ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,621
    1,555
    113

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා​

    Thursday, October 14, 2021
    A-Bandaragama-student-who-was-addicted-to-games-has-committed-suicide

    “අපි එදා දෙවිවරුන් ලෙස දැකපු ගුරුවරුන් අද අපි දකින්නේ දේවදත්තලා විදිහටයි. මේ වසංගත කාලය තුළ ගුරුවරුන්ගේ මුදල් තණ්හාව නිසා ඔන්ලයින් පන්ති නවත්වා ඔවුන් උද්ඝෝෂණය කළා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමග ගියා. මේ දරු පරපුරට සිදු කරන අසාධාරණයට මුල් වී කටයුතු කරන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට හෙණ හත වදින ලෙස මං ප්‍රාර්ථනා කරනවා”
    යයි ජංගම දුරකතනයක ක්‍රීඩාවලට යොමු වීම නිසා ගෙල වැළලා මියගිය ඉසුරු අශේන් සිසුවාගේ මරණ පරික්ෂණයේදී ඔහුගේ පියා වන මෝලි වික්‍රමආරච්චි මහතා සාක්ෂි ලබාදෙමින් පැවැසීය. හොරණ හදිසි මරණ පරික්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ මෙම පරීක්ෂණය සිදු කෙරිණි.
    “මගේ පුතා අධ්‍යාපනය ලැබුවේ රයිගම පතහවත්ත පාසලේ 11 ශ්‍රේණියේ. පාසල් නිවාඩුව නිසා දරුවන් අධ්‍යාපනය ලැබුවේ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ පැවැති අධ්‍යාපන ක්‍රමය ඔස්සේ. පාසලේ විදුහල්පතිතුමිය අපට කතා කර රැස්වීමක් තබා පැවැසුවා ඔයාලා පොඩි දුරකතනයක් අරගෙන දරුවන්ට පහසුකම් ඇති දුරකතනයක් අරන් දෙන ලෙසට. ඒ අනුව මම ගෙවීමේ ක්‍රමයට ජංගම දුරකතනයක් අරගෙන අධ්‍යාපන වැඩ සඳහා ලබාදුන්නා.මුල් කාලයේදී පුතා දුරකතනයෙන් මෙම සියලුම පන්ති සඳහා සම්බන්ධ වුණා. එසේ සම්බන්ධ වී ඒවායේ දෙන පැවැරුම් කටයුතු හොඳට කළා.

    ඒ අනුව ඔහු ගොඩක් දුරට අධ්‍යාපනයේ නියැළී සිටියා. ඉන් පසු ගුරුවරුන්ගේ අධික මුදල් තණ්හාව නිසා මේ වසංගත කාලය තුළ ඔවුන් ඔවුන් ගැනම සිතමින් මුදල් වැඩි කරගැනීම සඳහා උද්ඝෝෂණ කළා. ඉන් පසු ඔන්ලයින් පත්ති නවත්වා දමා දරුවන් අසරණ කළා. ඉන් පසු මෙම දරුවන් තම ජංගම දුරකතන තුළින් අනවශ්‍ය ක්‍රීඩා සහ අවශ්‍ය අනවශ්‍ය දේවල් නැරැඹීමට යොමු වුණා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමඟ ගියා. මගේ දරුවාත් නොමග ගියා. අපි එදා දෙවිවරුන් ලෙස දැකපු ගුරුවරුන් අපි එදා දෙවිවරුන් ලෙස දැකපු ගුරුවරුන් අපි දකින්නේ දේවදත්තලා විදිහටයි.

    මේ දරු පරපුරට කළ අසාධාරණයට මුල් වී වැඩ කරන ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට හෙණ හත වදින ලෙසට මම ප්‍රාර්ථනා කරනවා. තවත් මෙවැනි දරුවන් මේ තිබෙන තත්වය නිසා අපට අහිමි වී යා හැකියි.පසුගිය 11 වැනිදා උදේ මාගේ බිරිඳ වැඩට ගියා. මම බුලත්විට අලෙවි කිරීමට එළියට ගියා. මම ගල් වැඩ කරලා වම් අතේ ඇත්තේ එක ඇගිල්ලක් පමණයි. මම ඒ තත්වයෙන් සිට දරුවාට උගන්වා හොඳ තැනකට යැවීමට මහන්සියෙන් වැඩ කළා. ඒ කටයුත්තට මගේ බිරිඳ උදව් කළා. මමත් බිරිඳත් දරුවාට ගොඩක් ආදරෙන් සිටියේ. දරුවා අපට කිසිම හිතුවක්කාරකමක් තිබුණේ නැහැ.

