සයිප්‍රසයෙන් බොරතෙල් ගෙන්වන සාකච්ඡා අවසාන අදියරේ

toiya

Well-known member
  • Jan 8, 2007
    12,392
    3,442
    113
    පොන්සි ආණ්ඩුව
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පැවසුවේ, බලශක්ති අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව මේ වන විට ඒ පිළිබඳව අධ්‍යයනයක නිරත වන බවත්, දෙපාර්ශවය අතර එකඟතාවයන් අවසාන අදියරට පැමිණ ඇති බවත්ය. අද (22) පෙරවරුවේ විකාශය වූ අද දෙරණ Big Focus සජීවී සංවාදාත්මක වැඩසටහන හා එක්වෙමින් අමාත්‍යංශ ලේකම්වරිය මේ බව පැවසුවාය.
    අපිට මෙය නොකැඳවූ යෝජනාවක් ලෙස ලැබුණා.
    පිරිපහදුව පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කරන්න නම් මෙට්‍රික් ටොන් 90,000 නැව් තොග දෙකක් තියෙන්න ඕනේ. නමුත් නැව් තොග එකයි අපිට එන්නේ.
    1645584832263.png

    පිරිපහදුව පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වුණොත් අපේ රට ඇතුලේම වැඩි ප්‍රමාණයක් දැවිතෙල්, ගුවන් යානා තෙල්, භූමිතෙල් වගේ දේවල් නිෂ්පාදනය කර ගන්න පුළුවන්.
    ඒ නිසා අපි මේ යෝජනාව සලකා බැලුවා. ඉස්සරහට කරගෙන යන්න අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ගත්තා.
    එම බොරතෙල් වර්ගයේ පිරිවිතර, ඒ අයගේ ටෙන්ඩර් කොන්දේසි වැනි දේවල් අපේ තාක්ෂණික කමිටුව පරීක්ෂා කර ගෙන යනවා.
    ඒ එකඟතාවයන් සියල්ලම දැන් අවසාන අදියරේ තියෙන්නේ. ඒ පිළිබඳව දෙපාර්ශවය එකඟතාවයකට ඇවිල්ලා නුදුරේදීම එය සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි.
    කෙසේවෙතත් මෙය ට්‍රයල් ෂිප්මන්ට් එකක් විදියට ගෙනල්ලා, එහි ඵලදායිතාවය බලලා තමයි ඊළඟට යනවාද නැද්ද කියන එක තීරණය කරන්නේ.

    දින 180ක ණය පදනම යටතේ බොරතෙල් සැපයීම සඳහා ඉදිරිපත් කර ඇති එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක් කර මූලික වශයෙන් බැරල් 450,000ක නැව් තොගයක් සපයා ගැනීමට නිර්දේශ කර තිබුණි.

    සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉන් පසු එළඹෙන කාලසීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව ඇත.










    2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති අතර, ඉන් පසු එළඹෙන කාලසීමාව සඳහා අවශ්‍ය බොරතෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබේ.

    මෙම පිරිපහදුව සඳහා අවශ්‍ය බොරතෙල් සැපයීම පිණිස සයිප්‍රසයේ Terra Navis Group විසින් නොකැඳවූ යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

    දින 180ක ණය පදනම යටතේ බොරතෙල් සැපයීම සඳහා ඉදිරිපත් කර ඇති එකී යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඇගයීමට ලක් කර මූලික වශයෙන් බැරල් 450,000ක නැව් තොගයක් සපයා ගැනීමට නිර්දේශ කර තිබේ.

    එකී නිර්දේශය පරිදි අදාළ බොරතෙල් තොගය සපයා ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    8,487
    18,991
    113
    අම්බකිස්ස
    මන්නාරමෙන් ගත්ත්තා,ඕමානයෙන් ගත්තා,ඉරානෙන් ගත්තා,සයිප්‍රස් වලින් ගත්තා.අපි සර්ප්‍රයිස් වෙලා ඉන්නේ දැන්
     
    • Like
    Reactions: niranga1989

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    18,259
    10,556
    113
    හිඟාකාල හරි රටට කොරනව කිව්ව මොනා උනත් පොහොට්ටුවේ උන්..🙃
     
    • Haha
    Reactions: buddikagayan