විමල් නිසා ඊශ්‍රායලය කැලඹෙයි... එසැනින් සාම දූතයන් පිරිසක් ලංකාවට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    19,816
    21,273
    113
    27
    ලොවෙත් නැති තැනක

    අන්න ඊශ්‍රාලයය බයවෙලාලු. කලිසමේ චූ ගිහින්ලු. විමල් වීරවංශ එක්ක කතා කරන්න සාමදූතයන් එවනලු.​



    ‘ඊශ්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්…’- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා..

    December 12, 2021 at 10:02 pm | lanka C news
    ‘ඊශ්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්…’- ඊශ‍්‍රායල හමුදා ප‍්‍රධානී කියලා..

    madeinsrilanka.org යනු මේ රටේ දළ ජාතික නිෂ්පාදිතයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ, කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන්ම කැප වන, රජයේ වගකීම සහිත ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරය බවත් එය අනවශ්‍ය ලාභ ඉපැයීම අරමුණු කර නොගත්, හොඳ ගුණාත්මක දේශීය නිෂ්පාදන පමණක් පාරිභෝගිකයාට හෝ ව්‍යාපාරිකයාට ඇණවුම් කිරීමට අවස්ථාව සලසා දෙන අන්තර්ජාල වෙළඳ ද්වාරයක් ලෙස ක්‍රියාත්මක වන බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

    ඒ මහතා මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය සංවිධානය කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය ජනගත කිරීමේ උළෙලෙහි ප්‍රධාන ආරාධිත දෙසුම සිදු කරමිනි.

    එහිදී අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.

    “අද අපි මීට වසරකට මදක් එපිටින් ගත්තු තීරණයක ඉතා වැදගත් ඉදිරි පිම්මක් පනින අවස්ථාව. එදා අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ එවකට සභාපති අනුෂ්ක ගුණසිංහ මැතිතුමන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයට පවරපු ප්‍රධානම කර්තව්‍යයක් තමයි ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ට දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගැනීමට පුළුවන් අලුත් වේදිකා (flatform) තනන්න, කියන එක. ඒ විදියට ඇරඹුණු ක්‍රියාදාමයක් තුළින් වත්මන් සභාපති සුනිල් ජයරත්න මැතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලයේ නොමද කැපවීම ද සහිතව අද madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය ජනගතකිරීම අපට හැකිව තිබෙනවා. EPIC ආයතනයේ සභාපතිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ද මා කෘතවේදීව මෙහිදී සිහිපත් කරනවා, ඔවුන් මෙම අන්තර්ජාල වෙළඳ ද්වාරය සකස් කිරීමේ දී දැක්වූ තාක්ෂණික දායකත්වය සම්බන්ධයෙන්.

    “පාසලෙන් එළියට එන තාරුණ්‍යය ඉලක්ක කරගත් වැඩසටහනක්”

    අපේ රටේ දළ ජාතික නිෂ්පාදනයට 52%ක පමණ දායකත්වයක් සපයන්නේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවලින්. මෙම අංශවලින් එසේ දළ ජාතික නිෂ්පාදිතයට 52%කට වඩා වැඩි දායකත්වයක් ලබා දුන්නාට රජයක් හැටියට එම අංශ ප්‍රවර්ධනයට ලබාදෙන දායකත්වය සාපේක්ෂව අඩුයි. සමෘද්ධිය ලබා දීමට අපි කෝටි ගණන් මුදල් වෙන් කළාට යම් තැනැත්තෙක් නිෂ්පාදකයකු, කර්මාන්තකරුවකු බවට පෙරළන්න දක්වන මූල්‍යමය අනුග්‍රාහකත්වය ඉතා අඩුයි. දශක ගණනක් තිස්සේ සමෘද්ධිය ලබා දුන්නත් එම සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්වන්නේ නැහැ. අපොස (සා.පෙ) සහ අපොස(උ.පෙ) විභාගවලින් පසු එළියට එන තරුණයා ඉලක්ක කරගෙන සමෘද්ධියට යොදවන මුදලට සමාන මුදලක් හෝ ඊට යම් අඩු මුදලක් යොදවා ඔවුන් කුමන හෝ ක්ෂේත්‍රයක ව්‍යවසායකයකු, කර්මාන්තකරුවකු බවට පත් කිරීමට දායකත්වය ලබා දිය යුතුව තිබෙනවා. එහෙම වුණොත් විතරයි අප රටක් ලෙස මුහුණ දී ඇති ඇතැම් අර්බුදවලින් අද බැරි වුණත් අනාගතයේ දී හෝ ගොඩඑන්න පුළුවන් වෙන්නේ.

