P.S. - ස්වයං වින්දනයට ඇබ්බැහිවීමේ අවාසි ලෙස මේකේ heading එක වෙනස් වෙන්න ඔ්න.
මෙතෙන 6 Point සග 9 Point වල හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන තැන් දෙකක් මං Highlight කලා.කිරියෙ කොල්ලන්ට දැනගන්න මේක share කලේ. කාෙපි කලේ මෙතනින්:
Original Source
Madhavi's Bedroom Talks - Blog
Madhavi's Bedroom Talks - Facebook
_______________________________________________________________________________________________________________________________________
ස්වයං වින්දනය සහ ස්වයං වින්දනයට ඇබ්බැහිවීම ගැන මේ දේවල් 10 දැනගන්න.
ස්වයං වින්දනය ගැන මම දාපු පොඩි පෝස්ට් එකක් නිසා මාර සීන් එකක් වෙලා තියෙනවා. ගොඩක් පිරිමින්ට එකග වෙන්න බැරි වෙලා තියෙනවා ස්වයං වින්දනය තමන්ට අනතුරුදායක වියහැකියි කියන එක. ඒ වගේම ගොඩක් පිරිමින්ට බැරිවෙලා තියනවා ස්වයං වින්දනය හානිකර වෙන්නේ කොතනදිද ඒකේ සිමාව මොකද්ද කියන එක ගැන හැදෑරීමක් කරලා ඉගෙන ගන්න. ඒ ඔක්කොටම දැන ගන්න ස්වයං වින්දනය ගැන සරල පැහැදිලිකිරිමක් සහ ඒක නරක පුරුද්දක් වෙන්නේ කොහාමද කියන එක ගැන පැහැදිලි කරන්නම්. කලින් කිව්ව පිරිමි අතරේ තවත් පිරිමි වර්ගයක් ඉන්නවා අවම වශයෙන් දින 07 ක් හෝ ස්වයං වින්දනය නොකර ඉන්න බෑමයි කියන අය - එයාලා මේක කියවන්න එපා. එයාලාට කියන්න තියෙන්නේ සොරි තමයි කියලා.
01. මුලින්ම කියන්න ඕන සාමාන්‍ය ස්වයං වින්දනය නරක හෝ අහිතකර දෙයක් නෙවෙයි. මතක තියාගන්න මම මෙතන පාවිච්චි කරනවා සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්. ඒක වැදගත්. දැන් තියෙන කාර්ය බහුල ජීවන රටාව සහ සෞඛ්‍ය කාරණා සැලකිල්ලට ගත්තාම වයස අවුරුදු 20 - 30 අතරේ ඉන්න ලාංකික පිරිමියෙක් සතියකට අවස්ථා 04 - 06 ත් අතර වාර ගණනක් ස්වයං වින්දනයකිරීම සාමාන්‍යයි. මොකද මේක තමයි එයාලාගේ ජීවිතයේ සෙක්ස් කියන දේ ගවේෂණය කරන්න අවස්ථාව ලැබෙන, ගෑණු ළමයත් එක්ක පාර්ක් එකේ තනි වෙලා ඉදලා බාගෙට කලිසම තෙමාගෙන ගෙදර එන්න එහෙම අවස්ථාව ලැබෙන කාලය. ඒ වගේම වයස අවුරුදු 30 ට වැඩි පිරිමින් අතර මේ වාර ගණන 02 - 03 ත් දක්වා අඩු වෙනවා. ඒත් ඔයා අනිවාර්යයෙන්ම වාර 06 ක් සතියකට මේක කරන්න ඕන හෝ ඊට වැඩිය ගියොත් විනාශයි කියලා මෙතනින් කියවෙන්නේ නෑ. ඒ වගේම ඊට වඩා අඩු වාර ගණනක් ස්වයං වින්දනය කරා කියලා ඔයා ලිංගිකව දුර්වල කෙනෙක් වෙන්නත් නැ. අනිත් පැත්තෙන්. සාමාන්‍ය ස්වයං වින්දනය කරලා (ආයෙමත් සාමාන්‍ය ස්වයං වින්දනය කියලා වචන තුනක්) ධාතු පිට කරා කියලා ඔයාගේ ඇගේ තියෙන ටෙස්ටස්ටරෝන් හෝමෝන අඩුවීමක් වෙන්නෙත් නැහැ. ශරීරය හැමවිටම ටෙස්ටස්ටරෝන් අතිරික්තයක් සහ ශ්‍රක්‍රාණු අතිරික්තයක් පවත්වාගෙන යනවා.