    ඔහු කරන සියලු වැඩ මට නැති නම් බිරිඳට කියලා කරන්නේ.එදා මම හවස හතරට පමණ ගෙදරට ආවා. එන විට නිවෙසේ ඉස්සරහා දොර ඇරලා තිබුණේ. මම ගේ ඇතුළට යන ගමන් පුතාට කතා කරන්ගෙන ගියා. වෙනදාට එක්වරක් කතා කරන විට මා ළඟට දුවගෙන එන දරුවා අද මා ළගට නොආපු නිසා මම කුස්සියට ගොස් බැලුවා. මම ගොස් බලන විට දරුවා කුස්සියේ බාල්කයේ රෙදි ගැට ගසන සුදු පාට ලණුවක ගෙල වැළලාගෙන සිටියා. මම දුවලා ගිහින් එක්වරම දරුවාව මගේ ඇගිලි නැති අතින් බදාගෙන අනික් අතින් ලෙහන්න උත්සාහ කළා. එවෙලේ දරුවාගේ ඇගේ රස්නය තිබුණත් මම හයියෙන් කෑගහලා අහල පහළ ගෙවල්වල අයට කතා කළා. ඔවුන් පැමිණ ලණුව කපා බෙල්ලේ ගැටය ලිහා ඉක්මනින්ම මගේ ත්‍රිරෝද රථයෙන්ම දරුවාව හොරණ රෝහලට රැගෙන ගියා.

    එහිදී වෛද්‍යවරුන් පරීක්ෂ කර බලා පුතා මියගොස් ඇති බව පැවැසුවා. මෙම මරණය ගැන වෙනත් කිසි සැකයක් නෑ. මෙය දරුවා විසින්ම කරගත් බවට මට විශ්වාසයි.".

    ගෙල වැළලා ගැනීම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත මෙම මරණය සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා එහිදී නිගමනය කළේය. බණ්ඩාරගම පොලිසියේ සැරයන් කේ. ප්‍රියංකර මහතා පරික්ෂණ කටයුතු මෙහෙයවීය.

    (අඟුරුවාතොට මංගල එදිරිසිංහ)
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    503
    1,473
    93
    Malabe
    නියමයි මල්ලි. ඔයා නියමෙට ගුරු හිගන්නොන්ට ගහලා ත්‍රෙඩ්ස් දානවා.
    ඔයාගේ පඩිය ලබන මාසේ 10 ට කලින් දාන්නම්.
    නිල් බලකා මීඩියා යුනිට් ෆේස්බුක් පේජ් එකට ඔයාගේ බෑන්ක් අකවුන්ට් ඩිටෙල්ස් දාන්න.
     

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,151
    2,086
    113
    නියමයි මල්ලි. ඔයා නියමෙට ගුරු හිගන්නොන්ට ගහලා ත්‍රෙඩ්ස් දානවා.
    ඔයාගේ පඩිය ලබන මාසේ 10 ට කලින් දාන්නම්.
    නිල් බලකා මීඩියා යුනිට් ෆේස්බුක් පේජ් එකට ඔයාගේ බෑන්ක් අකවුන්ට් ඩිටෙල්ස් දාන්න.
    Jabuk 😂
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,970
    1,970
    113
    game ගැහුවා කියල කොහෙද මැරෙන්න හිතෙන්නේ ... දෙමව්පියන්ගේ නොහැකියාව වහගන්න ලබ්බවල් කියනව .... උට තිබ්බ ඇත්ත ප්‍රශ්න හොයල බලන්නේ නැතුව දැන් කෙල උනාම ලබ්බවල් කියනව
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    192
    294
    63
    ගුරුවරු ණය වෙලා ලැප්ටොප්,ෆෝන් අරන් තමන්ගෙ සල්ලි වලින්ම data cards දාගෙන මෙච්චර කල් ඉගැන්නුවට ඔහොම කියල මදි. ආණ්ඩුව ගුරුවරුන්ට අයිති වැටුප දුන්න නන් strike කරනවද?

    (තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිනන් අහක ඉන්න ගුරුවරුද පලි?)
     

    amithtr300

    Member
    Dec 28, 2020
    24
    17
    3

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා​

    Thursday, October 14, 2021
    A-Bandaragama-student-who-was-addicted-to-games-has-committed-suicide

    “අපි එදා දෙවිවරුන් ලෙස දැකපු ගුරුවරුන් අද අපි දකින්නේ දේවදත්තලා විදිහටයි. මේ වසංගත කාලය තුළ ගුරුවරුන්ගේ මුදල් තණ්හාව නිසා ඔන්ලයින් පන්ති නවත්වා ඔවුන් උද්ඝෝෂණය කළා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමග ගියා. මේ දරු පරපුරට සිදු කරන අසාධාරණයට මුල් වී කටයුතු කරන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට හෙණ හත වදින ලෙස මං ප්‍රාර්ථනා කරනවා”
    යයි ජංගම දුරකතනයක ක්‍රීඩාවලට යොමු වීම නිසා ගෙල වැළලා මියගිය ඉසුරු අශේන් සිසුවාගේ මරණ පරික්ෂණයේදී ඔහුගේ පියා වන මෝලි වික්‍රමආරච්චි මහතා සාක්ෂි ලබාදෙමින් පැවැසීය. හොරණ හදිසි මරණ පරික්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ මෙම පරීක්ෂණය සිදු කෙරිණි.





