ශ්‍රී ලංකාවේ පරිසර විනාශය: ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමේ තැතක් පවතින බවට පරිසරවේදීන්ගෙන් චෝදනාවක්

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,713
    113
    ඇයි එන්නද ?




    8FI0pUu.png


    පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන්ගේ සමාජ ජාල ගිණුම් අවහිර කිරීමේ උත්සාහයක් පවතින බවට මේ දිනවල ෆේස්බුක්හි පළවන අදහස් පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසුමකි මේ.


    ශ්‍රී ලංකාව තුළ සිදු වෙමින් පවතින පරිසර විනාශයන්ට එරෙහිව හඬ නැගීමට යොදා ගන්නා සිය සමාජ ජාල ගිණුම් අවහිර (Ban) කිරීමේ තැතක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පරිසරවේදීහු සහ ක්‍රියාකාරීහු පවසති.

    රටේ විවිධ ප්‍රදේශයන්හි සිදුවන පරිසර විනාශයන්ට අදාළව තමන් විසින් තබන ලද සටහන් (Posts), වෛරී ප්‍රකාශ (Hate Speech) ලෙස හෝ එමගින් යම් කිසිවෙකු අඩන්තේට්ටමකට සහ පීඩාවකට (Bullying and Harassment) ලක්ව ඇති බව හුවා දක්වමින් ෆේස්බුක් වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ (රිපෝට්/Report) සංවිධානාත්මක උත්සාහයක් පවතින බවට ඔවුහු චෝදනා කරති.

    එසේ 'රිපෝට්' කෙරෙන ඇතැම් සටහන්වල (Posts) සන්දර්භය (Context) නොසලකා, එම සටහන්වල අඩංගු ඇතැම් වචන මත පදනම්ව සිය ගිණුම් අවහිර කෙරෙන බව පවසන ඔවුහු එමගින් සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බව පවසති.

    නීතීඥ සුපුන් ජයවීර එසේ ෆේස්බුක් ගිණුම් අවහිර කිරීමට ලක් වූ පරිසරවේදීන් අතරින් එක් අයෙකි.

    "ඒ වගේම පරිසරවේදීන් නොවන, නමුත් ශ්‍රී ලංකාවේ පාරිසරික ගැටලු පිළිබඳ කතා කරන කීප දෙනෙකුගේ පොස්ට්, රිපෝට් වෙන්න අරන් තිබෙනවා. සමහර වෙලාවට අපි අවුරුදු දෙක තුනකට කලින් දාපු කමෙන්ට් උඩට අරන්, ඒවා රිපෝට් කරනවා," යනුවෙන් ඔහු බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

    ඒ සම්බන්ධයෙන් බීබීසිය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ෆේස්බුක් හි ප්‍රකාශකයෙකු පැවසුවේ සිය සම්මත ප්‍රමිතීන් (Community Standards) උල්ලංඝනය වන ඕනෑම අවස්ථාවකදී අදාළ ගිණුම් අවහිර (Restrict) කිරීමට සිය ආයතනය වහා පියවර ගන්නා බවය.

    ෆෙස්බුක්හි සම්මත ප්‍රමිතීන්වලට අයත් වෛරී ප්‍රකාශ (Hate Speech), අඩන්තේට්ටම් සහ පීඩා (Bullying and Harassment) යනාදිය අනුව පරිසරවේදී සුපුන් ජයවීරගේ ෆේස්බුක් ගිණුම තාවකාලිකව අවහිර කර ඇති බව ෆේස්බුක් සමාගම බීබීසිය වෙත තහවුරු කළේය.


    ni1tR2m.png



    මේ අතර දිගින් දිගටම සිය ගිණුම 'රිපෝට්' වීම හමුවේ එය සම්පූර්ණයෙන් අවහිර වෙතැයි බියෙන් මේ වන විට තමා විසින් සිය ගිණුම අක්‍රිය (Deactivate) කරනු ලැබ ඇතැයි පරිසරවේදී සුපුන් ජයවීර පවසයි.

    "මගේ ප්‍රොෆයිල් එකේ යාළුවෝ තුන්දාහක් පමණ සිටියා. ඊට අමතරව තවත් ෆලෝවර්ස්ලා නවදාහක් විතර සිටියා. විශේෂයෙන් පාරිසරික කාරණා ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් ඒ අතර සිටියා. මම කියන දේවල යම් කිසි විශ්වසනීයත්වයක් තිබෙනවා කියලා මගේ ප්‍රොෆයිල් එක ෆලෝ කරපු කට්ටියක් සිටියා. ඒවා ෂෙයාර් කරපු විශාල පිරිසක් සිටියා. ඉතින් ෆේස්බුක් එකේ තිබෙන ලූප් හෝල්ස් (ගැල වී යාමේ මාර්ග) යොදාගෙන මාව වාරණයකට ලක් වීමක් තමයි මේ සිද්ධ වෙලා තිබෙන්නේ." යනුවෙන් ඔහු කියා සිටියේය.


    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ තමා කිසිවිටකත් කිසිවකු හෝ පෞද්ගලිකව අඩන්තෙට්ටමකට හෝ පීඩාවකට (Bullying and Harassment) ලක් කර නොමැති බව නීතඥ සුපුන් ජයවීර අවධාරණය කරයි.

    "අපි කවදාවත් මනුස්සයෙක් බුලි කරලා, හැරස් කරලා නැහැ. එක සැරයක් මට මතකයි "මුස්ලිම්වරුන්ට ඇටෑක් කරන්න එපා", කියලා දාපු මගේ පෝස්ට් එකක්, වයලන්ස් (ප්‍රචණ්ඩත්වය දැක්වෙන) කියලා රිපෝට් වෙලා තිබුණා. ඒ තුළ අපේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය සම්පූර්ණයෙන්ම නැති වීමක් සිදු වෙලා තිබෙනවා."

    "මේ රිපෝට් වුණු පෝස්ට් එකක් මගේ යාළුවෙකුගේ ප්‍රොෆයිල්' එකකින් පබ්ලිෂ්' කරලා, ටික වෙලාවකින් අපිම ඒක රිපෝට් කළා. එතකොට අපිට රිප්ලයි එකක් එනවා, මේ පෝස්ට් එකෙන් 'කමියුනිටි ස්ටෑන්ඩර්ඩ්ස්වලට' (සම්මත ප්‍රමිතීන්වලට) හානියක් වෙන්නේ නැහැ කියලා,"

    එබැවින් තමා වැනි පරිසර විනාශයට එරෙහි හඬ නගන පරිසරවේදීන් පෞද්ගලිකව ඉලක්ක කර, ඔවුන් යටපත් කිරීමේ උත්සාහයක් පවතින බව සිතීම සාධාරණ නොවේදැයි සුපුන් ජයවීර ප්‍රශ්න කරයි.

    41hWmO4.png



    මේ අතර තමා විසින් පවත්වා ගෙන යන ලද, අධ්‍යාපනික කරුණු පමණක් පළ කෙරුණු 'පරිණාමික දිනපොත (Diary of Evolution) නමැති ෆේස්බුක් පිටුව (Facebook Page) කිසිඳු දැනුම්දීමකින් තොරව "අතුරුදහන්" වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

    "මම ඒ පිටුව පවත්වාගෙන ගියේ ස්වභාවික විද්‍යාව ගැන දැනුම ලබා දෙන්න. මොකද ස්වභාවික විද්‍යාව සම්බන්ධයෙන් ලංකාව තුළ ගොඩක් මිත්‍යා මත තිබෙනවා. දැනුම අඩුයි. පාරිසරික විද්‍යාව, පුරා විද්‍යාව සහ පරිණාමය කියන විෂයයන්වල එකතුවක් වශයෙන් තමයි මම මෙහි පෝස්ට් පළ කළේ. අවුරුදු තුනක පමණ සිට, සරල භාෂාවෙන් ලංකාවේ කාටත් තේරුම් ගන්න පුළුවන් විදිහට මම එහි කරුණු පළ කරනවා,"

    "ඇත්තටම කිව්වොත් 'ග්ලෝබල් කොන්ටෙක්ස්ට්' (ගෝලීය සන්දර්භය) එක තුළ ඒක 'සයන්ස් කමියුනිකේෂන්' (විද්‍යා සන්නිවේදන) පේජ් එකක්. එහෙම පේජස් ලංකාවේ ඇත්තෙම නැති තරම්. එහි පනස් දහසකට වැඩි ෆලෝවර්ස්ලා සංඛ්‍යාවක් සිටියා, ලොකු රීච් එකක් තිබ්බ පේජ් එකක්. දේශපාලනයට අදාළ කිසිම දෙයක් එහි පළ වුණේ නැහැ. දැන් ඒ පේජ් එකත් අතුරුදහන් වෙලා තිබෙනවා,"

    "කිසිම වෝනිං එකක් නැහැ, නොටිෆිකේෂන් එකක් නැහැ, ඊමේල් එකක් නැහැ. පේජ් එක නිකන්ම අතුරුදහන්." යනුවෙන් සුපුන් ජයවීර වැඩිදුරටත් සඳහන් කළේය.

