සංගක්කාරගේ බිරියගේ නමට ව්‍යාජ ලේඛන සකසා දුප්පතුන්ට දෙන රජයේ ඉඩම් අක්කර දෙකක්

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    3,340
    2,718
    113
    කහටගස්දිගිලිය
    yahali-sangakkara-sigiriya-land


    සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ බිරිය වන යහාලි සංගක්කාරගේ නමට ව්‍යාජ ලේඛන සකසා සීගිරිය ප්‍රදේශයේ රජයේ ඉඩම් අක්කර දෙකක් ලබාදී තිබීම සම්බන්ධයෙන් මේ වනවිට දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරීක්ෂණයක් ආරම්භවී තිබේ.


    අඩු ආදායම්ලාභිනියක ලෙස පෙනී සිටිමින් ව්‍යාජ ලේඛන සකස් කර පර්චස් 90කට ආසන්න රුපියල් කෝටි ගණනක් වටිනා මෙම ඉඩම පවරා දී ඇත්තේ ව්‍යාජ හැඳුනුම්පතක් සහ මාසික ආදායම රුපියල් 7000ට අඩු ආදායම්ලාභියකු ලෙසට කූඨ ලේඛන සකස් කිරීමෙන් බවට දැන් කරුණු අනාවරණයවී ඇත. ව්‍යාජ ලේඛන සකස් කළ ග්‍රාම නිලධාරියා මේ වනවිට වැඩ තහනමට ලක්ව ඇත.
    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මයිලන්තෑව ප්‍රදේශයේ පදිංචි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය විසින් අංක ඒ ආර්/ 5/ 031539 දරන දීමනා පත්‍රයට අනුව මෙම ඉඩම පවරා දෙනු ලැබ ඇත්තේ පරණගම, දඹුල්ල ලිපිනයේ පදිංචි බව කියන යහාලි සංගක්කාර වෙත බව එම තොරතුරුවලින් හෙළිවී තිබේ.එම ඉඩමේ පදිංචිව සිටි ඇතුගල් පේඩිගේ පද්මිණී යන අය තම ඉඩම නඩත්තු කරගත නොහැකි බැවින් එය තවත් අඩු ආදායම්ලාභී කාන්තාවක ලෙසින් හැඳින්වූ යහාලි වෙත පවරා දෙන ලෙසට දඹුල්ල ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉල්ලීමක් කර ඇත්තේ ඉකුත් 2020 වසරේ ඔක්තෝබර් මස 05 වැනිදාය.
    ආර්ථික සංවර්ධනය නගාසිටුවීම වස් අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් රජයේ ඉඩම් පැවරීම සිදු කරන වැඩසටහනක් යටතේ අංක ඒ ආර්/ 5/ 031539 දරන රූඩ් 02 පර්චස් 15.1 ක මෙම ඉඩම් කොටස ක්‍රීඩකයාගේ බිරියගේ නමට ලබාදීමට අදාළ ඉඩම පිහිටි ග්‍රාම නිලධාරී වසමේ ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරි මෙන්ම ජනපද නිලධාරියා ද අදාළ හිමිකම් පරික්ෂාකොට සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම්වරයා වෙත තහවුරු කරතිබීම නිසා
    ලේඛනවල මතුපිට නිවැරදිතාවය පමණක් සලකා දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා ඊට අත්සන් කර ඇත්තේ ඉකුත් 2020 දෙසැම්බර් මස 14 වැනිදාය.
    පැවරුම්කාරියගේ ස්වාමිපුරුෂයා ගොවිතැන් කරන බවත්, ඔවුන්ගේ මාසික ආදායම රුපියල් 7000/-ට අඩු බවත්
    එහි දක්වා තිබී ඇත.
    මෙම කාරණාව පසුව සැකයට බඳුන්වන්නේ අදාළ ඉඩමේ වාණිජ අරමුණින් යම් කටයුත්තක් ිසදුවන්නට යන බවට ප්‍රාදේශීය ලේකම්වරයාට ලැබුණ ඇමතුමක් නිසා සිදු කළ පරීක්ෂාවකදීය.
    යහාලි එහි පදිංචිකාරියක බවට සඳහන් කරමින් ග්‍රාම නිලධාරියා සහතිකයක් ලබා දී තිබුණේ ඉකුත් 2020 ඔක්තෝබර් මස 29 වැනිදාය. යහාලි හා ඇගේ ගොවි සැමියාට අවුරුදු 18ට වැඩි අවිවාහක දරුවන් නොමැති බවත් වෙනත් යැපෙන්නන් නොමැති බවත්, එම සහතිකයේ සඳහන්කොට ඇත.මෙම ඉඩමේ පැවරුම්කාරිය ඉහළ ඇරැවුල, දඹුල්ලේ පදිංචි බවට සනාථ කිරීම සඳහා එම ලිපිනය සහිත ජාතික හැඳුනුම්පතක ඡායා පිටපතක් අදාළ ලිපිගොනුවට ඉදිරිපත් කර ඇති නමුත්,
    සැකය මතුවූ පසු සිදු කළ පරීක්ෂාවේදී එම ලිපිනයෙහි අදාළ නම සහිත කාන්තාවක හෝ දරුපවුලක් පදිංචිව බවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සතුව කිසිඳු තොරතුරක් නොමැති බවත් එවන් ජාතික හැඳුනුම්පතක් එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් නිකුත් කර නොමැති බවත් අනාවරණයවී ඇත.



