සමහර හොඳට ඉඩකඩම් තියෙන උන් ඒවා ප්‍රයෝජනයට ගන්නේ නැතුව දුප්පත් විදියට ඉන්නේ ඇයි?

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,185
    392
    83
    සිරිමාවෝ එන්න කලින් පිනක් හරි කරගෙන 😄


    විහාර දේවාල පනත හැටියට විකුනන්න නම් කොමසාරිස් අත්සන් කරන්න ඕන. සංකීර්ණ වැඩක්. එක්කෝ සීයා පන්සලට නොදී හාමුදුරුවරන්ට පෞද්ගලික අයිතියට දෙන්න ඇති.
    ------ Post added on Jun 17, 2024 at 5:26 PM
    එහෙම තමයි දීලා තියෙන්නේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    7,352
    2,325
    113
    ගොඩක් උන්ගේ අදහස් දැක්කම පේනවා මනෝ ලෝකේ ඉන්නේ කියලා ,කිසිදෙයක් කරන්නේ නැතුව හිතට එන ඒවා කියාගෙන මේක හරි පැසිව් ඉන්කම් කියාගෙන නටනවා ..

    උබලා එලියට බැහැලා බලපන් එතකොට තේරේවි..ඔය ඉඩම් තීන ගොඩක් උන්ගේ ඉඩම් කැලේට යන්නේ ආතල් එකටවත් ගොඩක් උන්ගේ නැති බැරි කමටවත් නෙමෙයි…මේකේ කරන්න තීන අමාරුව ..
    වැඩට මිනිස්සු නෑ ,ආවත් වැඩ කරන්නේ නෑ අයිස් එකේ ඉන්න බලන්නේ ..හොරකම් වෙනවා ,දිගටම වැඩට ඇවිත් ඉන්කම් එනකොට ඌ ටත් ලොකු පඩි ඕන වෙනවා ..ගොඩක් උන් එකයි ඕවා අතේරල තින්න….
    පරම්පරාවෙන් ඉඩම් ආපු එකාට ඕවා විකුනන්න වැඩිය හිත දෙන්නේ නෑ බන් ,ඒක උන්ට පුරුදු නැති නිසා
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,318
    1,778
    113
    Matara
    මගෙත් යාලුවෙක් ඉන්නවා පට්ට කලෑවට ගිය ඉඩම් තොගයක් තියෙන්නෙ උන්ට. එකක් තියනවා ටවුන් එකක් ලග පාර අයිනෙම. අක්කර කාලක් විතර එතන තියනවා.කිසිම අමාරුවක් නැතුව කෝටි 5කට එහා ඒක දෙන්න පුලුවන්. ගන්නත් ඕන තරං උන් අහනවත්ලු. ඒක දීලත් තව ඉන්න ගේට අමතරව තැන් තැන් වල කැලෑවට ගිය ඉඩම් 4ක් විතර උන්ට තියනවත් එක්ක. ඒත් උන්ගෙ තාත්තා අතේ සතේ නැති උනත් ඒවා එකක්වත් විකුණන්න කැමති නෑ. උන් ඉන්නෙත් ගරා වැටීගෙන එන මහගෙදර. මගෙ යාලුවාට දැන් 29ක්. ඌ ඩිග්‍රී එක කරලා accounting ෆීල්ඩ් එකේ ජොබක් නැහිලා නැහිලා කරලත් 90ක් වගේ ගන්නෙ මාසෙටම. ගෙදර තියන පරණ townace වෑන් එකයි ඌ ගත්ත ඩියෝ එකයි විතරයි වාහනේකට තියෙන්නෙත්. ඌට ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, වෙඩිමක් ගන්න ලොවෙත් උගෙ ජොබ් එකයි සැලරියයි එක්ක බැරි හින්දා පට්ට ස්ට්‍රෙස් එකේ ඉන්නෙ ඌ. යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුත් පට්ට කේස් ඌට බදින එක කල් දානවා කෙල්ලගෙ වයස යනවා කියලා. මිනිහා ස්ටුඩන්ට් දාලා රට යන්නත් හැදුවා කාලයක් සල්ලි කේස් හින්දා ඒකත් කෙල උනා. දැන් ඌ පට්ට ගිණි ගොඩක ඉන්නෙ තියන ප්‍රශ්ණ එක්ක. හැබැයි උගෙ තාත්තා කැමති නැල්ලු කන්න නැතුව මැරුනත් ඉඩම් එකක්වත් විකුණන්න. ඒවා මම හම්බුකරපුවා නෙවෙයි මගෙ පරම්පරාවෙ අත්තලා මුත්තලා අමාරුවෙන් හම්බකරගත්තුවා. ඒවා මේ ලගදි සල්ලි හොයාගත්ත එකේකාට විකුණලා දැම්මොත් ඒ අත්තලා මුත්තලා මිනී වලේ ඉදන් ඌට සාප කරයි කියලා මුන්ට කියලාලු තියෙන්නෙ උන්ගෙ තාත්තා ජීවත්වෙලා ඉන්නකම් කිසිම ඉඩමක් විකුණන්නෙ නෑ කියල. තාත්තා නැති උන කාලෙක ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ කියලා. දැන් ඒ අංකලයටත් පට්ට ලෙඩ ගොඩක් තියෙන්නෙ. ඒවට බෙහෙත් කරන්නෙත් මගෙ යාලුවා ප්‍රයිවට් කම්පැනියකට සතියෙ දවස් 6ක්ම කඹුරලා ගන්න 90 ක විතර සැලරියෙන්. පරණ නාකි සෙට් එක හදන්න බෑ බං. නිධානයක් අතේ තියාගෙන දුක් විදිනවා. අනිත් ඔක්කොම ඉඩම් තියාගෙන අර පාර අයිනෙ කැලෑ වැදිලා තියන අක්කර කාලෙ කෑල්ල විතරක් වික්කත් අරූට හොද ගෙයක් අරං, වාහනයක් අරං, ගොද වෙඩිමක් අරං, ඉතුරු සල්ලි වලින් බාගයක් පැසිව් ඉන්කම් එකක් එන බිස්නස් එකකයි අනිත් බාගෙ FD එකකුයි දාලා මූ ගන්න පඩිය වගේ 3/4 ගුණයක් විතර නිකං ඉදලා කිසිම රිස්ක් එකක් නැතුව හොයාගෙන සැපේ ඉන්නත් පුලුවන්. කරුමෙ තමා ඉතිං
    ඒ වගේ දෙමව්පියන් හම්බ වෙනවා කියනේත් උගේ (අ)වාසනාව.. :lol:
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    1,935
    1
    1,719
    113
    අපේ පැත්තට හරියන් නෑ.යාලුවෙක් අක්කර 50 ක මුන් දාල මොනරුන්ගෙන් හොද ආතල් එකක් ගත්ත. FYI ලන්කාවෙ ධාන්‍ය වල ලොකු මාෆියා එකක් තියෙනවලු. අපි ලොකුවට කරාට විකුනන්න ගියාම ඕන ගානට දීගන්න බෑ.
    Ehenan ආර්ථික මධ්‍යස්ථාන wala kalin mun 1500 ta gatte , dan 800 kata buy karanawa
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,411
    17,627
    113
    ගොඩක් උන්ගේ අදහස් දැක්කම පේනවා මනෝ ලෝකේ ඉන්නේ කියලා ,කිසිදෙයක් කරන්නේ නැතුව හිතට එන ඒවා කියාගෙන මේක හරි පැසිව් ඉන්කම් කියාගෙන නටනවා ..

    උබලා එලියට බැහැලා බලපන් එතකොට තේරේවි..ඔය ඉඩම් තීන ගොඩක් උන්ගේ ඉඩම් කැලේට යන්නේ ආතල් එකටවත් ගොඩක් උන්ගේ නැති බැරි කමටවත් නෙමෙයි…මේකේ කරන්න තීන අමාරුව ..
    වැඩට මිනිස්සු නෑ ,ආවත් වැඩ කරන්නේ නෑ අයිස් එකේ ඉන්න බලන්නේ ..හොරකම් වෙනවා ,දිගටම වැඩට ඇවිත් ඉන්කම් එනකොට ඌ ටත් ලොකු පඩි ඕන වෙනවා ..ගොඩක් උන් එකයි ඕවා අතේරල තින්න….
    පරම්පරාවෙන් ඉඩම් ආපු එකාට ඕවා විකුනන්න වැඩිය හිත දෙන්නේ නෑ බන් ,ඒක උන්ට පුරුදු නැති නිසා
    පරම්පරා ඉඩම්වි කුණලා විනාස වුණ අය ගැන දන්නවා, ඕවා හරි අත් බූත දේවල්.... කාලා බීලා ඉන්නවා නම් ඒ ඇති, ලොකු වැඩි දියුණුවට වේගෙන් යනවා කියන්නේ පට්ටම risk එකක්.

    දැන් විකුනන්න හදන කෙනාගේ තාත්තා, සීය ඒවා විකුණලා තිබ්බා නම් ඔය තර්ක නෑ නේද, අපේ තාත්තා මැරෙන්න කලින් කුඹුරු අක්කරයක් දුරින් අරන් දාලා තිබ්බා, හාල් 60 ට තිබ්බ කාලේ, අපි එව්වා ගෙනාවේත් නෑ, අඩුවට විකුන්නා, සුළු මුදලක් ලැබුනා. දැන් විකුනන්නේ නෑ, කාර් ඒකෙ වී ගෙනාවා මේ අවුරුද්දේ කිලෝ 500 ක්‌ විතර. කිලෝ 150 ක්‌ හාල් තිබ්බත් 150 x 200 = 30,000 කඩෙන් වත් හාල් ගන්න බැරි කාලයක් ආවොත් ගොඩක් liberal පොරවල් බඩගින්නේ.
     
    Last edited:
    • Like
    Reactions: ChamaraGL

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    439
    330
    63
    ගොඩක් උන්ගේ අදහස් දැක්කම පේනවා මනෝ ලෝකේ ඉන්නේ කියලා ,කිසිදෙයක් කරන්නේ නැතුව හිතට එන ඒවා කියාගෙන මේක හරි පැසිව් ඉන්කම් කියාගෙන නටනවා ..

    උබලා එලියට බැහැලා බලපන් එතකොට තේරේවි..ඔය ඉඩම් තීන ගොඩක් උන්ගේ ඉඩම් කැලේට යන්නේ ආතල් එකටවත් ගොඩක් උන්ගේ නැති බැරි කමටවත් නෙමෙයි…මේකේ කරන්න තීන අමාරුව ..
    වැඩට මිනිස්සු නෑ ,ආවත් වැඩ කරන්නේ නෑ අයිස් එකේ ඉන්න බලන්නේ ..හොරකම් වෙනවා ,දිගටම වැඩට ඇවිත් ඉන්කම් එනකොට ඌ ටත් ලොකු පඩි ඕන වෙනවා ..ගොඩක් උන් එකයි ඕවා අතේරල තින්න….
    පරම්පරාවෙන් ඉඩම් ආපු එකාට ඕවා විකුනන්න වැඩිය හිත දෙන්නේ නෑ බන් ,ඒක උන්ට පුරුදු නැති නිසා
    oya talk dena unta idamak rent ekata aran karanna kiypn. Ethkot therei amaruwa:P
     
    • Like
    Reactions: ChamaraGL