සිරි ලංකන් ඔන්ලයින් ලෝන් මගෝඩිය. මගේ මිත්‍ර Sandaruwan Pathirana මගේ පෝස්ට් එකකට දාපු කොමෙන්ට් එකක් නිසා මට හිතුනා මේවට අහුවෙන උන්දැලට මෝදු වුන අං ද

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    383
    63
    සිරි ලංකන් ඔන්ලයින් ලෝන් මගෝඩිය.

    මගේ මිත්‍ර Sandaruwan Pathirana මගේ පෝස්ට් එකකට දාපු කොමෙන්ට් එකක් නිසා මට හිතුනා මේවට අහුවෙන උන්දැලට මෝදු වුන අං දෙක කපාගන්න උදවුවක් දෙන්නත් එක්ක ඔන්ලයින් ලෝන් මගෝඩි ජාතකය මෙසේ ලියාපලකරන්න.

    ඔන්ලයින් ලෝන්, ෆාස්ට් ලෝන්, කෑශ් ලෝන්, කිවික් ලෝන්, වන්මිනිට් ලෝන් මේ එක එක නම් වලින් මාසික පොලිය 35%-45% වගේ ⚡ග%$හන ගානකට දෙන රු. 5000/= ත් රු. 60,000/= මුදල් ගන්නේ 90%ක්ම සිරාවටම අසරණවුන බැංකු සහ මූල්‍ය අණපනත් හෝ නීතිය ගැන මෙලෝ දෙයක් නොදන්න අහිංසක මිනිස්සු.

    මුලින්ම කියන්න ඕන මේ ඔන්ලයින් ක්‍රමේට ණය දෙන කොම්පැනි එකක්වත් ශ්‍රීලංකා මහබැංකුවේ ලියාපදිංචි වෙලා නෑ. නියාමනේ වෙන්නෙත් නෑ.

    මුන්ගෙන් මිනිස්සු ප්‍රශ්ණ කරාම , අපි අහවල් බැංකුවට අයිති කොම්පැනියක් නැත්නම් අහවල් ෆිනෑන්ස් සමාගමේ කොටසක් වගේ බොරු කතා කිසිම චකිතයක් නැතුව කියන්නේ මේ කතාකරන අයට ඒ සම්භන්ධව කිසිම දෙයක් කරන්න බෑ සහ දැනුමක් නෑ කියල මොවුන් දන්න නිසා.

    මේ සමාගම් ණය ලබාදීල ඒ සදහා පොලියක් අයකරගන්න අදාල අවසරය ලබාගෙන හෝ ඒ සදහා නිසි ආකාරයට ලියාපදිංචි වෙලා නැති නිසා මෙයාලට ඔය දෙන සල්ලි නැවත අයකරගන්න හැකියාවකුත් නෑ කියල බයවෙලා ඉන්න උන්දැල දැනගන්න ඕන.

    මේ කාඩ කොම්පැනි වලට තියෙන්නේ නිකම්ම නිකං පුද්ගලික සමාගම ලියාපදිංචියක් විතරයි. මේ ස්කෑම් ලෝන් කොම්පැනිවල කෝල් සෙන්ටර් වල වැඩ කරන බහුතරය O/L වලින් ඉස්කෝලේ ගිහින් නවතින ඇගපුරා ගොම් මොළේ පිහිටපු සමාජයේ තත්වයක් නැති, පෞරුෂයක් නැති උන්. උන්ව රස්සාවට අරගෙන පලවෙනි දවස් දෙකතුනේ මොළ සෝදනවා ට්‍රේනිං එකක් දීල. ඒ ට්‍රේනිං එක දෙන එකා මුන්ට නැති බලයක් මවල දෙනවා උන්ට තමන් තඩි බැංකුවක ක්‍රෙඩිට් ඩිපාර්ට්මන්ට් එකේ ඔෆිසර් කෙනෙක් කියල හිතෙන්න ගානට.

    ඒ වගේම මුන්ට කියනවා කොම්පැනිය තමයි අංක එක, ඒක නිසා ඔයා රිකවරි ඔෆිසර් ( ණය අයකරගැනීමේ නිළධාරී) විදිහට මොන ක්‍රමෙන් හරි සල්ලි ටික අයකරගන්න ඕන, පොලිය පරක්කු කරන උන්ට කිසිම අනුකම්පාවක් දක්වල කතාකරන්න එපා. ලෙලියන්න බනින්න කුනුහර්ප වුනත් කියන්න අවුලක් නෑ. කොහොම හරි සල්ලි ටිකයි පොලියයි එන්නයි ඕන කියල.

