වෛද්‍යවරුන්ගේ පවුල්පිටින් එන්නත්කරණයේ.. ප‍්‍රමුඛතා ලයිස්තු කැලේ.. සෙසු සියළු සෞඛ්‍ය වෘත්තිකයන් වර්ජනයක් අරඹයි…..

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    1,143
    2,072
    113
    GMOA එකේ මහෞන්නාන්සෙල එක්ක තියෙන ප්‍රශ්නය මෙතෙන්ට ඈඳා නොගෙන ඉම්මු. ඒ අයට ප්‍රමුඛතාවය දීමේ වැදගත්කමක් තියෙනව. ඒ අයට ඒක ඉල්ලන්න සදාචාරාත්මක අයිතියකුත් තියෙනව. හිතන්න දවසෙම හොස්පිට්ල් එකක ඉඳල ගෙදර එන ඩොකෙක් ඉඳීම පවුලෙ අයගෙ ජීවිත කොයිතරම් අවිනිශ්චිතතාවයකින් පුරවනව ඇතිද කියල. ඒ මිනිස්සු හිතේ ලෙඩකින් මැරිල යනව එහෙම හිටියොත්.

    මෙතන ආයෙම තියෙන්නෙ යම් කවයක් විසින් තමන්ගෙ සිවිල් බලය පාවිච්චි කරල තමන්ට ඕනෙ දේ ලබාගැනීමෙ මජර වැඩේම තමයි. ඒත් කමක් නෑ. ඒකට ඉඩ දෙන එක වඩා කැරැක්ටර්ෆුල්.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,698
    1,009
    113
    රජයේ රෝහල
    Yes This is true
    They requested from the government to vaccinate health care worker's families
    Not only doctors
    Though there r many unions GMOA is the first to request considering health care workers families
    Where were those Unions by that time ( may be thinking of their members :P )
    Some so called Union leaders r there looking to make troubles all the time
    May have political background too
    //////සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවට GMOA එක තදින් විරුද්ධ වුනා.ඔවුන්ගේ උපාධියේ කාලය අවුරුදු 4 සිට 3 දක්වා අඩු කරන්න ඔවුන් මහත් කැපවීමෙන් ක්‍රියා කළා.ඒක රහසක් නෙමෙයි.අවුරුදු 4ක විශේෂ උපාධියක් තියෙනකොට පරිපාලකයින් වශයෙන් පත්වීමට හැකියි.හෙදියන් හෝ සම සෞඛ්‍ය සේවකයෙක් ඒ තත්වයට පත් වුවොත් ඔවුන්ට ඔහු/ඇය යටතේ රැකියාව කරන්න සිද්ධ වෙනවා.ඒ නිසා ඔවුන් සෑහෙන උත්සාහයක් දරලා උපාධි කාලය අඩු කළා.එස් .බී දිසානායක හා රාජිත සේනාරත්න ඇමති වරුන් නිසා එම උපාධියට කල යුතු වැඩ ඒකක ගණන ආරක්ෂා වුනා.
    අවංකව කියනවානම් මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ සම්බන්ධව ධන ආකල්පයක් දැරුවා.පේරාදෙණියේ සිසුන්ට නුවර හා පේරාදෙණියේ රෝහල්වල සායනික පුහුණු කටයුතු තහනම් කළා. ඔවුන් නැවත කුරුනෑගල අවට බෝඩින් සොයාගෙන අසීරුවෙන් ඒ කටයුතු කළා.ඔවුන් උපාධිය ලබාගත් පසු ඩිප්ලෝමාධාරීන්ට වඩා ඉහල වැටුප් තලයක තැබීම වැලක්වුවා .අදටත් උපාධිය ලබාගත් සිසුන් රජයේ සේවයට බැඳෙන්නේ ඉතා අඩු සංඛ්‍යාවක්. දන්නා තරමින් අදටත් හෙද සේවයට උපාධිධාරීන් බඳවා ගන්නේ නැහැ.ඒ මුරුත්තෙට්ටුවේ හිමිගේ හපන්කමක් නිසයි.