02. දැන් මොකද්ද ප්‍රශ්නය? ප්‍රශ්නය ඇතිවෙන්නේ සාමාන්‍ය ස්වයං වින්දනය ඉක්මවා ගිහින් අසාමාන්‍ය ස්වයං වින්දනයට යොමුවීමේ ප්‍රවණතාවයක් අපි ලාංකිකයන් සහ දකුණු ආසියානු රටවල පිරිමින් අතරේ දකින නිසා. බටහිර රටවල් වගේ සෙක්ස් සම්බන්ධයෙන් විවෘත රටවල වැඩුණු පිරිමියෙක්ට සෙක්ස් කියන්නේ දුර්ලභ දෙයක් නෙවෙයි. එයාලගේ ජීවිතවල සෙක්ස් සාමාන්‍යයි සහ සුලභයි. ඒත් ලංකාව හෝ දකුණු ආසියානු රටවල සෙක්ස් කියන දේ ලැබෙන්නේ බොහෝ විට විවාහක පිරිමින්ට තමන්ගේ විවාහක බිරිදගෙන් විතරයි. ඊට කලින් ලැබුනත් ඒ ඉතාම සීමා සහිත විදියට ලැබෙන අවස්ථා. ඉතින් ලංකාවේ පිරිමින්ගේ ලිංගික අවශ්‍යතාව කියන එක බටහිර රටක පිරිමියෙක්ට සාපේක්ෂව සංතර්පනය වෙනවා අඩුයි. බටහිර රටවල කොල්ලෝ කොලේජ් එක්දි, නයිට් ක්ලබ් එකේදි, ජිම් එකේදි මුණගැහෙන තරුණියන් එක්ක ඉතාම ඉක්මනට යාලුවෙලා ලිංගික සම්බන්ධයක් දක්වා යොමු වෙද්දි අපේ වගේ රටවල අසරණ පිරිමින්ට කෙල්ලගේ බෙල්ලෙන් පහළ තැනකට කිස් එකක් දෙන්නත් යාලු වෙලා අවුරුද්දක්වත් ඉන්න වෙනවා. ඉතින් ලංකාවේ පිරිමින්ට තියෙන එකම විකල්පය අතට ගැනීම විතරයි. ඔන්න ඔතනින් තමයි මම කියන අසාමාන්‍ය ස්වයං වින්දනය පටන් ගන්නේ.
03. American Psychiatric Association එක විසින් පළකරන The Diagnostic and Statistical Manual of Mental Disorders එහෙමත් නැත්නම් DSM එක කියලා ශාස්ත්‍රිය ප්‍රකාශනයක් තියෙනවා. මේක මනෝ ව්‍යාධිවිද්‍යාව, මනෝ උපදේශනය වගේ විෂයයන් හදාරණ අය සලකන්නේ එයාලගේ බයිබලය කියලා. ඒ තරමට ඒක වැදගත්. මේ පොතේ ඉතාම මෑත කාලීන සංස්කරණයේ ඇබ්බැහිවීම් සංකූලතා (Addictive dissorders) කියන පරිච්චේදය යටතේ දක්වලා තියනවා අපේ ශාරීරික පුරුදු ඇබ්බැහිවීම් දක්වා වර්ධනය වෙලා ඒවා සංකූලතා - ඒ කියන්නේ ප්‍රතිකාර හෝ විශේෂ අවධානය දැක්විය යුතු තත්ත්ව දක්වා වර්ධනය වෙනවා කියලා. ස්වයං වින්දනය කියන්නේ මේ විදියට ඇබ්බැහි විය හැකි සංකූලතාවයක්. දැන් ඔය දවස් 07 ක් නෙවෙයි එක දවසක්වත් ස්වයං වින්දනය නොකර ඉන්න බෑ කියලා මගේ කලින් පෝස්ට් එකට කමෙන්ට් දාපු අය එපා කියද්දිත් තාම මේක කියවනවානම් හිතා ගන්න තමන්ට වෙලා තියෙන සන්තෑසිය.
