විදෙස් ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළට

monson

Well-known member
  • May 7, 2007
    14,905
    7,081
    113
    විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපලේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

    ඒ අනුව, තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බවයි අමාත්‍යවරයා අද (03) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

    ඒ අනුව කාණ්ඩ පහක් යටතේ මෙම සහනය ක්‍රියාත්මකයි.

    එහිදී අමාත්‍යවරයා පැවසුවේ, ඩොලර් 2400ත්, 4799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 600ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 4800ත් ඩොලර් 7199ත් අතර මුදල් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 960ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 7200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 1440ක අතිරේක තීරු බදු සහනයක් ද, ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදල් ප්‍රමාණයක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 2400ක අතිරේක තීරු බදු සහනයක් මෙන්ම, ඩොලර් 24,000ක් හෝ ඊට වඩා වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයින්ට ඩොලර් 4800ක අතිරේක තීරු බදු සහනයක් මේ අනුව ලබාගැනීමට හැකියාව පවතින බවයි.

    තවද, වසරක කාලයක් තුළ දී අදාල මුදල් රටට එවා ඇති ඕනෑම අයෙක්ට මෙම සහනය ලබාගැනීමේ අවස්ථාව විවෘතව පවතින බවත් ඔහු පැවසුවා.


    - https://www.hirunews.lk/331622/විදෙ...්-තොටුපලේ-දී-ලබා-දෙන-තීරුබදු-සහනය-ඉහළට-වීඩියෝ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    4,109
    1
    5,855
    113
    Bump

    අපි ගේන විදෙස් විනිමය අදාල නැද්ද