ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වල 10 ට වැටෙයි – ඇෆ්ගනිස්තානයත් ලංකාවට උඩින්

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    3,953
    1,975
    113
    PANNIPITIYA
    තරග 03 කින් සමන්විත ශ්‍රී ලංකා – ‍බටහිර ඉන්දීය කොදෙව් 20/20 තරගාවලිය අද අවසන් වූයේ සත්කාරක කොදෙව්වන්ට 2-1 ක් ලෙස ජයග්‍රහණය අත්කර දෙමිනි. මෙය 20/20 තරගවල ශ්‍රී ලංකාව පිට පිටම අත්කර ගත් සිව්වැනි තරගාවලි පරාජයයි.

    අවසන් වරට ශ්‍රී ලංකාව තරගාවලියක් ජයග්‍රහණය කළේ 2019 වසරේ ඔක්තෝබර් මාසයේදීය. ඒ පකිස්තානයට එරෙහිවයි. ඉන් අනතුරුව ඕස්ට්‍රේලියාවේදී 3-0 ක පරාජයක් ලැබූ අතර ඉන්දියාවේදී 2-0 ක පරාජයක් අත්කර ගත්තේය. ඉන්පසු පසුගිය වසරේ මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවේදීම කොදෙව්වන් හමුවේ 2-0 ක පරාජයක් ලැබූ අතර ඉන් හරියටම වසරකට පසුව නැවතත් කොදෙව්වන් හමුවේ 2/1 ක් ලෙස පරාජයට පත්ව තිබේ.

    මෙම තරගාවලි පරාජය හමුවේ ශ්‍රී ලංකාව 20/20 ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා. 2006 වසරේ ජුනි මාසයේදී පළමු ජාත්‍යන්තර 20/20 තරගයට ක්‍රීඩාකළ ශ්‍රී ලංකාව එතැන් පටන් එම තරග අංශයෙන් ප්‍රබලතම කණ්ඩායමක් බවට පත් වූ අතර නිරන්තරයෙන්ම ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් කිහිපය අතර පසුවිය.

    කෙසේ නමුත් පසුගිය වසර කිහිපය තුළ දිගින් දිගටම පරාජයට පත්වීම හේතුවෙන් කොදෙව් තරගාවලිය අවසන් වනවිට ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානය දක්වා පල්ලම් බැසීමට සිදුව තිබේ. විශේෂත්වය වන්නේ ඇෆ්ගනිස්තානයද ශ්‍රී ලංකාවට වඩා එක් පියවරක් ඉහළින් සිටීමයි.

    ශ්‍රී ලංකාවේ නම ලෝකයේ ඉහළින්ම ඔසවා තැබීමට සමත් වූ ක්‍රිකට් ක්‍රීඩාවේ දැවැන්ත කඩාවැටීමක් සිදුව ඇති අතර වසර ගණනාවක් තිස්සේ ඉන් ගොඩ ඒමට ක්‍රිකට් බළධාරීන් තවමත් සමත්ව නොමැත. විටින් විට ඩොලර් ලක්ෂ ගණනින් පඩි ගෙවා පුහුණුකරුවන් බඳවා ගත්තද, විවිධ තනතුරුවලට ක්‍රිකට් විශේෂඥයන්, විශේෂඥ පුහුණුකරුවන් බඳවා ගත්තද තවදුරටත් ක්‍රිකට් අගාධය කරා ගමන් කරමින් තිබේ.

    මේ වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල 06 වැනි ස්ථානයේ පසුවන අතර එක්දින ශ්‍රේණිගත කිරීම්වල අටවැනි ස්ථානයේ පසුවේ. කොදෙව් සංචාරය අවසන් වනවිට ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල කොදෙව්වන් ශ්‍රී ලංකාව අභිබවා යාමේ අවදානමක් මතුව තිබේ. එසේ වුවහොත් එය ශ්‍රී ලංකාවට වැටිය හැකි උපරිම ස්ථානය වනු ඇති අතර ඉන් මතු ක්‍රිකට් ක්‍රීඩාවටද මෙරට මළල ක්‍රීඩාවට අත් වූ ඉරණමම අත්වනු ඇත.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    6,544
    1,930
    113
    අනේ තව වැටියං පල්ලෙහාටම
    giphy.gif
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    5,853
    2,155
    113
    IPL walatath ekake wath gathe nathi ekan penawa ne ape players lage standard eka

    domestic/school hadanakam mechara thama machan

    coach newee moka maru unath dushanaya wanchawa yawuwath
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    2,705
    5,109
    113
    මේ වෙන දේට මම කැමති. මොකද දෙයක් වෙනස් වෙන්න අලුතින් හැදෙන්න නැත්තටම නැති වෙන්න ඕනා. නැත්තටම එපා උනාම ඉන්න එකෙක් වත් වැඩක් නැ කියලා පසක් විමම වැදගත්. ⁣
    දැනට රාජපක්ෂ රෙජිමයට වෙමින් යන්නෙත් ඒක
     
    • Like
    Reactions: NRTG and cgrcanz