    අපි කවුරුත් දන්නවා ලෝකයේ බොහෝ රටවල් මේ අතින් අපට වඩා බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා. ඉතා අවාසනාවන්ත ලෙස අපි ලෝකයේ බොහෝ රටවල් යන ඒ ගමනේ ඉතා පිටුපසින් දුවන රටක් බවට පත්ව තිබෙනවා. ඒ කාරණය අතීතයට බලපාන කාරණයක් බවට පමණක් සීමා කරන්න වගකීමක් අප සියලුදෙනා මත පැටවී තිබෙනවා. ඒ වගකීම ඉටුකිරීම පිණිස තමයි කර්මාන්ත අමාත්‍යවරයා හැටියට මමත් අපේ අමාත්‍යාංශ ලේකම්තුමාත් අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල සභාපතිතුමන්ලා ඇතුළු අපි සියලුදෙනා එකතුවෙලා ක්‍රියාත්මක වන්නේ. ඒ ඓතිහාසික අඩුව අපි සම්පූර්ණ කළ යුතුව තිබෙනවා. madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය නිරායාසයෙන්ම අප ඉහත සඳහන් කළ මේ රටේ දළ ජාතික නිෂ්පාදනයට 52%ක දායකත්වයක් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන්ගේ අවශ්‍යතාව වෙනුවෙන්ම කැපවෙන වෙළඳ ද්වාරයක්. අපි දන්නවා පෞද්ගලික අංශයේ මෙවැනි වෙළඳ ද්වාර තිබුණත් ඒවායේ ගාස්තු ඉතා ඉහළ මට්ටමකයි තිබෙන්නේ. අනවශ්‍ය ලාභ ඉපැයීම අරමුණු කර නොගත්, රජයේ වගකීම සහිත හොඳ ගුණාත්මක නිෂ්පාදනයක් පමණක් පාරිභෝගිකයාට හෝ ව්‍යාපාරිකයාට ඇණවුම් කිරීමට අවස්ථා සලසා දෙන, රාජ්‍ය මට්ටමින් නිර්මාණය වූ ප්‍රථම අන්තර්ජාල වෙළඳ ද්වාරය ලෙස madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය හැඳින්විය හැකියි.

    ‘නිෂ්පාදකයා හිරවෙන තැනින් එළියට ගැනීම’

    අපි නොදන්නවා වුණාට වෙළඳපොළේ තිබෙන වෙළඳ දැන්වීම් තරගයට මුහුණ දෙන්න බැරි නිසා, රූපවාහිනී නාලිකාවල ‘පීක් ටයිම් එකේ’ වෙළඳ දැන්වීමක් දාගන්න හයියක් නැති හින්දා ඉතාම ගුණාත්මක බවින් ඉහළ නිෂ්පාදන තිබෙනවා එක තැනකින් ඉස්සරහට යා ගන්න බැරිව. අපට ඒ ‘හිරවෙන තැනට’ උත්තරයක් දෙන්න බැරිනම් අපි මේ තනතුරු, වගකීම් දැරීමේ ප්‍රතිඵලයක් නැහැ. ඉහත කී නිෂ්පාදකයන් ඒ හිරවෙන තැනින් එළියට ගත්තොත් විතරයි මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හැදෙන්නේ. අපේ ගොවියාගේ කෘෂි නිෂ්පාදන ඇසුරු කරගත්, අගය එකතු කළ නිෂ්පාදන දාමයක් පණගැන්වෙන්නේ, අපි ඒ අයව හිරවෙන තැනින් එළියට ගන්න දක්වන දායකත්වය ප්‍රබල වන තරමටයි. පසුගිය වසර දෙක තුළ අපි ඒ වෙනුවෙන් හැකි පමණ කැප වුණා. මේ අන්තර්ජාල වෙළඳ ද්වාරය ආරම්භ කිරීම මගින් ඊටත් වඩා වැඩියෙන් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් ආරක්ෂිතව ඉදිරියට ගෙන යන්න පුළුවන් වෙයි කියන බලවත් විශ්වාසය අපට තිබෙනවා.