    මේ සිරා කතා හොදේ! ඇත්තටම උන්ට එහෙම කරන්න කියනවා.

    මේවා ඉතාම අඩු කොන්දේසි මත ලැබෙන ලෝන් . කෙනෙක්ට හිතෙන්න පුලුවන් මේක සුපිර් වැඩක්නේ අප්පා, ඇපකාරයෝ නෑ, දේපල ඇප තියන්න ඕන නෑ. විනාඩි දෙකෙන් ණය මුදල බැංකු එකෞන්ට් එකටම ලැබෙනවානේ කියල. ලෝන් එක ලැබෙනවා..බොහොම පොඩි ගනන්.. රු. 5000ක් 10,000ක් 15,000ක් වගේ ගනන්වල ඉදල 50,000-60,000 වගේ වෙනකම් ණය මුදල් ලබාගන්න පුලුවන්.

    ඕකුන් මුලින් දෙන්නේ පොඩි ගනනක් , ඒක ගෙවල ඉවරවුනාම තව ටිකක් වැඩියෙන් ගන්න පුලුවන්. වෙලාවට ගෙවනකොට කිසිම ප්‍රශ්ණයක් නෑ. හැබැයි මනුස්සයෙක්ට උහුලන්න බැරි බොක්ක කොරවෙන පොලී ගෙවන්න වෙනවා.
    බැංකුවක අවුරුද්දකට පොලිය 23.5% වගේ වෙනකොට මේ නීතිවිරෝධී ආකාරයේ ලෝන් දෙන ආයතන අවුරුද්දට 420% යි 540% අතර පොලියක් අයකරගන්නවා. මුං ඇහුවාම කියන්නේ දවස් 5 ට හෝ 7ට පොලියනේ. හදිස්සිය තියන මිනිස්සු තදියම නිසා ගනන් හදල බලන්නේ නෑ. තඩි ස්කෑම් එකක් මේක.
    සිරාවටම මේක උන්ට අම්බානක ප්‍රොෆිට් බිස්නස් එකක්.

    මේ ඔන්ලයින් ලෝන් මගඩියේ තියන බරපතලකම ඕක නෙවෙයි.

    මුන් කියනවා ලෝන් එක ගන්න ඇප් එකක් දාගන්න කියල.

    මිනිස්සු සල්ලි හදිස්සිය නිසා කලා වැවේ වැව් පතුලේ තියන රත්තරං කෙන්ඩියේ පොටෝ එක ගහන් එන්න කිවුවත් කරනවානේ. ඉතිං ඔය ඇප් එක දාගන්න කියන සුනංගුවෙන් ඒක දාගන්නවා.

    දාගනිපු එකා දන්නෙත් නෑ.. ඔය ඇප් එක ෆෝන් එකේ තියන ෆේස්බුක් එකට, වට්සැප් එකට, කෝල් ලොග් එකට, sms වලට, මැසෙන්ජර් එකට, ගැලරියට පවා ඇක්සස් ගන්නවා.
    මේ ලෝන් මාෆියා කාරයෝ ජා.හැ.ප. පොටෝ එකක් ගෙන්නගන්නවා, බෑන්ක් එකෞන්ට් ඩීටේල්ස් ගන්නවා,
    තව ණයකරු ගැන විමසිය හැකි පුද්ගලයෙක්ගේ නොම්බරයක් ඉල්ලගන්නවා( ණය ගන්න එකා නොගෙවුවොත් ඌට ඉන්න හම්බවෙන්නෙත් නෑ)

    ඊට පස්සේ ඔන්න ණය දෙනවා. මුලින්ම ගන්න එකෙක්ට පොඩි කැරට් එකක් දෙනවා දවස් තුනක් ඇතුලත ගෙවුවොත් පොලී රහිතයි කියල.

    ඔන්න ණය ගන්නවා..
    ණය අරන් වාරිකයක් මිස් වුනා කියල හිතන්න නැත්නම් ආපසු ගෙවීම දවසක් දෙකක් හරි අතපසු වුනා කියල හිතන්න..

    එහෙනම් ඉතිං සොල්ල වේල ඉල්ල තමා.

