වියට්නාම ගරිල්ලන් සොයා ( දෙවනි කොටස - Hanoi වල දවසක් සහ අවට සංචාර )

SasiSpenzer

Well-known member
  • Jun 9, 2016
    228
    493
    63

    දෙවනි කොටස - Hanoi වල දවසක් සහ අවට සංචාර

    උතුරු කොටසේ සංචාරයක යෙදෙනවා නම් අපිට වැදගත්ම ගුවන්තොටුපොල සහ නගරය තමයි Hanoi කියන්නේ.මට හිතෙන විදියට කිසිම වියට්නාම් සංචාරයක් උතුරු කොටසේ බලන්න තියෙන තැන් බලන්නේ නැතුව සාර්ථක සංචාරයක් වෙන්නේ නැ. ඉතින් අද කොටසින් කතා කරන්නේ අපි ගොඩබහින Hanoi නගරය සහ ඒ අවට අපිට බලන්න තියෙන තැන් සහ කරන්න තියෙන දේවල් ගැන.

    නගරය ගොඩක්ම ජනාකීර්ණ නගරයක් කීවොත් හරි.ලෝකෙන්ම වැඩියෙන්ම මොර්ටර්සයිකල් වැඩියෙන්ම තියෙන නගරය කියලත් කියනවා.ඒ වගේම නගරෙට අලුත් අයට පාර හරහා මාරු වෙන එක බයානකම වැඩක් කියලා සලකන තැනක්.කතන්දර කොහොම උනත් ට්‍රැෆික් එක නම් අපිට එච්චර නුහුරු නුපුරුදු දෙයක් නෙවේනේ.ඒ නිසා ඒක ගැන එච්චර හිතන්න දෙයක් නැ.අනිත් අතට Hanoi කියන්නේ වියට්නාම් වල අගනුවර.


    වියට්නාමයේ ඇවිදිනකොට විශේෂ දේවල් ටිකක් තියෙනවා මතකේ තියාගන්න ඕනේ.

    • මුදල් මාරු කරනකොට අපේ ලංකාවේ රුපියල් 1000 කට වියට්නාමයේ Dong කියන මුදල් ඒකකයේ ලක්ශ එකයි විසිපන්දහසක් ලැබෙනවා.ඒ කියන්නේ අපි ගොඩ බැස්ස ගමන් ලක්ශපතියෝ වෙනවා.හැබැයි ඒ වගේම තමයි වියදමත්.ලක්ශ ගනන් වලින් මුදල් ගනුදෙනු වෙන්නේ.ඒ නිසා අතේ තියන නෝට්ටු වලින් ගණුදෙනු කරනකොට පරිස්සම් වෙන්න ඕනේ.
    • ඒ වගේම මේ රටේ බයික් එකක් රෙන්ට් එකට අරන් ඇවිදින එක මාරම ලාබයි ටැක්සි රෙන්ට් එකට ගන්නවට වඩා.ඒ වගේම හොද පොදු ප්‍රවාහන සේවා තියෙනවා.ඒ නිසා යන තැනට සුදුසුම විදිය හොයලා යන්න පරිස්සම් වෙන්න.ඉස්සරහට ඒ ගැන කතා කරමු.

    • පහලින් දක්වලා තියෙන්නේ Hanoi වල ඉන්න පොඩි කාලයේ කෙනෙක්ට බලන්න පුලුවන් තැන්.හැම තැනක්ම බොහොම ලගින් ලගින් තියෙන්නේ.ඒ නිසා අඩු වෙලාවකින් බලලා ඉවර කරන්න නම් පුලුවන්.

    vietnam-money-vietnam-tour-company.jpg


    1. St. Joseph's Cathedral

    ප්‍රංශ රුසියානු සහ පුරාණ ග්‍රීක ආභාශය අරගෙන නිර්මාණය වුන ගොඩක් ලස්සන දෙව්මැදුරක් මේක.සාමාන්‍යයෙන් Hanoi වල විවාහා උත්සව වල අනිවාර්‍ය චායාරූපගන්න ස්ථානයක් වෙලා මේක.ඉදිරිපස්ස පෙනුම වගේම දෙව්මැදුරේ ඇතුලත් පට්ටම ලස්සනයි.සතියේ හැම දවසකම මේක බලන්න පුලුවන්.උදේ 8 ඉදන් 11 වෙනකම් සහ හවස 2 ඉදන් 5 වෙනකම් මේක බලන්න පුලුවන්.

    e32ce7c0ca914843ad3ce0ce876360b7.jpg


    2.Hanoi කොච්චි වීදිය

    මේක සමහරහිට ගොඩක් අය දැකලා ඇති.නගරයේ කොච්චි පාරක් අයිනේ කොච්චි පාරට ගොඩක් ආසන්නයෙන් කඩවල් ඉදි කරලා වෙළද වීදියක් විදියට හදලා තියෙනවා.කොච්චිය එන වෙලාවට පොඩි පොඩි දේවල් එහාට මෙහාට කරලා කොච්චියට යන්න දෙනවා.ආයෙම වීදිය යථා තත්වෙට එනවා.මේ තැනදි කොච්චියට අඩි කීපයක් දුරින් ඉදන් ආසම කෝපි කොප්පයක රස බලන්න ආසම කැමක් රස බලන්න වගේ කැමතිම දෙයක් කරන්න පුලුවන්.හැබැයි පාරෙ නිකන් ඇවිදින්න දෙන්නේ නැ.අනිවාර්‍යයෙන් කඩේකට යන්නම ඕනේ.


