සිසුවියට ආ අවසන් ඇමතුම කළුතර ටියුෂන් සර්ගෙන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    46,019
    47,402
    113
    කළුතර පස් මහල් ගොඩනැගිල්ලකින් ඇඳ වැටී මිය ගිය පාසල් සිසුවියගේ ජංගම දුරකතන දත්ත ලබාගෙන ඇය ඇමතුම දුන් පුද්ගලයෙන් සහ ඇයට ඇමතුම් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විට පොලිස් විමර්ශන ආරම්භ කර තිබේ.
    ඒ අනුව එදින ඇය හෝටලයේ ගත කළ කාලසීමාව තුළ ඇය විසින් දුරකතන ඇමතුමක් ලබාගත් උපකාරක පන්ති ගුරුවරයකුගෙන් පොලිසියේ විමර්ශන නිලධාරීන් ඊයේ (10) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණ.


    ගුරුවරයා මෙම සිසුවිය තමා හොඳින් දන්නා හඳුනන බව පවසා තිබෙන අතර ප්‍රශ්න කිරීම්වලදි සිසුවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය වූ බව පොලිසිය පැවසීය. එම කරුණු සියල්ල පරීක්ෂණයේ රහස්‍යතා අවශ්‍යතා මත දැන්ම හෙළි නොකරන බව පොලිසිය පවසයි.
    ඊට අමතරව ඇගේ දුරකතනයට ඇමතුම් ලද සහ ඇමතුම් ලබාගත් පුද්ගලයන් තවත් කිහිපයක් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පැවැත්වෙන බවත් පොලිසිය කියයි.
    දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරුගේ ප්‍රශ්න කිරීමවලදි ඔහු පවසා තිබුණේ මියගිය සිසුවියට ආ දුරකතන ඇමතුමකින් පසුව ඇය ඉහළ මහළේ ජනේලයකින් බිමට පැන්න බවය. ඒ අනුව එම සිසුවියගේ දුරතතන දත්ත ලබාගෙන ඒ සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.


    පාසල් දැරිය සතු ජංගම දුරකථනය සැකකරුවකු විසින් මුහුදට විසි කරනු ලැබීමෙන් පසු එම දුරකථනය සොයා ගැනීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් යෙදවූ බව කළුතර (දකුණ) පොලිසිය කියයි.
    මෙම පාසල් දැරිය සමඟ පැමිණි තරුණ යුවළගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඇගේ ජංගම දුරකථනය මෙසේ මුහුදට විසි කර ඇති බව හෙළි වී තිබිණි.
    එම යුවළේ පෙම්වතා යැයි කියනු ලබන ඉෂාන් නම් පුද්ගලයා මෙම ජංගම දුරකථනය මුහුදට විසි කර ඇත්තේ එම දුරකථනයෙන් තවත් වැදගත් තොරතුරු රැසක් අනාවරණය විය හැකි නිසා බව ද පොලිසියේ ජ්‍යෙෂ්ඨයෙක් පැවසීය
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,833
    25,665
    113
    මැදමහනුවර
    පොලෝසිය කේස් එක වෙන පැත්තකට හරෝනවා වගේ? ඔය අහුවුණු තඩියා අපේ රත්තරන් සෑර්ගෙ ගෝලයෙක් කියලා කිව්ව නේද? 😑
    ගෝලයෙක් නම් අරගලේ පොරක් කියලා මඩ පාරක් ගහයිද
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,841
    1
    24,094
    113
    කැළෑ පොජ්ජේ
    අපේ ගේ ඉස්සරහ අවුරුදු 15ක ගෑනු ලමයෙක් ඉන්නවා...ඒ අම්මලා ඒ ලමයව ගෙදර තනියෙන් තියලා යන්නේ නෑ, පාරේ තනියෙන් යවන්නෙත් නෑ...අපිත් හිතුවා ඇයි මෙච්චර කියලා...ඒත මේවා බලනකොට තමයි හිතෙන්නේ ඒ මිනිස්සු හරි කියලා...

    අද කාලේ ළමයි හදන එක හරි අමාරුයි, භයානකයි..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,016
    132,229
    113
    Los Alamos
    ගෝලයෙක් නම් අරගලේ පොරක් කියලා මඩ පාරක් ගහයිද
    පචවංශත් අරගලෙන් පස්සෙ රාජපස්සලට බැන බැන හිටියා නේද මේළගක් වෙනකම්ම. මේක ලංකාව මහත්තයො. මේ අමුතු ඇටේ ඇතුළෙ යන දේශපාලන ගේම් ගැන ඇත්ත තොරතුරු හොයන්න ගියොත් CIA, KGB, මෝසාඩ් ලා ඔක්කොම කොර වෙනවා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,841
    1
    24,094
    113
    කැළෑ පොජ්ජේ
    ගෝලයෙක් නම් අරගලේ පොරක් කියලා මඩ පාරක් ගහයිද

    අරගලයේ නෙමෙයි, ජෙප්පෙක් කියලා උනත් කියයි බන්...

