සිනමාවේ ආරක්ෂාව - ෆිල්ම් එකක් තියෙටර් එකක පෙන්වද්දි ඒ ෆිල්ම් එකේ ආරක්ෂාව සහතික කරන ආකාරය.

losh_92

Well-known member
  • Aug 17, 2019
    764
    804
    93
    Kandy
    323708576-1608604659604742-225387517362910926-n.jpg


    අපි හැමෝම වගේ Movie එකක් බලන්න කැමති මොකද මේ busy life එකේදී අපිව relax + entertainment කරන එක සදහා මෙක ගොඩක් ප්‍රයෝජනවත් වෙන නිසා. එත් Movie theater එකක හැර වෙන කිසිම platform එකකදි movie එකක් බලනකොට එකේ තියන cinematic experience එක theatre එකකට නොයා ගන්න අමාරුයි. මොකද Screen අතින් ගත්තොත් 2K,4K Screen (Lamp projection or Laser projection) Sounds අතින් ගත්තහම Dolby Atmos (chanel 32), DTS:X (chanel 16) & Dolby 7.1 එක්ක movie එකක් බලනවා කියන්නෙම එක වෙනම experience එකක්. හරි අපි දැන අපේ main topic එකට එමු.මෙහෙමයි වැඩේ වෙන්නෙ,

    දැනට ලංකාවේ සිනමාශාලා වෙත DCP (Digital Cinema Package) ලැබෙනුයේ අදාල චිත්‍රපට වල ලංකාවේ බෙදාහැරීම්කරු වෙත ලැබෙන DCP එකක් නැවත පිටපත් කර Physically අදාල සිනමාශාලා වෙත යැවීමෙනි.
    මෙහිදී එක් DCP එකක් (චිත්‍රපටයක්) 150GB - 300GB අතර අගයක් ගනී.
    මෙලෙස DCP යැවීම සඳහා Portable Hard Disk හෝ SATA Desktop Hard Disk භාවිතා කරයි.
    මෙහි ඇති අවාසි නම් එක් පිටපතක් සම්පූර්ණයෙන් කොපි වීම සඳහා විශාල කාලයක් ගතවීම, සමහර Hard Disk වැඩ නොකිරීම, ප්‍රවාහනය සඳහා වැඩි වෙහෙසක් සහ බාධා ඇති වීම, ප්‍රවාහනය අතරතුරදී සිදුවන අලාභහානි මගින් අදාල Hard Disk වැඩ නොකීරීම වැනි කාරනා බලපෑ හැකිය.
    එලෙස Physically Hard Disk සිනමාශාලා වෙත නොයවා අන්තර්ජාලය හරහා එම DCP සිනමාශාලා වෙත යැවීම අද ලෝකයේ බොහෝ රටවල් ප්‍රමාණයක් සිදු කරයි.

    ෆිල්ම් එකක් තියෙටර් එකකට එන්නෙ Digital Cinema Package (DCP) කියන Format එකෙන්.
    මේ ෆිල්ම් එකක් සාමාන්‍යෙන් 100GB ඉදන් 400GB විතර වෙනකම් ෆයිල් සයිස් එකක් වෙන්න පුලුවන්.
    Video Quality, Audio Formats, 2D, 3D වගේ ෆිල්ම් එකේ වර්ශන්ස් වෙනස් වෙද්දි ෆයිල් සයිස් එකත් වෙනස් වෙනවා.
    ඒ එවන ෆිල්ම් Encrypt කරලා එවන්නෙ ෆිල්ම් එක අයිති Studio එකෙන්.
    මේකට වෙනම Companysතුත් තියෙනවා. (Deluxe Keys, MPS Keys, Qube වගේ)
    ඊට අමතරව සමහර ෆිල්ම්ස් තියෙනවා Encrypt නොකර Open DCP විදිහට එවන. මේවගේනම් කිසිම ආරක්ෂාවක් නැහැ.
    ෆිල්ම් එක වෙනම Video ෆයිල් එකක් විදිහට කන්වර්ට් කර ගන්න පුලුවන් මේ විදියෙ Open DCP විදිහට එද්දි.
    කිසිම High Budget හෝ ලොකු ස්ටුඩියෝ එකකින් කරන ෆිල්ම්ස්නම් කවමදාවත් Open DCP විදිහට එවන්නෙ නැහැ.
    මේ එවන ෆිල්ම් එක Projectors වල සර්වර් වලට ingest කර ගන්න ඕනේ. (එහෙම නැතුව ෆිල්ම් එක එවන Hard Drive එකේම තියලා Live Play කරන්නත් පුලුවන්, එහෙම කරන්නෙ හදිසිම අත්‍යාවශ්‍යතාවයක් උනෝතින් හරි සර්වර් ප්‍රශ්නයක් උනෝතින් හරි විතරයි)

    මේ Encrypt කරපු ෆිල්ම් එක සර්වර් එකට ingest කර ගත්තා කියලා ඒවෙලාවෙ ඉදලම ෆිල්ම් එක play කරන්න බැහැ
    හැබැයි Open DCP තියෙන ෆිල්ම්ස් ඕනම වෙලාවක ප්ලේ කරන්න පුලුවන්.