    ඊලග දවසේ ඔයාගේ වට්සැප් කන්ටෑක්ස් ඔක්කෝටම, ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ලට, කෝල් ලොග් එකේ තියන නම්බර් වලට යනවා මේන්න මේ නම තියන අහවලා ලෝන් එකක් අරගෙන ගෙවන්නේ නෑ, කට්ටි පැන පැන ඉන්නේ කියල.
    ඔයාගේ පෝන් එකේ ගැලරියෙන්, ෆේස්බුක් එකෙන් ගනිපු පොටෝ පවා යවනවා ඔයාගේ හිතවතුන්ට.අපහාස වෙන විදිහට තමයි ඒ මැසේජ් යන්නේ.
    ඊට අමතරව උන් ඒ නම්බර් වලට කෝල් කරලත් කියනවා විස්තරේ.

    පට්ට චාටර් විදිහට ඕක කියන්නේ..

    මට දවසක් ඔහොම කෝල් එකක් ආවා,ඊට කලින් දවසේ මාත් එක්ක කතාකරපු කෙනෙක් ගැන කියල.

    " ඔයා ධමීෂ නේද?"

    "ඔයා අදුනනවාද .......... කියන කෙනාව"

    " ඔව්.. ඊයෙත් කතාකරානේ ඇයි? "

    " මෙහෙමයි, ධමීෂ🥴 එයා රු 10,000ක ණය මුදල අරගෙන ඒක නොගෙව අපේ ආයතනය මග අරිමින් ඉන්නේ"

    "ඉතිං මට මොකක්ද කියන්නෙ?"

    "ඔයා එයාගේ බොස් විදිහට මැදිහත්වෙලා මේක ගෙවන්න කියන්න නැත්නම් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා"

    "කාටද විරුද්ධවද"

    " ඔයාගේ ගෝලයට විරුද්ධව"

    "ඉතිං ගනිං මට මොනවද කියන්නේ?"

    " ධමීෂ ඔයා වැදගත් විදිහට කතාකරන්න ඉගෙනගන්න, මට ඔයාගේ සම්පූර්ණ නමයි හැදුනුම්පත් අංකෙයි කියන්න"

    හෑ.. 🥴🤬

    "මේ මූsaල වේ@&&# හු@&#ම්තෝ තෝඕ කවුද කැම්‍රිරි මූකලං බස්සො මට කතාකරන්න උගන්වන්න" ......මේකේ කියන්න බෑ ඌට කියපු කුනුහර්ප..කොහොම හරි ඌට මම කතාකරන්න දුන්නේම නෑ 🤣 පස්සේ ඌම කට් කරා.

    මම ගත්තා අර මනුස්සයට කෝල් එකක්.
    ඇත්තටම ඒ මම සෑහෙන කාලෙකට කලින් වැඩකරපු කොම්පැනියක හිටපු පියන් කෙනෙක්, හරිම අහිංසකයි ඒ මනුස්සා,
    දැන් රස්සාවක් නෑ එකක් හොයල දෙන්න පුලුවන්ද කියල අහන්න මට කලින් දවසේ කතාකරේ.

    ඒ වුනාට මට ප්‍රශ්නේ අරුන් කොහොමද මගේ නම දන්නේ කියල,.මොකක්ද මේ බොස් කතාව කියල.

    ඒ මනුස්සයත් බයවෙලා උන් මට කතාකරපු එකට. උන්ට නම්බර් එක දුන්නේ නෑම කියනවා.
    පස්සේ මට නිකමට හිතිල ඇහුවේ මගේ නම පෝන් එකේ සේව් කරල තියන විදිහ.

    "ධමීෂ බොස්" කියල.

    හරිනේ අරුං ඒ මනුස්සයගේ කෝල් ලොග් එක අර ඇප් එක පාවිච්චි කරල ඇක්සස් කරල මේ ඒ නම්බර් වලට කතාකරන්නේ.

    මම ඒ මනුස්සයට කිවුව ගෙවන්න එපා බං ඕකුන්ට මුකුත් කරන්න බෑ කියල, ඒ වුනාට සර් ..නඩු දැම්මොත්..
    අඩේ පවු මිනිස්සු, මුං දෙන පීඩනේට සෑහෙන්න බය වෙනවා.

    සමහර මිනිස්සු මේ ඔන්ලයින් ලෝන් මගඩිය නිසා සියදිවි නසාගෙනත් තියනවා.

    ඊට අමතරව මුං එවනවා නීතිං අංශය කියල උසාවියේ සීල් එකක් වගේ පේන හදපු සීල් එකක් ගහල ලියුමක්, ලෙටර් හෙඩ්ස් නෑ, KF Associate , SF Associate වගේ නමක් විතරයි තියෙන්නේ.

