සුපිරි බලයක් ඇති ජේසුස් ක්‍රිස්ට් කටුස්සා

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    15,792
    7,553
    113


    බැලුවාද වීඩියෝ එක..."ඒකේ හිටපු කටුස්සෙක් නෑ ඕයි".. කේන්ති ගන්න එපා.වතුරේ දුවන්න ට්‍රයි කරන මිනිස්සු දැක්කා නේ.ඒ ඇති.

    බුදු හාමුදුරුවෝ ඇතුලුව සංඝයා ඉස්සරහ ගංගාවක් හරහා ඇවිද යමින් වැඩ පෙන්නපු තවුසෙක් හිටියා කියලා කතාවක් අහලා ඇතිනේ.අපි ඇයි ප්‍රාතිහාර පාලා ගග හරහා නොයන්නේ කියලා හාමුදුරුවරු ඇහුවාම ඒකටත් අපූරු උත්තරයක් බුදුහාමුදුරුවෝ දීලා තිබ්බා නේ.ප්‍රාතිහාර වලින් ශ්‍රාවක පිරිස වැඩි කරගන්න බුද්ධ සාසනයේ ඉඩක් නෑ.

    "බණ අහන්න නෙමෙයි යකෝ අපි ආවේ" ..කේන්ති ගන්න එපා ඔන්න අපි අද කතාවට බහිනවා.

    kxnort8.jpg

    පිරිමි කටුස්සෙක්

    මේ ඉන්නේ අද කතාවේ කතා නායක..නම ජේසුස් ක්‍රිස්ට් කටුස්සා.ඒ නම වැටෙන්න හේතුව ඉස්සරහට කතා කරමු.මූ ඉන්නේ මධ්‍යම සහ දකුණු ඇමෙරිකානු වැසි වනාන්තරවල.මේ කටුස්සා ජීවත් වෙන්නේ ගස් ගල්වල.ඒත් ඌ වතුරට බොහොම කිට්ටුවෙන් තමයි ඉන්නේ.

    XV37Iqv.jpg

    ගෑණු කටුස්සෙක්

    මූට තියෙනවා වෙන කටුස්සන්ට නැති සුපිරි බලයක්.මේ සුපිරි බලය එලියට එන්නේ දිය කඩිති,පොකුණු,ඇළ ආසන්නයේ කටුස්සා දඩයමේ ගිහින් ඉද්දී.මේ වගේ තැන්වල උන්ගේ කෑම වේලේ ඉන්න කෘමින් වැඩිපුර ගැවසෙනවා නේ.ඔහොම ඉද්දී අපි හිතමු කටුසු මස්වලට ඉව වැටුණු සර්පයෙක් මතු වුනා කියලා.

    uZi4M75.jpg


    ලගම තියෙන ගහකට නැගලා ජීවිතේ බේරගන්න එක තමයි වෙන කටුස්සෙක් නම් කරන්නේ.ඒත් අපේ ජේසුස් ක්‍රිස්ට් කටුස්සා වෙන උපක්‍රමයක් පාවිච්චි කරනවා.ඌ කරන්නේ වතුරට පැනලා වතුර උඩ දුවන එක.වතුරේදී මුන්ගේ වේගය තත්පරයට අඩි 5ක් වගේලු.ඒ කියන්නේ පැයට කිලෝමීටර් 24ක් විතර සාමාන්‍යයක් වේගයක් මුන්ට තියෙනවා.ඔය විදියට අඩි 15ක් වත් විලෝපිකයාගෙන් ඈතට දුවන්න ඌට පුලුවන්.

    s3dzkCJ.png


    මදැයි කටුසු මස් කන්න ගියා..සර්පයට එහෙම හිතෙනවා ඇති අරූගේ දිවිල්ල දැකලා.

    SDf9d9T.jpg

    වතුරේ දුවන ජේසුස් ක්‍රිස්ට් කටුස්සෙක්

    මූට ඉතින් වැඩි දුරක් දුවන්න බෑ.වතුරේ ගිලිලා යනවා.එතකොට කරන්නේ පීනලා ලගම තියෙන ඉවුරකින් ගොඩබිමකට පැන ගන්න එක.නැත්නම් වතුරේ ඉන්න සත්තුන්ගේ බඩක තමයි ඉන්න වෙන්නේ.

    vSY4SaJ.jpg

    වේගය අඩු කරපු ගමන් මෙහෙම වතුරේ ගිලිලා යනවා

    මූන්ට වතුරේ ඇවිදින්න ,එහෙම නැත්නම් දුවන්න පුලුවන් සුපිරි බලය නිසා තමයි ජේසුස් ක්‍රිස්ට් කියලා අන්වර්ථ නාමයක් පටබැදිලා තියෙන්නේ.ජේසුතුමාත් වතුර උඩින් ඇවිද්දා කියලා බයිබලේ කියනවා.

    xfgWiDx.jpg

    විලෝපිකයන්ගෙන් බේරීමට වතුර උඩ දිව යන ජේසුස් ක්‍රිස්ට් කටුස්සන්

    මුන්ගේ පිරිමි සතා ගෑණු සතාට වඩා ලොකුයි.වැඩිහිටි කටුස්සන්ට වඩා වැඩි දුරක් වයසින් බාල කටුස්සන්ට වතුර උඩ දුවන්න පුලුවන්.මොකද උන් බරෙන් අඩුයි නේ.මුන් ගස් නගින්න වගේම පීනන්නත් හපන්නු.මේ කටුස්සාගේ වතුර උඩ දිවිල්ලට ගැලපෙන විදියට උන්ගේ පස්ස කකුල් දෙක අනුවර්තනය වෙලා.අඩුවල කෙලවර ඇගිලි දිගයි.පළල්.දුවන කොටස මූ මිනිහෙක් වගේ පස්ස ගාත්වලින් නැගිටලා ඉන්නේ.දිවිල්ලට උන්ගේ වලිගෙත් හුගක් උදව් වෙනවා.උගේ ඇගත් එක්ක ගත්තම වලිගේ සෑහෙන්න දිගයි.සෙන්ටි මීටර් 70 විතර කටුස්සෙක් ගත්තම ඌගේ වලිගේ විතරක් සෙන්ටි මීටර් 50 විතර දිගයිලු.

    Tt661ed.jpg

    නැට්ටේ දිගයි පස්ස ගාත්වලයි සයිස් එක පේනවානේ

    වතුර උඩ දිවිල්ලේදී පස්ස කකුල් හබලක් වගේ තමයි වැඩ කරන්නේ.ඔන්න සුපුරුදු විදියට අද කතාවේ විඩියෝ එක..ඒකත් බලලාම යන්න ...කටුස්සාගේ සුපිරි බලය..