    ගෙල වැළලා ගැනීම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත මෙම මරණය සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා එහිදී නිගමනය කළේය. බණ්ඩාරගම පොලිසියේ සැරයන් කේ. ප්‍රියංකර මහතා පරික්ෂණ කටයුතු මෙහෙයවීය.

    (අඟුරුවාතොට මංගල එදිරිසිංහ)
    BUDU AMMO THO WAGE MODA MUSALAYEK :ROFLMAO:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,987
    5,995
    113
    In the eyes of my girl
    ඕක තමයි ඇත්ත
    ගොඩක් ළමයින්ට ඔය සින් එක වෙලා තියෙන්නේ
    ඉස්සර ෆෝන් දුන්නේ නැ ළමයින්ට ටිකක් ලොකු වෙනකන්
    දැන් ඔන්ලයින් නිසා හැමෝම ෆෝන් අරන් දුන්න අමාරුවෙන් හරි
    පන්ති නැති උනත් ළමයි ෆෝන් එක පාවිච්චි කරන එක නැවැත්තුවේ නැ
    මේක සැහෙන ලොකු ප්‍රශ්නයක්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    19,043
    11,674
    113
    Colombo
    දැන් ඉන්න පොඩි උන්ව ගයිඩ් කරන්න කවුරුවත් නෑ.පොඩි කාලෙම ඩිවයිස් අතට එනව.හොඳ නරක කියල දෙන්න කවුරුවත් නෑ.සුරංගනා ලෝක මවල පෙන්නපුවම නිකන්ම අහුවෙනව.පවු ඉතින්...
     
    • Like
    Reactions: ntayya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    4,970
    1,970
    113
    ඕක තමයි ඇත්ත
    ගොඩක් ළමයින්ට ඔය සින් එක වෙලා තියෙන්නේ
    ඉස්සර ෆෝන් දුන්නේ නැ ළමයින්ට ටිකක් ලොකු වෙනකන්
    දැන් ඔන්ලයින් නිසා හැමෝම ෆෝන් අරන් දුන්න අමාරුවෙන් හරි
    පන්ති නැති උනත් ළමයි ෆෝන් එක පාවිච්චි කරන එක නැවැත්තුවේ නැ
    මේක සැහෙන ලොකු ප්‍රශ්නයක්

    මොකක්ද 4න් එක පාවිච්චි කරන එකේ වැරැද්ද ?
     

    danush1987

    Well-known member
  • Sep 3, 2021
    192
    294
    63
    දැන් ඔන්ලයින් නිසා හැමෝම ෆෝන් අරන් දුන්න අමාරුවෙන් හරි
    පන්ති නැති උනත් ළමයි ෆෝන් එක පාවිච්චි කරන එක නැවැත්තුවේ නැ
    මේක සැහෙන ලොකු ප්‍රශ්නයක්

    තමුන්ගෙ ළමයින්ව හදා ගන්න අම්මටයි තාත්තටයි බැරිද?
     

    amithtr300

    Member
    Dec 28, 2020
    24
    17
    3

    ස්ට්‍රයික් ගුරුවරුන්ට හෙණ හත වදින්න ඕන - ගේම් නිසා දිවිනසාගත් සිසුවාගේ පියා​

    Thursday, October 14, 2021
    A-Bandaragama-student-who-was-addicted-to-games-has-committed-suicide

    “අපි එදා දෙවිවරුන් ලෙස දැකපු ගුරුවරුන් අද අපි දකින්නේ දේවදත්තලා විදිහටයි. මේ වසංගත කාලය තුළ ගුරුවරුන්ගේ මුදල් තණ්හාව නිසා ඔන්ලයින් පන්ති නවත්වා ඔවුන් උද්ඝෝෂණය කළා. මේ නිසා දරුවන් විශාල පිරිසක් නොමග ගියා. මේ දරු පරපුරට සිදු කරන අසාධාරණයට මුල් වී කටයුතු කරන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට හෙණ හත වදින ලෙස මං ප්‍රාර්ථනා කරනවා”
    යයි ජංගම දුරකතනයක ක්‍රීඩාවලට යොමු වීම නිසා ගෙල වැළලා මියගිය ඉසුරු අශේන් සිසුවාගේ මරණ පරික්ෂණයේදී ඔහුගේ පියා වන මෝලි වික්‍රමආරච්චි මහතා සාක්ෂි ලබාදෙමින් පැවැසීය. හොරණ හදිසි මරණ පරික්ෂක සුමේධ ගුණවර්ධන මහතා ඉදිරියේ මෙම පරීක්ෂණය සිදු කෙරිණි.





    ගෙල වැළලා ගැනීම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත මෙම මරණය සිදුව ඇති බව හදිසි මරණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා එහිදී නිගමනය කළේය. බණ්ඩාරගම පොලිසියේ සැරයන් කේ. ප්‍රියංකර මහතා පරික්ෂණ කටයුතු මෙහෙයවීය.

    (අඟුරුවාතොට මංගල එදිරිසිංහ)
     

    Attachments

    • photo_2021-10-14_10-43-10.jpg
      photo_2021-10-14_10-43-10.jpg
      27.1 KB · Views: 26