    Encrypted ඒවට වෙනම Key file එකක් ඕන වෙනවා Decrypt කරන්න.
    මේ Key File එකට කියන්නෙ KDM (Key Delivery Message) කියලා.
    මේක 30kb - 40kb වගේ ෆයිල් එකක්.
    මේ ෆයිල් එක Generate කරන්න ඕනේ මම අර කලින් කියපු DCP එක Create කරන අය.
    මොකද එයාලා ගාව තියෙන Encrypt Key එකෙන් විතරයි Decrypt KDM එකක් Generate කර ගන්න පුලුවන්.
    මේ ෆයිල් එකේ තමා අදාල ෆිල්ම් එක කොච්චර කාලයකට Decrypt වෙනවද කියන Details තියෙන්නෙ.
    සාමාන්‍යෙන් දැනටනම් English, Tamil, Hindi ෆිල්ම්ස් වල මේ KDM කියන එක එවන්නෙ සතියක කාලයකට ෆිල්ම් එක Decrypt වෙන විදිහට.

    උදාහරණයක් විදිහට දැනට ඇවටාර් එක දෙසැම්බර් 30 ඉදලා ජනවාරි 05 වෙනකම් විතරයි ෆිල්ම් එක Play කරන්න පුලුවන්.
    දෙසැම්බර් 30ට කලිනුත් බෑ, ජනවාරි 05ට පස්සෙත් බෑ.
    ඊට පස්සෙත් ෆිල්ම් එක ප්ලේ කරනවනම් අදාල Distributorගෙන් KDM එකක් Request කරන්න ඕනේ ඊලග සතියට.
    සමහර ෆිල්ම්ස් තියෙනවා මාසෙකට, දවස් තුනකට හෝ දවසින් දවස KDM එවන ඒවත්.
    KDM දෙන කාලය කොච්චරද කියලා තීරණය කරන්නෙ Local Distributor හෝ Film Studio එකයි.

    මේ KDM තියෙටර්ස් වලට එන්නෙ Email එකක් හරහා.
    එවන KDM එක ගැලපෙන්නෙ ඒ අදාලා ප්‍රොජෙක්ටර් එකට විතරයි.

    ඒ කියන්නෙ ඔයාගෙ තියෙටර් එකේ ෆිල්ම් එකක් ප්ලේ කරද්දි මොනවා හරි වෙලා ප්‍රොජෙක්ටර් එක replace කරන්න උනෝතින් ඒ අලුත් ප්‍රොජෙක්ටර් එකට අදාල KDM එක ආයෙමත් ගෙන්ව ගන්න ඕනේ.

    මේ KDM එක Generate කරන්න අදාල Studio එකට හෝ DCP Create කරන Company එකට තියෙටර් Server එකේ Server Certificate එක යවන්න ඕනේ.
    මේ Server Certificate එක එක සර්වර් එකකින් එකකට වෙනස්.
    අපි යවන Server Certificate එකට තමා Studio එක හරි DCP Creator හරි KDM එක Generate කරලා එවන්නෙ.

    සාමාන්‍යෙන් Deluxe, MPS, Qube වගේනම් ලෝකයේ හැම ෆිල්ම් තියෙටර් එකකම Server Certificate Register කරලා තියාගෙන ඉන්නවා.
    එතකොට ටක් ගාලා KDM එක Generate කරන්න පුලුවන් නිසා සහ Territory Distributorට Access දීලා තියෙනවා KDM Generate කරන්න හෝ ටක් ගාලා KDM Request එකක් දාන්න.
    කොහේ හරි තියෙටර් එකක සර්වර් එකක් මාරු උනෝතින් ඊමේල් එකකින් අලුත් Server Certificate එක එයාලගේ Register කරන්න ඕනේ.

    මම මේ කිව්වෙ Digital 2K / 4K Cinemas ගැන.
    ඔය Decrypt Key එක නැතුව මොන සක්කරයටවත් ෆිල්ම් එක Decrypt කරන්න බැහැ තවම. (ඉදිරියේදී Decrypt කරයිද දන් නෑ )

    ඒවගේම සිනමාව කරන අයට වැදගත් වෙයි කියලා මන් දාපු තියෙටර් එකකට ගිහින් ටිකට් එකක් අරන් ෆිල්ම් එකක් බැලුවට සිනමා ප්‍රොජෙක්ටර්ස් වල ප්‍රොසෙස් එක සහ What is IMAX (මොකක් ද මෙ IMAX සිනමාව කියන්නෙ) threads 2 ත් බලන්න කියලා කියනවා.


    "THIS IS A COPIED POST AND ALL CREDIT BELONGS TO THE RESPECTIVE OWNER" මගේ content එකකට කියල තියෙන්නේ Blue වලින් highlight කරපු ටික විතරයි .
     
    Last edited:

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    764
    804
    93
    Kandy
    Hall ekka balanawata wada Lap eke balana eka mata comfortable. Audience ekak ekka bladdi sadda ehema eddi epa wenawa

    Anika honda headphones thiyenawa nm awulkma na 😀
    Yeah, but cinematic experience eka home theater ekakin unath ganna amarui bro. smahara welwata comfortabale nathi eka aththa. man gladiator balanna gihin iddi man laga couple ekak hitiye. e kolla phone ekawath silent dala na calls 3 withara awa film eka scren weddith haiyen katha karanwa. palaweni call eka eddi kmk na mistake hinda silent danna bari una kiyamuko. eth 2nd and 3rd eddiwath. barima thana mn bannata passe tikakin nagitala giya kella ekkama theatre eken. Audience ethics zero ewunge.