    ‘බලාපොරොත්තු සහගත රිදී රේඛාවක්’

    මා ඉහත සඳහන් කළා වගේම ලෝකය අපට වඩා මේ අතින් බොහෝ ඉදිරියට ගිහින් හිටියත් අද මේ ඇති වී තිබෙන කුණාටු සහගත වාතාවරණය අතරින් යම්කිසි බලාපොරොත්තු සහගත ‘රිදී රේඛාවක්’ දැල්වෙන බව අපි හඳුනාගෙන තිබෙනවා. වෙනදා පිටරටින් එන භාණ්ඩය තමයි මිලෙන් අඩු. අපේ නිෂ්පාදනයට වඩා අඩු මිලකට, ඊට වඩා හොඳ පෙනුමැති නිෂ්පාදනයක් විදේශයකින් එනවා. එවිට අපේ නිෂ්පාදනයට එයත් සමග තරග කිරීමට නොහැකිව තිබුණා. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. අද සැපයුම් මාර්ග බරපතළ ලෙස බිඳවැටී තිබෙනවා. විදේශ නිෂ්පාදනවල මිල කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ තත්ත්වය ඇතුළේ දේශීය වශයෙන් නිපදවන දෙයට නව අවකාශයක් නිර්මාණය වී තිබෙනවා. එය හඳුනාගෙන එම අවකාශය අත්පත් කර ගැනීම සඳහා අපේ නිෂ්පාදකයා, කර්මාන්තකරුවා බලගැන්වීම තමයි අද දවසේ අපට පැවරී ඇති ප්‍රබලතම වගකීම. භූ දේශපාලනික වෙනස්කම් අපට පෙනෙනවා. චීන නිෂ්පාදන, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල වෙළඳපොළ ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා චීන කර්මාන්ත අද චීනයෙන් එළියට වෙනත් සුදුසු ස්ථාන කරා යමින් තිබෙනවා. ඒවා ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් අප අත්පත් කරගත යුතුව තිබෙනවා. අපේ රටේ කර්මාන්තකරණය දේශීය වශයෙන් ප්‍රබල තැනකට ගෙන ඒමට නම් ඒ කරුණු අවබෝධ කරගෙන යන ගමනේදී අපි විශ්වාස කරනවා, අද ජනගත කළ madeinsrilanka.org අන්තර්ජාල වෙළඳ ද්වාරය, අපේ දේශීය නිෂ්පාදකයාව ආරක්ෂිතව බලසම්පන්න කොට ඉදිරියට රැගෙන යාවි, කියා.

    ‘ඊශ්‍රායලයට ලොකුම තර්ජනය ලංකාවෙන්’

    මට මේ අවස්ථාවේ අපේ ලේකම්තුමා පැවසූ කතාවක් සිහියට එනවා. එයට පදනම් වෙන්නේ එතුමා ඊශ්‍රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්‍රධානියා අහපු ප්‍රශ්නයක්. එතුමා මෙරට හමුදාපතිවරයා ලෙස ඊශ්‍රායලයට ගියාම එරට හමුදා ප්‍රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා. නමුත් ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්‍රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා. එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්‍රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා. නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්, එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.

    මට මතකයි යුද්ධ කාලේ ඊශ්‍රායලයෙන් එවූ බර අවි තොගයකට බරපතළ හානි කරලා තිබුණා අතරමගදී. ඒවා හදන්න ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කර ගැනීමට වෙලාවක් තිබුණේ නැහැ. යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවක තිබුණේ. එදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඉතා කෙටි කාලයක් තුළ තිබුණාටත් වඩා හොඳට එම බර අවි තොගය හදලා යාපනය අර්ධද්වීපය බේරා ගැනීම සඳහා යැවීමට දායක වුණා. ඒ අවි තොගය ඊශ්‍රායලයට යවා නැවත ගෙන්වා ගැනීමට සිදු වුණා නම්, ඒ නියමිත මොහොතේ ඒවා යොදා ගැනීමට නොහැකි වීමෙන් අපේ ඉතිහාස කතාවත් මීට වඩා වෙනස් වීමට තිබුණා. ඒ හැකියාව, දක්ෂතාව, නුවණ ජානවලින් එන මිනිස්සු ඉන්න රටක් මේක. මේ රට සමකය ආසන්නයේ ඇති, ගුරුත්වාකර්ෂණයට අඩුවෙන්ම ලක් වන රට. ඒ නිසා තමයි හොඳම තේ, රසම අන්නාසි, හොඳම කුරුඳු, හොඳම ගම්මිරිස් ආදී හොඳම දේ මේ රටේ තිබෙන්නේ. ඒවා සොබාදහම අපට දී තිබෙන වටිනාකම්. ඒ වගේම තමයි ඉතාම නුවණැති මිනිසුන් බිහි වීමට පුළුවන් පොළොවකයි අපි ජීවත් වෙන්නේ.

