සිත අපට ඕනෑ ආකාරයට පවතින්නේ නැති බව හොදින්ම ප්‍රත්‍යක්ෂ වන්නේ මරණාසන්න මොහොතේදීය

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,793
    11,363
    113
    Colombo
    සිත අපට ඕනෑ ආකාරයට පවතින්නේ නැති බව හොදින්ම ප්‍රත්‍යක්ෂ වන්නේ මරණාසන්න මොහොතේදීය. මේ ජීවිතය තුළඳී පමණක් නොව සංසාරය පුරාවටම කරන ලද දෙවල් වුව මෙනෙහි විය හැක. එය කිසිවිටෙකත් සිත සිතා මෙනෙහි කරන දෙයක් නොව ඉබේම සිතට පහළ වෙයි. බොහෝ දෙනා මරණාසන්න මොහොතේදී විකාර ආකාරයට හැසිරෙන්නේ, කියවන්නේ එබැවිනි. ඔවුනට බොහෝ විට තමන් ඊළඟට යන භවය ගැන නිමිති දිස් වේ.

    මැරෙන මොහොතට මුහුණ දීමට සිත සූදානම් කළ යුත්තේ එවෙලේ නොව, ඊට බොහෝ කලකට පෙර සිටයි. බහුලව වඩන ලද දෙයක්, පුහුණු කරන ලද දෙයකට අනුව සිත පවත්වා ගැනීමේ ශක්තිය එවිට බොහෝ දුරට හිමි වනු ඇත.

    මැරෙන වෙලාවේ තමන් ප්‍රිය ආදරය කරන කෙනෙක් හෝ සිදුවීම් සිතට ආවොත් ප්‍රේත ලෝක වලට යාමටත්, තරහක් හෝ තරහ කෙනෙක් සිහි වුව හොත් යක්ෂයන් බවට පත් වීමටත් සිදු වේ. එවැනි ලෝකවලින් නැවත මනුෂ්‍ය හෝ දේව ලෝකවලට යාම සිදු නොවන්නාක් තරමටම දුර්ලභය. මනුස්ස ලෝකයෙන්ද නැවත මනුස්සයෙක් හෝ දෙවියකු වන්නේ මහ පොළොවේ පස් වලින් නියපොත්ත උඩට ගත් ප්‍රමාණය තරම් අල්ප වූම පිරිසක් බව බුදු රජාණන් වහන්සේ විසින්ම දේශනා කොට තිබේ.

    ඔබේ සිතේ බහුලව පවත්නා සිතිවිලි වල ස්වභාවය කුමක්ද යන්න ඔබ දනී. එවැනිම සිතිවිලි මරණාසන්න මොහොතේත් පහළ වීමට ඉඩ ඇත. කවරකු ගේ හෝ වරදින් වේවා ඔබ තුළ බහුලව තිබෙන්නේ තරහ සිතිවිලි නම් ඔබ නිතරම තරහින් ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් අසහනයෙන් අසතුටෙන් සිටින්නේ නම් ඔබට මැරෙන මොහොතේ උද්ගත වන්නේද එවැනිම වූ සිත් ය. මැරෙන විට සියල්ල අත හැර දමා යන්නට වන බව මෙනෙහි වත්ම, කාය වේදනා දැඩි වත්ම සිත දැන් තිබෙන තැනින් පහළට වැටේ. වඩාත් දුර්වල වේ.
    අල්ලා ගැනීම බැඳීම ඉතා පහසු වූවත්, ගලවා ගැනීම, අත හැරීම ඉතාමත් අපහසුය. සමහර ඇලීම් මෙන්ම ගැටීම්ද සංසාරය පුරාවටම සත්වයාගේ සිත් සතන් තුළ ගැබ්ව තිබේ. දේවදත්ත තෙරුන් අප මහා බෝධි සත්වයාණන් වහන්සේ කෙරෙහි ඇති කරගත් ද්වේෂ සිත කල්ප ගණන් වැඩෙමින් බුදු වන භවය දක්වා පවත්වා ගෙන ආවේය. මෙවැනි දේ ඉතාමත්ම බහුලය.

