සාංඝික සහ පෞද්ගලික දාන දී දෙව්ලොව ඉපදුනු භද්‍රා සහ සුභද්‍රාගේ කතාව

S_M_S

Well-known member
  • Sep 28, 2017
    2,428
    5,800
    113
    අහන්න දෙයක් නෑ ඉතින් ඔය කියන පාලකයෝ මොන වැඩේ පටන් ගත්තත් ආගම් ඉස්සරහට දාගෙන නේ කරන්නේ . ඒකයි .
    ආපහු ආගමලු. 🤷

    දැන් පැහැදිලි කරපං කෝ ලෝකේ ඉන්න සියලුම මනුෂ්‍යන්ට බලපාන පින පව කියන දේ , රටවල් කීපයක විතර අවුරුදු 2500කට කලින් ඉදන් පැතිරිලා තියන ආගමකට යටත් කරලා වර්ග කරන එකේ පදනම...
    මාර්ගඵල ලබපු අය සහ ඒ මාර්ගයේ යන අය ඉන්න තැන. (උඹ පිළිගන්නැතුවට අපිට කරන්න දෙයක් නෑ. උඹට ඔප්පු කරවලා පෙන්වන්න විදිහකුත් නෑ)

    කොටින්ම ඔය උබ කිව්වා "දානයන් අතරින් ඉහළම, ඉහළම, ඉහළම පින තමයි "සිව් දිගින් වඩින භික්ෂු සංඝයාට කුටි සෙනසුන් පූජා කිරීම" කියන එක ලෝකේ ඉන්න හැම මනුස්සයටම පොදු වෙන විදියට බලපාන පදනම මොකද්ද ??
    :lol:
    සර්වඥතා ඥානයෙන් අවබෝධ කළ දේ + මාර්ගඵල ලබපු අය සහ ඒ මාර්ගයේ යන අය ඉන්න තැන.
    (උඹ පිළිගන්නැතුවට අපිට කරන්න දෙයක් නෑ. උඹට ඔප්පු කරවලා පෙන්වන්න විදිහකුත් නෑ. පිළිනොගත්ත අය ඒ කාලෙත් හිටියා)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    30,700
    83,648
    113
    එකමත් එක රටක
    මාර්ගඵල ලබපු අය සහ ඒ මාර්ගයේ යන අය ඉන්න තැන. (උඹ පිළිගන්නැතුවට අපිට කරන්න දෙයක් නෑ. උඹට ඔප්පු කරවලා පෙන්වන්න විදිහකුත් නෑ)
    එකෙක් පෙන්නපන් මාර්ගපල ලබලා ඉන්න ලෝකේ බිලියන 8 ඇතුලේ.
    සර්වඥතා ඥානයෙන් අවබෝධ කළ දේ
    (උඹ පිළිගන්නැතුවට අපිට කරන්න දෙයක් නෑ. උඹට ඔප්පු කරවලා පෙන්වන්න විදිහකුත් නෑ. පිළිනොගත්ත අය ඒ කාලෙත් හිටියා)
    මම විතරක් නෙවෙයි බන් ඒ ඒ ආගම් අදහගෙන ඉන්න උන් ටික ඇරෙන්න අනිත් උන් ඔය දේවල් පිළිගන්නේ නෑ .

    දැන් බුද්දාගමට වඩා ලෝකේ මිනිස්සු අදහන මුස්ලිම් ආගමේ කියන දේවල් උබ පිලිගන්නව ද ??
    නෑ නේ. ඒ වගේ තමයි. තමන්ගේ ආගමේ තමයි ඉහලම ඉහලම ඉහලම දේ තියන්නේ කියලා තම හැම එකාම කියන්නේ.

    මම ඇහුවේ එහෙම කියන එකේ පදනම. ඕක සාමන්‍ය අදහන්නන්ගේ ලක්ෂණයක් හැම ආගමකම.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    2,428
    5,800
    113
    මම ඇහුවේ එහෙම කියන එකේ පදනම. ඕක සාමන්‍ය අදහන්නන්ගේ ලක්ෂණයක් හැම ආගමකම.
    ධර්මය තියෙන්නෙ ප්‍රගුණ කරන්න සහ අවබෝධ කරන්න. යම් ප්‍රමාණයකට හරි ප්‍රගුණ කරපු කෙනාට feel වෙන දෙයක් තියෙනවා ප්‍රගුණ නොකරපු අයට වඩා. ඒක physically පවතින දෙයක් නෙවේ හින්දා තම තමන්ට පෞද්ගලිකයි.
     