    ඊට අමතරව ඔය ණය ගන්න මිනිස්සුන්ට මුං කතාකරනවා CID එකෙන් කියල, FCID එකෙන් කියල, පොලීසියේ OIC විදිහට, නඩුවක් ෆයිල් කරල තියනවා හෙට සල්ලි දැම්මොත් නඩුව අයින් කරනවා කියල, නීතීඥයෙක් විදිහට කතා කරල නඩු දානවා කියනවා. එකෙක් කියල මම රට යනවා කියල ලෝන් කාරයෝ කියල එයාර්පෝර්ට් එකේ බ්ලැක්ලිස්ට් කරල තියෙන්නේ. ඉන්ටර්පෝල් එකටත් දැනුම් දීල තියෙන්නේ කියල 🤣🤣 හම්මෝ ඉතිං !

    ඔය කොම්පැනි වල ලෝන් අයකරගන්න කතාකරන සමහර උන් පැන්ශන් ගියපු පොලිස් නිළධාරීන් , ලංකාවේ නීතිය තඹේකට මායිම් නොකර වෙනත් පුද්ගලයෝ විදිහට පෙනී ඉන්නගමන් අපාරාධමය වැරදි බරගානක් කරනවා මුං.

    මේ සමහර කොම්පැනි අයිති වයස 22-23 වගේ කොල්ලොන්ට..උන්ට කවුරුහරි තද පොරවල් සෙට් එකක හයියක් තියනවා. නැත්නම් මේ වගේ බය නැතුව අමු අමුවේ මිනිස්සුන්ව බ්ලැක්මේල් කරන්න බෑ.

    සරළව මෙච්චරයි කතාව, ණයක් ගත්තා කියල මහබැංකුවේ ලියාපදිංචි සමාගමකටවත් භල්ලොන්ට බලල්ලුන්ට වගේ මිනිස්සුට කතාකරන්නවත් අනවසරෙන් දුරකථන වල දත්ත උස්සල මිනිස්සුන්ව බ්ලැක්මේල් කරන්නවත් බෑ, එහෙම කරන්නෙත් නෑ. බැංකුවලින් සහ අවසරළත් මූල්‍ය ආයතන වලින් අරගන්න ලෝන් එකක් නොගෙවුවොත් කරන්නේ අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න එක මිසක් අර වගේ ඇප්ස් හදාගෙන නීතිවිරෝධී විදිහට මිනිස්සුව හැරස් කරන එක නෙවෙයි.

    කාට හරි මෙහෙම කරදරයක් වුනා නම් ආපහු දෙපාරක් හිතන්න එපා කෙලින්ම ශ්‍රීලංකා පොලිස් පරිඝණක අපරාධ විමර්ශණ අංශයට ගිහින් පැමිණිලි කරන්න.
    ඔය ස්කෑම් ඔන්ලයින් ලෝන් කොම්පැනි වලට කාගෙවත් CRIB එකට ඒ ලෝන් ඇතුලත් කරන්න බෑ, ඒ වගේම රු. 5000/= කට CID එකෙන් බොලාට කතාකරන්නෙත් නෑ,🤏🧠 ඒ වගේම උන්ට ගුවන්තොටුපලේ මුකුත් කරන්නවත් බෑ. කොටින්ම උන්ගේ වැඩ කටින් විතරයි.
    උපරිම අර වගේ ෆේක් සීල් එකක් එක්ක ලියුමක් එවයි. පොලීසි යනවා නම් ඒ ලියුමත් එක්ක යන්න. මොකද දැනුමක් නැති මිනිස්සුන්ව බය කරන්න උන් අගවනවා මේක උසාවියකින් ආපු එකක් කියල.

    ඕකුන් කතාකරොත් බය නැතුව උපරිම කුනුහර්ප බලය යොදල බනින්න. පුලුවන්නම් ඒක රෙකොඩ් කරල බුකිගත කරල බයවෙලා දගලන මිනිස්සුන්ගේ බය නැති කරන්න. ලොවෙත් ඕකුන්ට ශිශ්ඨ විදිහට කතාකරන්න එපා. ඕකුන් කියන කිසිම දේකට බය නම් වෙන්න එපා. බය වුනොත් උන් නගිනවා ඔයාගේ කරේ. අඩුතරමේ මනුස්සකමට කතාකරනවා නම් ගෙවුවට කමක් නෑ, මුං කරන්නේ මිනිස්සු maraගෙන කන එකනේ.