04. සාමාන්‍යයෙන් ශාරීරික (උදා - අසාමාන්‍ය ස්වයං වින්දනය) හෝ රසායනික (උදා - හෙරොයින් භාවිතය) සංසිද්ධියකට අපි ඇබ්බැහි වෙන්නේ මොළය විසින් නිපදවන හෝමෝන දෙකක් නිසා. එකක් ඩොෆමීන් අනිත් එක එන්ඩෝර්ෆින්ස්. ඩොෆමීන්වලට අපි කියනවා pleasure hormone - සතුටු හෝර්මෝනය කියලා. මොනවාම හරි දෙයකින් අපි සතුටු වෙනවා නම් ඒක වෙන්නේ ඒ දෙය අපේ මොළයේ ඩොෆමීන් නිෂ්පාදන සෛල උත්තේජනය කරාම. ගෑණූ ළමයාව දැක්කම සතුටුයි - ඩොෆමීන්, ලංකාව මැච් එකක් දිනනවා කුසල් මෙන්ඩිස් 100 ක් ගහලා - වෙන්නම බැරි දෙයක්...ඒත් වුනොත් අපිට සතුටු හිතෙන්නේ ඩොෆමීන් නිසා. බියර් බොද්දි මාර කික් - කික් වෙන්නේ ඩොෆමීන් නිසා. පෝර්න් හබ් එකේ ආශාවින්දි ගවුම ගලවලා දාලා එහා ගෙදර මල්ලි එක්ක කරනවා දැක්කම හම්මෝ - ඒ හම්මෝ වෙන්නේ ඩොෆමීන් නිසා. පැහැදිලිද ? එන්ඩෝර්ෆින්ස්වලට අපි කියනවා stress hormone කියලා. පාඩම් වැඩ වැඩි...ඉතින් ස්ට්‍රෙස් වෙනවා. ඔන්න ශරීරය එන්ඩෝර්ෆින්ස් නිෂ්පාදනය කරලා ස්ට්‍රෙස් එක නැති කරනවා. ස්ට්‍රෙස් එක නැති කරන්නෙ කොහෙමද ? මොළය මුලින්ම නිපදනවනවා ඩොෆමීන්...ඩොෆමීන් හෝමෝනය දායක වෙනවා එන්ඩෝර්ෆින්ස් හෝමෝනය නිපදවන්න..ඊට පස්සේ එන්ඩෝර්ෆින්ස් ස්ට්‍රෙස් එක නැති කරනවා. දැන් ඔන්න අපිට පොඩි ලින්ක් එකක් පැහැදිලි වෙනවා නේද? ස්වයං වින්දනය කරනකොට ඩොෆමීන් හැදෙනවා. ඩොෆමීන් නිසා එන්ඩෝර්ෆින්ස් හැදෙනවා..මේ දෙක නිසා අපේ ඇගේ තියෙන අප්සෙට් මූඩ් නැතිවෙලා ඇගේ මහන්සියත් ගිහින් මාර ආතල් ලෙවල් එකකට එනවනේ. අතේ පාරක් ගැහුවම මාර රිලැක්ස් ඕයි….මට නම් අත පාවිච්චි කරේ නැත්නම් නින්ද යන්නේ නෑ වගේ ටෝක්ස් එක එක පොරවල් විසින් දෙන්නේ ඔන්න ඔය තත්ත්වය නිසා. ඔන්න ඔය ෆීලින්ග් එකමයි හෙරොයින් හෝ වෙනත් drug එකක් නිසා වෙන්නේ. මොකද ඒවයින් වෙන්නෙත් අර කිව්ව හෝමෝන දෙක හදලා දෙන එක තමයි. දැන් පැහැදිලියිද ස්වයං වින්දනය කියන දේ ඇබ්බැහියක් වෙන්න පුලුවන් කියලා අර මම බයිබලය වගේ කියපු පොතේ කියලා තියෙන්නේ ඇයි කියලා ?
