 ක නෙවෙයි රු. 1,500 ක හරි ඒකක තිහට අඩු පුද්ගලයෙක් බිල් නොගෙව්වොත් මණ්ඩලය දැන් මොකද කියන්නේ? ඉතාම අධික ගාස්තු සම්පාදනයක් කරලා මුදල් උපයා ගැනීමක් තමයි කරලා තියෙන්නේ. මහජන උපයෝගිතා කොමිසම තමයි මේකට දැන් මැදිහත් විය යුත්තේ. මේ මැදිහත් වෙලා මේ කටයුත්ත කරන්න කියලා.
අපි ගිය පාරත් අවධාරණය කළා ඒකක 60 ට අඩු ජනතාව ගැන. මේ ආර්ථික අර්බුදය නිසා බේරිලා ඉන්නේ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව ඉහළම ආදායම් ලබන 10% ක පවුල් පමණයි. ඒ කියන්නේ පවුල් හය ලක්ෂයයි. ඒගොල්ලෝ තමයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකක 180 ට වඩා වැඩියෙන් පරිහරණය කරන ගෘහස්ථ කණ්ඩායමක්. එතකොට අඩුවෙන් විදුලිය පරිභෝජනය කරන කණ්ඩායම තමයි අද ඔය අස්වැසුම් ආදියට ලියාපදිංචි වෙලා ඉන්න 25% ක පවුල් ප්‍රමාණය. එතකොට එම කණ්ඩායමට මේ සහන කතාවක් නැහැ. මේ වැසි ජලයෙන් එහෙම නැත්නම් ජල විදුලියෙන් ලැබෙන ඒ සහනය ලබා දෙන්න කියලා අපි යෝජනා කළා. මොකද ඒගොල්ලන්ට ආර්ථික වශයෙන් ඉතාම අමාරුයි. ගිය වසරේ දස ලක්ෂ හැටදාහකගේ ලයිට් කැපුවා බිල් ගෙවන්නේ නැතුව. මේ අවුරුද්දේ පළවෙනි මාස තුනේ එක්ලක්ෂ හතළිස් දාහකගේ ලයිට් කැපුවායි කියලා අමාත්‍යාංශය වාර්තා කරලා තියෙනවා. මේක හපන්කමක් නෙවෙයි. මහජනයාට ගෙවාගන්න බැරි නම් අත්‍යවශ්‍ය සේවාවක් වූ විදුලි බිල් නොගෙවා ඉන්නේ නැහැ. ඒ නිසා ඉතාම බරපතල ආර්ථික අර්බුදයක පෙළෙන අවස්ථාවක ලංකා විදුලිබල මණ්ඩලය තමන්ගේ මූල්‍ය තත්වය විතරක් නෙවෙයි ආර්ථිකයේ තත්ත්වය දිහා බලලා ඕනේ කටයුතු කරන්න.
මීට පෙර ලංකා විදුලිබල මණ්ඩලයේ අධිකව පාඩු ලබා ගනිමින් ඉන්ධන විදුලිය ගෙනාවා. මොකද පැයක් හරි කැපුවොත් ලංකා විදුලිබල මණ්ඩලයට වෙන පාඩුව වගේ දහ ගුණයක පාඩුවක් ආර්ථිකයට වෙන බව විද්වතුන් පෙන්නලා දීලා තිබුනු නිසා. විදුලිබල මණ්ඩලය ඒක දරාගෙන ආර්ථිකයට ඒ ශක්තිය දුන්නා. ඉතින් දැන් ඒක කරන්නෙ නැත්තේ ඇයි? දැන් ආර්ථිකය ශක්තිය දෙන්නැත්තේ ඇයි?
අලුත් යෝජනාවලියේ කිසිම තැනක මේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ට ඉඩක් දීලා නැහැ. අද සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්රයේ ඛේදවාචකය බැංකුව දෙස බැලුවත්, විරැකියාව දෙස බැලුවත්, ආදායම් කඩා වැටීම පැත්තෙන් බැලුවත් අපිට පේනවා. අද බැංකුවලට ණය නොගෙවා තිබෙන අක්‍රීය ණය අනුපාතිකය මේ ලෝකෙම වැඩිම රටක් අපි. 14ක්!. අපට වඩා අන්ත දුප්පත් රටවල්වල පවා 8% – 6%. උදාහරණයක් හැටියට පාකිස්තානයේ. එහෙම තත්වයක් තියෙන්නේ. ඇයි මේ වෙලා තියෙන්නේ? ඇයි මේ ණය ගෙවාගන්න බැරි? මේ ජාවාරම්කාරයෝ කිහිපදෙනෙක් බැංකු කොල්ල කන එක වෙනම කතාවක්. නමුත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දස ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. අනූදාහක් මධ්‍ය පරිමාණ කර්මාන්ත තියෙනවා. ඒවායින් 20% ක් පමණ මේ විදුලි බිල් ප්රශ්නය මත අර්බුදයට ගිහින් තියෙනවා. ඒ වගේම මහ කර්මාන්ත රැසක් මේ රට දාලා, විදුලි බිල් අඩු රටවල්වලට සංක්‍රමණය වෙලා තියෙනවා. ඒ නිසා ඒ කර්මාන්ත වැහිලා ගිහිල්ලා, රැකියා අහිමි වෙලා, විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ඒවායේ නියැලෙන කාන්තාවන්, අර ස්පා වලට ගාල් වෙනවා.
ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලය තමන්ගේ ශේෂ පත්‍රය දිහා බලලා, විතරක් කටයුතු කරලා හරියන්නේ නැහැ. මේක පිටිපස්සේ කර්මාන්ත කඩා වැටීමේ, අපනයන කඩා වැටීමේ, ඒ වගේම රැකියා අහිමි වීමේ, සමාජ ඛේදවාචකයක් තියෙනවා. ඒ කරුණාකරලා මම ඉල්ලා හිටිනවා මේ බිලියන 120 ගත්ත පොලියත් එක්ක මහජනයාට දෙන්න මේ ටැරිෆ් රිවිෂන් එකෙන්. අපි ඕක පොලු තිබ්බා නම් විදුලිබල මණ්ඩලයට පොළියත් එක්ක අපෙන් ආපහු අය කරගන්නවා. ඒ නිසා මේ සෑම පුද්ගලයෙක්ගෙන්ම මේ වැඩිපුර අය කරගත්ත දේ වැරදි ඉලක්කම් පෙන්නා දීම නිසා. අපි මාර්තු මාසෙත් බොහොම පැහැදිලිව ඔබට මේක කිව්වා. ඒක කළේ නැහැ. ඒකේ ප්‍රතිපලයක් හැටියට මේ අධික ධනයක් උත්පාදනය කරලා තියෙනවා.”
ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය ලේකම්
-LCN-
එකම විසඳුම