සුන්දර ගීයක ඇරබුම,..

gepa

Well-known member
  • අද මම කියන්න යන්නේ ගොඩ දෙනෙක් ආසකරන ගීතයක් හැදුනු විදිය ගැන.ගීතය තමයි අන්දර යායේ වැව් තාවුල්ලේ… කියන දිවුල්ගනේ ගායකයා ගායනා කරන මමත් පුද්ගලිකව ගොඩක් කැමති ගීතය.මේ ගීතය ලියලා තියෙන්නේ කුමාර ලියනගේ කියන ගීපද රචකයා.මියුරු තනුව රෝහන ධර්මකීර්ති.
    මම අහලා දැන ගත්තු විදියට ගී පද රචකයා රුහුනේ.රුහුනේ කොහෙන්ද අන්දර යායවල් ..වැව් තාවුලු..ගීතය ගීපද රචකයාගේ අත්දැකීමක් නම් එහෙම වෙන්නේ කොහොමද?මේ ගීතයට ගොවිතැන වෙනුවෙන් ජීවිතය කැපකරපු , තම දරුවන් වෙනුවෙන් අපරිමාන කැපකිරීම් කරපු රජරට ආදරනීය පියෙකුගේ ගති ලකුනු කියැවෙන්න කරුනු කාරනාත් යෙදුනු හැටිත් හරිම සුන්දරයි..ගී පද රචක කුමාර ලියනගේ මහත්තයගේ පියා ගුරුවරයෙක්.ඒ වගේම ගොවියෙක්.එතුමගේ පියා වැඩකටයුතු ඉවර කරලා විවේක ගන්න දික්සඟලාවක වැතිරිලා ඉන්න හැටි තමයි ගීතයේ මුල් කොටසට එක්කසු කරලා තියෙන්නේ. දික්සඟලා පු‍ටු කියන්නේ ලනු වලින් වියපු ඉස්සර කාලේ ගැමි ගෙවල් වල තිබුනු හාන්සි පු‍ටුවක්..ගීතයේ මුල් පදපෙලේ ඇතුලත් වෙලා තියෙන්නේ "දික් සඟලාවේ දිවා විහාරේ වැඩ සිටිනා අපේ අප්පච්චි..." ඒ මේ පද පෙල ලියපු කුමාර ලියනගේ ගේ තමන්ගේ පියා පිලිබඳ මතකය.
    කොහොම හරි මේ ගීතය ගයන්න කරුනාරත්න දිවුල්ගනේ ගායකයට දුන්නහම ගීතයේ පද බලලා දිවුල්ගනේ කියලා තියනවා "අනේ අපේ අප්පච්චිලා කවදාවත් දික් සඟලා පු‍ටුවල වැතිරිලා හිටියේ නැ....කැති පොරෝ අරගෙන..අන්දර කැලැ බිඳ දාලා දරුවන්ට කන්න දීපු අය.." ඉතින් මේක ගයන්න ගායකයට හරියට ඇඟට එන්නේ නෑලු." මේක මට දැන්නේ රජරට සේවයේ ගීපද රචකයෙක් වන දම්මික බන්ඩාරයන් ලියපු ගීතයක් විදියට" කියලා මෙහෙම කවියක් මතක් කරලා දීල තියනවා

    අන්දර කැලේ මැද හිනැහුනු අප්පච්චි
    අන්දර මලේ සුවඳයි මට අප්පච්චි
    අන්දර කැලේ හැංගී ඉඳ අප්පච්චි
    ඈත ඉඳන් අඬගහපන් අප්පච්චි.

    ගායකයා මේ විදියට එයාගේ අදහසුත් එකතු කලාලු පුලුවන් නම් මේක මේ විදියට වෙනස් කරල දෙන්න කියල .ඒත් ගීපද රචකයා ඒකට ඒතරම් කැමති වෙලා නැ..කොහොම කොහොම හරි අන්තිමට “දික්සඟලාවේ දිවා විහාරේ වැඩසිනා අපේ අප්පච්චි” කියන පද පේලිය රචකයාගේ අත්දැකීමෙන් වෙනස් වෙලා ගායකයාගේ කැමැත්තට අනුව “අන්දර යායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී” කියලා වෙනස් වෙනවා.

