'සුදර්ශන' පැණිය ලෙඩුන්ට දෙන්නැයි මා කියා නෑ - රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය මහාචාර්ය චන්න ජයසුමන

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    9,734
    4,812
    113
    ලොවෙත් නැති තැනක
    බටහිර ඖෂධයක් ලෙස 'සුදර්ශන' නමැති පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් තමා සිදු කර නොමැති බවත්, නමුත් ආයුර්වේදයේ තිබෙන සුදර්ශන චූර්ණය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙන බවත් ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ඊයේ (03දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    එමෙන්ම 'සුදර්ශන’ නමැති පැණිය මෙම අවස්ථාවේ රජයේ රෝහල්වල රෝගීන් සඳහා ලබාදීමට හැකියාවක් නොමැති බවත්, ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කිරිමට තිබෙන බවත් එහිදී චන්න ජයසුමන මහතා පැවසීය.





    සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

    "පුවත්පතක මුල් පිටුවේ තියෙනවා ඔබ කිවා කියලා මේ සුදර්ශන කියලා ආයුර්වේද පැණියක් රජයේ රෝහල්වල භාවිත කරන්න කියලා. ඒක කිසිසේත්ම නුසුදුසුයි කියලා පරීක්‍ෂණ කණ්ඩායමක් ඉදිරිපත් කරලා කියනවා ඒක මිනිසුන්ගේ අත්හදා බලලා නෑ. සත්තුන්ගෙන් විතරයි අත්හදා බලලා තියෙන්නේ කියලා.”

    රාජ්‍ය අමාත්‍ය චන ජයසුමන -

    “අපේ සිසිර ජයකොඩි ඇමතිවරයා හරහා තමයි ඒ කණ්ඩායම පරීක්‍ෂණ වාර්තා සමග මා වෙත පැමිණියේ. මේක ආයුර්වේදයේ තිබුණ ඖෂධයක් ඇසුරින් බටහිර ක්‍රමවේදයකට අනුව පරීක්‍ෂණ පවත්වලා නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක මේ මොහොතේ රජයේ රෝහලක රෝගීන්ට ලබාදීමේ හැකියාවක් නෑ. ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කරන්න ඕන. බටහිර ඖෂධයක් ලෙස ලබා දෙන්න. මම පැවසුවේ මේක පරීක්‍ෂණ මට්ටමින් යොදාගැනීම සඳහා අවශ්‍ය සායනික පහසුකම් රෝහල්වලට ලබාදීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අමාත්‍යවරයා ලෙස මැදිහත් වීමක් කරලා උදව් කරන්න පුළුවන් කියලා. ඒ නැතිව මේ රෝගීන්ට ලබාදීමට කිසිසේත්ම කතාවක් වුණේ නෑ.”


    පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා -

    “එසේ නම් ඔබතුමා කියන්න රටටම ඔබ එවැනි නිර්දේශයක් කරලා නැහැ කියලා."


    රාජ්‍ය අමාත්‍ය චන්න පියසුමන -

    "ඔව්. පැහැදිලිවම බටහිර ඖෂධයක් ලෙස සුදර්ශන පැණිය ලබාදීම සඳහා කිසිදු නිර්දේශයක් කරලා නෑ. ඒත් ආයුර්වේදයේ තියෙනවා සුදර්ශන චූර්ණය කියන එක අවුරුදු දහස් ගාණක් යොදා ගත්ත දෙයක්. එය ආයුර්වේද ඖෂධයක් ලෙස යොදා ගැනීමේ හැකියාවක් තිබෙනවා."


    -දිනේෂ් සමරකෝන්-
     
    • Like
    Reactions: NRTG
  • Apr 15, 2014
    4,151
    3,070
    113
    ඒ සඳහා තවත් අදියර කිහිපයක් ඉදිරියට ගමන් කිරිමට තිබෙන බවත්
    ඔය අදියර ටික ගමන් කොරන කොට ඉස්පිරිතාල වල load එක වැඩි වෙලා - වෙන්න ඕන ටික වෙලා තියෙයි - මෙහෙමත් මී හරක්.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    9,734
    4,812
    113
    ලොවෙත් නැති තැනක
    මම නම් හිතන්නේ චන්න සර් කනාමුට්ටි බිඳින වැඩක් කරන්නේ. කලින් පකනීලම් ගැන කිව්වා. ඒක වැරදුනාට පස්සේ මිනිහා ශේප් එකේ ඒක මෝඩපුතාගේ ඔළුවට දාල බෙරුනා. දැන් සුදර්ශණ පැනිය....
     
    • Like
    Reactions: fdk

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,478
    5,794
    113
    Black Pearl
    viyath mage eelanga wicket ekath giya score karanna gihin :(

    danata nalaka sir witarai not out inne mukut nokia sadda natiwa inna nisa (boleta thattu dada inna)
    sir tath LBW appeal ehema giya corona waladi minissunta udaw kale naha kiyala thawama out une naha bat eka alla alla inna nisa
    score karanna giyoth kela wena scene ekak tiyenne
     
    • Haha
    • Like
    Reactions: saturn and Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    7,160
    2,816
    113
    Internet
    viyath mage eelanga wicket ekath giya score karanna gihin :(

    danata nalaka sir witarai not out inne mukut nokia sadda natiwa inna nisa (boleta thattu dada inna)
    sir tath LBW appeal ehema giya corona waladi minissunta udaw kale naha kiyala thawama out une naha bat eka alla alla inna nisa
    score karanna giyoth kela wena scene ekak tiyenne


    dan wickets kiyak wage giyada
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,513
    12,202
    113
    ඔය අදියර ටික ගමන් කොරන කොට ඉස්පිරිතාල වල load එක වැඩි වෙලා - වෙන්න ඕන ටික වෙලා තියෙයි - මෙහෙමත් මී හරක්.
    බොට තේරෙනවද ඔහොම සින්හල වෙදකම චාටර් වෙන්නෙ ඇයි කියල. ඒක දැන් ටික ටික ජෝතිශය වගේ මැජික් එකක් වීගෙන යනව.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    37,478
    5,794
    113
    Black Pearl
    dan wickets kiyak wage giyada
    1604642001093.jpeg
     
  • Apr 15, 2014
    4,151
    3,070
    113
    බොට තේරෙනවද ඔහොම සින්හල වෙදකම චාටර් වෙන්නෙ ඇයි කියල. ඒක දැන් ටික ටික ජෝතිශය වගේ මැජික් එකක් වීගෙන යනව.
    ඕකෙන් චාටර් වෙන්නෙ සිංහල වෙදකමද - දොස්තරකම ද ? මොළේ කොහෙද උඹෙ තියෙන්නේ ?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    11,513
    12,202
    113
    ඕකෙන් චාටර් වෙන්නෙ සිංහල වෙදකමද - දොස්තරකම ද ? මොළේ කොහෙද උඹෙ තියෙන්නේ ?
    නිව්ස්වල ටයිටල් කියවපන්කො එතකොට තේරෙනෙව හීන් නූලෙන් ගහන්නෙ මොකේටද කියල.
     
  • Apr 15, 2014
    4,151
    3,070
    113
    නිව්ස්වල ටයිටල් කියවපන්කො එතකොට තේරෙනෙව හීන් නූලෙන් ගහන්නෙ මොකේටද කියල.
    ඕවා ආපිට කරකැවිලා වදින හැටි බලාගන්න පුළුවන් - ඉස්සරහට හීතලයි වැස්සයි එකට ඇවිල්ලා ලෙඩ්ඩු පෝලිමට එන්න අරගෙන overload වෙන්න ගත්තාම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,471
    5,319
    113
    Lakwan
    නාත දෙය්යෝ හීනෙන් ඇවිත් ආසනික් ගැන කිව්වා කියපු උකන්න නේ මේ
    පොට්ටුවෙන් එනවා කියපු ගමන් ඉතින් ආයේ කතා දෙකක් නෑ හොරෙක්, වංචාකාරයෙක්, බොරුවෙන් ජීවත්වෙන එකෙක් , මිනිමරුවෙක් etc..
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    2,030
    2,734
    113
    Back Bay-Beacon Hill, Boston
    නාත දෙය්යෝ හීනෙන් ඇවිත් ආසනික් ගැන කිව්වා කියපු උකන්න නේ මේ
    පොට්ටුවෙන් එනවා කියපු ගමන් ඉතින් ආයේ කතා දෙකක් නෑ හොරෙක්, වංචාකාරයෙක්, බොරුවෙන් ජීවත්වෙන එකෙක් , මිනිමරුවෙක් etc..
    :LOL: :LOL: :LOL: :LOL: