ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,362
    2,039
    113
    planet earth

    ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..​

    July 21, 2021 at 10:02 pm | lanka C news
    ශ‍්‍රී ලංකාවේ බොරතෙල් ටෙන්ඩරය ලොව කිසිදු සමාගමක් බාර නොගනී..? ඉන්ධන අර්බුදයක ලකුණු..

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් බොරතෙල් මෙටිි‍්‍රක් ටොන් 120,000ක් ලබා ගැනීම සදහා ඊයේ දින විවෘත කරන ලද ටෙන්ඩරයට කිසිදු සමාගමක් ලංසු ඉදිරිපත් කරන්න නැතැයි වාර්තා වේ.

    මේ තත්ත්වය මත එම ටෙන්ඩරය නැවත දින වෙනස් කර ඉදිරිපත් කිරීමට තෙල් සංස්ථාව සූදානම් වන බවද වාර්තා වෙයි.

    මෙසේ සැපයුම්කරුවන් ටෙන්ඩරය සඳහා උනන්දුවක් නොදැක් වීමට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ඩොලර් හිගයයි.

    මෙවන් ටෙන්ඩරයක් ඉදිරිපත් වූ අවස්ථාවලදී ඒ සඳහා ලංසු තැබීමට ලබා දෙන කාලයේ දී අවම වශයෙන් සැපයුම්කරුවන් තිදෙනෙකු වුවත් එයට තබා තිබේ.

    කෙසේ වෙතත් විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මීට පෙර සඳහන් කර ඇත්තේ ඉදිරි සති තුනක සඳහා අවශ්‍ය කාලයට මෙරට තුල ඉන්ධන ප්‍රමාණවත් පරිදි ගබඩා කර ඇති බවයි.

    මෙතෙක් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව දැනට දැඩි විදේශීය විනිමය අර්ඉුදයකට මුහුණපා සිටින අතර භාණ්ඩ ආනයනය කිරීම ද දැඩි ලෙස සීමා කර තිබේ.

    මේ අතර ඉදිරි දිනවල පියවීමට නියමිතව ඇති ජාත්‍යන්තර ණය වාරිකයෙන් පසු ඩොලර් හිගය තව දුරටත් උග‍්‍ර වනු ඇතැයි මුල්‍ය විශේෂඥයන්ගේ අදහසයි.


    :baffled: :baffled: :baffled:
     

    kingcapton

    Active member
  • Sep 28, 2012
    344
    90
    28
    ඒකටත් මුහුණ දීලා බලමු. අපේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙන්නේ තව මොනවාට මුහුණ දුන්නොත් කියලද හිතෙන්නේ.....
    ඔව් හැමදේම වෙන්නේ මනුෂ්‍යයට නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    28,179
    1
    10,553
    113
    ඒකටත් මුහුණ දීලා බලමු. අපේ අත්දැකීම් වලින් පරිපූර්ණ වෙන්නේ තව මොනවාට මුහුණ දුන්නොත් කියලද හිතෙන්නේ.....

    LTTE
    Tsunami
    Pandemic

    Now bankruptcy

    මේකට පිංකෙත හෙළ රන් දෙරණ කිව්ව පොර ඉස්සරහට එන්න කටට මසුරමක් දාන්න
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    211
    519
    93
    LTTE
    Tsunami
    Pandemic

    Now bankruptcy

    මේකට පිංකෙත හෙළ රන් දෙරණ කිව්ව පොර ඉස්සරහට එන්න කටට මසුරමක් දාන්න
    LTTE එකෙන් පස්සේ bankruptcy වුන විදිය ගැන හිතපල්ලාකෝ, 2009 ඉදන් 2021 වෙනකම් ආන්ඩු කරපු එවුන්ට හෙනම ගහන්න ඔනි. යකෝ යුදෙදේ කාලේ මෙහෙම අවුලක් තිබ්බේ නැනේ. යුදෙදේ න් පස්සේ සුද්දේ ...
    ඒ කාලේ කාල ,ඇදලවත් හිටියා. දැන් කන්න නැතුව මැරෙන්න. (යුදෙදේ හොදයි කියාලා නෙමෙයි කියන්නේ , යුදෙදේ ට වඩා සැරට සුද්දේ ගිහින් තියෙනවා අපිට නොතෙරුනාට)