    මේ ගීත්යට ගීයට තනුව යොදපු රෝහන ධර්මකීර්ති මහතාගෙ පැත්තෙනුත් අනුවේදනීය කතාවකින් ගීතයට සම්බන්ද වෙනවා.මේ ගීතයට තනුව සකස් කරන්න ගීපද පෙල එතුමට ලැබෙනකොට එතුමා ඉඳල තියෙන්නේ කනගා‍ටුදායක තත්වයක.ඒ එතුමගේ පියාගේ අභාවය සිදුවෙලා ඒ කටයුතු අවසන් උනු සංවේදී මොහොතක.කෙසේ වෙතත් පද රචකයා තමන්ගේ පියා මියැදෙන වෙලේ ලංකාවේ ඉදලා නැ.පිටරට සංචාරයකට සහබාගි වෙලා ඉඳලා තියෙන්නේ.ඒ හේතුව නිසා තමන්ගෙ පියාගෙ අවසන් කටයුතු වලටවත් සම්බන්ද වෙන්න එතුමට හැකිවෙලා නැ.මේ කරුනු කාරනා නිසා පද රචකයා ගොඩක්ම කලකිරිලා ලංකාවට ආපු වෙලේකයි මේ පද පේලිවලට තනුව නිර්මානය කරන්න ලැබිලා තියෙන්නේ.
    එතුමා කියන විදියට එතුමන්ගේ පියා පිලිබඳව මතකය අවදි කරන්න බටනලා වාදනය උපයෝගී කරන් තියනවා.සමස්ත තනුව පුරාවටම එතුමගේ පියා පිලිබඳව එතුමට දැනුනු සංවේගය සහ ගෞරවය මුසු මතකය තනුව තුලින් මතු කරන්න එතුමා උත්සහ කරලා තියනවා.එතුමා කියන විදියට මේ ගීතය මෙතරම් සාර්තක වෙලා තියෙන්නේ පිය සෙනෙහසින්ම උපරිමයෙන්ම දැනුනු මොහොතක නිර්මානය උනු නිසා.

    කොහොම උනත් මම හිතන විදියට ගායකයා, ගී පද රචකයා, තනු රචකයා කියන තුන් දෙනාගෙම අත්දැකීම් දැනීම් සංවේදීතාවන් එකට එකතු උනු නිසා ගීතය වඩාත් දැන්නෙන්න නිර්මානය වෙලා තියනවා.ඒ වගේම මේ ගීතය විඳින පිරිස ගොඩක් වැඩියි.ඒ බොහොමයක් පුතුන් දායාද කල පියවරුන් "ඒ දඬු මං බැන්ද...සත්කුලු පව් බිඳ... " තම පුතුන් රජවරුන් කරවා , ඒ දෙස බලා නිහතමානීව ස‍තු‍ටු උනු පියවරුන් නිසාවෙන් වෙන්න ඇති..

    අන්දර යායේ වැව් තාවල්ලේ
    සක්මන් කරනා අප්පච්චී
    දොළේ දියයි මට කෙතේ නිලයි
    ගහ වැලේ මලයි මට අප්පච්චී

    වලාකුළේ දා බිඳු තවරා
    මහ පොළොවට මහ වැසි ගෙනෙනා
    දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ
    පුතු සෙනෙහේ කඳුළැලි සලනා

    තුරු හිස මුදුනේ මල් පලඳ්රඳ
    කැකුළු මුවට පලවැල නෙළුවා
    ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ
    සිදාදියට එන මං තැනුවා

    මේකත් මම මගේ බ්ලොග් එකට එකතු කරපු නිධන කතාවක්..එලකිරි නූලට මම එකතු කරපු දෙවෙනි ගීතය..රෝගී දැසේ ඇස රඳවන්නට කියන ගීතයත් හැදුනු හැටි දාන්න ඉන්නවා..බලමු වෙලාව තියන හැටියට..හැමෝටම ජය
    :lol:
     
    • Like
    Reactions: *danushka* and hrm

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,505
    0
    ලොවෙත් නැති තැනක
    :yes::yes::yes::yes::yes::yes:
    ජස්ටින් අය්යලගේ සින්දුවලින් මොලේ මත් උන
    උන විකාරයෙන් කැ ගහන කළු ඇමරිකන් කාරයෝ කුණු හරුපෙන් පටන් ගන්න
    සිංදුවල මුල නොතේරෙන හින්ද අන්තිම තේරෙන ඔහ් ඔහ් බේබි බේබි පමණක් කියන්න පුළුවන් සමාජයක උබල සෙට් එක මාරයි
    මාරයි කියන්නේ මාරම මාරයි
    දිගටම කරගෙන යමු සහෝ " එළකිරියේ සොදුරු නවාතැන සුන්දර ගීයක ඇරබුම,..
    ."
    සරස්වතිය හා අප සැමදා ඔබ සමගයි

    පට්ටම ටෝකක් විකියා.... නියමයි මචන්...:yes::yes: :rofl::rofl: :rolleyes::rolleyes:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    934
    113
    අමාරුවෙන් දවස් දෙකක් හිටියට මොකද එහෙම ඉන්න එක සෑහෙන්න අමාරුයි ලු..
    චාමල් අයියා මේ ටික ඔක්කෝම කියෙවුවා කියල දාන්න කියුව..

    වෙන වෙනම අදහස් දාන්න බෑරිඋන එක ගෑන සමාවෙන්න කියුව
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,505
    0
    ලොවෙත් නැති තැනක
    අමාරුවෙන් දවස් දෙකක් හිටියට මොකද එහෙම ඉන්න එක සෑහෙන්න අමාරුයි ලු..
    චාමල් අයියා මේ ටික ඔක්කෝම කියෙවුවා කියල දාන්න කියුව..

    වෙන වෙනම අදහස් දාන්න බෑරිඋන එක ගෑන සමාවෙන්න කියුව
    අයියටයි නංගිටයි සුභම සුභ ආදරණීය ආදරවන්තයින්ගේ දිනයක් වේවා කියල අපි සෙට් එකම සුභ පතනවා... ඉක්මනින් සුව වෙලා එන්න කියන්න... අපිට ඔබ සැමදා මතක බව විතරක් මතක තබා ගන්න කියල කියන්න.....
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    934
    113
    අයියටයි නංගිටයි සුභම සුභ ආදරණීය ආදරවන්තයින්ගේ දිනයක් වේවා කියල අපි සෙට් එකම සුභ පතනවා... ඉක්මනින් සුව වෙලා එන්න කියන්න... අපිට ඔබ සැමදා මතක බව විතරක් මතක තබා ගන්න කියල කියන්න.....

    බොහොම ස්තූතී අයියෙ, අයියටත් එසේම වේවා කියල අපි දෙන්නම සුබ පතනව..

    අයියගෙ පනිවිඩය මම කියන්නම්.. මේක ගොඩක් හොද දෙයක් අයියෙ... දිගටම දාන්න
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,505
    0
    ලොවෙත් නැති තැනක
    බොහොම ස්තූතී අයියෙ, අයියටත් එසේම වේවා කියල අපි දෙන්නම සුබ පතනව..

    අයියගෙ පනිවිඩය මම කියන්නම්.. මේක ගොඩක් හොද දෙයක් අයියෙ... දිගටම දාන්න

    මුල ඉදල කියෙවුවොතින් ඔයාට වැටහේවි... ඔයාගෙ අයිය වැනි සොදුරු සහෝදරයින්ගේ ධෛර්ය සහ උද්යෝගය නිසාම තමා මෙතුවක් මේ නූල අපි කරගෙන ආවෙ... ඉතින් ප්‍රණාමය ඔබේ අයිය වැනි අපට සහයෝගය දුන්, දිරිමත්කල සියළුම සහෝදරවරුනට හිමිවිය යුතුයි...
     
    gepa

    Well-known member
  • “හිත හිරි වට්ටන ඔය ලොකු ඇස් දෙක
    ලියා ගන්න සින්නක්කර
    දෙනවද මට ඔය ඇස් දෙක...”

    රචකයා පෙම් කරන්නේ ලොකු ඇස් දෙකකට ය. එනම් බකුසු ඇස් දෙකකට ය. දතක් ගලවන විට එන්නතකින් විදුරු මස හිරි වැටෙන්නාක් මෙන් මේ බකුසු ඇස් දෙක දුටු විට ඔහුගේ හිත හිරි වැටෙයි. එතැන් සිට රචකයා උත්සාහ ගන්නේ මේ බකුසු ඇස්, කුලියට හෝ බද්දට ගැනීමට නොව සින්නක්කර ලියා ගැනීමට ය. එසේ නම් මේ බකුසු ඇස් උගුල්ලා ගත යුතු ය.

    මෙබඳු උන්මත්තකයකුට ඇය දෑඟිල්ලෙන් ඇන ඇස් ගලවා අතට ගෙන දන් දුන්නා ය. මෙබඳු ගී පද මාලාවක් අක්ෂිදාන සංගමයක තේමා ගීතය ලෙස යොදාගත්තාට වරදක් නොමැත. මෙහි දී තවත් ප්‍රශ්නයක් ඉතිරි වේ. මොහු ඇගේ ඇස් දෙක සින්නක්කර ලියා ගත් පසු ඉතුරු අවයව ගන්නේ කුලියට ද යන්නයි

    උපුටා ගැනීමක්..ඒත් පට්ටයි
     
    • Like
    Reactions: Chinthaka_tc

    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,667
    748
    113
    ස්වර්ණවිමානේ
    නියමයි සහෝ...සුපිරි...:yes::yes:.....මම ත්‍රෙඩ් එකේ දැකපු ලස්සනම විචාරයක්...:)
    අඩෝ සස්ලීත්... මොකද කියන්නේ ??????????
    මම වැරදිද????
    :D:D:D:D:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,505
    0
    ලොවෙත් නැති තැනක
    අඩෝ සස්ලීත්... මොකද කියන්නේ ??????????
    මම වැරදිද????
    :D:D:D:D:D
    11.gif
    11.gif
    11.gif
    11.gif
    අනිවා මචන් අනිවා.... ස්තූතියි හොදේ මගපෙන්වීමට.... උඹත් හෙන සෞන්දර්යවාදි විචරකයෙක්නේ බැලුවම ආ....:love::love::love::love::D:D:D:yes::yes::yes::yes:
     
    nisha500

    Member
    Jan 30, 2010
    2,155
    248
    0
    දුවිල්ලෙන් වත්සුණු තවරා (මොනර කිරිල්ලි) සහ ඉරි තැලුණු වලා යන ගීත බලාපොරොත්තුවෙන් සිටිමි..අපි දිගටම කියවනවා...මේක නවත්තන්න එපා...සුබ දවසක් හැමෝටම..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,582
    113
    මහපොලව.....
    විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන.................

    ඉරි තැළුනු වළා.................

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා

    කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ, කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්‍රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය.

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය.

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා

    මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ.

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?

    නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.

    ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්‍රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.
     
    uggahakumbura

    Member
    Feb 4, 2008
    48
    2
    0
    අමාවකට අත වනනා පිච්ච මලී

    අමාවකට අත වනානා පිච්ච මලී
    ලමැද නුඹේ කිරි පුසුබෙන් සිත කැලඹී
    පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
    පිච්ච මලට පැනි ඉහුනද සංකාවේ

    ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
    කුමක් කරන්නද සමනල් හිනාවට
    දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
    වරද මගෙන් සගවා දෙනු ලෝකයට

    අවිහින්සක සිතිවිලි සිත බැන්දාට
    එකට කූඩුවෙන්නට බැරි පෙර පවට
    ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
    එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට

    ගායනය - චාමර වීරසිංහ

    ගීතය මෙතනින් ගන්න

    මේ ගීතය අහපු වෙලාවේ මට සිතුනේ කසාද බැඳපු පිරිමියෙක් හා වෙනත් තරුණියක් හා ඇති වුනු ප්‍රේමයක් දුරදිග යාම හේතු කරගෙන වෙච්ච ඇබැද්දියක් කියලා. ඒත් මෙච්චරකල් අහන්න කෙනෙක් නැතිව හිටියේ. පුළුවන්නම් මේකට විචාරයක් දෙන්න සහෝ........
     
    Last edited:

    thomian

    Well-known member
  • May 20, 2011
    8,240
    10,248

    :):):):)
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,363
    2,745
    113
    Battaramulla, Sri Lanka
    අමාවකට අත වනානා පිච්ච මලී
    ලමැද නුඹේ කිරි පුසුබෙන් සිත කැලඹී
    පිච්ච පතට පැණි පෙරලා බොන යාමේ
    පිච්ච මලට පැනි ඉහුනද සංකාවේ

    ලමැද හොවා හද සෙනෙහස දුන්නාට
    කුමක් කරන්නද සමනල් හිනාවට
    දෑත දිගුකරන්නට බෑ නුඹෙ ලොවට
    වරද මගෙන් සගවා දෙනු ලෝකයට

    අවිහින්සක සිතිවිලි සිත බැන්දාට
    එකට කූඩුවෙන්නට බැරි පෙර පවට
    ඉතින් සාප කරමින් මගේ ඉක්මන් කමට
    එපා විසිකරනු ගින්දර මගෙ පැල්පතට

    ගායනය - චාමර වීරසිංහ

    ගීතය මෙතනින් ගන්න

    මේ ගීතය අහපු වෙලාවේ මට සිතුනේ කසාද බැඳපු පිරිමියෙක් හා වෙනත් තරුණියක් හා ඇති වුනු ප්‍රේමයක් දුරදිග යාම හේතු කරගෙන වෙච්ච ඇබැද්දියක් කියලා. ඒත් මෙච්චරකල් අහන්න කෙනෙක් නැතිව හිටියේ. පුළුවන්නම් මේකට විචාරයක් දෙන්න සහෝ........

    :yes::yes:;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,588
    1,582
    113
    Colombo XOR Matara
    විප්ලවය කරා යන මග බාධක පෙන්වන,රැවටිලි පෙන්වන, නොයා යුතු මග පෙන්වන.................

    ඉරි තැළුනු වළා.................

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා

    කලා කෘතිය වූ කලී මිනිසුන් ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙන යන මාධ්‍යයකි යන්නට දියහැකි හොදම නිදසුනක් වන්නේ සමන් අතාවුදහෙට්ටි රචනා කළ, කේමදාසයන් සංගීතවත් කළ, අපේ යුගයේ ප්‍රතාපවත් සුභාවිත හඩ-අමරිසිරි පීරිස් ගායනා කරන මේ ගීතය දැක්විය හැකිය.

    වටපිටේ සීරුවට
    විදුලි ඇස් සිනා සේවී
    නොරැවටී යන්න යමු
    කහ ඉරෙන් එතෙර වීලා

    මේ යන ගමන වට කොට විදුලි ඇස්, එනම් ඔවුන් ව හොදින් පිරික්සා බලන ඇස් තිබේ. ඒවා රවටන සුළුය. ඒ රැවටීමට හසුවුව හොත් මොවුන් ගේ අරමුණු සාක්ෂාත් කර ගත නොහැකිය. කුමක්ද ඔවුන් ගේ මේ අරමුණ? මදක් අවසන තෙක් කියවන්න. එතෙර වීමට ඇත්තේ කහ ඉරකි. එයින් එතර වීමය මේ අරමුණ. ඒ තෙක්, නොරැවටී සිටිය යුතුය.

    රිය පෙලේ කිරුල හිමි
    රජ වරුන් අත වනාවී
    බිම බලන් යන්න යමු
    කහ ඉරත් රැලි වැටීලා

    මේ රිය පෙළ තුළ ද රජවරු සිටිති. ඔවුන් අත වනනු ඇත. මේ ප්‍රේමයට සම්බන්ධ දෙයක්ද? නැත. ඇත්තටම රචකයා අපේ ඇස්වසා යටි පෙල අර්ථය කුළුගන්වයි. මේ ප්‍රේමය හෝ පෙම්වතුන් නොවේ.

    ඉරි තැලුනු වලා, උඩු වියන් යටින්
    මුදු තාර ඇතිරිල්ලේ
    යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේමියේ
    සිව් දෙසින් හඹා එන මොටෝ රථ රඟ
    සෙනග රවටමින්

    මේ පෙම්වතුන් හට(?) උඩු වියන් බදින්නේ ඉරි තැළුනු වළාකුළුය. පා තබා යන්නේ ඇතිරිල්ලකය-එය මුදුය, නමුත් තාරය. ඇළුණු තාර ඔවුන් යන දිශාව අන් අයට පෙන්වයි.මේ ඇවිද යන්නේ සැම පැත්තෙන් ම එන සෙනගක් රවටමිනි. මෙසේ කරන මොවුන් ඇත්තටම පෙම්වතුන්ද?

    නැත. සමන්, ඔහු ගේ නිසග හැකියාව මොනවට විදහා දක්වමින් විප්ලවයකට, සමාජ අරගලයකට සමාජ ප්‍රවාහය ගෙන යන තුරුනු යුවලක් ගැන අපට කියයි.විදුලි ඇස්, පරීක්ෂාකාරී ඇස්, එනම් රාජ්‍ය ඔත්තු සේවාවන් විවිධ වූ ක්‍රමවේදයන් හරහා ඔවුන් බිලී බා ගැනීමට කැස කවති. එයට නොරැවටී යනනෝ මේ සමාජ පරිවර්තනය සාක්ෂාත් කරගන්නෝ වෙති. මේ සමාජ පරිවර්තනයයි කහ ඉර ලෙස සමන් අරුත් නංවන්නේ......ඒ කහ ඉරෙන් එතර වීමය මොවුන් ගේ ඒකායන අරමුණ. එයට මගය සමන් පෙන්වන්නේ. මේ රිය පෙළ, එනම් සමාජය දුවන පැත්තට ම යන දේශපාලකයන් ය රිය පෙලේ කිරුළ හිමි පුගුළන්. ඔවුන් විවිධ වූ දේශපාලන පොරොන්දු දෙමින් සමාජය වෙනස් කරන්නට යත්න දරන්නන් හට අත වනති. මේ රැවටිල්ලටය සමන් "බිම බලන් යන්න යමු" යැයි කියන්නේ.ඒ දෙස බැළුව හොත් ඔවුන් හට ද, පොරොන්දු දේශපාලනයට ද විප්ලවවාදී හු රැවටෙත්. සමාජ විප්ලව කරුවන් මේ මගඩි දේශපාලකයන් හට නොරැවටිය යුතු බව ඔහු කියයි. මේවන් රැවටිල්ලකට හසු වන ඔවුන් ගේ විප්ලවය, සමාජ අරගලය-කහ ඉර- පවා රැළි වැටි ඇති සෙයක් ඔහු දකියි.

    ගේය පද රචකයෙකුට තම භාවයන් කෙතෙක් දුරට සගවා අර්ථය පළ කල හැකිද, අප කෙතරම් ගැඹුරින් ගීතයක විද ගත යුතු ද යන්නට මෙන්ම, ශ්‍රාවකයා ආනන්දෙයන් ප්‍රඥාව කරා කලා කෘතියකින් මෙහෙයවන්නේ කෙසෙද යන්නද ගැඹුරු ලෙසටම පෙන්වන නිර්මාණයක් ලෙස මෙය සනිටුහන් කරනු කැමැත්තෙමි.

    අම්මට සිරි. මේ සින්දුවේ එහෙම තේරුමක් ද තියෙන්නෙ :eek: :)