ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි - රනිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,109
    56,603
    113
    ranil-letter-anura


    09 වන විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට රට භාරදීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා සිටී.

    සිය නික්ම යාම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර ඇත්තේ "අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි" යන්නයි. එම ලිපිය පහතින්



    “ආයුබෝවන්
    ආදරණීය පුරවැසියනි,

    සැප්තැම්බර් 21 පැවති ජනාධිපතිවරණයෙන් මේ රටේ බහුතර ජනතාව තීන්දුවක් ලබා දී තියෙනවා. අපි ඒ තීන්දුවට ගරු කල යුතුයි. ඒ තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා රාජ්‍යයේ යථා පැවැත්ම තහවුරු කල යුතුයි.
    මීට අවුරුදු දෙකකට කලින් බංකොලොත් වෙලා, ආර්ථික අගාධයකට ඇද වැටී තිබුණ, ඉතාමත්ම අර්බුධකාරී වාතාවරණයකදී මම මේ රට භාර ගත්තා.

    ඒ අභියෝගයට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් බොහෝ දෙනෙකුට නොතිබූ අවස්ථාවක තමයි මම ඒ වගකීම භාරගත්තේ.

    ඉතිහාසය විසින් මට ලබාදුන් ඒ වගකීම මම සාර්ථකව ඉෂ්ඨ කලා.


    වසර දෙකක් වැනි කෙටි කාලයකදී මේ රට බංකොලොත්භාවයෙන් මුදවා ගන්න මට හැකියාව ලැබුනා.
    මගේ දේශපාලන ජීවිතයේ මගේ රට වෙනුවෙන් කරන්න ලැබුණු වටිනාම කාර්යභාරය එය කියලයි මම විශ්වාස කරන්නේ.

    මම රට භාරගන්නා අවස්ථාවේදී සීයයට හැත්තෑවක්ව පැවති උද්ධමනය බින්දුවයි දශම පහක් (0.5%) දක්වා අඩු කිරීමට මට හැකියාවක් ලැබුණා.

    ඇමරිකානු ඩොලර් මිලියන විස්සක්ව පැවති මෙරට විදේශ සංචිතය ඇමරිකන් ඩොලර් බිලියන පහයි දශම හතක් දක්වා ඉහළ දැමීමට මට හැකියාවක් ලැබුණා.

    ඒ වගේම ඩොලරයට සාපේක්ෂව තුන්සිය අසූවක්ව පැවති රුපියලේ අගය රුපියල් තුන්සීයක් දක්වා පහත හෙළමින් ශක්තිමත්, ස්ථාවර අගයකට ගෙන ඒමට මට හැකිවුණා.

    එසේම සෘණ හතයි දශම තුනක්ව (-7.3%) පැවති ආර්ථික වර්ධනය ධන දෙකයි දශම තුනක් (2.3%) දක්වා ඉහළ නැංවීමට මා කටයුතු කලා. ඒ ගැන මම සතුටු වෙනවා.

    මගේ ඒ ඓතිහාසික දේශපාලනික කාර්යභාරය ගැන මේ රටේ අනාගත පරපුර නිසි ලෙස තක්සේරුවක් ලබාදෙයි කියලා මම විශ්වාස කරනවා.

    මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා.


    මම නිවැරදි මාර්ගයේ ගිහින් ජනතාවගේ දුක් ගින්දර සෑහෙන දුරකට නිවා දැමුවා. නව ජනාධිපතිතුමාත් ඔහුට ලැබුණු ජනවරම ප්‍රකාරව නිවැරදි මාර්ගය තෝරාගෙන ජනදුක නිවා දමයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

    ඉතාම අභියෝගාත්මක වැල් පාළමේ ශ්‍රී ලංකාව කියන ආදරණීය දරුවා මම හැකිතාක් උපරීම දුරක් ආරක්ෂිතව රැගෙන ආවා.

    වැල් පාළමේ අවසානය පෙනි පෙනි ඒ ආදරණීය දරුවා අනුර දිසානායක ජනාධිපතිතුමාට භාර දීමට රටේ ජනතාව තීරණය කර තිබෙනවා.

    ජනාධිපතිතුමනි, ඔබත් මමත් දෙදෙනාම ආදරය කරන ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම මහත් සෙනෙහසින් ඔබ වෙත භාර දෙනවා. මේ දරුවා මම රැගෙන ආවාටත් වඩා ආරක්ෂිතව වැල් පාලමෙන් එතෙර කරවීමට ඔබට හැකියාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

    බලය ඇතත්, නැතත්, තනතුරු ඇතත්, නැතත්, මේ රටේ ජනතාවට මගෙන් විය යුතු යුතුකම් අදාළ අවස්ථාවේදී කිසිදු පැකිලීමකින් තොරව මා ඉටුකරනවා.

    මගේ පාලන කාලය තුළදී ඒ සඳහා සහය දුන් නොදුන් සියලුම දෙනාටත්,
    මේ රටේ සියලුම පුරවැසියන්ටත් ස්තූතියි!”

    - ජනාධිපති රනිල් වික්‍රමසිංහ
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,474
    113
    49
    Glen Ellen, California, U.S.
    මේ රටේ පාලකයා වශයෙන් ඉතිහාසයේ මට හිමි තැන තීරණය වනුයේ අද නොව අනාගතයේ බව මා දන්නවා....

    :yes:
    මිනිස්සුන්ට මේක තේරෙන්න සැහෙන කාලයක් යාවි.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,655
    17,992
    113
    හස්තිශෛලපුර
    මිනිස්සුන්ට මේක තේරෙන්න සැහෙන කාලයක් යාවි.
    ඔව්, මුට ඒ තැන හම්බෙන්නේ මේ පාර පැරදුන හින්දා.. දින්න නම් සක්කිලි මයින වගේ ගු ගොඩක් වෙලා යන්නේ..
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,269
    113
    97
    හෝමාගම
    ලන්කාව යනු දරුවෙකු නොව වටෙ ගිය බඩුවකි.
    අනුරට තියෙන්නෙ බඩුවක් යහ මගට ගන්නටය.


    එනි වේ

    පප්ප වැකේසන් යවමු
    පස්සෙ ඕන වෙයිද දන්නෙ නෑනෙ
     
    • Like
    Reactions: saja

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,474
    113
    49
    Glen Ellen, California, U.S.
    ඌ හෑලි ලියන්නේ හරියට අපි බංකොලොත් කරලා උට දුන්න වගේ 😂
    උඹලට අමතක වුනාට, උඹල මිනිස්සුන්ට අමතක කරන්න හැදුවට උඹලගේ ජවිපෙ කරපු දේවල් අපි මැරෙනකම් මතකයේ තියාගෙන ඉන්නවා.