    ඒ නිසා මේ සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියාගේ සේවය අත්හිටුවීමට දිස්ත්‍රික් ලේකම්වරයා කටයුතු කළේය.
    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් පියල් ජයසූරිය මහතා සඳහන් කළේ, පහළ නිලධාරින් ලිපි ගොනුව සකස්කොට සනාථ කර තිබීම හේතුවෙන් තමා එම ඉඩම් පැවරීමට අදාළව එම ලිපිගොනුවට අත්සන් යෙදූ බවය.
    ඉඩම් හිමිකම් පැවරීමේ සිද්ධියකදී ග්‍රාම නිලධාරියා සහ ඉඩම් නිලධාරිවරයා ඇතුළු කණ්ඩායමක් විශේෂ පෝරම් කිහිපයක් පිරවිය යුතුව ඇති බවත්, අඩු ආදායම්ලාභියකු බවට සහතික කිරිම, දරුවන් ඇත්නම් ඒ අයගේ කැමැත්ත ලබාගැනීම, වෙනත් සම්බන්ධකම් ඇත්නම් එය සනාථ කිරීම, පදිංචිය සනාථ කිරීම ආදී සියල්ල නිලධාරින් විසින් සිදුකළ යුතුව ඇති බවත් හෙතෙම පැවසීය.
    කෙසේ වෙතත් මෙම වංචාව ගැන අනාවරණයවී ඇත්තේ මෙලෙස පවරාගත් ඉඩම වාණිජ කටයුත්තක් සඳහා යොදාගන්නා බවට තමන්ට ලැබුණ දුරකථන ඇමතුමක් ඔස්සේ සිදු කළ පරීක්ෂා කිරීමකදී බවත් හෝටලයක් හදන්න යනවා යනුවෙන් ඇමතුම ලැබුණ බවත් ඔහු පැවසීය.
    ඇතුගල් පේඩිගේ පද්මිණී තමන්ට මුදල් ආධාර දුන් නිසා ඉඩම පැවරූ බව කියන නමුත් දැන් ඉඩම ලබාගත් තැනැත්තිය හඳුනන්නේ නැති බව කියා ඇත.
    ග්‍රාම නිලධාරියාට අමතරව ඉඩම පරීක්ෂා කළ අනෙක් නිලධාරීන් පැහැදිලි උත්තර සපයා නැති අතර ඔවුන් ගැන පරීක්ෂණ සිදුවේ.
    වැඩතහනමට ලක්වූ ග්‍රාම නිලධාරියාගේ දරුවෙකු මහනුවර ඉහළ මට්ටමේ පාසලකට ඇතුළත් කර ඇති බවත් එම කටයුත්තට උදව් කර ඇත්තේ අදාළ ක්‍රීඩකයාගේ බිරිය බවත් තොරතුරු හෙළීවෙමින් පවතී.




    gossiplanka27264.jpg


    gossiplanka45214.jpg


    gossiplanka51031.jpg

    source
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    23,932
    5,689
    113
    කැළෑ පොජ්ජේ
    කෝටි ගානක ඉඩමක් අයිති නම් දුප්පත් වෙන්න බෑනේ...

    අනිත් අතට රජයෙන් එහෙම අඩු ආදායම් ලාබීන්ට කෝටි ගානක ඉඩම් දුන්නද එක්කෙනාට එක ගානේ? හිතාගන්නත් බැහැ
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,340
    2,718
    113
    කහටගස්දිගිලිය
    කෝටි ගානක ඉඩමක් අයිති නම් දුප්පත් වෙන්න බෑනේ...

    අනිත් අතට රජයෙන් එහෙම අඩු ආදායම් ලාබීන්ට කෝටි ගානක ඉඩම් දුන්නද එක්කෙනාට එක ගානේ? හිතාගන්නත් බැහැ
    මචෝ.. මූ නාමල් බේබී එක්ක ක්‍රිකට් සන්වර්දන කමිටුවට එනකොටම හිතුනා යටින් හොදට සැලකුම් ලබනවා කියලා...

    ගම සමග පිලිසදර... අම්මගේ රෙද්ද!!
     

