සීගිරිය ගැන කවුරුත් කතා කරන්න අකමැති ඇත්ත

olu bakka

Well-known member
  • Aug 18, 2011
    9,027
    1,808
    113
    කවුරු මොන කීවත් අපි නොදන්නා ලොකු රහසක් සීගිරියේ තිබෙනවා , දන් අපි දකින්නේ කාශප රජතුමාගේ සිරිගිය නොවේ H C P Bell මහතාගේ සිගිරියි මම හිතන්නේ

    මේ ෆොටෝ දෙක මම හොයාගත්තේ 1890 පොතකින් බලන්න ලොකු වෙනසක් තියෙනවා
    මොකක්ද වෙනස?
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    690
    1,234
    93
    මිට අවුරුදු 7000 කට කලින් ලංකාව කියන්නේ ඉන්දියාවේ කොටසක්.තමිල්නාඩුවට සම්බන්ද වෙලා තිබ්බේ.ඒකාලේ දෙමලු හිටියයි කියලා සාක්ෂි නෑ . ඉතින් මෙහේ තිබ්බේ ශිව ආගම .. සිංහලු කියන්නේ අතීතේ ශිව භක්තිකයෝ එගොල්ලොම තමයි බෞද්ධයෝ උනේ . තිත්ත ඇත්ත වෙනස් කරන්න බෑනේ . :yes:
    7000ට කලින් ද්‍රාවිඩියානු අනන්‍යතාවයක් තිබුන. ප්‍රාක් සිංහල අනන්‍යතාවයකුත් දූපත ඇතුලෙ තියෙන්න ඇති. ඒත් ඒ ස්වදේශික දූපත් වැසියො "සිංහල" කියල අද අපිවම අඳුන ගන්න ජන කොට්ඨාසයට වඩා ලඟ ද්‍රාවිඩියානු ජනතාවටම තමයි. ජීව විද්‍යාත්මකව ලොවෙත් එහෙමයි, දේශපාලනිකවත් බොහෝ විට එහෙම තමයි.

    සිංහල කියන්නෙ, මුලු රජරට ශිෂ්ඨාචාරයම කියන්නෙ ක්‍රමිකව සංස්කෘතික ස්වාධීනත්වයක් අත්පත් කරගත්තු උතුරු ඉන්දීය සංක්‍රමණික කොලනියක් බව හරි හමන් දැනුමක් තියෙන ඕන මනුස්සයෙක් දන්න කාරණයක් (වර්තමාන සිංහල genetic admixture එකේ අර ස්වදේශික මිනිස්සුන්ගෙ හැප්ලෝගෲපත් නැහැ කියල මේකෙන් කියවෙන්නෙ නෑ.)

    ඒ අතින් බලපුවම කතාව ඉතාම ලස්සන වෙනව. උතුරෙ ඉන්දු ආර්‍යයො සහ ඊට පෙර හිටපු ද්‍රාවිඩියානුවො කියන දෙගොල්ලොම ඉතාම බරපතල පොහොසත් සංස්කෘතික ප්‍රවාහයන් දෙකක්. මං නම් අවංකවම සතුටුයි ඒවට ඓතිහාසික සම්බන්ධකමක් තිබීම ගැන.

    එහෙමයි කියල අපේ අනන්‍යතාවය අහෝසි වෙන්නෙ නෑනෙ. බ්‍රිතාන්‍යයෙ Mayflower නැවෙන් ඇමරිකාවට ගොඩ බැහැපු පලවෙනි බ්‍රිතාන්‍ය සංක්‍රමණික කණ්ඩායමේ අවුරුදු 150ට පසු පරම්පරාව තමන්ගෙම ප්‍රභවයට විරුද්ධව කැරලි ගහල නිදහස ලබාගෙන ඇමරිකා එක්සත් ජනපදයක් හැදුවෙ. ජෝර්ජ් වොෂින්ග්ටන්, ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් et al. හිතුවෙ නෑ තමන් බ්‍රිතාන්‍ය ජාතිකයො කියල.