    EN45K2.jpg


    Train Street 3.jpg


    3. Thang Long Water Puppet Theatre

    වියට්නාම් Style එකට රූකඩ සංදර්ශනයක් බලනවා නම් මේන්න තැන.දර්ශන තියෙන වෙලාවනම් වෙනස් වෙනවා එක එක විදියට.පොඩ්ඩක් කෝකටත් කලින් ගිහින් වැඩෙට සෙට් වෙන්න වෙනවා.ටිකට් එකක් ගන්න ඕනේ . ඒ වගේම වීඩියෝ කරන්න ඕනේ නම් ඒකට වෙනම ටිකට් එකක් ගන්න වෙනවා.

    place-2014-11-07-10-Thanglongwaterpuppettheatre5287be17aa674e841d6a1ebeb2d42d2c.jpg


    4.Hoàn Kiếm Lake

    මිරිදිය ජලාශයක් මැද දියෙන ලස්සන ගොඩනැගිල්ලක්.ෆොටොස් බලන්න.උදේට සහ රැට ලයිට් දාපුවම තමයි ගොඩක්ම ලස්සන.අයකිරීමක් නැ.සතියේ හැම දවසකම බලන්න පුලුවන්.

    Tháp_Rùa_6.jpg


    5.fine arts museum hanoi

    Hanoi වල තියෙන කෞතුකාගාරය.දවල් වරුවක් ගත කරන්න සුදුසුම තැනක්.වියට්නාමයේ අතීතය සහ විෂේශ විදුවීම ගැන දැනගන්න හොදම තැනක්.සුළු මුදලක් අය කරනවා කෞතුකාගාරයට ඇතුල් වෙන්න.වටිනව යන්න පුලුවන් නම්.

    22636038359_abf673afec_b.jpg


    6.Temple of Literature

    අපේ රට වගේම තමයි.රටේ කොයි පැත්තට ගියත් පන්සල් ස්ථූප සහ ආගමික ස්ථානවල අඩුවක් නැ.මේ කියන්න යන ආගමික මධ්‍යස්ථානයත් වල ප්‍රධානම තැනක්.ඒ වගේම ලස්සනම තැනක්.ෆොටොස් ගන්න බලන් යන කෙනෙක්ට නම් අනිවාර්‍යයෙන් යන්න ඕනේම තැනක්.

    temple-of-literature.jpg


    7.Hanoi Night Market​

    වියට්නාමය ගොඩක්ම ප්‍රසිද්ධ තව දෙයක් තමයි අඩුවට බඩු විකුණන වීදි සහ වීදි ආහාර.වීදි වල නම් ඒ වීදියේ විකුණන දේ අනුව නම් වේලා තියෙනවා.උදාහරණයක් විදියට කුකුල් මස් විකුණන මස් කඩ තියෙන වීදියක් Chicken වීදිය කියලා නම් කරලා තියෙනවා.ආභරණ විකුණන වීදිය Jewellery වීදිය .උණ බට වලින් කරපු නිර්මාණ තියෙන වීදිය Bamboo වීදිය.ඒ වගේ නම් වලින් මුලු වීදියෙම විකුණන දේවල් ගැන අදහසක් ගන්න පුලුවන්.

    අනික දේ තමයි විවිධාකාර නම් සහ රසවල් වලින් තියෙන වීදි ආහාර.ඌරුමස් සහ කුකුල්මස් එක්ක මාළු වලින් හදපු ආහර ගොඩක් වීදිවල දකින්න පුලුවන්.ඒවෙලේම අපේ ඉල්ලිම අනුව අපේ ඉස්සරහදිම හදලා දෙන ආහාර තමයි ගොඩක්ම තියෙන්නේ.


    කලබලකාරි නගරයක් වෙච්ච Hanoi වලට ගොඩක් සංචාරකයන් දවසක් හෝ දෙකක් වෙන් කරන නිසා ආපසු ගමනේදි හරි නගරය අවට තැන් බලන්න වෙලාවක් වෙන් කරන්න අමතක කරන්න එපා.

    Hanoi-Night-Markets.jpg


    ඊලග කොටසෙන් Halong Bay සහ ඒ අවට කරන්න තියෙන දේවල් ගැන කතා කරමු​


    ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක.

    ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න.

    👉 👉 👉 වැඩිදුර විස්තර බලන්න මෙතන ඔබන්න

    මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා.

    මේච්චර දුර කියෙව්වට ස්තුතියි !!

     

    SasiSpenzer

    Well-known member
  • Jun 9, 2016
    228
    493
    63
    kalekin hoda post ekak. covid walata kalin tour ekak danna hitiye. dn covid iwara una kaleka tamai ithin
    Thank you :love:

    kalekin hoda post ekak.:yes::yes:
    Thank you machan :love: Subscribe parakuth damu
    ------ Post added on Jul 17, 2021 at 12:42 PM

    Thanks
    ------ Post added on Jul 17, 2021 at 12:43 PM


    ------ Post added on Jul 17, 2021 at 12:44 PM

    e32ce7c0ca914843ad3ce0ce876360b7-jpg.135560


    ලංකාවේ මේ වගේ ලස්සන චර්ච් තියෙනවද බන්? ඒවට ඕන කෙනෙක්ට ඇතුළට යන්න දෙනවද?

    රාගම බැසිලිකාවට ගියා නම් ටිකක් විතර මේ වගේ සමාන දේවල් ටිකක් බලාගන්න පුලුවන් මචන්

    ------ Post added on Jul 17, 2021 at 12:45 PM

    patta mchn. digatama karagena yanna.

    Thank you bro. සබ් පාරක් දාලා හෙල්ප් එකක් දෙන්න

    ------ Post added on Jul 17, 2021 at 12:49 PM
     
    • Like
    Reactions: NRTG