    ‘ඔවුන් මැච් එක ගසාවි – ලකුණු රැස් කරාවි’

    ඒ ජානමය උරුමය තිබෙන අපේ දරුවන්ට, ලෝක වෙළඳපොළ ජයගත හැකි නිෂ්පාදනයක් සමග ඉදිරියට යනවා, කියන එක මහ අමාරු දෙයක් නොවෙයි. ඒකට අවශ්‍ය තණතිල්ල, පිට්ටනිය නියමිත ආකාරයට සකසා දීම පමණයි අප කළ යුතුව තිබෙන්නේ. ‘මැච් එක ඔවුන් ගහනවා, ලකුණු රැස් කරනවා’ ඒ ගැන කිසිදු සැකයක් නැහැ. නිෂ්පාදකයාගේ ඒ මහා ලකුණු රැස්කිරීමේ ක්‍රියාන්විතයට අද මේ අපි ජනගත කළ, රාජ්‍ය මට්ටමින් පවත්වාගෙන යන එකම අන්තර්ජාල වෙළඳ ද්වාරය වන madeinsrilanka.org ඉතා විශාල පිටුවහලක් වේවා’යි මම ප්‍රාර්ථනා කරනවා.

    මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජනරාල් දයා රත්නායක, අතිරේක ලේකම් චමින්ද පතිරාජ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු ද එක්ව සිටියහ.

    අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
    මාධ්‍ය ලේකම්,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,279
    113
    Malabe
    එතුමා ඊශ්‍රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්‍රධානියා අහපු ප්‍රශ්නයක්. එතුමා මෙරට හමුදාපතිවරයා ලෙස ඊශ්‍රායලයට ගියාම එරට හමුදා ප්‍රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා. නමුත් ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්‍රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා. එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්‍රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා. නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්, එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,179
    5,951
    113
    .
    ට මතකයි යුද්ධ කාලේ ඊශ්‍රායලයෙන් එවූ බර අවි තොගයකට බරපතළ හානි කරලා තිබුණා අතරමගදී. ඒවා හදන්න ඊශ්‍රායලයට යවා අලුත්වැඩියා කර ගැනීමට වෙලාවක් තිබුණේ නැහැ. යුද්ධය ඉතා තීරණාත්මක අවස්ථාවක තිබුණේ. එදා මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් ඉතා කෙටි කාලයක් තුළ තිබුණාටත් වඩා හොඳට එම බර අවි තොගය හදලා යාපනය අර්ධද්වීපය බේරා ගැනීම සඳහා යැවීමට දායක වුණා.
    ඒක වෙන්නැති ඒ මල්ටිබැරල් රෙපෙයාර් එක කරපු ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසට ගේම දුන්නෙ ආණ්ඩුවෙන්
     
    • Like
    Reactions: shenat

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    EPIC : මතකද ක්ලවුඩ් එකේ දිලිත් ෆකයාගේ හොර වැඩ ටික මකපු හැටි...
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ...

    ඒ කලාවූ පුණ්‍ය කර්මයට කෘතගුණ සැලකීම තමා දැන් සිදු වෙන්නේ....

    පලමු වෙනි කමෙන්ට් එක ලෝකනාථ @erozan බයියාගෙන්, ඒකෙන්ම ඔය සයිට් එකේ ප්‍රදාන අරමුන ඉදිරි පැවැත්ම සක් සුදක් සේ පැහැදිලියී..