    ඔබ නිතරම රාගයෙන්, ආශාවෙන් ඉන්ද්‍රියන් පිනවීම කෙරෙහිම සිතිවිලි පවත්වා ගනිමිනි, ලෝභයෙන් සිටී නම්, නිතරම තව තවත් රැස් කරගන්නා ආකාරය ගැනම සිත පවත්වයි නම් එයද අති භයානකය.

    මෙවැනි කාලයක මෛත්‍රීය, කරුණාව, මුදිතාව, උපේක්ෂාව, බුදු ගුණ ආදිය වඩන අය ඉතාමත්ම- ඉතාමත්ම අල්පය. ඇතැම් අය කොතෙක් සිල් ගත්තත් බණ භාවනා කරත් සිත් අපිරිසිදුය. පින්කම් කොතෙක් කළත් සිත රැක ගැනීමට අපොහොසත් නම් එය භයානක තත්වයකි. අපෙ පරම වීර්යය තිබිය යුත්තේ සිත දියුණු කිරීමටය. පිරිසිදු කිරීමටය. සියල්ලම අත හැරීමටය.

    මාර්ගඵල නොලැබූ අයෙක්ට, මැරෙන මොහොතේ සිත ආරක්ෂා කරගෙන සුගතියක ඉපදීමට හෝ උදව් වන ක්‍රමයක් තිබේ. එනම් මරණානුස්සතිය වැඩීමයි.

    අතීතයේ සිටි සියළුම දෙනා අද මියැදී ගොස්ය. දැන් සිටින අයත්, අනාගතයේ පහළ වන අයත් එලෙසින්ම මරණයට පත් වෙයි. කවර තරාතිරමක කවර ගුණයක සිටි කෙනෙක් වුවද මරණයෙන් ජිවිතය අවසන් කළේය. සියල්ලම හැර දමා ඔවුන් මෙලොවින් සමුගත්තේය. අපද නියත වශයෙන්ම දිනෙක මරණයට මුහුණ දෙන්නේමය. ආශා කරන හෝ ආශා නොකරන- ගැටෙන වෛර කරන සියල්ලම අප සම්පූර්ණයෙන්ම අත හැරිය යුතුමය. තව අවුරුදු කීපයකින්, මාස ගණනකින් නොව ඊළඟ ක්ෂණයේ මරණය සිදු විය හැක. අප මැරුණු මොහොතේම අපගේ නාමයන් සියල්ල නැතිවී," මළ මිණිය" යන පොදු නම උරුම වෙයි. දින දෙක තුනකින් දර කෑල්ලක් සේ පොලොවට විසි කර දමයි. කවර වටිනාකමකින්, කවර ගෞරව ආකාරයෙන් අපගේ මරණ ගෙදර කළත් අපට පලක් නැත. අප දන්නේ නැත. අප වෙනත් භවයක උපත ලබා අවසන්ය.

    මෙසේ විස්තරාත්මකව මරණය ගැන සිතන්න. තමන් මිනී පෙට්ටියක සිටින අයුරු සිතින් දකින්න. මරණයේදි මා කැමති වුණත් අකමැති වුණත් සියල්ලම අත හරින්නට වනවා නියතය. "මා දැන්ම සියල්ලම අත හරිමි" කියා සියල්ලම අත හරින්න.එවිට සිතට මහා නිදහසක් සුවයක් දැනෙනු ඇත.
    දැන් නිදහස් සිතකින් ඔබ කරන ලද බුද්ධ පූජාවක්, කුසල කර්මයක් මෙනෙහි කරන්න.
    මේ ආකාරයට දිනපතාම කරන්න. බහුලව වඩන්න. එවිට මාර්ග ඵලයක් නොලබා සිටින කෙනෙක් ට මරණාසන්න මොහොතේදීද සියල්ලම අත හැරී කුසල චිත්තය පෙරට පැමිණෙනු ඇත.

    බුදු රජාණන් වහන්සේ තමන්ගේ සිතට මතක් කර ගත හැකි නම් ඉතාමත් වටින්නේය. එය කළ හැක්කේ බුද්ධානුස්සතිය වඩන කෙනෙක්ටය. ශ්‍රද්ධාව ප්‍රබල කෙනෙක්ටය. අවම තරමින් කරන ලද කුසලයක් හෝ මෙනෙහි කරන්නට එයින් සිත පහදවා ගන්නට සිත පුරුදු කරන්න.

