සංවර්ධන නිව්ස්.............පුදුමයි ඒත් ඇත්තයි..! අල්ලස් නඩු 100 ක් ඉල්ලා අස්කර ගත් අල්ලස් හා දූෂණ කොමිසමක්..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,073
    55,794
    113
    කන්දක් විළිලා මී පැටියෙක් බිහිකිරීමට උස්සාහ කළ ආණ්ඩුව ඊයේ(21) හදිසියේම ප්‍රසූතිය නතර කොට දිනය පසුවට කල් දැම්මේ මී පැටියාගේ තිබූ අඩුපාඩුවක් ස්කෑනරයෙන් පේන්නට වූ නිසාදෝ නොදනිමි. ටික කලකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කෙළේ දකුණු ආසියාවේ හොඳම දූෂණ විරෝධි පනත ගෙන ඒමට ඔහු කටයුතු කරන බවයි. ඔහු කියන දේවල් අප එතරම් විශ්වාස නොකළ යුත්තේ කිසිදා ඔහු කියන දේ ඒ අයුරින්ම සිදු නොවන නිසාය. මෙයත් එවැන්නකි. ඊයේ පාර්ලිමේන්තුවේ නව දූෂණ විරෝධි පනත දෙවන වර විවාදය දින නියමයක් නොමැතිව පසුවට කල් තැබිණි . කටින් බතල කොල හිටවීමට දක්ෂ දේශපාලකයෝ ලංකාවේ තරම් ලෝකයේ වෙනත් කිසිදු රටක නැති තරම් ය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් කළ ගිවිසුමේ එක් කොන්දේසියක් වූයේ 2023 ජුනි මාසය අවසාන වීමට පෙර දූෂණ විරෝධි නීතියක් සම්මත කළ යුතු බවයි. IMF මෑතක සිට මෙවැනි කොන්දේසි අප්‍රිකානු කලාපයේ රටවලටද පනවා තිබුණි. මන්ද, එම රටවල් බංකොලොත් වීමට ඒවායේ පාලකයන්, ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන් සහ හිතවතුන්ගේ දූෂිත ගණුදෙනු විශාල වශයෙන් හේතු වී ඇති නිසාය. IMF එකට අවශ්‍ය එවැනි නීතියක් රටේ සම්මත කිරීම පමණි. එය කෙසේ ක්‍රියාත්මක වනවාද යන්න තීරණය වන්නේ ඒ රටේ සකස් වන ආයතන යාන්ත්‍රනයේ පවතින ස්වාධීනත්වය මතය. එයට හොඳම උදාහරණය ලංකාවේ ක්‍රියාත්මක අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවයි.

    හොඳම උදාහරණය..​

    අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාවලට අනුව (Annual Reports) 2019 නඩු 94 ක් පනවා ඇති අතර ඉන් 04 ක් ඉල්ලා අස්කර ගෙන හෝ කිසිවෙකුට දඬුවම් ලබා දීමක් කොට නැත. 2020 නඩු 55 ක් පනවා ඉන් 03 ක් ඉල්ලා අස්කර ගෙන ඇත. 2021 දී නඩු 69 ක් ගොනු කොට ඉන් 42 ඉල්ලා අස්කර ගෙන ඇත. පුදුමය , 2022 අගෝස්තු 31 වන විට නඩු 71 ක් ගොනු කොට ඉන් 43 ක්ම ඉල්ලා අස්කර ගෙන ඇත. මේ පිළිබඳ වැඩි විස්තර සහ තවත් ප්‍රශ්න සහගත නඩු රාශියක් පිළිබඳ කියවීමට මෙම දිගුවෙන් පිවිසෙන්න. https://www.themorning.lk/articles/220838

    අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ සාමාජිකයන් වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය(සභාපති), අභියාචනාධිකරණ විනිසුරු දීපාලී විජේසුන්දර මහත්මිය සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති චන්ද්‍රා නිමල් වාකිෂ්ඨ යන කොමසාරිස් වරුන් ය. මොවුන් පත් කරන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු හිටපු ජනාධිපති ගෝටාභය රාජපක්ෂ විසිනි. මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමේ සංස්කෘතිය සීඝ්‍රයෙන්ම ආරම්භ වන්නේද 2020 න් පසුව වීම විශේෂත්වයකි.

    2021-2022 ඉල්ලා අස්කර ගත් නඩු 13 ක් රාජපක්ෂ පවුලේ අයට සම්බන්ධ ය. සමහර රාජපක්ෂලාගේ නඩු තුන හතර ඉල්ලා අස්කර ගැනීම පුදුම සහගතය . ගෝටාභය රාජපක්ෂ , මහින්ද රාජපක්ෂ , යෝෂිත රාජපක්ෂ , බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ විත්තිකරුවන් කොට පැවරූ පහත නඩු සියල්ලම මේ වන විට කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගෙන ඇත.

    1) නඩු අංක BC/902/15A - ගෝටාභය රාජපක්ෂට විරුද්ධව අයථා වත්කම් ඉපැයීම නඩුව
    2) BC/2992/15 - මහින්ද රාජපක්ෂට විරුද්ධ අයථා වත්කම් ඉපැයීම නඩුව
    3) BC/902/15, BC/837/15, BC/637/15, BC/1769/15 - බැසිල් රාජපක්ෂට විරුද්ධ අයථා වත්කම් ඉපැයීම නඩුව
    4) BC/1253/15, BC/3130/15, BC/1614/15 - නාමල් රාජපක්ෂට විරුද්ධ අයථා වත්කම් ඉපැයීම නඩුව
    5) BC/1811/16 - යෝෂිත රාජපක්ෂට විරුද්ධ අයථා වත්කම් ඉපැයීම නඩුව
    6) BC/289/15 - බැසිල් රාජපක්ෂට විරුද්ධව පොදු දේපළ අවභාවිතාව පිළිබඳ නඩුව
    7) BC/C/2160/16 - යෝෂිත රාජපක්ෂ අවශ්‍ය සුදුසුකම් රහිතව නාවික හමුදාවට නිළධාරී තනතුරක් ලබා ගැනීම පිළිබඳ නඩුව


    මීට අමතරව පොහොට්ටුවට සම්බන්ධ ඉහළ පෙලේ මැති ඇමැති වරුන්, මන්ත්‍රීවරුන් , සහ ඔවුන්ගේ හිතවත් මහාපරිමාන ජාවාරම් කරුවන් රාශියකගේ නඩු ද කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගෙන ඇත.


    8) BC/41/15D - කෙහෙලිය රඹුක්වැල්ලට සහ රූපවාහිනී සංස්ථාවට විරුද්ධ දූෂණ නඩුව
    9) BC/438/16 - ප්‍රියංකර ජයරත්න හිටපු ගුවන් සේවා රාජ්‍ය ඇමැතිට විරුද්ධ දූෂණ නඩුව
    10) BC/2591/15 - ධම්මික පෙරේරා, හිටපු ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් , පාර්ලිමේන්තු මන්ත්‍රී, විරුද්ධ දූෂණ නඩුව

    පහත නඩු නැවත පැනවීමට අදහස් නොකරන හෙයින් කොමිෂන් සභාව ඒවා පසෙකලා වසා තැබීමට තීරණය කොට ඇත.

    11)BC/144/05 - රෝහිත අබේගුණවර්ධන (රත්තරන් ) විරුද්ධ වත්කම් නඩුව
    12) BC/2399/15 - මහින්දානන්ද අළුත්ගමගේ ට විරුද්ධව කැරම් බෝඩ් දූෂණ චෝදනාව
    13) BC/1456/12 - කෙහෙලිය රඹුක්වැල්ල සහ මුද්‍රණ සංස්ථාවේ සභාපතිට විරුද්ධ නඩු 12 ක්
    14) BC/716/15 - ජොන්ස්ටන් ෆනෑන්ඩුට විරුද්ධ දූෂණ නඩුව
    15) BC/41/15 - කෙහෙලිය රඹුක්වැල්ලට විරුද්ධව දූෂණ නඩුව

    මෙම නඩු සහ තවත් නඩු රාශියක් සහ අල්ලස් හා දූෂණ කොමිෂන් සභාව පිළිබඳ විශේෂ තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පිවිසෙන්න https://www.dailymirror.lk/opinion/...s-and-their-allies-raises-eyebrows/172-235776

    නඩු පැවරුවේ ඉගෙන ගන්නද?​

    මෙම නඩු ඉල්ලා අස්කර ගැනීමට හේතුව තාක්ෂණික කරුණක් (Technical Error ) බව කොමිෂන් සභාව සඳහන් කරයි. එක්තරා පූර්වගාමී නඩු තීන්දුවකට අනුව නඩුවක් පැවරීමේදී කොමිෂන් සභාවේ කොමසාරිස් වරුන් තිදෙනාම අත්සන් කල යුතු යැයි තීන්දුවක් ඇත . එහෙත් ඉල්ලා අස්කර ගත් රාජපක්ෂලා ඇතුළු අනෙකුත් නඩු සියල්ලේම පාහේ එක් කොමසාරිස් වරයෙක් පමණක් අත්සන් කලේ අත් වැරදීමක් ද? ඉගෙන ගැනීමට නඩු පවරනවා ද කියා යමෙකුට හිතෙන්නට පිළිවන. මෙවන් නීති හා ආයතන තිබෙන රටකට දකුණු ආසියාවේ නොව ලෝකයේ දූෂණ සංවේදන දර්ශකයේ අංක 1 ට තිබෙන ඩෙන්මාර්කයේ ක්‍රමවේදය ගෙන ආවත් සිදුවන යහපතක් නැත. දෝශය තිබෙන්නේ නීතියේ නොව නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ තිබෙන බැඳියාවන් ය. එය මේ දේශපාලන සංස්කෘතියේම කොටසක් වී ඇත. එසේනම් එය මූල පද්ධතියෙන්ම ගලවා ඉවත් කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු ය. මේ පාලකයන් සිටිනා තාක් කවරදාකවත් එවැන්නක් සිදුවන්නේ නැත.

    චෞරතන්ත්‍රයම වගකිව යුතුයි..​

    ලංකාවේ පාලකයන් පමණක් නොව ඔවුන් හා එක්වුණු නිළධාරීන් ඇතුළු මේ චෞරතන්ත්‍රයම (Kleptocracy ) අද රට පත්වී තිබෙන තත්ත්වයට වගකිව යුතු බව ඔබට තේරෙනවා ඇති. ස්වාධීන කොමිෂන් සභා යැයි කියාගන්නා ආයතන මෑත කාලයේ හැසිරුණු ආකාරය ඔබට හිතාගත හැක. මැතිවරණ කොමිසමේ කොමසාරිස් වරියක වූ චාර්ල්ස් මහත්මියගේ ද්විත්ව රංගනය ඔබට මතක ඇති.

    රටේ පාලකයන් සහ මේ චෞරතන්ත්‍රය හා ඒ වටා වලල්ලක් සේ සිටින ජාවාරම් කාර පැලැන්තිය කුමන පාටින්, කුමන ලාංඡනයෙන්, කුමන වේශයෙන් පෙනී හිටියත් ඔවුන් මේ දූෂිත සංස්කෘතිය ආරක්ෂා කිරීමට එකට හිටගනු ඇත. රටේ පුරවැසියන් වන අපිට විශාල වගකීමක් පැවරී ඇත. මේ දේශපාලන සංස්කෘතියට නැවතීමේ ලකුණ තැබීමට එකාවන්ව පෙළ ගැසිය යුතුය. අපෙන් සොරාගත් දේපළ වත්කම් යලි අත් පත් කරගත යුතුය. යෝජිත නීතියේ විදේශ වල සඟවා ඇති දේපළ අත්පත් කරගැනීමට ප්‍රතිපාදන නැත. එය අතීතයට බල නොපායි. එසේනම් , මෙම සියළු නඩු යලි පවරා, සඟවා ඇති දේපළ යලි අත් පත් කරගෙන ඒවා රාජසන්තක කොට සියළු වැරැදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දිය හැකි නීති රාමුවක් සහ ආයතන පද්ධතියක් නිර්මාණය කරගත යුතුය. ඒ සඳහා අදූෂිත දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාව වෙනදාට වඩා අද ඇත. එවන් පාලනයක් ගොඩ නගා ගැනීමට කැපවෙමු. ඒ සඳහා පෙරමුණ ගනිමු .

    - ශාන්ත ජයරත්න​

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,141
    1
    58,756
    113
    Kaduwela
    Pachum.gif
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    2,816
    2,965
    113
    ulan bator
    ලොකෙ හැමොම සර්වසාදාරන වෙනන ඔන කියල සුපර් මැන් වගෙ වෙන්න ඔන කියල හිතාගෙන ඉන්න පොන්සියන්ගෙ කෙදිරිය. ලොක් හැමදාම වෙන්නෙ ප්‍රබලයා දුබලයා පාගන් එක. ඔක නවත්තන්න පුලුවන් නම් ඉතින් මෙ ලොකෙ කැරකෙන එක නවතින්න වෙනවා!

    කිසිම රටක නීතිය සර්වසාදාරන නැහැ! සමානත් නැහැ! එහෙමෙයි කියල හිතාන ඉන්න බටහිර රටවල් මිට වඩා අන්ත විදියට උන්ගෙ හොරු රකිනවා! මොන විඩියට කෙදිරි ගැවත් ලොකෙ කවදාවත් එහෙම වෙන්නෙ නැහැ!