සදාතණික විරුවෙක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    3,978
    4,805
    113
    සදාතණික විරුවෙක්

    සදා සැමරිය යුතු සදාතණික විරුවෙක්..


    18198567_1299985776745241_1535983929442556742_n.jpg




    ලංකාවට මුලින්ම මල්ටි බැරල් අවිය ගේනකොට ඒක ලංකාවට ආවේ කපලා දාපු වයර් ගොඩක් එක්ක. අපිට පාවිච්චියට ගන්න ඕනි උනා නම් ආයෙත් ඊශ්‍රායලයට යවන්න උනා. එහෙම උනා නම් යාපනය අල්ලන් ඉන්න බැරි වෙනවා. ඒ වෙලාවේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය අමිත් මුණින්දද්‍රාස් එම මල්ටි බැරල් අවි දෙක අලුත් වැඩියා කරලා කෝටි ගණනක මුදල් ඉතුරු කරනවා රටට..

    එතුමා එම අවිය විතරක් නෙමේ අවි වර්ග, යුධ රථ බොහොමයක්ම ලංකාවෙදි අලුත් වැඩියා කරනවා. කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා.

    එතුමා තමා ලංකාව ආයුධ මිලට ගණ්නකොට තාක්ශණික පරීක්ශාවට යවන පුද්ගලයා. ඔහු මිය ගියෙත් එලෙස ඊශ්‍රායලයට දූත මෙහෙවරකට ගියවෙලාවක නිව්මෝනියාවෙන්. නමුත් යුධ රහස් හෙලි වීම නිසා කුමන්ත්‍රණයක් මගින් ඔහුගේ මරණය වූවා යැයිද කියවෙනවා.

    මෙතුමා පරිසරයට ඉතා ආදරය ලංකාවෙ එවක සිටි හොඳම පරිසරවේදියෙක්. මිය යනකොට අලින්ගේ සවිකල හැකි සංඥා උපකර්ණයක් ගැන පරීක්ශණ කරමින් සිටියේ. ඔහු එයින් අලි මිනිස් ගැටුම නවත්වන්න උත්සහ කලේ..

    මෙතුමාගේ දක්ශකම් නිසා ඔහුට විදේශ රටවල් රැසකින් ආරාධනා ආවා. නමුත් ඔහු පිලිතුරු දුන්නේ "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    බොල් පිලිම වීරයන්වන අද දවසේ සැබෑ විරුවන් ගැන දැනුවත් වෙමු!


    from FB
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,123
    1,036
    113
    දැනුවත් කළාට ස්තුතියි... එතුමාට නිවන් සුව පතනවා....
     

    adis_ababa

    Active member
  • May 12, 2017
    136
    35
    28
    melbourne
    මෙතුමා රටට නැතිවීම විශාල පාඩුවක්..නමුත් හදිසියේ මියයෑම තවත් ප්‍රශ්නයක්..
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    you should have highlighted this quote.
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    "අර තියන පුංචි රටේ මිනිස්සු තමා වියදම් කර මට ඉගැන්නුවේ ඔවුන්ට සේවය කල යුතුයි" කියායි.

    you should have highlighted this quote.

    සිරාවට බන් මේ රටේ ජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන වෙන රටවලට ගිහිල්ල තමන්ගේ උපන්බිමත් අමතක කරල දාන මිනිස්සුත් එක්ක බලද්දී . ඇත්තටම ගරු කරන්න ඕන කෙනෙක් .
    සමහරු හොදට ඉගෙන ගෙන මේ රට අමතක කරල දාල යන්නේ . තමන්ගේ උපන්බිමටත් ගරහල ....:(:(:(:(:(:(
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    සිරාවට බන් මේ රටේ ජනතාවගේ මුදල් වලින් ඉගෙන ගෙන වෙන රටවලට ගිහිල්ල තමන්ගේ උපන්බිමත් අමතක කරල දාන මිනිස්සුත් එක්ක බලද්දී . ඇත්තටම ගරු කරන්න ඕන කෙනෙක් .
    සමහරු හොදට ඉගෙන ගෙන මේ රට අමතක කරල දාල යන්නේ . තමන්ගේ උපන්බිමටත් ගරහල ....:(:(:(:(:(:(

    i think he is a Tamil person.
    but where he put his loyalty.
    to tamil eelam no
    he put his loyalty to the Sri Lanka.:):)
     

    Bgeek

    Member
    Sep 17, 2014
    647
    40
    0
    දැනුවත් කළාට ස්තුතියි... එතුමාට නිවන් සුව පතනවා....