    ජය වේවා !!!
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,205
    5,812
    113
    Nawala
    කැරිය ඕක සිංහලෙන්ද කියල තියෙන්නෙ අරූට තේරෙන්නෙ නැතිවෙන්න ?
    සුකරවංස ටිකක් හීබ්රූත් දන්නවා මන් හිතන්නේ හීබ්රූ වලින් වෙන්නඇති කියන්න ඇත්තේ ...
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    9,776
    17,587
    113
    පිලිගන්ඩ පුලුවන් තැනක නිවුස් එකක් දාපන් බන්, වහල්කමට අහු මුලුවල තියෙන කබ්බ සයිට් උස්සන් එන්නෙ නැතුව
     
    • Haha
    Reactions: lilman

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,414
    113
    colombo
    එතුමා ඊශ්‍රායලයට ගිය අවස්ථාවක එරට හමුදා ප්‍රධානියා අහපු ප්‍රශ්නයක්. එතුමා මෙරට හමුදාපතිවරයා ලෙස ඊශ්‍රායලයට ගියාම එරට හමුදා ප්‍රධානියා අහනවා ‘ඔබ දන්නවාද අපට තර්ජනය තිබෙන්නේ මොන රටින් ද?’ කියා. එවිට ටිකක් කල්පනා කරලා කියනවා ‘ඉරානය’ කියා. නමුත් ඊශ්‍රායලයේ හමුදා ප්‍රධානියා හිනාවෙලා කියනවා ‘ඒකත් ප්‍රශ්නයක් තමයි, නමුත් එය කළමනාකරණය කරගත හැකියි’ කියා. තවදුරටත් කල්පනා කරලා දයා රත්නායක මැතිතුමා කියනවා ‘මට ඒක පැහැදිලි මදි’ කියා. එවිට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල හමුදාපතිවරයා කියනවා ‘අපට ලොකුම තර්ජනය තිබෙන්නේ ලංකාවෙන්’ කියා. එවිට හිටපු හමුදාපති දයා රත්නායක මැතිතුමා අහනවා ‘ඇයි එහෙම කියන්නේ?’ කියා. ඊශ්‍රායලය ඔවුන්ගේ යුදමය නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, ලෝකය පුරා යවනවා. එහෙම යවන ලද සෑම රටක් වෙනුවෙන්ම පසු පහසුකම් සැපයීමේ ‘ඩෙස්ක් එකක්’ ඔවුන්ට තිබෙනවා. සෑම රටක් වෙනුවෙන්ම පසු සේවා සපයන්න කාර්ය මණ්ඩලයක් ඉන්නවා. අනෙක් සෑම රටකටම පත්කොට තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුලයි. ඔවුනට ඒ රටවලට නිතර නිතර යන්න වෙනවා. නමුත් ලංකාවට පත් කරලා තිබෙන ‘ඩෙස්ක් එක’ කාර්යබහුල නැහැ. ඔවුන් බලා හිටියාට යම් මෙවලමක් කැඩිලා ඔවුන්ට ලංකාවට එන්න කියනකම්, එහෙම ආරාධනාවක් එන්නේ නැහැ. හේතුව තමයි, යමක් කැඩුණොත් අපේ අය හරි දක්ෂයි, මුල් නිෂ්පාදකයාගේ උදව්වකින් තොරව යථා තත්ත්වයට එය පත් කරගන්න, ඒ සඳහා ඕනෑ කරන හැකියාව අපේ තරුණ පරපුර තුළ ඕනෑවටත් වඩා තිබෙනවා.
    eka labaine bn unta. desk ekak ituru wenawane ඊශ්‍රායලයට 😇 😇
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    3,812
    1
    3,490
    113
    ඒක වෙන්නැති ඒ මල්ටිබැරල් රෙපෙයාර් එක කරපු ආචාර්ය අමිත් මුනින්ද්‍රදාසට ගේම දුන්නෙ ආණ්ඩුවෙන්
    I do not know about this. There are conspiracy theories . He was a brilliant product from Moratuwa and a leading school . But he was extremely against drugs and some other things we do not care. I was told that he did not allow even cob-web to be destroyed. He had refused to take medicines (Steve Jobs also refused to take medicines from his teenage time and finally he died of curable cancer!!. Some extremely bright people take irrational decisions!! We cant blame them. May he attain bliss of nibbana. (I do not accept or reject that he was killed . But this is what I know through his very close relatives)