සජිත්ට අනුරට රට හදන්න බෑ.. කල හැක්කේ රනිල්ටයි..- අරගල නායක පැතුම් කර්නර්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,074
    55,797
    113
    සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර දිසානායක මහතා ඉතිරි ජනාධිපතිවරණ අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන ප‍්‍රතිපත්තින් සමඟ රටකට ඉදිරියට යා නොහැකි වනු ඇති බව ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල නායකයකු ලෙස ක්‍රියාත්මක වූ වෛද්‍ය පැතුම් කර්නර් මහතා සඳහන් කරයි.

    වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත වූ වසර දෙකක කාලය තුළ ආර්ථික අර්බුදය ඉතා හොඳින් කළමනාකරණය කරගෙන ඇති බවත් වික්‍රමසිංහ මහතා ඔහුගේ අත්දැකීම් උපයෝගී කර ගනිමින් ආර්ථිකය කළමනාකරණය කිරීම අගය කළ යුතු කරුණක් බවද ඔහු පෙන්වා දෙයි.


    අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර ඇත.


    සජිත් ප්‍රේමදාස මහතා දැක්මක් නැති බවත් අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරද්දී පවා පරිපාලන හැකියාවක් නොපෙන්වූ අයෙකු බවත් හෙතෙම කියා සිටී.


    ජාතික ජන බලවේගයට මේ දිනවල ඇතිවී තිබෙන රැල්ල විනාශකාරී තත්ත්වයක් බව පෙනෙන්නට ඇති බවත් පවසන ඔහු ඔවුන් රට කළමනාකරණ කරණය කළහොත් වෙන්නේ රට වැරදි පැත්තකට යාම බවද කියා සිටී.

    mal ponnaya missing weddima hithuna, sirikothe gu kanna athi kiyala

    @riduna pm mehe wara