වැරදි කරන්න හොඳයි ඇල්ලුවම නරකයි. මාස දෙක තුනකට ලයිසන් කැන්සල් කලානම් ඕක හරියනවා. ඔය විඩියෝ එකට කමෙන්ට්ස් දහස් ගානක් තියෙනවා ඔක්කොම කියලා තියෙන්නේ වැඩේ හොඳයි කියලා.
------------------------------------------------------------------------------
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට පිටු පෑ බස් රථයේ බලපත්‍රය අහෝසියි
(නිමල කොඩිතුවක්කු)
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකළ රථවාහන පරික්ෂාවේදී මොරටුව ප්‍රදේශයේ බස් රථයක් මගීන් අතරමග බස්සවා යළි හැරී යාම සම්බන්ධයෙන් එම බස් රථෙය් ධාවන බලපත්‍රය අත්හිටුවීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබේ.
බස්රථයේ බලපත්‍රය දින තුනකටත් බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයාට දින 7 ක කාළයක් සඳහාත් බලපත්‍ර අත්හිට වූ බව එහි සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණී ජාසිංහ මහතා පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් විහේෂ විමර්ෂණයක් සිදුකරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
බස්රථ ධාවනය සහ මගීන් සමග කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් මෙම බස් රථ රියදුරු සහ කොන්දොස්තරවරයා එක්දින පුහුණු වැඩමුලුවකට යොමු කිරීමට කටයුතු කරන බවත් ඔහු තවදුරටත් කීවේය.
https://www.lankadeepa.lk/latest_news/කලන-ශර-ලක-වයපතයට-පට-ප-බස-රථය-බලපතරය-අහසය/1-664551
------
Post added on Jan 7, 2025 at 5:37 PM