සල්ලි දීලා කිරි පිටි ගත්තා නම් දැන් කිරි පිටි ගන්න සල්ලි නැති වෙන්නෙ කොහොමද?

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,520
    13,490
    113
    ඔන්න දැන් ගෑස් මිල ඉහල දානවා කිව්ව ගමන් වෑගපිටිය කියනවා ගෑස් සැපයුම යතා තත්වයට පත් කරනවා කියලා.

    මිල ඉහල දාන්න ඉඩ දෙනවා කිව්ව ගමන් කිරිපිටි ආයේ තියෙනවා.

    කෝ දැන් මේකේ පුක දීගෙන හිටපු ආර්ථික ඔස්තාර්ලා ටික. අනේ තොපේ ආර්ථික දැනුම, ගහගනින් පුකේ.
    @olu bakka , @MihiCherub , @CustomerSupport , @Ace Viper , @GTRZ ect
     

    kaveezh

    Active member
  • Apr 16, 2022
    146
    103
    43
    මේක ලියන්නෙ අපේ කිරියේ මලයෙක් දාපු පොස්ට් එකක් නිසාමයි. ඇත්තටම ආර්ථික විද්‍යාව ගැන පොඩි දැණුමක්වත් තියෙන කෙනෙකුට මේ පෝස්ට් එකෙ කියවන්න දෙයක් නැති වෙයි. ඒත් ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගේ ආර්ථික විද්‍යා දැනුම අපේ මල්ලිට නොදෙවෙනියි. ඌ වැඩේ දන්නෑ කියලා ඌට බැනල නිකන් ඉන්නවට වඩා හොදයි මේක කියලා දෙන එක කියලා හිතුවා.

    අපේ මලයා අපූරු තර්කයක් ගේනවා. "අපි මෙච්චර කල් සල්ලි දීලා කිරි පිටි ගත්තා නම් දැන් කිරි පිටි ගන්න සල්ලි නැති වෙන්නෙ කොහොමද? අපි සල්ලි ගෙව්වා නම් අපිට කිරි පිටි ලැබෙන්න ඕනේ." ඕක තමයි තර්කේ. දැන් මේක කියවපුවම තේරෙන්නේ අපේ සල්ලි හොරකමක් වෙලා තියෙනවා වගේ.

    ඇත්ත කතාව මේකයි. අපි කිරිපිටි ගේන්නේ පිට රටින්. කොටින්ම නවසීලන්තෙන්. නවසීලන්තෙන් කිරි පිටි ගෙනල්ලා ලංකාවේ කඩවල් වල තියෙනවා. අපි කඩේට ගිහින් අපේ අතේ තියෙන සල්ලි මුදලාලිට දීලා කිරිපිටි පැකට් එකක් ගෙදර ගෙනල්ලා බොනවා. එතකොට අපි දීපු සල්ලි වලට මොක්ද වෙන්නේ? මුදලාලි අපෙන් ගත්ත සල්ලි යවනවා කිරිපිටි ගෙනල්ලා බෙදා හරින සමාගමට. ඒ සල්ලි ලැබුනම සමාගමෙන් තව කිරි පිටි තොගයක් මුදලාලිට දෙනවා විකුණන්න. ඕක දිගටම චක්‍රයක් වගේ සිද්ද වෙනවා. ඔය ටික පැහැදිලි ඇති.

    දැන් ප්‍රශ්නේ මුදලාලි සමාගමට දීපු සල්ලි වලට මොකද උනේ? සමාගමෙන් මුදලාලිගේ සල්ලි ලැබුන ගමන් බැංකුවට දානවා සමාගමේ බැංකු එකවුන්ට් එකට. දැන් සමාගමේ බැංකු එකවුන්ට් එකේ සල්ලි තියෙනවා. හැබැයි සමාගමේ කිරි පිටි එන්නෙ පිට රටින්. එතකොට අර බැංකුවට දාපු සල්ලි ටික සල්ලි ටික ආයි පිට රටට යවන්න ඕනේ. නැත්තන් පිට රට සමාගමෙන් ලංකාවේ සමාගමට කිරිපිටි එවන්න් එවන්නෙ නෑ. ලංකාවේ සමාගම බැංකුවට කියනවා පිට රට සමාගමේ පිට රට තියෙන බැංකු ගිණුමට සල්ලි දාන්න කියලා. එතකොට ලංකාවේ සමාගමේ බැංකු ගිණුමෙන් සල්ලි අඩු වෙලා පිටරට සමාගමේ බැංකු ගිණුමට සල්ලි එකතු වෙන්න ඕනේ.

