සඳ පායා තිබූ ඊයේ දිනයට තවමත් ආදරය කරමි
සඳ බැස ගොසින්ය
අලුත් දවසක් උදාවී තිබේ
පෙර’ඹර හිරුද පායා දිලේ
සඳට පෙම් බැඳි මට , හිරුට පෙම් බඳින්නට
අයිතියක් තිබේදැයි නොදනිමි
අයිතියක්ද නොසොයමි
අද හෝ හෙට නොවුනත්
යළිඳු සඳ පායන බව දනිමි
එසේ නොවුනත් අහිතක් නොසිතමි
අද මෙන්ම සෑම කල්හිම
සඳ පෑයූ අහසේ සොඳුරු සිතුවම්
සිතේ දරාගෙන හිඳිමි ..
-W.චතුරි මහේෂිකා-
සඳ බැස ගොසින්ය
අලුත් දවසක් උදාවී තිබේ
පෙර’ඹර හිරුද පායා දිලේ
සඳට පෙම් බැඳි මට , හිරුට පෙම් බඳින්නට
අයිතියක් තිබේදැයි නොදනිමි
අයිතියක්ද නොසොයමි
අද හෝ හෙට නොවුනත්
යළිඳු සඳ පායන බව දනිමි
එසේ නොවුනත් අහිතක් නොසිතමි
අද මෙන්ම සෑම කල්හිම
සඳ පෑයූ අහසේ සොඳුරු සිතුවම්
සිතේ දරාගෙන හිඳිමි ..
-W.චතුරි මහේෂිකා-