අඟුලාන පොලීසියේ හිටපු OIC කෙනෙක්ට ඔෆර් එකක් ආවා මොරටුවේ කුඩු අල්ලන්නෙ නැතුව ඉන්න මෙච්චර ගාණක් දෙන්නම් කියල.එතුමා ඒ ජාවාරම්කාරයට කුණුහරපෙන් බැනලා ෆෝන් එක තියල මාසයක් ඇතුළත එතුමට උතුරට ට්‍රාන්සර් එක එනවා.
ඊට දවස් දෙක තුනකට පස්සෙ අර කුඩු ජාවාරම්කාරයා කෝල් එකක් දෙනවා OICට.
"සර්ට දෙන්න හදපු ගාණට වඩා ලක්ෂ 5ක් අඩුවෙන් මම සර්ගේ ට්‍රාන්සර් එක කෙරෙව්වා"
එතුමගේ දුවගේ වෙඩින් එකට බෝම්බ ගහනවා කිව්වම,වෙඩින් එක කැන්සල් කරල රෙජිස්ටාර් ළඟ වෙඩිම අරන් ඊට පස්සෙත් කුඩු අල්ලපු ඒ OIC මහත්තයට අන්තිමට අහගන්න වුණෙ ඒක.
ඔන්න ඕකයි නෝනාවරුනි මහත්වරුනි අපි මාස 6න් හැදෙනකල් බලන් ඉන්න රට!
මේ මහරගම පොලිසීයේ නිවුස් එක දැක්කම මට අඟුලාන පොලීසියේ හිටපු OIC මහත්මයව මතක් වුණා...