    නීතිය ක්‍රියාත්මක වෙනකොට නේ දැන හැඳුනුම් කම් උඩ ඕක යට යන්නේ සතියෙන් දෙකෙන්...එතකන් විරුද්ධවාදීන්ට මඩකුත් ගහගෙන, වැඩෙත් ශේප් කරගන්න පුලුවන් උන්ට...

    මොකෝ අරගල කාරයෙක් කිව්වා කියලා ඌට මුකුත් වෙනවද
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    18,833
    25,665
    113
    මැදමහනුවර
    අරගලයේ නෙමෙයි, ජෙප්පෙක් කියලා උනත් කියයි බන්...

    නීතිය ක්‍රියාත්මක වෙනකොට නේ දැන හැඳුනුම් කම් උඩ ඕක යට යන්නේ සතියෙන් දෙකෙන්...එතකන් විරුද්ධවාදීන්ට මඩකුත් ගහගෙන, වැඩෙත් ශේප් කරගන්න පුලුවන් උන්ට...

    මොකෝ අරගල කාරයෙක් කිව්වා කියලා ඌට මුකුත් වෙනවද
    පොර ඇත්තටම වැරදි නැත්තං?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    32,841
    1
    24,094
    113
    කැළෑ පොජ්ජේ
    පොර ඇත්තටම වැරදි නැත්තං?

    ඉතින් මොකෝ බන්....වැරදි නැත්තම් නිදහස් වෙයි...

    අරගලයේ සංවිධායකයෙක් කියන්නේ වැරදි ලේබල් එකක් නෙමෙයිනේ...

    පොර වැරදියි නම් සහ, දඩුවම් හම්බ වුනොත් අරගලයටත් මඩ පාර වැදීගෙන යන්නේ...

    උන්ට කොහෙන් ගියත් ආරගලය, මාලිමාව වගේ ජනතාව එකතු වෙලා ඉන්න තැන් නැති කරලා දාන්න
     

    Bruh656

    Well-known member
  • Jan 5, 2023
    302
    284
    63
    Kaluthara
    මොකද බං මේ case එකට මෙච්චර වලලෙන්නේ? මෙකි මරුනේ මේකිගේ තියෙන ගොන් කමට. එහෙම උන් ඉන්නවට වඩා නැති එකයි හොද
     
    • Like
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    5,833
    8,821
    113
    NWP
    පචවංශත් අරගලෙන් පස්සෙ රාජපස්සලට බැන බැන හිටියා නේද මේළගක් වෙනකම්ම. මේක ලංකාව මහත්තයො. මේ අමුතු ඇටේ ඇතුළෙ යන දේශපාලන ගේම් ගැන ඇත්ත තොරතුරු හොයන්න ගියොත් CIA, KGB, මෝසාඩ් ලා ඔක්කොම කොර වෙනවා.
    දැන් යාළුයි... :love::love: මුලින් හාමිනේ - පස්සෙ පචවංශ...

    %E0%B7%8F%E0%B7%8A%E0%B6%B6-890x395_c.png

    වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කඩල දන්සැලක් සංවිධානය කර තිබුණා. ඒ එතුමාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවස ඉදිරිපිටදී ය.
    විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී විය. (ITN)
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,016
    132,229
    113
    Los Alamos
    දැන් යාළුයි... :love::love: මුලින් හාමිනේ - පස්සෙ පචවංශ...

    %E0%B7%8F%E0%B7%8A%E0%B6%B6-890x395_c.png

    වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ කඩල දන්සැලක් සංවිධානය කර තිබුණා. ඒ එතුමාගේ කොළඹ විජේරාම පිහිටි නිල නිවස ඉදිරිපිටදී ය.
    විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ද එම අවස්ථාවට සහභාගී විය. (ITN)
    ඔක්කොටම වඩා අපේ රනිල් සෑර් කරපු ස්වාධීන පාර්ට් එක කොහොමද අරගල දවස්වල. ජනාධිපතිකම හම්බුන ගමන් ෆිල්ම් එකේ ස්ටෝරිය මැදදි twist එකක් ඇවිල්ලා හැංගිලා තිබ්බ නියම චරිතෙට ගැඹුරින් අවතීර්ණ වෙලා පණපොවමින් ඉන්නවා මේ දවස්වල.🤭
     
    Last edited: