විදේශ අමාත්‍යාංශයෙන් තවත් අම්මට සිරි පත්කිරීමක්..! පාර්ලිමේන්තුවේත් ඇස් වහලා..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    45,756
    47,091
    113
    රුමේනියාවේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තානාපති ලෙස දුෂිත යැයි කප් ගසා සිටින මධුරිකා ජෝෂප් වෙනින්ගර් පත් කිරීමට නියමිත බව දැන ගන්නට ඇත. මේවන විට විදේශ අමාත්‍යවරයාගේ පුර්ණ අනුග්‍රහය මත මෙම පත්වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ලැබි ඇතැයි ද දැන ගන්නට ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හරිතැයි බියෙන් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ ද ඇස් වසා රුමේනියානු තානාපති තනතුර සඳහා පත් කර ඇත.

    පාර්ලිමේන්තුව රවටා අනුමැතිය අරන්…​

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(4) අනුව විදේශිය දුත මණ්ඩල ප්‍රධානීන් පත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය ඒ සඳහා ලබා ගත යුතුය. 2023 වර්ෂයේ සැප්තැම්බර් මස මධුරිකා වෙනින්ගර් හා තවත් තානාපතිවරුන් කිහිප දෙනෙකු සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ නිර්දේශයන් ලැබී ඇත. මධුරිකා වෙනින්ගර් සඳහා අනුමැතිය ලැබී තිබුණේ අප්‍රිකානු කලාපයට අයත් ඊජිප්තුවේ තානාපති ලෙස පත් කිරීම සඳහාය. මධුරිකා වෙනින්ගර් ට අමුතු ඌෂ්ණයක් ඇත. එනම් යුරෝපා කලාපයෙන් පිට කිසිදු තැනක සේවය කිරීමට ඇති අකැමැත්තයි. ඇයව ඊජිප්තු තානාපති ලෙස පත් කළත් ඊජිප්තුවෙන් ඒ සඳහා ඇයට අක්තපත්‍ර ලැබුණත් ඇය එහි යන්නේ නැත. 1998 ජුලි මස ශ්‍රී ලංකා විදේශ සේවයට පැමිණි දින සිට කවදාවත් ඇය යුරෝපයෙන් පිට සේවය කර නැත. එයටද අමුතු හේතුවක් ඇත. එය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සියල්ලෝම දනිති.

    දැන් ඇය තානාපති ලෙස දේශපාලන මැදිහත්වීම් මත පත්වීමට උත්සාහ කරන්නේ යුරෝපා කලාපයේ රුමේනියාවටයි. ඒ හයවනි වතාවටයි. පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට රුමේනියාවේ තානාපති ලෙස පත්කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට යෝජනා විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නැත. එයට හේතුව එහිදි රුමේනියා තානාපති ලෙස පත්කිරීම අභියෝගයට ලක් කිරීමට සුදානම්ව පිරිසක් සිටිමයි. කොළේ වසා පත්වීම සිදු කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය සුදානම්ය. මේ සෙල්ලම් කරන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයත් සමඟයි.

    මධුරීකා වෙනින්ගර් යුරෝපයේ සේවය කළ කාලයන් මෙසේයි...​

    ඉතාලිය - 2000 මාර්තු සිට 2001 මාර්තු දක්වා ( විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සේවා කාලය අවසන් විමට පෙර නැවත කැඳචා ඇත. )
    ඕස්ට්‍රියාව, වියානා - 2003 මාර්තු 1 සිට 2005 අගෝස්තු දක්වා ( වසර තුනක සේවා කාලය අවසන්විමට පෙර අක්‍රමිකතා හේතුවෙන් නැවත කැඳවා ඇත. )
    ජර්මනිය, ෆ්‍රෑන්ක්පට් - 2008 මාර්තු සිට 2011 අප්‍රේල් දක්වා
    ඕස්ට්‍රියාව, වියනා - 2013 අගෝස්තු සිට 2016 සැප්තැම්බර් දක්වා
    ජර්මනිය, ෆ්‍රෑන්ක්පට් - 2019 පෙබරවාරි සිට 2022 මාර්තු දක්වා (අවසානයේ කාබසීනීයා කර භාණ්ඩත් හොරකම් කර නැවත පැමිණ ඇත. පැමිණිලි ඇත. පරීක්ෂණ නැත)

    මොන ආණ්ඩුව ආවාත් එහි නිල ඇල්ලීමට වෙනින්ගර් සමත්ය. හොරකමටත් එසේමය. එහෙත් ඒ සියල්ලම යට ගැසීමට ඇය සමත්ය.

    ශ්‍රී ලංකා විදේශ සේවයේ වෙනත් කිසිම නිලධාරියෙකුට මෙවැනි අවස්ථාවක් උදා වන්නේ නැත. අනෙක් නිලධාරීන් අප්‍රිකාවේ මෙන්ම ඉතියෝපියාවේද, ගාසාවේද, ඉරානයේද, නයිජිරියාවේද, කෙන්යාවේද රාජකාරි කළ යුතුය. අනෙක් නිලධාරීන්ට මෙන් ඇයට ස්ථාන මාරු මණ්ඩල කොන්දේසී අදාළ නැත. මෙලෝ වැඩක් කරගන්නට බැරි මධුරිකා දන්නේ ක්ලබ් ගාණේ රස්තියාදු ගසන්නට පමණි. එහෙත් ඇයට කිසි ප්‍රශ්නයක් නැත.


    වැකූම් ක්ලීනරයක් අරගෙන ඩොලර් අටසියයකට විදලා; නිල වාහනයේ වයිපර් තහඩුව යුරෝ පන්සීයයි..​

    මධුරීකාගේ හොර ඉතිහාසයේ අඩුවක් නැත. එක්වරක් ඇය වැකූම් ක්ලීනරයක් ලබාගෙන ඒ සඳහා ඩොලර් අටසීයයක් රජයේ මුදල් ලබාගෙන ඇත. වයිපර් තහඩුව යුරෝ පන්සියයකි. මුදල් ලක්ෂ ගණනින් වංචා කළාය. ඇය සොයන්නේ අලුතින් විවෘත කළ සහ වසා දෑමීමට නියමිත තානාපති කාර්යාලයන්ය. එවිට ඇයට මිලදී ගැනීම් කියා සහ තානාපති කාර්යාලය වසා දැමීමේදි කන්ඩෙම් කරන්නැයි කියා මුදල් සහ භාණ්ඩ වංචා කළ හැකි නිසාය. හැබැයි මේ සියල්ලටම පරීක්ෂණ නැත. අරුණි විජේවර්ධන මේ සියල්ල නොදත් සේ ඉන්නවාය. ඒ හොර සහතික හැදූ කීගල් මේ සියල්ලම යට ගසන නිසාය. මේ පත්කිරීමත් පසුපස සිටින්නේ හොර සහතික හැදූ කීගල්ය.

    රුමේනියාවේ ගෙනියන්න ආප්ප තාච්චි, කොකිස් අච්චු හා හාෆික් බෝතල් ඉල්ලලා...​

    මධුරිකාගේ හිඟනකම කොච්චරද කියතහොත් මේවන විට ඇය වියරුවෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය දෙවනත් කිරීම ආරම්භ කර ඇත. රුපියල් එකසිය පනහට මිලදි ගත හැකි කොකිස් අච්චුවත්, වැසිකිළි සේදීම සඳහා ගනු ලබන රුපියල් දෙසීයේ හාපික් බෝතලයත් ඇය ඉල්ලා ඇත. එම නිසා ඇයට විදේශ අමාත්‍යාංශයේ දැන් කියන්නේ 'හාපික් නෝනා' කියාය. මෙවැනි හිඟන ගැහැණුන් තානාපතිලා ලෙස පත් කළහොත් රටේ සායමට දෙයියන්ගේම පිහිටය.