    ඔන්න ඔතෙන්දි පොඩි ප්‍රශ්නයක් එනවා. ලංකාවේ සමාගමේ බැංකු එකවුන්ට් එකේ තියෙන්නෙ රුපියල්. නවසීලන්තෙ සමාගමට රුපියල් වලින් වැඩක් නෑ. ඒ ගොල්ලන්ට ඕනේ නවසීලන්ත ඩොලර්. මොකද කිරිපිටි හදන්න සමාගමේ වැඩකරන මිනිස්සුන්ට රුපියල් වලින් පඩි දෙන්න බෑනේ. ඒ මිනිස්සුන්ට ගෙවන්න ඕනේ නවසීලන්ත ඩොලර් වලින්. ඉතින් නවසීලන්ත සමගම ලංකවේ සමගමට කියනවා ඒ ගොල්ලන්ට නවසීලන්ත ඩොලර් වලින් ගෙවීම් කරන්න කියලා.

    දැන් මොකදෑ කොරන්නේ. ලංකාවෙ සමාගම කඩේ බඩු විකුණන මුදලාලිගෙන් නවසීලන්ත ඩොලර් ඉල්ලන්නයෑ. මුදලාලිට ඩොලර් ලැබෙන්නෙ අපි ඩොලර් දුන්නොත්. අපි ගාවත් ඩොලර් නෑනෙ. දැන් ලංකවේ සමගම කියනවා බැංකුවට මේ ශ්‍රී ලංකා රුපියල් ටික අරගෙන නවසීලන්ත සමාගමට නවසීලන්ත ඩොලර් වලින් ගෙවීම් කරන්න කියලා.

    බැංකුව කරන්නෙ අර රුපියල් ටික අරගෙන තමන් ගාව තියෙන නවසීලන්ත ඩොලර් ටිකකින් අර කියපු ගාන නවසීලන්ත සමාගමට ගෙවන එක. ඒ මුදල් ලැබුනු ගමන් නවසීලන්ත සමාගම තවත් කිරිපිටි තොගයක් ලංකාවේ සමාගමට එවනවා විකුණගන්න කියලා. ඕකත් චක්‍රයක් වගේ දිගටම් සිද්ධ වෙනව.

    දැන් ලංකාවේ රුපියල් ටිකට මොකද උනේ? රුපියල් ටික බැංකුවේනේ. (මතකයි නේ ) බැංකුව රුපියල් ටික නිකන් තියන් ඉන්නෑ. ඒ රුපියල් ටික යවනවා ශ්‍රී ලංකා මහ බැංකුවට. ඒ යවලා මහ බැංකුවෙන් ඉල්ලනවා තව නවසීලන්ත ඩොලර් ටිකක්. මහ බැංකුව කරන්නෙ විදේශ විනිමය අනුපාතය අනුව මහ බැංකුවේ තියෙන නවසීලන්ත ඩොලර් අර බැංකුවට එවන එක. දැන් රුපියල් ටික මහ බැංකුවේ.

    මහ බැංකුව රුපියල් ටික තියාගෙන හිටියට වැඩක් වෙනවද පිංවතුනි? අප්පච්චියේ ඔව්. ඕවයින් තමයි රාජ්‍යය සේවකයින්ගේ වැටුප්, විශ්‍රාමික වැටුප්,සමෘද්ධි සහනාධාර ඇතුළු අටෝ රාශියකට ගෙවීම් කරන්නෙ. මේ ගෙවීම් කරන්න නම් මහබැංකුවේ සල්ලි ටික යන්න ඕනේ රාජ්‍ය භාණ්ඩාගාරයට. රාජ්‍ය භාණ්ඩාගාරය තමයි ඔය සල්ලි ටික විවිධ ආකාර වලට බෙදලා දෙන්නෙ. එහෙම බෙදන විදිය කලින් කියනවට තමයි අයවැය කියවනවා කියලා කියන්නෙ. ( අයවැයේ තව ගොඩක් දේවල් අඩංගුයි )