    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    392
    278
    63
    මොකක් හරි මගඩියක් තියෙනවා.
    මිනිස්සු නිකන් 50 shades of gray වගේ.

    තියෙන කාරණා කීප ගුනේකින් වැඩි කරලා තමා පත්තර කාරයෝ ලියන්නේ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    3,113
    2,377
    113
    පවු බන් ඔය ඉඩම් විකුනන්න ඉතින් වෙන ක්‍රමයක් නෑ. ඔය වැඩේ වෙනවා හැමතැනම. මගෙත් ඉඩමක් තියනවා සවර්න භූමි ඔප්පු තියන විකුනන්න බෑ. මොකෙක් හරි අපතයෙක් අදින්න ඇති. විකුනපු එකා කැමැත්තෙන් විකුනන්න ඇත්තේ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    23,932
    5,689
    113
    කැළෑ පොජ්ජේ
    මචෝ.. මූ නාමල් බේබී එක්ක ක්‍රිකට් සන්වර්දන කමිටුවට එනකොටම හිතුනා යටින් හොදට සැලකුම් ලබනවා කියලා...

    ගම සමග පිලිසදර... අම්මගේ රෙද්ද!!

    මූ ඉතින් දෙවදූතයෙක් නෙමෙයිනේ...සුද්දවන්තයෙකුත් නෙමෙයි...ක්‍රිකට් ගැහුවෙත් ඉතින් පුළුවන් උපරිම සල්ලි හොයන්න බලාගෙන නේ..ලීග් අරව මේවා...ඉතින් ඒ නිසා සල්ලි වලට කෑදර නැහැයි කියන්න බැහැ..එකට මූට දොස් කියන්නත් බැහැ...අපි උනත් බලන්නේ පුළුවන් උපරිම හොයන්න තමයි...

    මූව මිනිස්සු සැහෙන්න උඩ දැම්මා..මිනිහගේ ටැලන්ට් එක නිසා තමයි එක උනේ..කතා බහ පෙනුම එක්ක මහත්මා සීන් එකකුත් සෙට් වුනා...මිනිහ ඉතින් ඒ ලයින් එකෙන්ම ගියා...කොහොම ගියත් ඇතුලේ ඉන්න එකා වෙනස් වෙන්නේ නැහැ නේ...

    කාගේ කාගේ කිල්ලෝට වල හුණු චුට්ට චුට්ට තියෙනවා කියන්නේ ඕකයි...
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    3,340
    2,718
    113
    කහටගස්දිගිලිය
    මූ ඉතින් දෙවදූතයෙක් නෙමෙයිනේ...සුද්දවන්තයෙකුත් නෙමෙයි...ක්‍රිකට් ගැහුවෙත් ඉතින් පුළුවන් උපරිම සල්ලි හොයන්න බලාගෙන නේ..ලීග් අරව මේවා...ඉතින් ඒ නිසා සල්ලි වලට කෑදර නැහැයි කියන්න බැහැ..එකට මූට දොස් කියන්නත් බැහැ...අපි උනත් බලන්නේ පුළුවන් උපරිම හොයන්න තමයි...

    මූව මිනිස්සු සැහෙන්න උඩ දැම්මා..මිනිහගේ ටැලන්ට් එක නිසා තමයි එක උනේ..කතා බහ පෙනුම එක්ක මහත්මා සීන් එකකුත් සෙට් වුනා...මිනිහ ඉතින් ඒ ලයින් එකෙන්ම ගියා...කොහොම ගියත් ඇතුලේ ඉන්න එකා වෙනස් වෙන්නේ නැහැ නේ...

    කාගේ කාගේ කිල්ලෝට වල හුණු චුට්ට චුට්ට තියෙනවා කියන්නේ ඕකයි...
    අනිවා!!
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    5,531
    3,719
    113
    ධනය සහ බලය ඇතිවීමක් නැත.
    ඩිල්ඩෝ වලට කොන්ඩොම් දාපු ගෑණි ( famous photo set were 10 years ago) , මූට ඇණේ ගහගෙන දැන් නූල අදිනවා. අරකට ත් ඉතින්......
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    13,770
    13,398
    113
    තාම ලන්කාවේ
    කිසිදෙයක් විශ්වාස නෑ ඔක්කොම එලි වෙනකම්. මේ වගේ හරි හමන් අයිතියක් ගන්න බෑරි ඉඩමක හෝටලය ගහන්න ට්‍රයි කරනවා නම් සන්ගක්කාර පිස්සෙක් වෙන්න ඕනේ.. කලබල වෙන්න දෙය නෑ බලන් ඉන්න තියෙන්නේ මොකද වෙන්නේ කියලා
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,331
    2,395
    113
    ධනය සහ බලය ඇතිවීමක් නැත.
    ඩිල්ඩෝ වලට කොන්ඩොම් දාපු ගෑණි ( famous photo set were 10 years ago) , මූට ඇණේ ගහගෙන දැන් නූල අදිනවා. අරකට ත් ඉතින්......
    ඒ සීන් එක ඇත්තද බන් මමත් දැක්ක ඔය ෆොටෝ සෙට් එක මම හිතුවේ ඌට මඩ ගහන්ඩ ඒ වගේ වෙන සෙට් එකක් දාලා කරපු එකක් කියලා තුන් දෙනෙක් විතර හිටියා මට මතක හැටියට.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,490
    658
    113
    oya idam denne waga karannane
    ithin hotel ekak gahanna baha owage.
    aduwata ganna atte koti ganan walata wikunanna baha owa

    hari krameta giya nam oya kittuwen idamak ganna tibuna
    hotel ekata government habayi duppat ayata denawa wage nemeyi
    badu gewanna one .salli tikak wadipura yanawane.
     

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,615
    177
    63
    ආතල් ලන්තය
    දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රජයේ ඉඩමක් ලබා ගනිමින් ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක කුමාර සංගක්කාර හා ඔහුගේ බිරිය යෙහාලි සංගක්කාර වංචාවක් සිදුකර ඇති බවට පැතිර යන පුවතට තොරතුරු වැරදි ලෙස භාවිතා කර ඇති බව අප කළ විමසුමකදී ඉඩම් කොමසාරිස් ජනරාල් ජී.ඩී. කීර්ති ගමගේ මහතා කියා සිටියේය.
    මේ සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරමින් ඔහු කියා සිටියේ, ඔවුන් දෙපළ දඹුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමට ගොස් අදාළ ඉඩම ඔවුන් වෙත පැවරීමේදී ඊට අදාළ ඔප්පුවහි තොරතුරුවල ඇති ව්‍යාජභාවය තහවුරුවීමෙන් පසුව මේ සම්බන්ධයෙන් ඔවුන් දෙපළ විසින්ම තමාව ලිඛිතව දැනුත් කළ බවත්, මේ වංචාවේ සුලමුල සොයාගැනීමට හැකිවූයේ සංගක්කාර හා ඔහුගේ බිරිය ලබාදුන් සහයෙන් බවද ගමගේ මහතා පැවසීය.
    වගකිවයුතු පුරවැසියකු ලෙස සංගක්කාර මහතා ඒ සම්බන්ධයෙන් අවංක ප්‍රකාශයක් කරමින් කරුණු දක්වා තිබීම තමා ඉතා ඉහලින් අගය කරන බවද කියා සිටියේය.
    එසේම, මේ සම්බන්ධයෙන් ව්‍යාජ හැඳුණුම්පතක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නේ දැයි අප කළ විමසීමකදී ගමගේ මහතා කියා සිටියේ එය ප්‍රාදේශීය ලේකම්වරයා සතු වගකීමක් බවත්, ඔවුන්ට එරෙහිව කූට ලේඛන සැකසීම යටතේ කටයුතු කිරීමට ඔවුන් කටයුතු කරනු ඇති බවයි.
    මේ අතර, කුමාර සංගක්කාර මහතා හා ඔහුගේ බිරිඳ යෙහාලි සංගක්කාර විසින් මේ චංචාව සම්බන්ධයෙන් තොරතුරු ලද වහාම ඔවුන් ඉඩම් කොමසාරිස්වරයා වෙත යොමුකරන ලද ලිපිය හා ඒ සම්බන්ධයෙන් ඉඩම් කොමසාරිස්වරයා ස්තූතිකරමින් එවන ලද ලිපියද පිළිතුරු ලිපිය අප වෙත ලැබී තිබේ. එය අප විසින් පහත පළ කරන්නෙමු.
    මේ ප්‍රවෘත්තිය සංගක්කාර මහතාගෙන් හෝ ඔහුගේ බිරියගේ විමසීමකින් තොරව පළකර තිබුණේ රජයේ සිළුමිණ පුවත්පත විසිනි.

    250BAF5D-3808-4D9A-B4C3-1EA6E383183D.jpeg


    92695DBD-9FBD-4984-81CC-F3E778B73FE4.jpeg


    021BAAD4-A464-4502-96A6-1888F37CE227.jpeg
     
    Last edited:

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,052
    1,146
    113
    ධනය සහ බලය ඇතිවීමක් නැත.
    ඩිල්ඩෝ වලට කොන්ඩොම් දාපු ගෑණි ( famous photo set were 10 years ago) , මූට ඇණේ ගහගෙන දැන් නූල අදිනවා. අරකට ත් ඉතින්......
    කතාව හරි ඒත් අපේ සමහරුන්ට රිදෙනවා ඕවා කියද්දි දැන් භක්තිය වැඩියි. ඉන්දියා චාටර් ක්‍රිකට් ෆෑන්ස්ලා වගේයි.