    • Like
    Reactions: ek_rosh

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,517
    2,433
    113
    ධර්මය තියෙන්නෙ ප්‍රගුණ කරන්න සහ අවබෝධ කරන්න. යම් ප්‍රමාණයකට හරි ප්‍රගුණ කරපු කෙනාට feel වෙන දෙයක් තියෙනවා ප්‍රගුණ නොකරපු අයට වඩා. ඒක physically පවතින දෙයක් නෙවේ හින්දා තම තමන්ට පෞද්ගලිකයි.


    ඔව්, මේ ලෝකෙ තියන තරමක් තියෙන්නෙ විශ්වාස මත පදනම් වෙන දේවල් තමා. ආගම, නූතන විද්‍යාව, නූතන නොවන විද්‍යාව,සංස්කෘතිය, නීතිය, මානව දයාව ආදී සියල්ලම ආපස්සට ප්‍රශ්නකරන් ගියහම බිඳවැටෙනවා. ඒ කියන්නෙ ප්‍රශ්නකරන් ගිහින් හුදු විශ්වාස මත පදනම්ව ගන්න වෙන දේවල් හමුවෙනවා. අවසානයට අපේ ඇස්, කන, නාසය දිව මන කියන සෙන්සස් අපිට "ඇත්ත දත්ත දෙනවා" කියන විශ්වාසයට හරි එන්න වෙනවා. ඒ කියන්නෙ 100% විශ්වාස වලින් තොර දෙයක් පෙන්වගන්න බැහැ.

    ආන්න ඒ නිසාමයි නිවන උතුම්. නිවන කියන තත්වය තුල ආගම, නූතන විද්‍යාව,සංස්කෘතිය, නීතිය, මානව දයාව ඇතුලු කිසිවක් නැහැ. ඉහත දෑට ලෝකය කියලා කිව්වොත් ලෝකයකට සාපේක්ෂව ලෝකයක් අතිදකින කෙනෙක් ඉන්නවා. ආගම පිලිපදින්නෙක් ඉන්නවා, විද්‍යාව කරන්නෙක් ඉන්නවා, නීතියට යටත් කෙනෙක් ඉන්නවා, සංස්කෘතියෙන් නිර්වචනය වෙන්නෙක් ඉන්නවා. නමුත් නිවන කියන්නෙ මමය මගේය මගේ ආත්මයය කියා නොගන්නා තැනට පත්වීම. මම නැතිනම් ලෝකයක් කොයින්ද ? එවිට විශ්වාසයක් මොකටද ? මුලු ලෝකයම අහෝසිවෙලා. පටිච්චසමුප්පන්න වෙලා, ශූන්‍ය වෙලා.
     
    • Like
    Reactions: ek_rosh and S_M_S

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,201
    7,319
    113
    Colombo
    අහන්න දෙයක් නෑ ඉතින් ඔය කියන පාලකයෝ මොන වැඩේ පටන් ගත්තත් ආගම් ඉස්සරහට දාගෙන නේ කරන්නේ . ඒකයි .

    දැන් පැහැදිලි කරපං කෝ ලෝකේ ඉන්න සියලුම මනුෂ්‍යන්ට බලපාන පින පව කියන දේ , රටවල් කීපයක විතර අවුරුදු 2500කට කලින් ඉදන් පැතිරිලා තියන ආගමකට යටත් කරලා වර්ග කරන එකේ පදනම...

    කොටින්ම ඔය උබ කිව්වා "දානයන් අතරින් ඉහළම, ඉහළම, ඉහළම පින තමයි "සිව් දිගින් වඩින භික්ෂු සංඝයාට කුටි සෙනසුන් පූජා කිරීම" කියන එක ලෝකේ ඉන්න හැම මනුස්සයටම පොදු වෙන විදියට බලපාන පදනම මොකද්ද ??
    :lol:
    මෙව ලොකේ තියෙන දර්මතා, එව නොදන්න පලියට එවට ගරහන්න එපා. නෑතුව කවුරුත් මවපු හොඅ කවුරුත් පනවපු නිස වෙන දෙයක් නෙමේ

    දන්නෙ නෑ බන් ඒක නම්. මට දන්න විදිහට නම් දුප්පත් මිනිහා එයාට තියෙන හැටියට බඩගින්නෙ ඉන්න කෙනෙකුට කෙසෙල් ගෙඩියක් දුන්නත් පෝසත් මිනිහා බඩගින්නෙ ඉන්න මිනිහට ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් දුන්නත් දෙන්නටම ලැබෙන්නෙ එකම පින. ඒ කියන්නෙ මොනා දුන්නත් දෙන කෙනාගේ හිතේ ස්වභාවය නේද බලපාන්නෙ ? :rolleyes2:
    දානයෙන් ලබෙන පින තීරන්ව වෙන කාරාන ගොඩක් තියෙනව, දෙන දෙය එකම උනත්
    1) ලබන කෙනා ගේ සිල්වත් බව වෑඩි වෙන්න වෙන්න පින වෑඩි වෙනවා
    2) දෙන කෙනත් සිල්වත් නම් පින තවත් වෑඩි වෙනව
    දානයේ ආනිසන්ස සරලව තෙරුම් ගන්න මෙ ලින්ක් එක බලන්න




    සත්පුරුෂ දානය​

     
    Last edited:
    • Like
    • Haha
    Reactions: S_M_S and dilann

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    3,201
    7,319
    113
    Colombo
    භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට ඇති ආකාරයට අංග 5කින් යුක්ත දානය සත්පුරුෂ දානයකි. එනම් රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් හෝ දානයකට දෙන විට,

    1. සකස් කොට පිළිවෙළකට දෙයි (සක්කච්චං දේති)
    2. ගෞරවයෙන් දෙයි (චින්තීකත්වා දේති)
    3. සිය අතින් දෙයි (සහත්ථා දේති)
    4. බැහැර නොකරන දෙයක් ලෙසින් (පරණ නොව ප්‍රයෝජනයට ගත හැකි අලුත් දෙයක්) දෙයි (අනපවිද්ධං දේති)
    5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය.’ යන්න විශ්වාස කොට දෙයි (ආගමනදිට්ඨිකෝ දේති)


    නම් එය සත්පුරුෂ දානයකි. එහි ආනිශංස ලැබෙන්නේ මේ අයුරිනි.

    ■ යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට ඔහුගේ සිත නැමෙයි. උදාර වූ වාහනවලින් යන්නට ඔහුගේ සිත නැමෙයි. පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නැමෙයි.

    ■ ඔහුට යම් දරුවෝ, බිරින්දෑවරු, දාසයෝ, මෙහෙකරුවෝ, කම්කරුවෝ සිටිද්ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති වෙති. ඇහුම්කන් දීමට කන් යොමු කරති. කියන දේ තේරුම් ගැනීමට සිත පිහිටුවති.
    ඒ මක් නිසා ද යත්, සකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.
    (වේලාම සූත්‍රය – අං. නි. 6)

    එහි දී අසත්පුරුෂ දානයේ අංගත්, එහි විපාකත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී ඇත්තේ මේ අයුරිනි.

    “රූක්ෂ දෙයක් හෝ ප්‍රණීත දෙයක් දානයකට දෙයි නම් එය,

    1. නොසකස් කොට දෙයි (අසක්කච්චං දේති)
    2. නොගරු කොට දෙයි (අචින්තීකත්වා දේති)
    3. සිය අතින් නො දෙයි (අසහත්ථා දේති)
    4. බැහැරට දමන දෙයක් ලෙසින් දෙයි (අපවිද්ධං දේති)
    5. ‘දෙන්නේ යම් සේ ද ලැබෙන්නේ එසේ ය’ යන්න විශ්වාස නො කොට දෙයි. (අනාගමනදිට්ඨිකෝ දේති)


    යම් යම් තැනක ඒ ඒ දානයෙහි විපාකය පහළ වෙයි ද ප්‍රණීත වූ බත් අනුභව කිරීමට, උදාර වූ වස්ත්‍ර හැඳීමට, උදාර වූ වාහනවලින් යන්නට, පංච කාමයන් උදාර ලෙසින් පරිභෝග කරන්නට ඔහුගේ සිත නො නැමෙයි. ඔහුට යම් දරුවන් සිටිත් ද බිරින්දෑවරු සිටිත් ද දාසයෝ සිටිත් ද මෙහෙකරුවෝ සිටිත් ද කම්කරුවෝ සිටිත් ද ඔවුහු ද ඔහුගේ වචනය අසන්නට කැමති නො වෙති. ඇහුම්කන් දීමට කන් යොමු නො කරති. කියන දේ තේරුම් ගැනීමට සිත නො පිහිටුවති. ඒ මක් නිසා ද යත්, නොසකස් කොට කළ කර්මයෙහි විපාක ලැබෙන්නේ ඒ අයුරින් නිසා ය.