    යම්තම් හෝ සුරක්ෂිත බවක් ලබා ගැනීමට එයම වුව ප්‍රමාණවත් වනු ඇත.
    ඇත්තෙන්ම ජීවිතයේ ඕනෑම දුක් සහ සතුටු අවස්ථාවක, "මා මැරෙන කෙනෙක් " යනුවෙන් මතක් කරගත හැකිනම් සිතට ඇතිවන සහනය අප්‍රමාණය. එය නිතර මුමුණන පදයක් කරගන්න. එයින්ද කුසලයක් ජනිත වේ.

    අවම වශයෙන් සෝවාන් වත් වන තෙක් සසර දුකෙන් මිදී නැත. නියත වශයෙන්ම අපායෙන් මිදී නැත. අප නිරන්තරයෙන්ම යෝනිසො මනසිකාරය තුළ ඉදිමින් සත්‍ය දකිමින් සිත පවත්වා ගත යුතුය. ඇසට දකින, කනට ඇසෙන දේවල් ඒ ආකාරයෙන්ම ගනිමින් ඒවාට මුලා වෙමින් අවිද්‍යාව පෝෂණය කරමින් යන ගමනක කවදාවත් කෙළවරක් දැකිය නොහැක.

    සියල්ල මුලාවක් පමණි..!
    සත්‍ය තුළ කිසිවක්ම නැත...!
    අපේම සිතිවිලි උපාදානය කරමින් මවාගන්නා ලෝකයක් පමණි.
    ඒ සත්‍ය බුදු රජාණන් වහන්සේ නමක් පහළව ලෝකයාට කියා දෙන නමුත් අප තවමත් මුලාව තුළම සිටිමින් එයම රස විඳිමින් යන්නේ මහා දුකක් ඉදිරියේ තිබෙන බව නොදැනය.
    මොහොතකට ආශ්වාදයක් අවිද්‍යාව තුළ ඇත. නමුත් එය කල්ප ගණනක දුකකි...!

    බුදු රජාණන් වහන්සේ එපා කියූ දේ අල්ලා ගනිමින්, වඩන්නට කියූ දේ නොවඩමින්, හිතට ඕනෑ පරිදි යන මේ ගමන කෙළවර වන්නේ සතර අපායෙනි.
    මහත් වූ සැපයක් පිණිස ළාමක වූ දේ අත් හරින්නට ඔබට වීර්යය ලැබේවා...!!!
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,170
    3,666
    113
    EARTH
    සිත අපට ඕනෑ ආකාරයට පවතින්නේ නැති බව හොදින්ම ප්‍රත්‍යක්ෂ වන්නේ මරණාසන්න මොහොතේදීය.
    එහෙම නැහැනෙ බන්. උඹට පුලුවන්ද විනාඩි 2ක් සිත එක අරමුණක තියාගන්න.

    එක විනාඩියක් ‘එක දිගට‘ මොකක් හරි දෙයක් ගැන විතරක් හිතලා බලපම්....
     