    අවහිර කෙරුණු තවත් ගිණුම්

    LUUMAaD.png


    පරිසර විනාශයන් පමණක් නොව මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, දූෂණ සහ වංචා සම්බන්ධයෙන් හඬ නගන ක්‍රියාකාරීන් ද ෆේස්බුක් ගිණුම් අවහිර කෙරුණු පිරිස අතර සිටිති.

    අතුරුදහන් කිරීම් සහ මානව හිමිකම් වෙනුවෙන් හඬ නගන නීතිඥ අචලා සෙනවිරත්න ද ඒ අතර වේ.

    දින තුනකට සිය ෆේස්බුක් ගිණුම අවහිර කර තිබුණු බව පසුගිය සෙනසුරාදා ඇය සිය ෆේස්බුක් පිටුවේ සඳහන් කර තිබිණි.

    එහෙත් සිය ඡායාරූප මත අසභ්‍ය ප්‍රකාශ, මරණීය තර්ජන සහ නින්දා අපහාස සහිත ප්‍රකාශ පළ කරන ලද ගිණුම් සම්බන්ධයෙන් පැමිණිලි කළ ද (Report) ඒ කිසිඳු ගිණුමක් අවහිර නොවීම (Restrict) "අරුමයක්" බව නීතිඥ අචලා සෙනවිරත්න වැඩි දුරටත් සඳහන් කරයි.

    "සත්‍ය කතා කිරීමම හෙණ ගැසීමට හෝ 'Restricted' වීමට සුදුසුකමක් විය හැක... නැවතත් ස්තූතියි."

    මේ අතර සමාජ ජාල ඔස්සේ විකල්ප මත සහ අදහස් පළ කරන ක්‍රියාකාරී භික්ෂූන්වහන්සේ නමක් වන කාරිමඩිත්තේ ඤාණාරාම හිමි, සිය ෆේස්බුක් ගිණුම අවහිර කර ඇති බව අප්‍රේල් 02 වෙනිදා සඳහන් කර තිබිණි.

    ඒ සම්බන්ධයෙන් අදහස් පළ කර තිබූ (Comment) බොහෝ පිරිසක් එම ක්‍රියාව හෙළා දැක ඇති අයුරු සහ ඒ හා සමාන අත්දැකීමක් තමාට ද ඇති බව සටහන් කර ඇත.


    t8zHtcJ.png


    සිය සමාජ ජාලයේ පළවන කරුණු පරීක්ෂා කිරීමට සහ ඒවායේ නිවරද්‍යතාව සොයා බැලීමට ෆේස්බුක් විසින් තෙවෙනි පාර්ශවීය කණ්ඩායම් යොදා ගනු ලබයි.

    එවැනි කණ්ඩායම්වලට අයත් ඇතැම් "ස්වාධීන විමර්ශකයන්" (Independent Fact Checkers) සිය සටහන්වල සන්දර්භය නොසලකා, ඒවායේ අඩංගු ඇතැම් වචන සෘජුවම ඉංග්‍රීසි බසට පරිවර්තනය කර (Direct translation) ෆේස්බුක් වෙත වාර්තා කරන්නේ දැයි සැක මතු වන බව ගිණුම් අවහිර කෙරුණු පරිසරවේදීන් සහ ක්‍රියාකාරීන් කීප දෙනෙකු සිය අත්දැකීම විස්තර කරමින් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

    ඒ අතර සිටින ඇතැම් පුද්ගලයන් වත්මන් ආණ්ඩුවට දක්වන නැමියාවක් (Bias) හේතුවෙන් එසේ කරන්නේ දැයි සැක මතුවන බවත් ඔවුහු කියා සිටිති.


     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,727
    8,984
    113
    ඔව්. මම රජය හෝ ආගම් (තලේබාන් බුද්ධාගම වගේම ඉස්ලාම් අන්තවාදයත්) විවේචනය වෙන පෝස්ට් දැම්මයින් පස්සෙ වෝර්නින්ග්ස් එනවමයි, ඉඳහිට බ්ලොක් වෙලා තියෙනව. ඔය ලොකු රීඩර් බේස් එකක් තියෙන ඇක්ටිවිස්ට් ලට නම් හැරෙන්නවත් බෑ, මාසෙකට පෝස්ට් කීපයක් දාන්න විතරයි එකවුන්ට් එක හරියාකාරව තියෙන්නෙ.

    භාෂාවෙන් සහ අදහස් අතින් විනීත බව රැකගෙන, රෙෆරන්සස් එක්කම ලියන ඒවට කෙලවෙද්දි ගජං ටයිප් එකෙන් කුණුහරප කියාගෙන මිනිස්සු අවුලවන්නම දාන හෑලි කිසි ප්‍රශ්නයක් නැතුව ශෙයා වෙන එක අවුලක්.