    විශ්‍රාම යන්න ටික කාලයයි; සේවා දිගුවක් ලබා ගැනීම එකම අරමුණයි…​

    මධුරිකාට ඇත්තේ තව ටික කාලයකි. රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්විමේ වයස අවුරුදු හැට වුවත් මධුරිකා දඟලන්නේ හැටෙන් පස්සෙත් තානාපති සැප විඳීමටය. උග්‍ර විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවේ ඩොලර් ලක්ෂයක් වියදම් කර මධුරිකා වෙනින්ගර්ව අවුරුද්දකට රට පටවනුයේ තානාපති තනතුරු සඳහා සුදුසුකම් ලැබු බර ගාණක් අමාත්‍යාංශයේ සිටියදීය. විදේශ සේවයේ නිලධාරින් තානාපති තනතුර සඳහා පත්කිරීමේදී අවම වශයෙන් වසර තුනක සේවා කාලයක් සේවය කළ හැකිදැයි පරීක්ෂා කරනු ලබයි. මැයට ඇත්තේ අවුරුද්දයි මාස හතරක කාලයකි. ඒ වෙනුවෙන් වියදම් කෙරෙන මුදල ලක්ෂ දෙසීයකි. 2020 වර්ෂයේ ගෝඨාභය ද හැට පැනපු විදේශ සේවා නිලධාරීන් නැවත කැඳවා ඇත. එමඟින් සිදු වු හානිය ඩොලර් මිලියන ගණනකි. මධුරිකා වෙනින්ගර් හොරකම් කරන ආකාරය දැනටමත් ප්ලෑන් ගසා ඇත. අලුතින් වාහන, භාණ්ඩ මිලට ගැනීමේදි ඇයට ඩොලර්, යුරෝ දහස් ගණනින් හොරකම් කළ හැකිය. කෙළ හලමින් මළ පෙරේතියක් ලෙස ඇය දැන් බලා සිටින්නේ රුමේනියාවේ හොරකම් කිරීමටයි. මේ සියල්ලටම ඇයට උපකාරි කරන්නේ රුමේනියාවේ දැනට දෙවන ලේකම් ලෙස කටයුතු කරන ඇගේ පදයට නටන රූකඩ නිලධාරිණියයි.

    රුමේනියාවේ පුද්ගලික සහකාර බලෙන් ලංකාවට පැටවීමට සුදානමක්...​

    රුමේනියාවේ පුද්ගලික සහකාර ප්‍රියන්ති මහත්මිය මධුරිකා වෙනින්ගර්ගේ උපදෙස් මත ලංකාවට නැවත පිටත් කිරීමට දෙවන ලේකම් දැඩි උත්සාහයක් දරා ඇත. කෙසේ හෝ එම උත්සාහය අසාර්ථක වී ඇත. මධුරිකා වෙනින්ගර් ඇගේ පුද්ගලික සහකාර ඉෂාරා පෙරේරාවද දැන් රුමේනියාවට ගෙන යාමට ඇය සැලසුම් සකස් කරන්නීය. ඇයගේ බලය මත පුද්ගලික සහකාරද දැන් අමාත්‍යාංශය දෙවනත් කිරීම අරඹා ඇත. මැයගේ දුෂණ පිළිබඳව පැමිණිළි කොච්චර ලැබුණත් ඒවා යට ගැසීමට විදේශ අමාත්‍යාංශය සුදානම්ය.

    බමන මතින් පහර දෙන්නත් එක සේ දක්ෂයි...​

    රැ එළිවෙනකං ක්ලබ් ගාණේ කරක් ගසා පසුවදා දවල් කාලයේ තානාපති කාර්යාලයට එන මධුරිකාට වෙරී නොහිඳෙන අවස්ථාවන් දී ඇය කරන්නේ තම කාර්යාලයේ සේවකයන්ට පහර දීමය. ජර්මනියේ සිටි නාලක එසේ පහර කෑවෙකි. විදේශ කටයුතු අමාත්‍යාංශයට ලිඛිතව පැමිණිලි කළද ඒ සම්බන්ධයෙන් පරීක්ෂන නැත. සිදුවුයේ ලංකාවට ගෙන්වා පහර කෑ නිලධාරියාව රැකියාවෙන් එළියට දැමීමය.

    කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඇස් වසා උසස් නිලතල පිළිබඳ කාරක සභාව සඳහා මෙම වංචාකාරිය රුමේනියාවේ තානාපති ලෙස පත් කළහොත් ඊට විරුද්ධව නඩු කීමටද අවංක නිලධාරීන් සුදානම්ය. එදිනට පාර්ලිමේන්තුවට හෝ අධිකරණය ඉදිරියේ කරුණු කියා පෑමට නිසි ක්‍රියාමාර්ග අභිබවා පාර්ලිමේන්තුව ඇන්දු අප්‍රසන්නලාට, අරුණිලාට සිදුවන බව සක්සුදක් සේ පැහැදිලිය.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    21,739
    4,867
    113
    අද නම් හදට ආවා
    DSC_1155.png
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,318
    15,022
    113
    හස්තිශෛලපුර
    ශ්‍රී ලංකා විදේශ සේවයේ වෙනත් කිසිම නිලධාරියෙකුට මෙවැනි අවස්ථාවක් උදා වන්නේ නැත. අනෙක් නිලධාරීන් අප්‍රිකාවේ මෙන්ම ඉතියෝපියාවේද, ගාසාවේද, ඉරානයේද, නයිජිරියාවේද, කෙන්යාවේද රාජකාරි කළ යුතුය.

    lol.. meka liyala tiyenne me gani ekka tarahata misak, ratata ati adarekata newei...
     
    • Like
    Reactions: speedmalli