    සම සෞඛ්‍ය ඩිප්ලෝමාධාරියෙක් විදියට මම මෙහෙම කියන්නේ බොහෝ දෙනා සත්‍යය විකෘති කර දක්වන නිසයි.
    ඒ කාලේ උපාධිය වෙනුවෙන් අපිත් අරගල කළා.පිකට් කළා,වර්ජන කළා,බෝඩ් උස්සාන පාර්ලිමේන්තුවට යන පාරේ රැඳී සිටියා.
    අනත්රේ ළමයි පා ගමන් ගියා.ගුටි කෑවා .විවිධ බරපතල අනතුරු කර ගත්තා.නමුත් අදටත් සම සෞඛ්‍ය උපාධියට නිසි තැන ලබාදීමට ඉඩක් නැහැ.////
    උපුටා ගැනීම අවසන්
    මීට කලිං ඉතිහාසයේ මතුවුන සම සෞක්‍ය උපාධි ගැටලු හෙද උපාධි ගැටලු හැම එකකදීම වෛද්‍ය සංගමය දැරුවේ ඒවායේ තත්ත්වය අඩු විය යුතු බවට මතයක්. හරියටම අඩු කුලේ එවුන්ට පුටුව නොදී වාඩි වෙන්න කොට බංකුව දෙනවා වගේ. ලංකාවෙ මිනිස්සුන්ට සේවා සපයන සෞඛ්‍යය අංශ වල තත්ත්වය උසස් කල යුතු නම් ඔවුන් වසර හතරේ සම සෞක්‍ය උපාධිය වසර තුනට අඩු කරන්න බල කරන්නෙ නෑ
    ඒත් එදා එහෙම කරපු වෛද්‍ය සංගමය අද අනාගත පරම්පරාවගේ අධ්‍යාපන සෞඛ්‍ය අයිතීන් වෙනුවෙන් අම්බානකට පෙනී සිටිනවා. හේතුව මොකක්ද?? තරගකාරී විකල්ප ආයතන වලිං වෛද්‍ය වරු බිහි වුනොත් ඔවුන්ට අද තියෙන ඒකාධිකාරී බලය වටිනා කම නැතිවෙන බව ඔවුන් හොඳින්ම දන්නවා. එහෙම වුනොත් ආරක්ෂක අංශ වලින් පහර දීපු වෙලාවක වරෙල්ලකො බලන්න මීට පස්සෙ තොපිට ප්‍රමුඛතාවය දෙන්නෙ නෑ කියලා තර්ජනේ කරන්ඩ තියෙන හැකියාව නැති වෙනවා
    කොටිංම කියනවා නං අද මේ වෛද්‍ය සංගමේට මෙච්චරටම බැට දීලා කතා කරන මට වුනත් හෙට උදේ නැගිටින කොට හෙන ගහන අසනීපයක් හැදිලා තිබුනොත් ආණ්ඩුවෙ මෙඩ්ඩෙක් ලඟටම මිසක් යන්න වෙන විකල්පයක් නෑ. අඩුම ගානේ එහෙම අවස්ථාවක යන්න හොඳින් වසර හතරක් ඉගෙන ගත් ඇපොතිකර කෙනෙක් ලඟටවත් යන්න තියෙන අවස්ථාව වෛද්‍ය සංගමය තීරණාත්මකව අවහිර කරලා තියෙනවා
    ඕනෑම ආකාරයේ ඒකාධිපතීත්වයකට ඒකාධිකරයකට තියෙන කොන්දේසි විරහිත අකමැත්ත නිසා මම ඒකට විරුද්ධව හැමදාමත් පෙනී ඉන්නවා. එහෙම නැතුව අවුරුදු තිහක් තිස්සේ එකම එක ප්‍රයිවට් හොස්පිටල් එකකවත් කොලිටිය අවුල් කියලා ස්ට්‍රයික් නොකරපු, දවසට දාහක් ගානේ ඩෙංගු රෝගියෝ මතු වෙන කොට ඒකට යමක් කරපියවු කියලා ආණ්ඩුවට බල කරන්න ස්ට්‍රයික් නොකරපු, එක ඇඳේ තුං හතර දෙනාඅ වැටිලා ඉන්න එක වෙනුවට පහසුකම් දීපියවු කියලා ස්ට්‍රයි නොකරපු, අහිංසක මිනිස්සුංව මරාගෙන කන ඖෂධ මාෆියවල් වලට එරෙහිව ස්ට්‍රයික් නොකරපු දොස්තරලා නොකා නොබී අරගල කර කර පෙනී ඉන්නේ අනාගත පරම්පරාවගේ අධ්‍යාපන සෞඛ්‍ය අයිතීන් රැක ගැනීම වෙනුවන්ය කියලා විශ්වාස කරන අභබ්බයෝ ඉන්නවා නං කමක් නෑ. වෙනස් කරන්ඩ එපා. දිගටම ඒ විදියටම හිතා ගෙන ඉඳපල්ලා
     