    • Haha
    Reactions: asliyanage

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,793
    11,363
    113
    Colombo
    මරණානුස්සතිය වැඩීමේ වටිනාකම...
    •═══••═══•••••️•═══••••••═══••═══•
    මරණානුස්සතිය වඩන්නා බය නැති බොහොම නිර්භීත කෙනෙක් වෙනවා.මරණයටවත් බය නෑ.අවි ආයුධයකටවත් බය නෑ.වෙඩි තැබීමකටවත් බය නෑ.මොකද ඔහු දන්නවා මරණය සිදු වෙනවා.මේක බය වෙන්න දෙයක් නෙවෙයි කියලා.බලවත් ප්‍රීතියක් සෝමනස්සයක් හිතේ පහළ වෙනවා.ඒ මොකද තමන් ජීවිතයේ යථාර්ථය නිතර තේරුම් ගන්න නිසා...
    ඒ වගේම රත්නත්‍රය ගැන අසීමිත ප්‍රසාදයක් ගෞරවයක් හිතේ වැඩෙනවා.ශ්‍රද්ධා,විරිය,සති,සමාධි,ප්‍රඥා ඉන්ද්‍රියන් බොහොම ශක්තිමත් වෙනවා.ඒ වගේම වස්තු සම්භාර රැස් කර තබා ගැනීමේ චේතනාවක් ඇති වන්නේ නෑ.ඒ වගේම පරිත්‍යාගශීලී වෙනවා.කවදාකවත් මසුරු කෙනෙක් වන්නේ නෑ.අනුන්ගේ සැපයට උපකාර වෙන කෙනෙක් සේම තමන්ගේ ශීලය ඉතා උසස් ආකාරයෙන් ආරක්ෂා කරනවා...
    යම්කිසි අකුසලයක් කරන්න වෙද්දී ඒවින් පවා වැළකෙනවා.තමා මැරෙන්න ඉන්නේ කියලා සිහි උනාම කවදාකවත් අනුන්ට ද්වේෂ කරන්නේ නෑ.වෛර කරන්නේ නෑ.පළිගන්නේ නෑ.මම ඉතින් මැරෙන කෙනෙක්නේ මොකටද මන් මේ කාටවත් හිරිහැර කරන්නේ කියලා සිහිය එනවා.අනිත් අයගෙන් එන නින්දා අපහාස ඉවසලා දරාගන්න හිත හයිය වෙනවා.ඒ වගේම තමාගේ චිත්ත සමාධිය දියුණු කරගෙන විදර්ශනා වඩලා මාර්ගඵල නිවන් අවබෝධය ලබන්න පුළුවන්
     
    • Like
    Reactions: maxraj

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,793
    11,363
    113
    Colombo
    අවුරුදු 50 අපි ජීවත් වෙවිඩ කවුද දන්නෙ, පෑනි රස කෑම මෙ සන්සාරෙ පුරාවටම අපි කාල තියෙනවා, රජ සෑප, දෙවි සෑප, බ්‍රහ්ම ලොකේ සෑප ඔක්කොම ඔනෙ තරම් අපි වින්දල තියෙනව. එවගෙ ප්‍රමානයක් කියන්න අබෙහ. හබයි ඊට වඩා අනන්ත අප්‍රාමාන දුක් කන්දක් වින්දල තියෙනවා
    අස්ලිය ට කියනව අද තමයි පැණිරස කෑම කන්න දෙන අන්තිම දවස.. ආයිත් ඊලග අවුරුදු 50 ටම පැණිරස කන්න වෙන්නේ නෑ කියල. අස්ලිය මොකද අද කරන්නේ ?
    . :)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,711
    146,660
    113
    එකමත් එක රටක
    අවුරුදු 50 අපි ජීවත් වෙවිඩ කවුද දන්නෙ, පෑනි රස කෑම මෙ සන්සාරෙ පුරාවටම අපි කාල තියෙනවා, රජ සෑප, දෙවි සෑප, බ්‍රහ්ම ලොකේ සෑප ඔක්කොම ඔනෙ තරම් අපි වින්දල තියෙනව. එවගෙ ප්‍රමානයක් කියන්න අබෙහ. හබයි ඊට වඩා අනන්ත අප්‍රාමාන දුක් කන්දක් වින්දල තියෙනවා

    . :)
    ප්‍රයෝගික හිතට එකගව උත්තරේ දීපං කෝ. උබට කිව්වොත් අද විතරයි ජීවිතේටම පැණිරස කන්න පුලුවන් (නැත්නම් උබ ආස කෑමක්) කියලා උබ අද මොකද කරන්නේ ?
    ඒ කෑම එක පුලුවන් තරම් කනවද නැද්ද ?
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,793
    11,363
    113
    Colombo
    ඔක ප්‍රස්නයක් නෙමේනෙ. උම්බ හිතන එකක් නෙ. කොටින්ම කියනව ණම් අනියමර්තයෙ අසන්භව්ය ක්‍රියාවක්. හරියට වෑහි වස්සොත් ගන්ග ගලයි වගේ.
    ප්‍රයෝගික හිතට එකගව උත්තරේ දීපං කෝ. උබට කිව්වොත් අද විතරයි ජීවිතේටම පැණිරස කන්න පුලුවන් (නැත්නම් උබ ආස කෑමක්) කියලා උබ අද මොකද කරන්නේ ?
    ඒ කෑම එක පුලුවන් තරම් කනවද නැද්ද ?