සම්මානය ගන්න යන්නේ ඉතාම දුකින්.. ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලීම උඩ බලාගෙන කෙළ ගැසීමක්.. ක‍්‍රිකට් හදන්න අප සූදානම්..- අරවින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,108
    56,585
    113
    සම්මානය ගන්න යන්නේ ඉතාම දුකින්.. ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලීම උඩ බලාගෙන කෙළ ගැසීමක්.. ක‍්‍රිකට් හදන්න අප සූදානම්..- අරවින්ද

    ලෝකයේ හොඳම ක‍්‍රිකට් ක්‍රීඩකයන්ට පිරිනැමෙන සම්මානය පිළිගැනීමට තමන්ට යන්න වෙන්නෙ ඉතාමත් දුකින් බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා ක්‍රිකට් තහනම් කිරීම සම්බන්ධයෙන් තමන් අතිශය කණගාටු වන බවත් කිසිවකු විසින් හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තහනම් කරන්න ඉල්ලුවේ නම් එය උඩ බලාගෙන කෙළ ගැසුවා වගේ වැඩක් බවද හෙතෙම කියා සිටී.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනැගීමට සම්බන්ධ වන්න තමන් ඉතා කැමති බවත් භාර දෙන්නෙ නම් උපරිම හැකියාවෙන් ක්‍රීඩාව ගොඩ දැමීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.

    තමන් අදටද ක්‍රිකට් තරඟ නරඹමින් ඒවා අධ්‍යනය කරමික් ඉගෙන ගනිමින් සිටින බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

    ඔහු මේ බව සඳහන් කරන්නේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.