    • Like
    Reactions: nul and malakadss

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,351
    425
    83
    අද LRH එකේ දුන්න නේද හොස්පිටල් staff වලට . GMOA එකෙන් කොහොමහරි ගත්ත astrazeneca 2nd dose එක LRH එකේ ලොක්කෙක් dr ලට විදින්නේ නැතුව ඊක නළු නිලියොන් ට විදලා . ගිය සතියෙද කොහෙද .

    හැදී දරන්නෝ තම තමන්ට පළමුව බෙදා ගනී
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    16,202
    19,342
    113
    තාම ලන්කාවේ
    සී ටී බී එකේ සේවකයෝ 135 කටද කොහෙද මේ වෙනකොට කොරොනා හෑදිලලු.. රෝහල් වල ඉන්න අය තියෙන රිස්ක් එකට අනුව අවශ්‍ය ආරක්ෂිත උපක්‍රම භාවිතා කරනවා.. නමුත් අවාසනාවට වගේ අනිත් ක්ෂේත්‍ර වල ඉන්න බොහෝ අයත් නොදෑනුවත්වම රෝගියෝ එක්ක ගෑටෙනවා ඒත් නිසි ආරක්ෂිත උපක්‍රම නෑතිව. මේ ලෙඩ වෙන්නෙත් මිනිස්සු. බෑන්කු වල, ප්‍රවාහන සේවා වල සෙනග ගෑවසෙන කාර්‍යාල වල වෑඩ කරන මිනිස්සුත් දෑන් තියෙන තත්වේ අනුව ඉතාම අනාරක්ෂිත තත්වෙක ඉන්නේ.. පාසල් වහලා හින්දා ඒ අය මේ වෙලාවේ බේරිලා. දෑන් ඈස්ට්‍රා සෙනිකා වෑක්සීන් එකේ දෙවෙනි මාත්‍රාව ගන්න ඕනේ සාමාන්‍ය මිනිස්සුන්ට නියමිත වෙලාවට එකේ ලෑබෙන එකක් නෑ. අදත් ඈස් රෝහල ලග මිනිස්සු පිරිලාලු.. තමන්ට දෙවෙනි මාත්‍රාව දෙන්න කියලා. නමුත් ඒ මිනිස්සුන්ට දෙන්න විදිහක් නෑ... බඩු නෑ... ආණ්ඩුව මොනවද කාපු රිලව් වගේ වෑක්සීන් එක හොයනවා. ඒත් ගන්න තෑනක් නෑලු

    https://www.newswire.lk/2021/05/26/astrazenecarge-crowd-gathers-near-eye-hospital-over-rumours/
     

    Similar threads