ආනයනය කරන වාහන වල මිල කොහොමත් වැඩියි වැට් එකතුවීම සහ ඩොලර්, යෙන් වැඩිවීම එක්ක ගත්තම.
ලක්ශ 30 වාහනය 70ට යනකන් උඩබලන් ඉදලා දැන් බයිලා ගහලා වැඩක් නෑ.
30 එක කොහොමත් 60ක් වෙනවා අලුතෙන් ගේද්දි.
එතකොට දැන් 70ට යන එක 50ක් වෙයි.
70%ක් උපරිම ලීසිං දෙන්න ඕනා කියන නීතිය තියෙනවා. එතකොට උපරිම ලීසිං දෙන්නේ ලක්ශ 70ක් වටින වාහනයට ලක්ශ 49යි. කොහොමත් මිනිස්සු වාහනේ අතරින්නේ නෑ. අතැරියත් ලීසිං කම්පැනියට පාඩුවකුත් නෑ. උන් මාකට් එකේ මිලට වාහනේ වෙන්දේසි කරනවා. උන්ගේ හිඟ පොලිය නඩු දාලා අයකරගන්නවා. උන්ට පාඩුවක් වෙන්නේ නෑ.
කොහොම වුනත් ලාබ වගේම පාඩුත් බිස්නස් දාරාගන්න ඕනා. ආන්ඩු තියෙන්නේ කලුකඩ බිස්නස් වලට පාඩුවෙන එක වලක්වන්න නෙවෙයි.
බැංකු ලීසිං කම්පැනි බිස්නස් වලට, මිනිස්සුන්ට කොහොමද කෙලෙව්වේ කියලා අපි හොදට දන්න මිනිස්සු.
වාහන සේල් වලට ආනයනය කරන්න යම් වාහන ප්‍රමානයක සීමාවක් ලබාදුන්නේ නැත්තන් ඩොලර් බිලියන 1.2ම වාහන සේල් 5ක් 6ක් ගෙනෙයි. එතනත් පොඩි සේල් වලට කෙලවෙනවා. එක සේල් එකකට මසකට මෙච්චර මුදලක වාහන පමනයි ආනයනය කල හැක්කේ කියලා සීමාවක් දාන්න වෙනවා. අර මාකට් එකේ මිලට උඩින් ගෙන්වන වාහන මිල තියන්න ඕන ගොන්වැඩේ කරන් නැත්තන් අවුරුදු 7ක් වෙනකන් පරන වාහන ගේන්න දෙන්න පුලුවන්. එහෙම ගෙනාවොත් හතර ගුනයක් වැඩියෙන් බදු අදායමක් ගන්න පුලුවන්. හතර දෙනෙක්ගේ වාහන අවශ්‍යතාවයත් සපිරෙනවා එතකොට.
පොඩි මිනිහා වෙනුවෙන් කියලා බයිලා ගහලා ආවට මුංගෙත් කයිය විතරයි.
කරනවනම් වැඩ ඕනතරම් තියෙනවා. පොඩි මිනිහා ගොඩදාන්න මාර්ග ඕනතරන් කියලා දෙන්නම්. ආචාර්‍ය, මහචාර්‍ය වරුන් ඕවා දන්නේ නෑ. නිලදාරින්ගෙ ලනු ගිලලා ගොං තීරන ගන්න උන් දන්නේ. අනුරටත් වාහන සම්බන්දව කිසි දැනුමක් නෑ. ඌටත් ලනු දෙනවා පේන විදියට.