    දැන් තව ප්‍රශ්නයක් එනවා. මහ බැංකුවට කොහෙන්ද නවසීලන්ත ඩොලර්? ලොකේ කිසිම රටකට වෙනත් රටක මුදල් අච්චු ගහන්න බෑ. ඒ නිසා මහ බැංකුව රුපියල් අච්චු ගැහුවට නවසීලන්ත ඩොලර් අච්චු ගහන්න බෑ. හබැ‍යි ලංකාවේ කිරිපිටි සමාගම පිට රටට ගෙවීම් කරන්න ඕනේ ඩොලර් වලින්. ඒ ඩොලර් ගන්න බැංකුවට කියපුවම බැංකුව ඩොලර් ඉල්ලන්නෙ මහ බැංකුවෙන්.

    මහ බැංකුවට ඩොලර් එන විදි කීපයක් තියෙනවා. එකක් තමයි ඩොලර් වලින් ණය ගැනීම. තවත් එකක් තමයි පිටරකින් ආයෝජකයෙක් ගෙන්වා ගැනීම. ඔය මහා පරිමාණ හෝටල් ව්‍යාපෘති, කර්මාන්ත ශාලා, අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපලවල් ඇතුළු ගොඩක් දේ ලංකාවට එන්නේ ඔය විදියට තමයි. ඕවා ලංකාවට ගෙන්න ගන්න රජයෙන් විවිධ සහනාධාර දෙනවා. අවුරුදු ගානක් බදු වලින් නිදහස් කිරිම, අදාල ව්‍යාපෘතියෙන් එන ආදායමෙන් ප්‍රතිශතයක් එම රටට නැවත ගෙවීම, ව්‍යාපෘතියේ අයිතියෙන් ප්‍රතිශතයක් ඔවුන්ටම පැවරීම වගේ දේවල් සිද්ධ වෙන්නෙ ඔය අනුව තමා. ලංකාවට ඩොලර් එන තවත් විදියක් තමයි ආධාර වශයෙන්. ඔය කවුරු හරි රටක දුක හිතිලා ලංකාවට ආධරයක් කරන්න පුළුවන් ඩොලර් වලින්. හැබයි ඒ ඩොලර් ටික ආයෝජනය කරන්න සිද්ධ වෙනවා. ඔය බී.එම්.අයි.සී.එච් වගේ ඒවා එහෙම ආධාර වලින් ලැබිච්චා තමයි.

    තවත් ඩොලර් එන විදියක් තමයි ලංකවේ මිනිස්සු පිටරට ගිහින් හම්බ කරලා මුදල් නැවත ලංකාවට එවීම. ඒ මිනිස්සු ඩොලර් ටිකක් ලංකාවට දැම්මම ලංකාව කරන්නෙ ඩොලර් ටික තියාගෙන ඊට අදාල රුපියල් අගය ඒ අයගේ පවුල්වල සාමාජිකයන්ට ලබා දෙන එක. ඒ වගේම සංචාරක ක්ශේත්‍රයෙන්තුත් ලංකාවට ඩොලර් එනවා. සුද්දො ලංකවට එනවට ගෙවන්නෙ ඩොලර් වලින්. ඒ වගේම ලංකාවෙදි වියදම් කරන්නෙත් ඩොලර්. ඔය වියදම් කරන ඩොලර් ලංකාවෙදි පවිච්චි කරන්න බැරි නිසා බැංකුවකට ගිහින් මාරු කරගන්න ඕනේ. එහෙම මාරු කරපු ගමන් ඩොලර් ටික බැංකුවට යනවා. ගොඩක් රටවල් විදේශ මුදල් ලබා ගන්න උත්සහ කරන්නෙ අපනයන හරහා. ඔය කිරිපිටි වැඩේ එහෙම එකක් තමා. ලංකාවෙනුත් අපනයන සිද්ධවෙනවා. කුරුඳු, නිමි ඇදුම් වගේ ඒවා. ඒවයි ආදයම් එන්නේ ඩොලර් වලින්. ලංකවට ඩොලර් ලැබෙන තවත් ක්‍රමයක් තමයි සේවා සැපයීම. ඔය වරායට එන නැවක් තියෙන බඩු ටික බාලා, වෙන නැවකින් ගෙනාපු බඩු ටිකක් පටවලා නැවට තෙල් ටිකක්, කෑම ටිකක් සපයලා අපිට ඩොලර් ගන්න පුළුවන්. ගුවන් තොටුපලෙත් ඔය ටිකම වෙනවා.

    දැන් තේරෙනවානෙ ලංකවට ඩොලර් එන විදිය ගැන. ඔය එන ඩොලර් තමයි ආයි රවුමක් ගහලා ලංකාව සිදු කරන ආනයන වලට ගෙවීම් වශයෙන් නැවත පිටරට වලට යන්නෙ. ( කිරිපිටි වලට ගෙවීම වගේ ).

    දැණ් කොතනද ප්‍රශ්නේ උනේ? කිරිපිටි වලට ගෙවන්න ඩොලර් නෑ. බැංකුවෙත් නෑ. මහ බැංකුවෙත් නෑ. ඇ‍යි අපිට ආපු ඩොලර්? අපිට ආපු ඩොලර් වලින් විශාලම ප්‍රමාණයක් එන්නෙ විදෙස් ශ්‍රමිකයන්ගෙන්. හැබැ‍යි කොරෝනා ආරම්භයත් එක්කම අපේ විදෙස් ශ්‍රමිකයන් ආපහු ලංකාවට ආවා. ආයි රට යන්න බැළුවත් ගොඩ දෙනෙක්ට යන්න බැරි උනා ඒ රටවල් වහලා නිසා. දැන් ඒ අය ලංකාවේ. එතකොට අපනයන වලින්? අවුරුදු නෙවෙයි, දශක ගනනාවක් පෙන්නලා දීලා තියෙනවා අපේ අපනයන වල ආදායම ඉතා අඩුයි ආනයන වියදමට වඩා කියලා. හැබැ‍යි තාම අපනයන වලින් ලැබෙන අදායම වැඩි වෙලා නෑ. විශේෂයෙන් යුරෝපා සංගමය විසින් පනවන්න උත්සහා කරන ජී.එස්.පී. තහනම වගේ ඒවා නිසා ඒ අදායම තවත් අඩුවෙයි. ඒ වගේම කොරෝනා නිසා ගොඩක් රටවල් වල ආනයන නවත්තලා තියෙන්නෙ. ඉතින් අපේ අපනයන සම්පූර්ණයෙන්ම වගේ නැවතිලයි මේ වෙලාවේ තියෙන්නෙ. කොරෝනා වලින්ම හොදටම වැදුනේ සංචරක ක්ශේත්‍රයට. 2019 බෝම්බ ප්‍රහාරෙන් වැටිලා හිටපු සංචාරක ක්ශේත්‍රය කොරෝනා වලින් නැත්තටම නැති උනා කිව්වොත් හරි. ඉතින් ඩොලර් එන්න් පුළුවන් ණය විදියට හරි, අධාර විදියට හරි ආයෝජන විදියට හරි විතරයි. මේ වෙන කොට ලංකාව ගත්ත ණය ගෙවන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නෙ තියෙනවා. ඒ නිසා කවුරුවත් අලුතින් ණයක් දෙන්න කැමැති නැහැ. අනිත් අතට ගනිපු ණය ගෙවන්නත් අතේ තියෙන ඩොලර් ටික වියදම් කරන්න වෙනවා. ලෝකේම ආර්ථිකය කඩන් වැටිලා තියෙන වෙලාවක අපිට ආධාරයක් ලැබෙයි කියලා හිතන්නත් අමාරුයි. ආයෝජනත් මේ වෙනකොට ගොඩක් අඩු වෙලා තියෙන්නෙ. තිබුන ආයෝජනත් බොහෝමයක් කොරෝනා මුල් කාලයේදීම ලංකාවෙන් ඉවත් වුනා. දැන් රජය රට වහන්නෙ නැතුව තියාගෙන ඉන්නෙ මොකෙක් හරි ආයෝජකයෙක් ලංකාවට ආවොත් කියලා සහ දැනට ඇවිල්ලා ඉන්න ආයෝජකයෝ රදවා තබා ගන්න.

    ඉතින් ලංකවට ඩොලර් නෑ. ඩොලර් නැතුව කිරිපිටි නෑ.

    මං හිතනවා වැඩේ තේරෙන්න ඇති කියලා.
    ඇත්ත බං. මේ රටේ ගොඩක් උන් ඕක දන්නේ නෑ. උන් හිතන්නේ උන් සල්ලි ගෙවල් පෙට්රල් ගහනව ඒ හල්ලි දේශපාලකයෝ හොරකම් කරල ඒ නිසා තෙල් නැවට ගෙවන්න සල්ලි නෑ කියල 😂

    අඩුම තරමේ දේශපාලකයෝ හොරකම් කරන්නෙ කෝමඩ කියලවත් මුන්ට දැනීමක් නෑ කෑ ගැහුවට. මුන් හිතන්නේ දේශපාලකයෝ භාණ්ඩාගාරෙට ගිහින් ඔහේ හොරකම් කරනව කියල.

    ලංකාවට මේ තරම් කෙලවුණ ලොකු හේතුවක් තමයි සහනාධාර. හැමදේකම සහනාධාර.

    විදුලිය දෙන්නේ රජයෙන් පාඩු කරන්. තෙල් දෙන්නෙ රජයෙන් පාඩු කරන්.

    ඈත්තම උදාහරණයක් කීවොත් ලිට්රෝ එක. එයාලා ගෑස් ගෙනල්ල ඒක ගෙදරට එන ගෑස් සිලින්ඩරයක් කරන්න රු 5400ක පිරිවැයක් යනව. ඒත් ලිට්රෝ එක පිරිවැයට වඩා අඩු මුදලකටයි ගෑස් එලියට දාන්නේ.

    සමහරු කේයයි රජයේ ආයතනනේ පාඩු වුනාට මොකද කියල. නෑ ඒම වෙන්න බෑ. ඒම උනාම ඒ ආයතනය ඉදිරි ව්යාපාරික කටයුතු කරන්නේ කොහොමද ? සේවකයන්ට පඩි ගෙවන්නේ කෝමඩ. ගෑස් එක හදන්න 5200ක් වියදම් කරල ඊට අඩු ගාණට විකුණල ඊලග පාර ගෑස් නැව ආවම 5200ක් හොයාගන්නේ කෝමඩ. ඕක දිගුකාලීනව ගියාම ටික ටික ඒ ආයතනය කඩා වැටෙනව.

    කෙටි කාලීන පියවරක් විදියට බැංකු වලින් ණය ගත්තත් ලාබ නොලබන ආයතනයකට ණය දෙන්නේ කවුද? ණය ගෙවන්න ලාබයක් කොහෙන්ද?

    නිදහස ලැබුණ දවසේ ඉදන් හැමදේටම සහනාධාර දීලා පිනට කන්න බොන්න දීලා කරගත්ත ලිනාශයක උච්ඡතම අවස්තාවකට තමයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ.

    මම කියන් නෑ දේශපාලකයෝ හොරකම් කරන් නෑ කියල. ඒ උනාට මේ ආර්ථික ඝැටලුවට හේතුව හොරකම් කිරීමම නෙවේ.

    වැරදි ආර්ථික ප්රතිපත්ති. ඒ වගේම අපේ රටේ මිපිස්සුන්ව පිනට කෑමට හුරු කරපු කාලකණ්ණි දේශපාලනය හා පිනට කන්න බලන් ඉන්න අපේ රටේ කම්මැලි කාලකණ්ණි පුරවැසියෝ.


    අවුරුදු දහතුනක් ස්කෝලේ නිදහස් අධීයාපනය දීලා හවුරුදු හතරක් විශ්වවිද්යාල අධ්යාපනයත් නොමිලේ දීලා උපාධිය අරගත්තටත් පස්සේ උන් රජයෙන්ම ජොබ් එකක් බලාපොරොත්තු වෙනව. ඒම නොදුන්නොත් ඒත් පිකටිං.

    ඊට පස්සේ අවුරුද්දක් ගාණේ පඩි වැඩි කරන්න පිකටිං.

    ඊට පස්සේ පැන්ශන් ගිහිනුත් පිකටිං.

    මේ පැන්ශන් කියන්නෙම රටට බරක්. රාජ්ය සේවය කියන්නෙම රටට බරක්.

    කිසිම ලාබයක් නොලබන ලාබයක් ලබන්න උත්සහවත් නොවන අඩුම තරමේ කාර්යක්ෂමතාවයකින් සේවකය්වත් සපයන් නැති රාජ්ය සේවය මේ රටට බරක්.

    බහුතරයක් රාජ්ය සේවකයෝ කරන්නේ අපේ සල්ලි වලින් පිනට කන බොන එක.
     
    • Like
    Reactions: U.N.C.L.E