    රාජ්‍ය ආයතන, පොලීසියේ, අපරාධ පරීක්ශණ දෙපාර්තමේන්තුවේ , ගරු අධිකරණයේ නම විකුනල, වෙනත් පුද්ගලයන් විදිහට පෙනී ඉදල කරන මේ ජාවාරම් වලට ඇයි වැට බැදෙන්නේ නැත්තේ කියල මහබැංකුවෙන් ඇහුවාම කියන්නෙ අපි ඔය ආයතන නියාමනේ කරන්න කටයුතු කරගෙන යනවා කියල.🥴
    කමක් නෑ, මහබැංකුව බත් කාල, තේ බීල කටයුතු කරනකොට ලැජ්ජාව ඉවසගන්න බැරිව බ්ලැක්මේල් වුන තව හය හත් දෙනෙක් සියදිවි නසාගෙන තියෙයි.

    ටටා!!
    මම,
    ධමීෂ කරුණාරත්න 🤘

    Facebook උපුටා ගැනීමකි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    48,254
    2
    48,219
    113
    bZFLgeKh.jpg


    nBP2Ad8h.jpg
     
    • Like
    Reactions: Asmodeus

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,837
    18,440
    113
    33
    Hell
    nidahase chat karanna thawama kenek hoyaganna bari unada .aluth kenek hoyagena chat karanna pahalin.

    shorturl.at/fpyHO


    "Doller Hoyana Krama ~ The Money Project" Sunday Live eka miss una da? Watch past sessions:
    Register Now: l.thagi.me/live
    -
    The Pirate Crew Billionaires' Club Live from Dubai
    Hosted by Izu NG (Investor / Entrepreneur / Serial Marketer)
    *StopAd? SMS LifeCouchLK to 770825633
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,250
    113
    97
    හෝමාගම
    nidahase chat karanna thawama kenek hoyaganna bari unada .aluth kenek hoyagena chat karanna pahalin.

    shorturl.at/fpyHO


    "Doller Hoyana Krama ~ The Money Project" Sunday Live eka miss una da? Watch past sessions:
    Register Now: l.thagi.me/live
    -
    The Pirate Crew Billionaires' Club Live from Dubai
    Hosted by Izu NG (Investor / Entrepreneur / Serial Marketer)
    *StopAd? SMS LifeCouchLK to 770825633


    @Honey Bunch @C_S_M @Naughtykolla48 @NRTG @MBKESCM



    වරෙල්ලා , මෙන්න චෑන්ස් එක
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    10,084
    8,678
    113
    හඳට කිට්ටුව
    • Haha
    Reactions: NRTG and Solo Rider

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    688
    1,104
    93
    අනවසරයෙන් phone එකෙන් data ගන්නව කියන්න බෑ ඉතිං. App එක permission ඉල්ලනවනෙ install වෙන්කොට.

    නොදැනුවත්කම තමයි ඉතිං.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,464
    18,024
    113
    මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඕවා වටිනව සමහරුන්ට. පඩි ගන්නකන් සල්ලි හදිස්සියකට කීයක් හරි ගන්න එහෙම. උන්ගෙ පොලිය වැඩි බව ඇත්ත. ඒත් ඉතින් පොලිය අඩුවෙන් බැංකුවකින් හදිස්සියට ණය ගන්න බෑනෙ.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    10,084
    8,678
    113
    හඳට කිට්ටුව
    මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඕවා වටිනව සමහරුන්ට. පඩි ගන්නකන් සල්ලි හදිස්සියකට කීයක් හරි ගන්න එහෙම. උන්ගෙ පොලිය වැඩි බව ඇත්ත. ඒත් ඉතින් පොලිය අඩුවෙන් බැංකුවකින් හදිස්සියට ණය ගන්න බෑනෙ.
    anika , eka ekaata dekata namenda oneth nane..
    wadi poliyata salli aran hari nambu pitin inna puluwan..
    hadisiyakata salli illa gaththama samaharu mulu companiyatama kiyana welawaluth dakala thiyenawa..
     
    • Like
    Reactions: Solo Rider

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    10,965
    12,940
    113
    කතාව ඇත්ත හැබැයි ඕවා ගන්නේ අහිංසක මිනිස්සු කියන එකනම් බොරු

    ඕවා ගැන කතා කරන group තියනවා ඒවගේ ඉන්න උන් කලින් ඒවා ඔක්කොටම පොලු තියල අලුත් එකක් එනකන් බලන් ඉන්නේ ඒකෙනුත් සල්ලි අරන් පොලු තියන්න.