05. දැන් වෙන්නේ මෙහෙයි. කෙනෙක්ගේ ශරීරය හෙරොයින්වලට ඇබ්බැහිවෙන වේගෙන්ම ස්වයං වින්දනයට ඇබ්බැහි වෙන්නත් පුලුවන්. දැන් අර “නෑ පිස්සුද ස්වයං වින්දනය නරක නෑ මේවා බොරු කතා” කියලා කියපු මහත්තුරුයි….”පුතා ස්වයං වින්දනය නරකයි නම් මම අද මෙතන නෑ” කියලා කිව්වේ රට පුරාම වෛද්‍යවරු ආචාර්ය මහාචාර්යවරු පවා කට පුරාම සර් කියලා කියන මාහාචාර්ය කාලෝ ෆොන්සේකා ගුරුතුමායි කියලා කියපු මහත්තුරුයි පොඩිත්තක් වාඩි වෙලා මේක අහන්නකෝ. ස්වයං වින්දනය ලිංගිකව පරිණත වුන පිරිමියෙක්ගේ දේහ ක්‍රියාවලියේ ඉතා සාමාන්‍ය දෙයක් තමයි. ඒත් අනිත් ඕනම දෙයක් වගේ ඕනවට වැඩිය කරන්න ගියොත් ඒක නරකයි. විශේෂම දේ ඩොෆමීන් සහ එන්ඩෝර්ෆින්ස් කියන හෝර්මෝන දෙකේ දායකත්වය නිසා ඉතාම ඉක්මනින් කෙනෙක් ස්වයං වින්දනයට ඇබ්බැහි වෙන්න පුලුවන්. මොකද ශරීරයට අර හෝමෝන දෙක අවශ්‍යයි දිගින් දිගටම. ඔයාලා නිතර ස්ට්‍රෙස් වෙනවා - ශරීරයට අර හෝමෝන දෙක ඕන. ඔයාලාට ඇක්ටිව් සෙක්ස් ලයිෆ් එකක් නෑ - ජෛව ක්‍රියාවලිය පවත්වාගෙන යන්න ශරීරය ඔයාලට බල කරනවා ස්වයං වින්දනය කරන්න. ස්වයං වින්දනය කරන්න කරන්න අර හෝමෝන දෙක ශ්‍රාවය වෙනවා. හෝමෝන ශ්‍රාවය වෙන්න වෙන්න ශරීරයට තව තවත් ඒක ඕන වෙනවා. ඔන්න දැන් හැදෙනවා chronic masturbator කෙනෙක්. කවුද chronic masturbator කෙනෙක් කියන්නේ? දවස් 07 ක් නෙවෙයි එක දවසක්වත් ඉන්න බෑ. ඒකනම් කරන්න අමාරු වැඩක් නෙවෙයි කරන්න බැරි වැඩක්. දවස් 07 ක් තියා පැය 07 ක් ඉන්න බෑ වගේ කතා කියන ස්වයං වින්දනය අතහැරගත නොහැකි පුරුද්දක්වීමේ රෝගයට ගොදුරු වුන අය. සමහර අය හිතාගෙන ඉන්නවා ස්වයං වින්දනෙයනුයි ලිංගික කාර්යයෙනුයි දෙකෙන්ම කරන්නේ ධාතු පිටකිරිම නිසා දෙකම එකයි කියලා. එයාලටත් කියන්න තියෙන්නේ සොරි තමයි කියලා.
Last edited: